Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E21-22] | ශීල්ඩ් Vs ඉන්හියුමන්ස්… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 21 සහ 22 කොටස් දෙකේ එකතුවයි. ඒ වගේම මේ තමයි දෙවන කතා සමයේ අවසානය. කතාංග 22 කින් සමන්විත වුනු මේ දෙවන කතා සමය අවසන් වන්නේ, කතා මාලාවේ තුන්වන කතා සමයක් පැමිණෙන බව තහවුරු කරමින්. එහෙනම් ආරාධනා කරනවා හැමෝටම ටිකක් දිග ලිපියක් කියවන්න…

MAofshield-NEW

 මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 21 සහ 22 කොටස් දෙකේ එකතුවයි. ඒ වගේම මේ තමයි දෙවන කතා සමයේ අවසානය. කතාංග 22 කින් සමන්විත වුනු මේ දෙවන කතා සමය අවසන් වන්නේ, කතා මාලාවේ තුන්වන කතා සමයක් පැමිණෙන බව තහවුරු කරමින්. එහෙනම් ආරාධනා කරනවා හැමෝටම ටිකක් දිග ලිපියක් කියවන්න එකතු වෙන්න කියලා. හදිස්සිකාරයෝ ටික නම් කතාව නරඹයි. ඒත් කතා සමයේම අවසානය සනිටුහන් වන නිසා ඉල්ලා සිටිනවා, ලිපිය කියවලාම මේ අවසන් කොටස නරඹන්න කියලා.

මුලින්ම හැමෝටම යෝජනාවක් හැටියට කියන්න කැමතියි ඔයාලා පළ කරන අදහස් මීට වඩා සංවාදාත්මක වෙනවා නම් හොඳයි කියලා. විශේෂයෙන්ම මේ ශීල්ඩ් කතා මාලාව කියන්නේ, මාර්වල් සිනමාරූපී විශ්වයේම එක් කොටසක්. ඒ නිසා සංවාදාත්මකව, කතා මාලාව සිනමාරූපී විශ්වය හා සම්බන්ධ වන්නේ කොහොමද, ඒ වගේම නැරඹූ කතාංගය සම්බන්ධව ඔයාලා දරන අදහස්, බයිස්කෝප් අඩවියේ රසිකයින් සමඟ සංවාදයකට ලක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ වගේ එකිනෙකට සම්බන්ධතාවයන් ඇති කතා මාලාවල් නිකන් බලන්නන් වාලේ බලලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ. එහෙම බැලුවා කියලා උපරිමෙන් රසවිඳින්න ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපේ අඩවියෙන් පළ කරන චිත්‍රපට හෝ කතා මාලාවලට ලැබෙන අදහස්, ස්තූතියකට පමණක් සීමා වෙනවා. බොහෝ විට ඒ ලබා දෙන උපසිරැසියට කෙරෙන ස්තූතියක් වෙන්න පුළුවන්. නමුත් බයිස්කෝප් සිංහලෙන් කියන්නේ නිකන්ම සිංහල උපසිරැසි පමණක් ලබා දෙන වෙබ් අඩිවයක් නෙවෙයි. ඒ අදාළ සිනමා නිර්මාණය හෝ රූපවාහිනී කතා මාලාව සම්බන්ධයෙන් විස්තරාත්මක ලිපියක් අපේ බොහෝ උපසිරැසිකරුවන් ලබා දෙන්නේ, ඒ පිළිබඳ දැනුවත් වගේම නොදැනුවත් ප්‍රේක්ෂක පිරිසට අදාළ සිනමා නිර්මාණය හෝ රූපවාහිනී කතාංගය මොන වගේ එකක්ද යන්න පැහැදිලි කරන්නටයි. විශේෂයෙන්ම බයිස්කෝප් මංසලෙන් ඒ කාර්ය සිදු වෙනවා. ඒ නිසාවෙන් හැමෝටම පුළුවන් ඒ අදාළ නිර්මාණය ගැන ඔබේ අදහස් හරහා අපේ අඩවියේ සංවාදයක් ගොඩනඟන්න. ඇත්තටම ශීල්ඩ් කතා මාලාවත් එක්ක ඒ විදියේ සංවාදයක් ගොඩනඟන්න උත්සහ කරපු කීප දෙනෙක්ම එකතු වෙලා හිටියා. හැබැයි දැන් ඒ අයත් කාර්ය බහුල වෙලා වගේ. කොහොම නමුත් හැමෝගෙන්ම ඉල්ලන්නේ කතා මාලාව සම්බන්ධයෙන් හෝ උපසිරැස සම්බන්ධයෙන් ඔබට දැනෙන දේ අඩවියේ පළ කරන්න. ඒ අදහස නිකන්ම උපසිරැසිය වෙනුවෙන් කරන ස්තූතියකට සීමා කරන්න එපා. ඒ රැල්ලෙන් එළියට එන්න කියලයි ඉල්ලන්නේ. සමාවෙන්න ඕනේ අද කතාංගය ගැන විස්තර කරන්න කලින් අදහස් සම්බන්ධයෙන් යමක් කීව එක ගැන. මුලින්ම මේ ගැන කිව්වේ, බොහෝ විට වැඩි දෙනෙක් ලිපියේ මුල විතරක් කියවන නිසයි. කතා මාලාවේ තුන්වෙනි කතා සමයේදීවත් රසිකයින් මේ ගැන සලකල බලයි කියලා හිතෙනවා. හොඳයි හැරෙමු එහෙනම් කතා මාලාව පැත්තට.

දෙවන කතා සමය ආරම්භය හා පළමු අදියර

ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමය ආරම්භ වුනේ බිඳ වැටුනු ශීල්ඩ් සංවිධානයේ සුන් බුන් අතරින් නැඟී සිටිමින් නැවතත් එය ශක්තිමත් කරන්නට සැරසෙන අධ්‍යක්ෂ කොල්සන් ප්‍රමුඛ කණ්ඩායමේ අලුත් වීමත් එක්ක. කණ්ඩායමට අලුතින් සාමාජිකයින් කීප දෙනෙක් එක් වුනා. පරීක්ෂක හාර්ට්ලි, (අවාසනාවන්ත ලෙස මිය ගියා) , පරීක්ෂක හන්ටර්, පරීක්ෂක මැක්, ඒ වගේම පස්සේ මොකින්ග්බර්ඩ් හෙවත් පරීක්ෂක බොබී මෝර්ස් එයත් කණ්ඩායමට එකතු වෙලා හිටියා. ඒ වගේම නිකන්ම පරිගණක හැකර්කාරියක් හැටියට තම දක්ෂතා පෙන් වූ ස්කයි, පරීක්ෂක මේ ගේ අධීක්ෂණය යටතේ පුහුණුව ලබලා තිබුණා. වෝර්ඩ් අමානුෂික විදියට මුහුදුට තල්ලු කරපු නිසාවෙන් ඇති වූ ආබාධය හේතුවෙන් ෆිට්ස් හොඳ සෞඛය තත්වයකින් සිටි බවක් පේන්න තිබුණේ නැහැ. ඒ වගේම සීමන්ස් හයිඩ්‍රාවන් සමඟ ශීල්ඩ්හි ඔත්තුකාරියක් හැටියට සේවය ආරම්භ කරලා තිබුණා.ඔය විදියට පටන් ගත්ත ශීල්ඩ් දෙවන කතා සමයේ ප්‍රධානම කාර්යභාරය වුනේ හයිඩ්‍රාවන්ගේ ප්‍රධානිකයෙකු වුනු වයිට්හෝල්ගේ වැඩ කටයුතු වලට බාධා පැමිණවීමයි. ඒ අතරතුර කතා සමය කොල්සන් ප්‍රමුඛ කරගනිමින් දිග හැරෙන්න ගත්තා. දිවැස් ඇත්තා, එහෙම නැත්නම් පරීක්ෂක ගැරෙට් විසින් ඇඳි පිටසක්වළ සටහන් දැකීම නිසාවෙන්, අධ්‍යක්ෂ කොල්සන්ද තම කණ්ඩායමට රහසින් එවැනි සටහන් අඳින්නට පටන් ගෙන තිබුණා. එය රහසක් නොවුනේ පරීක්ෂක මේට පමණයි. කොහොම නමුත් ඒ පිටසක්වළ සටහන් වල රහසින් අනාවරණය වුනේ, එය ක්‍රී නම් පිටසක්වළ ජීවි කොට්ඨාශය විසින් තැනූ දෙවොලක් ඇති නගරයක් පෙන්වන සිතියමක් බව. කියන්න අමතක වුනු තවත් වැදගත්ම කාරණයත් වුනේ ස්කයිගේ පියා, හෙවත් කැල් සැබෝ, කතාවට අවතීර්ණ වීමයි. GH-325 කියන පිටසක්වළ සංයෝගය ශරීර ගත වීම නිසාවෙන් පරීක්ෂක කොල්සන් ඇතුලු එය ලබා ගත් අනෙක් සියලු දෙනා පිටසක්වළ සටහන් අඳින්නට පටන් ගත්තත්, ස්කයිට එවැනි දෙයක් සිදු වුනේ නැහැ. ඒ නිසාවෙන් වගේම කැල් සැබෝගේ මැදිහත්වීමෙන් ස්කයි දැනගන්නවා, තමන් සැබෑවටම මනුෂ්‍යයෙක් පමණක් නොවන බව. වයිට්හෝල් සතුව තිබුණ ඔබෙලිස්කය යොදා ගනිමින් ස්කයිට ඇයට ලැබෙන්නට තිබුණු බලය ලබා දීමයි කැල්ගේ අරමුණ වුනේ. කොහොම නමුත් දෙවන කතා සමයේ පළමු අදියරය අවසන් වුනේ, කොල්සන් යථා තත්වයට පත් වෙමින් වගේම ස්කයි සහ රෙයිනා යම් කිසි පරිවර්තනයකට ලක් වුනු බව පෙන්වමින්. ඒ වගේම වයිට්හෝල් සහ පරීක්ෂක ට්‍රිප්ලෙට් මිය ගියා මතක ඇති.

දෙවන කතා සමය දෙවන අදියර

දෙවන කතා සමයේ දෙවන අදියරය දිග හැරුණේ තනිකරම ස්කයි මුල් කරගනිමින්. පෝටෝ රීකෝ වල ක්‍රී දෙවොල තුළ දී ඔබෙලිස්කයේ විධාරණයට නිරාවරණය වන රෙයිනා, ස්කයි සහ ට්‍රිප්ලට් තිදෙනා අතරින් රෙයිනාගේ සහ ස්කයිගේ ජිවිතයට හානියක් නොවුනත්, ඔබෙලිස්කයේ ලෝහ කොටසක් වැදීම නිසාවෙන් පරීක්ෂක ට්‍රිප්ලෙට් අඟුරු වී මිය යනවා. ශීල්ඩ් කණ්ඩායම විසින් ස්කයිව නිරෝධායනයට ලක් කරන අතර ඔවුනට රෙයිනාව අල්ලාගන්නට හැකි වන්නේ නැහැ. මීදුමට නිරාවරණය වුනත් ස්කයිට බාහිරව වෙනස්කමක් සිදුව තිබුනේ නැහැ. නමුත් ශරීර අභ්‍යන්තරයේ ඩී.එන්.ඒ වල විශාලා වෙනස්කමක් සිදුවී ඇති බව ෆිට්ස් අනාවරණය කරගත්තත් එය කණ්ඩායමේ අනෙක් අයට කියන්න යන්නේ නැහැ. ඒ ස්කයිගේ ජීවිතයට තර්ජනයක් ඇති වේ යැයි විශ්වාස කරමින්. කොහොම නමුත් අභ්‍යන්තරව පරිවර්තනයකට ලක්ව සිටි ස්කයිට ලැබිලා තිබුන බලය වුනේ, තමන් වටා ඇති වස්තූන් කම්පනය කරවීමේ හැකියාව. නමුත් ඇයට එය පාලනය කිරීමේ හැකියාවක් තිබුනේ නැහැ. කොහොම නමුත් අවසානයේදී කණ්ඩායමේ සෙසු පිරිස එය දැනගන්නවාත් සමඟම කොල්සන් තීරණය කරනවා ඇයව ආරක්ෂිත නිවාසයක් වෙත අරගෙන යන්නට. ඇත්තටම මේ ස්කයි කියන්නේ මාර්වල් කොමික් චරිත වල ප්‍රධාන චරිතයක් වන ඩේසි ජොන්සන් කියන කාරණය මම පළමු අදියරයේ ලිපි වලින් ඔයාලට කිව්වා මතක ඇති. ඒ වගේම ඩේසිගේ පියා තමයි කැල් සැබෝ. රෙයිනා වැඩ කළේ කැල් එක්ක. මීදුමට නිරාවරණය වීම නිසාවෙන් රෙයිනා භෞතිකව බොහෝ සෙයින් වෙනස්වීමකට ලක් වෙලා තිබුණා. හරියට ඉත්තෑවෙක් වගේ. මල් මල් වත හැඳි කත කියලනේ අපි එයාව හැඳින්නුවේ. ඒ වුනත් ඒ ලස්සන නැත්තටම නැති වෙලා තිබුණා. තමන්ට සිදු වූ වෙනස්කම ඇයට දරාගන්නට නොහැකි නිසාවෙන් කැල් සොයා යනවා. නමුත් ඇයට ඔහුගෙන් උදව්වක් ලැබෙන්නේ නැහැ. ජීවිතය ගැන කලකිරෙන ඇය සිය දිවි නසාගන්න උත්සහ කළත්, දෙවන කතා සමයේ පළමු අදියරේ අවසානයේ දකින්න ලැබුනු ඇස් නොමැති පුද්ගලයා පැමිණ ඇයට රැගෙන අතුරුදන් වෙනවා. ඒ ගෝර්ඩන් නම් ඉන්හියුමන්වරයා බව අපි දැන් දන්නවා.

මේ අතර පරීක්ෂක බොබී මෝර්ස් සහ පරීක්ෂක මැක් වෙනත්ම සැලැස්මක් ක්‍රියාත්මක කරන බවක් පෙනුනා. ඒ කොල්සන් ගැන ඔත්තු බලමින්. ඒත් ඔවුන් ඔත්තු බලන්නේ තවත් ශීල්ඩ් සංවිධානයකට බව පසුව එළිදරවු වුනා. පිටසක්වළ සංයෝගයක් ශරීර ගත වීම නිසාවෙන් කොල්සන් තව දුරටත් පෙර සිටි කෙනාම නොවන බවට විශ්වාස කරන ඔවුන් සේවය කරන්නේ, ගොන්සාලේස් නම් අණ දෙන නිළධාරියෙකුගේ ප්‍රධානීත්වයෙන් යුතු සැබෑ ශීල්ඩ් සංවිධානය ලෙස තමන්ව හඳුන්වා ගන්නා කණ්ඩායමකට බව දැකගන්න ලැබුනා. ඒ වගේම ඔවුන් කොල්සන් සතුව තිබුණ මෙවලම් පෙට්ටියත්, කොල්සන් ඇතුලු කණ්ඩායම සිටි කඳවුරත් තමන්ගේ බාරයට පවර ගත්තා. පරීක්ෂක මේ ගේ උදව්වෙන් කොල්සන් පැනගත්තත්, ෆිට්ස්-සීමන්ස්, පරීක්ෂක මේ ඔවුන්ගේ බාරයට පත් වෙනවා.

ගොන්සාලේස් විසින් බොබී මෝර්ස් ප්‍රමුඛ කණ්ඩායමක් යවනවා ස්කයිව අල්ලාගන්නට. නමුත් එම කණ්ඩායමේ තවත් ප්‍රධානියෙක් ස්කයිට වෙඩි තබනවා. ස්කයි විසින් නොදැනුවත්වම තම බලය පාවිච්චි කෙරෙන නිසාවෙන් ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරෙනවා. ඒ සමඟම ගෝර්ඩන් පැමිණ ඇයව රැගෙන යනවා. ස්කයිව රැගෙන යන්නේ, ඉන්හියුමන්වරුන් සිටින Afterlife නමින් හැඳින්වෙන ස්ථානයකට. එහිදී ඇයට තමන් වැනිම පිරිසක් සිටින බව දැකගන්න ලැබෙනවා. ඒ වගේම තමන් වැනි අයට එහි ආරක්ෂාව තිබෙන බවත් ඇය තේරුම් ගන්නවා. පසුව ඇය දැනගන්නවා, තමන්ගේ පියා, ඒ වගේම මව වන ජ්‍යායින්ග් නම් කාන්තාව සහ රෙයිනාත් එහි සිටින බව. හයිඩ්‍රාවන්ගේ මැදිහත්වීම නිසාවෙන් කොල්සන්ට හැකි වෙනවා, වෝර්ඩ්ගේද උදව් ඇතිව හයිඩ්‍රා මූලස්ථානයක රඳවා සිටි මයික් පීටර්සන් සහ ස්කයිගේ මිත්‍ර ඉන්හියුමන් කෙනෙක් වුනු ලින්කන්ව බේරගන්න. ඒ මෙහෙයුම සිදු කරන්නේ, ගොන්සාලේස් ප්‍රමුඛ සැබෑ ශීල්ඩ් සංවිධානයේ සහය ඇතිව. ගොන්සාලේස් එයට උදව් කරන්නේ, ෆියුරිගේ මෙවලම් පෙට්ටිය ඔහුට විවෘත කර දෙන බවට කොල්සන් පොරොන්දු වෙන නිසා. පරීක්ෂක මේ සහ කොල්සන් අතර විශ්වාසය පළුදු වී තිබුනේ කොල්සන් මෙවලම් පෙට්ටිය හා සම්බන්ධ කාරණා ඇයගෙන් සැඟ වූ නිසා. ඒ වගේම තීටා මූලලේඛය කුමක්ද ඇය විමසා සිටියත් කොල්සන් එය කියා සිටින්නේ නැහැ. ඇවෙන්ජර්ස් සිනමා පටය බලපු අය නම් ඒ මොකක්ද කියලා දැනගන්න ඇති. කොහොම නමුත් ගියවර කොටසින් ඒ කුමක්ද යන්න අනාවරණය කළා. මෙතෙක් ඇදී ආ ඉන්හියුමන්-ශීල්ඩ් ගණුදෙනුව ගියවර කොටසේදී තීරණාත්මක අඩියකට වැටුනා.

ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් සහ ඒජ් ඔෆ් අල්ට්‍රෝන් (A.O.S Vs A.O.U tie-in)

ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමය ඉන්හියුමන්වරුන් පාදක කරගනිමින් දිග හැරුණත්, Marvel Age of Ultron සිනමා පටය සමඟ එය සම්බන්ධ කරන්නට ඔවුනට සිදු වූයේ ප්‍රේක්ෂකයින් නොසිතූ මොහොතක. නමුත් ඒ පිළිබඳව ඔවුන් කල් තියාම සිතා තිබුණ බවක් පේන්න තිබුණේ කොල්සන්ගේ ලන්ඩන් සංචාරයන්, ෆියුරිගේ මෙවලම් පෙට්ටිය, සහ රෙයිනාගේ අනාගතය දැකීමේ හැකියාව යන කරුණු සම්බන්ධ කරගනිමින් වගේම හයිඩ්‍රා මූලස්ථානයෙන් කොල්සන් ලබාගත් දත්ත ඇසුරින් පරීක්ෂක මරියා හිල් හරහා, ශීල්ඩ් කතා මාලාව චිත්‍රපටයේ භූමිකාවට සම්බන්ධ කර තිබුණු නිසාවෙන්. විශේෂයෙන්ම තීටා මූලලේඛය කියන්නේ හෙලිකැරියර් එකක් කියන දේ ගිය සතියේ ශීල්ඩ් කතා මාලාව හරහා අපි දැනගත්තා. නමුත් එය ඇවෙන්ජර්ස් සිනමා පටයට සම්බන්ධ වන්නේ කොහොමද කියන කාරණය මම කියන්න යන්නේ නැහැ. මොකද තවමත් අල්ට්‍රෝන් සිනමා පටය බලපු නැති කෙනෙක්ගේ කුතුහලයට ඒක බාධාවක් වෙන්න පුළුවන් නිසා. කොහොම නමුත් ගියවර ශීල්ඩ් කතාංගයෙන් තේරුණු ආකාරයට සොකෝවියා වල සිදුවුනු විනාශය නවත්වන්න කොල්සන් ප්‍රධාන හේතුවක් වුනු බවයි පේන්න තිබුණේ.

ගියවර කොටස…

“Scars” නමින් හැඳින්වුනු ගියවර කොටස තීරණාත්මක කොටසක් බවට පත් වුනේ ශීල්ඩ් සංවිධානය හා ඉන්හියුමන් ප්‍රධානී ජ්‍යායින්ග් අතර පැවති හමුව නිසාවෙන්. ඒ හමුව නොසිතූ විරූ තැනකට පත් වුනේ, නිකන් Game of Thrones කතා මාලාවේ සිදු වන ආකාරයේ හැරවුමක් සිදු වුනු නිසාවෙන්. 😉 කතා මාලාවේ එපා කරපුම චරිතයක් බවට පත් වෙමින් සිටි ගොන්සාලේස් මිය යනවා. ඒ ජ්‍යායින්ග් විසින් ඔවුන් විසින් නිෂ්පාදිත ටෙරිජන් පළිඟුවක විධාරණයට ගොන්සාලේස්ව නිරාවරණය කිරීම නිසාවෙන්. සැබෑවටම ගොන්සාලේස් පැමිණියේ ශීල්ඩ් සංවිධානය හා ඉන්හියුමන්වරුන් අතර සාම සාකච්ඡාවකට බවයි පේන්න තිබුණේ. ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් හිතුවේ ඒ අවස්ථාවේ අවුලක් ඇති කරනවානම් එහෙම කරන්නේ ගොන්සාලේස් කියලයි. නමුත් ඉන්හියුමන්වරුන් සියලු දෙනාවම ලැයිස්තු ගත කරන්නට අවශ්‍ය බව ගොන්සාලේස් ප්‍රකාශ කරද්දී, තමන්ට වුනු දේ තමන්ගේ දුවටත් වෙන්න ඉඩ තියන්නේ නැහැයි කියලා තමයි ඇය ටෙරිජන් පළිඟුව බිඳින්නේ. අවාසනාවන්ත ලෙස ගොන්සාලේස් අඟුරු බවට පත් වෙනවා. ගොන්සාලේස්ගේම තුවක්කුවෙන් තමන්ගේ උරහිසට ජ්‍යායින්ගේ වෙඩි තබාගන්නේ, එතැන ඇති වූ සිද්ධිය සාධාරණය කරන්නයි. ඒ එක්කම ඇය ස්කයිට කියනවා යුද්ධය ආරම්භ වුනු බව.ඒ සිද්ධිය ඒ විදියටම සිදු වෙන බව රෙයිනා ප්‍රකාශ කළත් කිසිවෙකු ඇයව විශ්වාස නොකරන්නේ, ඇයගේ ඉතිහාසය හොඳ නැති නිසා බවයි පේන්න තිබුණේ. ඒත් ගියවර කොටසේ සිදුවීම් ගැලපුණු ආකාරය අනුව හිතාගන්න පුළුවන්කම තියෙන්නේ, රෙයිනා නිවැරදි බවයි. කොහොම නමුත් යුද්ධයක් වෙනුවෙන් තම පිරිස පෙළඹවීමට ජ්‍යායින්ග්ට පෙළඹවීම ලැබුනේ කැල්ගෙන් බවයි මගේ හැඟීම. මොකද කිව්වොත් ඇය හා ස්කයි වෙනුවෙන් පසුබට වීමකින් තොරව සටන් කරන්නට ඔහු එන බවක් තමයි කියවුනේ. කැල් සැබෝව කොමික් වල හඳුන්වන්නේ, Mr. Hyde විදියට. ඒ ඔහුගේ රාක්ෂ ස්වරූපය නිසාවෙන්. ඒ වගේම ගියවර කොටසින් අපිට හයිඩ් සංයෝගය යැයි සැක කළ හැකි සංයෝගයක් දැකගන්න ලැබුණා. කතා මාලාව නිමා වෙන මේ අවස්ථාවේ කැල් තමන්ගේ නියම ස්වරූපය පෙන්වාවිද කියන කාරණයත් අපිට දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

නැවත වරක් පරීක්ෂක මේ ලෙසින් වෙස් වලාගෙන සිටි කාරා, වොර්ඩ් සමඟ එකතු වෙලා බොබී මෝර්ස්ව පැහැරගන්නවා. ඔවුන්ගේ අරමුණ ඇත්තටම මොකක්ද කියන එක නම් අපැහැදිලියි. ඒ වගේම බොබී සහ හන්ටර් අතර ඇතිව තියෙන හිත් නොහොඳකම කුමන අතකට හැරේවිද කියන කාරණා ඔක්කොටම අද අවසන් කොටස් දෙකෙන් පිළිතුරු ලැබෙයිද කියලා හිතන්නත් අමාරුයි. තවත් සිද්ධියක් වුනේ මැක්ගේ ඉල්ලා අස්වීමයි. ඒක කතාවේ මේ අවස්ථාවේ අරගෙන ආපු හේතුව නම් කොහෙත්ම පැහැදිලි නැහැ. ගොන්සාලේස්ගේ මිය යෑමත් සමඟම කොල්සන්ට මොන වගේ තීරණයක් ගන්නට සිදු වෙයිද? ශීල්ඩ් සංවිධානය හා ඉන්හියුමන්වරුන් අතර යුද්ධයක් ඇති වෙනවා නම් අතරමැදියා බවට පත් වන ස්කයි කාගේ පැත්තක් ගනීවිද? පිළිතුරු අද අවසන් කොටසින් බලාපොරොත්තු වෙන්න.

අද කොටසින්…

ඔය උඩින් ලියලා තියෙන ඔක්කොම ලිව්වේ, අද කොටස බලන්නේ නැතිව. දැන් තමයි ඒක බැලුවේ. හිතාගන්න බැරි තරම් පුදුම විදියට මෙයාලා කතාව අවසන් කරලා තියෙනවා. මම උඩින් ඉතිරි කරපු ප්‍රශ්න සියල්ලටම සාධාරණ විසඳුම් ලැබෙනවා. ඒ එකක් ගැනවත් මම කියන්න යන්නේ නැහැ. උපරිම කුතුහලය තියාගෙන අද කොටස නරඹන්න. පැයයි විනාඩි 23 ක කාලයක් නොකඩවා ඇහි පිය ගහන් නැතිව කස්ටිය බලන් ඉඳීවි කියලා නම් විශ්වාසයි. මෙතෙක් ශීල්ඩ් කතා මාලාව තුළ කතා සමයන් දෙකේම විකාශය වුනු සුපිරිම කොටස අද කතාංගය කියලා කියන්න පුළුවන්. ඒ වගේම බොබී-හන්ටර්, මැක්, ෆිට්ස්-සීමන්ස්, කොල්සන්, ස්කයි, මේ, ඒ වගේම මේ කතා සමයේ මගේ ආසම චරිතය වුනු කැල් සැබෝ, මේ සියලු දෙනා අද කතාවේ වීරයන් වෙනවා. ඒ වගේම වෝර්ඩ්…? වෝර්ඩ් මොන වගේ දෙයක් කරයි..? මොන වගේ කෙනෙක් වෙයිද? පළමු කතා සමය අවසානයේ ඉතිරි වුනු ප්‍රශ්නය අලුත්ම මුහුණුවරකින් මෙවරත් අපිට ඉතිරි කරනවා. ඉන්හියුමන්වරුන් සහ ශීල්ඩ් සංවිධානය, ඔවුන්ගේ ඉදිරි පැවැත්ම කුමනාකාරයකින් විසඳේවිද? තුන්වන කතා සමයට එය බාරයි.

අවසාන වශයෙන් ස්තූති කරන්න ඕනේ, අපේ විමාටත් (ශාන් විමුක්ති), අදිත ප්‍රවීන් මලයාටත් කතා මාලාවේ මට උපසිරැසි රැගෙන එන්න අපහසු වූ අවස්ථාවල දී ලබා දුන්නු සහයෝගය වෙනුවෙන්. ඒ වගේම හැමදාම වගේ අදහස් පළ කරමින් කතා මාලාව සමඟ රැඳී සිටි සියලු දෙනාට ස්තූතිවන්ත වෙන ගමන් නැවත වරක් මතක් කරන්නේ, ඔබේ අදහස් නිකන්ම ස්තූතියකට පමණක් සීමා කරන්න එපා යන්නයි. ඉන් එහාට ගියොත් අපි හැම දෙනාටම අපේ අඩවියට මීටත් වඩා වැඩි වටිනාකමක් එක් කරන්න පුළුවන්. එහෙනම් මම ගියා. තවත් උපසිරැසියකින් මුණ ගැහෙමු. එලස්ස්ස්.. ජයම වේවා…!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

299 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

DF231FC830B9B82E72072DCAC8068C3C63248BFC

564 MB කොපිය මෙතනින් බාගන්න

36CED85804CB85BB54AF8FA27DD68E9D090ED27D

220 MB කොපිය මෙතනින් බාගන්න

EBDCB6FB77EB4CA2FCDF84981D7AC4BE660F0A6A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,928 downloadsDownload Agents_of_shield_baiscopelk_S02E21-22.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Season >>

Subtitles

5,928 downloadsDownload Subtitles315 B

64 comments

  1. chamath

    supiri mcn.. thanx ikmanatama sub dunnata

    1. chamath

      හැබැයි කොල්සන් ට වෙන දේ ගැනනම් සැහෙන්න දුකයි.

  2. Rojitha

    Thanks Machan :)

  3. බිනර කවිශ්ක

    උපසිරස ගත්තා විතරයි.
    තාම බැලුවේ නෑ. හිතා ගන්න බෑ මොනා වේද කියලා. ඇත්තෙන්ම ලිපිය කියවලා බලන්න ආසාව තවත් වැඩි වුනා. අනිවා බලනවා. Season 3 ආපු ගමන්ම දෙන්න. ඒවගේම උපසිරසට බොහොම ස්තූතියි. තව පොඩි ඉල්ලීමක් තියේ.... මේක ඉවර නිසා Bates Motel Season 3 එකට උපසිරස දෙන්නකෝ.
    එලස්ස්ස් ...........

  4. ඉසු ඩිපි (Isu DP)

    කොටස් දෙකක් තිබුනත් අද වෙනදටත් කලින්ම දීලා.
    එකෙන්ම හිතාගතැකි මේ කොටස් දෙක කොච්චර උත්වෙගකාරී වෙවිද කියලා.
    හොද යෝජනාවක් කරලා තියෙන්නේ, බලමුකො සිසන් 3 ඉදන්වත් ඒ විදිහට කරන්න.
    බොහොම ස්තුතියි දෙවෙනි කතා මාලාව ඉවර කරාට.
    සිසන් 3ත් සුපුරුදු විදිහට ඔයාම ගෙමු.
    ඊයේ බුකියේ Share කරපු Quantico එක පටන් ගන්න දවස්ක් තාම නෑ නේ???
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  5. ns

    thanks...

  6. mahima

    තෑන්ක්යු වේවා :D :D (Y)

  7. thilan

    thanks.........

  8. huta

    ඇත්තටම පුදුම ආසාවකින් බලපු කතාවක් කතාවට කලින් ලිපිය අතරින් පතර කියෙව්වා කතාව බලනකම් ඉවසිල්ලක් නැතෝ
    ඒ වගේම මෙතුවක් කල් උපසිරසි ගේනවා අපේ යාළුවෝ සියළු දෙනාට හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා
    ජයවේවා

  9. Dhanushka

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!

  10. dushan135

    ela ela

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. chinthaka

    Thanks Machan

  13. pasindu

    thank you verrymuch.keep it up.

  14. Jayz වනිගනෙත්ති

    Thanx saho upasirasata. Tawama hoda copyak nati nisa avengers balanna bariuna. Ekath balalama balamu mokadda me theeta protocol kiyanne kiyala.

  15. sanka

    මුලින්ම කියන්න ඕන ගොඩක් ස්තූතියි හැමදාම ලබාදුන්න උපසිරැසියට, ගොඩක් ආසාවෙන් හැමදාම ඉසිල්ලක් නැතුව මග බලන් ඉදල බලපු හොදම කතාවක් මේක. ඒකත් ඉවරයි දැන් ඉතින්. බයිස්කෝප් එකේ ගොඩක්‍ දේ බලනවා හැමදාම. සියළුම දෙනාට ගොඩක් ස්තූතියි. ඒ වගේම සොරි වෙන්න ඕන කමෙන්ට් එකක්වත් දාන නැතුව යනවට. එලස් ජයම වේවාා.......

  16. Kasun Widusha

    tnx yasho sub ekata...........meka iwara eka aluth tv series ekak karamu neda

  17. kavinda

    මේක AVENGERS කථාව එක්ක සමගාමීව දැන් මේක යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා මම දැන් හිතාගෙන ඉන්නේ AVENGERS ෆ්ල්ම් එකේ කැමරා කොපියක් හරි බලන්න. Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  18. හිරූ

    සෑහෙන ලොකු දෙවල් ටිකක් වෙනව නේද මේ එපිසොඩ් එකේ. දුක හිතෙනම වෑඩෙ තමා ෆිට්ස් ටයි සිමන්ස් ටයි වෙන්නෙ. කවදාවත් දෙන්නට සෙට් වෙන්න දෙන්නෙම නෑනෙ මේ මාවල් කාරයො. කොහොම උනත් ඒ සිද්දියෙන් සිමන්ස්ට සුපිරි බලයක් ආවොත් නම් මරු. ස්තූතියි උපසිරසියට. ජයවේවා!

    1. යශෝධ

      තුන්වෙනි කතා සමය වෙනුවෙන් පැති කීපයකටම ඉඩ තබලනේ කතාව අවසන් වුනේ. කිව්වත් වගේ ෆිට්ස්-සීමන්ස් ගැටළුව මේ කපේදී විසඳෙන එකක් නම් නෙවෙයි.

  19. නලින්

    ස්තුතියි යශෝධ.. මෙක ඉතිං මුළ ඉදලම බැලුවා. කථාව නියමෙටම සිනමා විශ්වය එක්ක ගලපනවා. කෙලින්ම මාර්වල් ෆිලුම් බලන කෙනෙක්ට අතරමැද කාලයේ මොකද වෙන්නේකියන එක මේ ශිල්ඩ් කථා මාලාවෙන්, එ ප්‍රශ්ණය විසදෙනවා. ඉතිං යශෝ ස්තුතියි මුල ඉදං ලස්සකට කථාව පැහැදිලි කරගෙන සබ ගෙනාවට.

    ජය වේවා!

  20. Ruchira

    sub 1ට ස්තුතියි.......

  21. Hasara

    niyamai sahooo..... puluwan nam shield gana baiscope mansalata thawa lipi dannako

  22. VisH

    subtitle ekata wagema savistharathmaka lipiyatath bohoma isthuthiy : ) me anthima lipiya wagema kalin kotas walath lipi walin supiri vistharayak dila thibuna nisa kathawa niyamatama therum ganna puluwan wna. digatama me wage samaja sathkara karanna suba pathanawa. (y)

  23. dila

    ela ela thnx mchan
    me mchan kawuru hari chicago pd s 2 eke ithru tikata sub denawada
    api blana godk katha dn iwarai ne mchan
    eka nisa chicago pd eka ithuru tikata sub dennawada

  24. Saketha Pulasthi

    AOS Season 1 වල අන්තිම හරියෙදි හිතුවෙ නැති විදිහට සිදුවුන "මාරාන්තික හැරවුමක්" නිසා S1 වල අවසාන කොටස් ටික සුපිරියටම ගලපගෙන තිබුනා.ඒත් මටනම් S2 S1 තරම් අල්ලලා ගියේ නෑ.ඒත් කතාවේ තිබුන සටන් ජවනිකා,අධි තාක්ෂණය සම්බන්ධ සිදුවීම් S1 වඩා වැඩි නිසා S2 ගැන දොසක් කියන්න බෑ. ඒ නිසා S1 වගේම මේකෙත් අවසනය සුපිරියට ගලපල ඇති කියල හිතනවා.

    AOS Season 2 වලට ලබා දීපු සියලුම උපසිරසි වලට බොහොම ස්තූතියි :) :)

    1. Saketha Pulasthi

      බලල ඉවර උනා විතරයි.eS1 වගේම S2 එකත් සුපිරියටම ඉවර කරල තියෙනව. Luv u Joss Whedon , Marvel

    2. යශෝධ

      කිව්වත් වගේ එහෙම වෙන්න හේතු වෙන්න ඇත්තේ, දෙවන අදියරේ සැබෑ ශීල්ඩ් සංවිධානයේ මැදිහත් වීම නිසා කියලයි මට හිතෙන්නේ. ඒ වෙනුවට කතා තේමාව ඉන්හියුමන්වරුන් පැත්තටම සෘජු වුනා නම් දෙවන අදියර ඔයිටත් වඩා හොඳින් දැනෙන්න තිබුණා.

  25. chamath225

    Thanks !

  26. Mad

    ස්තූතියි සහෝ මෙච්චර කාලයක් උපසිරස ලබා දුන්නාට ඉදිරියටත් season 3 සඳහා උපසිරස ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.

  27. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaaa

  28. Eranda

    3 වෙනි season එකත් මේ වගේ සාර්ථකව දෙන්න ලැබේවා කියල පතනවා සහෝ ජය වේවා :) :) :)

  29. PD Rox

    Agent of s.h.i.e.l.d Supirima katawak tama.Download wela iwara wecca gaman balanawa.bohoma stuti.me Tv series akata Sub dunnata. :D

  30. Hasitha

    මුලින්ම ඔන්න ව‍ෙනදා වග‍ේම ස්තුතියි කිව්වා උපසිරසියට.....:D :D මන් නම් හිතන්න‍ේ ව‍ොර්ඩ් ඊලග හයිඩ්‍රා නායකයා ව‍ෙන පාටයි ඒ වග‍ේම තව එකක් කියන්න ඕන ෆිල් ක‍ෝල්සන්ට ව‍ෙන ද‍ේ ගැන දුකයි අප්පා හිත වාවන්න‍ේ නැ බන්........:( :( ම්‍ෙච්චර කාලයක් ම්‍ෙකට උපසිරසි ග‍ෙන අවට බ‍ොහ‍ොම ස්තුතියි සහ‍ෝ...... :) :) season 3 නැවතත් හමුව‍ෙමු

  31. me

    Thanks

  32. Kulanjana Maduranga

    niayamai…Great work.thanks YASHODA saho..sub ekata..digatama sub sub karanna shakthiya labewa.jaya wewa......

  33. අදිත ප්‍රවීන්

    මමත් මුල ඉඳන්ම ආසාවෙන් බලපු කතාවක් .
    තුන්වෙනි එකකුත් එනවා කියනවනේ .
    දිගටම දෙමු යශෝධ අයියේ .
    ඔන්න බානවා මේකත් .
    සබ නම් සුපිරියට ඇතිනේ .

  34. Dimuth

    Thanx...

  35. èxit_9.1

    අම්මෝ දැන් තම කියවල ඉවර උනේ..
    දැන් බලනවෝ.
    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  36. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. කියල තියෙන විදියටනම් අද කොටස සුපිරි එකක් වෙයි වගේ. බලමුකො එහෙනම්. ඔන්න අනිවා 3 වෙනි අදියරටත් ඔයාගෙන්ම උපසිරැසි ඕනා. ජය෴෴ :P :P

  37. Supun Madhusanka (Bunny)

    Thanks saho..... Jayen jaya.....

  38. D.Chamara

    bohoma sthuthi sahoooo

  39. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ :D මමත් මේ බලලා අවා මේ කොටස නම් කියලා වැඩක් නෑ සුපිරියි අවංකවම සීසන් 1 මම ඒ තරම් කැමැත්තෙන් නෙමේ මේකේ බැලුවේ ඒත් සීසන් දෙකේදී ඒ වැරදි හදාගෙන නියමෙටම ගලාගෙන යන කතාවක් හදල තිබ්බා මට දුක රෙයිනට වෙච්ච දේට :( අනාවැකි නිසා එයාගෙන් හොද වැඩක් ගන්න තිබ්බා ෂෝ එකට මොකද ඉස්සරහට එන කැපාගේ සිවිල් වොර් ෆිල්ම් එකට එයාගෙන් හොද පිවිසුමක් ගන්න පුළුවන් නිසා..එත් එයා ඉන්හියුමන් කෙනෙක් නිසා මැරුණද කියලා ශුවර්ම නෑ :D

    ඒ වගේම ෆිට්ස් සිමන් ආදර කතාවත් කැපිලා පෙනුනා :D මමත් හිතුවේ අඩේ වැඩේ හරි කියලා :P අර අවසානෙට වෙච්ච දේ දකින්න කලින් :( මට හිතෙනවා ඒ වැඩෙන් සිමන්ස් වෙනස් වෙයි කියලා

    වෝර්ඩ්ගේ පියවරත් ගොඩක් සීසන් 3 ට වැදගත් වෙයි

    එහෙනම් අයියේ මේ කතාව අපිට් ගෙනාවට බොහොම ස්තුතියි මේකේ සීසන් 3 ත් අයියම දෙයි කියලා විශ්වාස කරනවා ජය !!

  40. සුපුන් බුදිධික

    එහෙනම් එකත් ඉවරයි ඈ..
    ගොඩක් ස්තූතියි සහෝ මේච්චර දවසක් මේක ඉවර වෙනක්ම්ම සබ් දුන්නට..
    Outlander එකටත් සබ් දෙමු සහෝ..

    ජය වේවා !!!

  41. ashan

    Bohoma sthuthi saho..

  42. Bhagya

    thanks saho sub ekatai lipiyatai..............................!

  43. Thevindu

    බොහොම ස්තූතියි සහෝ සබට.....ඊලඟ එකත් ඔහොමම දෙන්න...ජය වේවා!!!

  44. chinthaka

    ammoooooooooo patta pattaaaaa thank broooo
    avengers age of ultron awa dawasema beluwe. marvels patta aaa
    meka balana km iwasillk nethooooooo

  45. rohana

    thank you

  46. hasini

    AVENGERS 2 සිංහල SUB දෙන්නකෝ

  47. sajeevi

    මමත් මුල ඉඳන්ම ආසාවෙන් බලපු කතාවක්.
    ඉතින් ගොඩක් ස්තූතියි සබ් වලට.

  48. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  49. lakshan

    sub 1ට ස්තුතිය ...........................................

  50. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.