Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E01] with Sinhala Subtitles | හොල්මන් සමග සෙල්ලම්… [සිංහල උපසිරසි සමඟ]

අද නම් කතාව පරක්කුයි නේ? ඔව් පරක්කුයි තමයි. කොහොමත් සීසන් 4 එක මම නෙමෙයි කරන්න හිටියේ. අපේ විමා කොල්ලා. කොහොමත් මේක දිගටම කරගෙන යන්න බැරිවෙයි කියලා තමයි හිතෙන්නේ. කොහොම නමුත් පුළුවන් විදියට උපසිරැසිය ගෙනාවා ඔන්න. මින් මතුවට ප්‍රමාද කරන්න නම් බලාපොරොත්තුවක් ඇත්තේ නෑ. නමුත් කොහොම වේවිද කියලා කියන්න බ…

අද නම් කතාව පරක්කුයි නේ? ඔව් පරක්කුයි තමයි. කොහොමත් සීසන් 4 එක මම නෙමෙයි කරන්න හිටියේ. අපේ විමා කොල්ලා. කොහොමත් මේක දිගටම කරගෙන යන්න බැරිවෙයි කියලා තමයි හිතෙන්නේ. කොහොම නමුත් පුළුවන් විදියට උපසිරැසිය ගෙනාවා ඔන්න. මින් මතුවට ප්‍රමාද කරන්න නම් බලාපොරොත්තුවක් ඇත්තේ නෑ. නමුත් කොහොම වේවිද කියලා කියන්න බෑනේ. පුළුවන් විදියට ගේන්න උත්සාහා කරලා බලන්නම්.

පසුගිය සීසන් එකේ, ඒ කියන්නේ Season 3 වලදී ග්‍රෑන්ට් වෝර්ඩ් තමයි ප්‍රධාන වශයෙන් හතුරෙක් විදියට කතාවේ ඉදිරියට ගමන් කලේ. අනෙක් හැම අවස්ථාවකදීම වගේ එයා සුලු සතුරෙක් විදියටයි කටයුතු කලේ. ඒත් පසුගිය සමයේදී එයා නිකංම ග්‍රෑන්ට් වෝර්ඩ් නෙමෙයි. එයා හයිව් කියලා අති බලගතු හැකියාවන් තියෙන ඉන්හියුමන් කෙනෙක්. මෙතන ඉන්න ගොඩක් දෙනෙක් X-Men Apocalypse  එක බලන්න ඇති කියලා හිතනවා. අන්න ඒකේ හිටිය බලසම්පන්න ලෝකයේ ප්‍රථම මියුටන්ට් වගේම තමයි හයිව් ශතවර්ශ ගණනාවක් තිස්සේ ජීවත් වුනේ මිනිසුන්ගේ ඇඟින් ඇඟට මාරු වෙමින්. හැබැයි Hive තමයි මිනිසුන්ගේ ඇඟට මාරු වුනේ, En Sabah Nur මියුටන්ට් කෙනෙකුගේ ශරීරයකටයි මාරු වෙන්නේ. මෙතැනදී En Sabah Nur හට ශරීර මාරුවේදී මෙතෙක් කාලයක් තිස්සේ තමුන් අරක් ගත් ශරීර වල ඉන්න අයගේ හැකියාවන් තමුන් අතට පත්කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් හයිව්ට හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේ දැනුම, අත්දැකීම්. ඇත්තටම කිව්වොත් කතාවේ පෙන්වපු විදියට නම් Hive කියන්නේ En Sabah Nur (Apocalypse) ට වඩා ගොඩක් පෞරාණික කෙනෙක්. නමුත් ඇත්තටම කොමික් වල Hive නිර්මාණය වන්නේ Hydra විද්‍යාගාරයක් තුල. ඒ පරපෝශිතයෙක් විදියට. නමුත් කතාවේදී අපිට හයිව් ගැන දැනගන්න ලැබෙන්නේ ක්‍රී ජීවීන් විසින් නිර්මාණය කරන්නට යෙදුනු ලෝකයේ ප්‍රථම ඉන්හියුමන් කෙනා විදියට. හයිව්‘ගේ ජීවය ආරම්භ වෙන්න පටන් ගත්තේ මනුශ්‍යයාගේ ප්‍රාථමික අවධියේ  දඩයමට අවි ආයුධ සොයාගෙන ජීවත්වුනු කාලයේ. ඒත් En Sabah Nur කොමික් වල සඳහන් වෙන විදියට ලෝකයේ ප්‍රථම මියුටන්ට් (Mutant) කෙනා විදියටයි උත්පත්තිය ලබන්නේ. ඇත්තටම මේ දෙන්නා අතරේ සම්බන්ධයක් නෑ. කොටින්ම කිව්වොත් ඉන්හියුමන් කියන්නේ ක්‍රී රුධිරය භාවිතා කරගෙන පිටසක්වල ජීවීන් තනපු ජීවීන් විශේෂයක්. හැබැයි මියුටන්ට් කියන්නේ පරිණාමයේ ඉඳන් මනුශ්‍ය ජාන වලට සමීපව, ජාන විභේදනයකට ලක්වුනු මනුශ්‍ය ප්‍රභේදයක්. එයාලගේ  X-gene (X ජානය)  නිසා තමයි සුපිරි බලයන් ලැබී තියෙන්නේ.

කතාවේ පූර්විකාව ඒ විදියටයි සිද්ධ වෙන්නේ. ඒත් ඔන්න සාමාන්‍ය ජීව විද්‍යාත්මක වෙනස්කම්, අධි තාක්ශණය වැනි දේවල් අස්සට මෙදාපාර අලුත්ම වෙනසක් එකතු වෙලා තියෙනවා. ඒ තමයි Ghost Rider. කවුරුවත් බලාපොරොත්තු වුනේ නැති චරිතයක් මෙදා පාර S.H.I.E.L.D වලට හමුවෙනවා. ඒ එක්කම අලුත් අලුත් දේවල්. තාමත් හිතාගන්න බෑ මොනවද වෙන්නේ කියලා. අපිත් හොල්මං වෙලා ඉන්නේ. 😀

ගෝස්ට් රයිඩර් පිලිබඳ ඉතිහාසය

චරිතයකට මොකක්හරි ඉතිහාස කතාවක් තියෙන්න එපැයි. ගෝස්ට් රයිඩර් කියන්නේ අධිස්වාභාවික (Supernatural) ගණයට අයත් වෙන චරිතයක්. ගෝස්ට් රයිඩර් බලපු හැමෝම දන්නවා ඒ ඇයි කියලා. මොකද කිව්වොත් යක්ශයෝ එක්ක හැප්පීමක් තමයි දකින්න ලැබුනේ. කතාවේ අතීතයත් එක්ක මුලින්ම ගෝස්ට් රයිඩර් ආරම්භය තමයි Johnny Blaze කියන යතුරුපැදි ස්ටන්ට් කරන කෙනෙක් විදියට. ඔහු තමුන්ගේ පියාගේ ජීවිතය බේරාගැනීම සඳහා තමුන්ගේ ආත්මය යක්ශයා (Satan) ට දෙනවා. නමුත් ඔහු සැබෑවටම තමුන්ගේ ආත්මය ලබා දෙන්නේ Mephisto කියන මුල් පෙලේ යක්ශයෙකුට. මෙයා අමරණීයයි වගේම මැජික් බලය තියෙන යක්ශයෙක්. ඉතිං ජොනී බ්ලේස්ට රාත්‍රිය උදාවෙද්දී, යක්ශයින් නැගිටින හෝරාව වෙද්දී, ඔහුගේ මස් අපා ගින්නෙන් ඇවිලෙනවා. ඒ වගේම ඇටකටු ටික විතරයි ඉතුරු වෙන්නේ. ඒත් ඔහු ජිවතුන් අතර. මොහු ඒ අවස්ථාවේදී යතුරු පැදිය පදිද්දී, යතුරු පැදියත් ශරීරය විදියටම ගින්නෙන් ඇවිලෙනවා. යතුරු පැදිය පමණක් නෙමෙයි. මොහු අල්ලන සෑම දෙයක්ම. නමුත් මොහු පාවිච්චි කරන භාන්ඩ වලට ගින්නෙන් හානියක් සිදුවෙන්නේ නෑ. මොහුට මේ විදියට ගිනි ඇවිලෙන්න හේතුව තමයි ඔහුගේ ආත්මය  Zarathos කියලා ශරීරය පුරාවටම ගිනි ඇවිලෙන යක්ශයෙකුගෙ ආත්මයත් සමග බන්ධනය වී තිබීම. මේ නිසා මොහුගේ බලය ජොනීට ලැබෙනවා. අමරණීයත්වය (පූර්ණ අමරණීයත්වයම නෙමෙයි), සුපිරි ශක්තිය, අධික වේගයෙන් ශරීරය සනීප වීම, මූලද්‍රව්‍ය පාලනය කිරීමේ හැකියාව. මේ සැරතෝස් කියන යක්ශයාගේ ආත්මය පලිගැනීමේ ආත්මයක් විදියටයි හඳුන්වන්නේ (Spirit of Vengeance). සමහරක් තැන් වල සඳහන් වෙනවා ඔහුගේ යතුරු පැදියට සැරතෝස්ගේ ආත්මයෙන් බන්ධනයක් සිදුවෙන නිසා ඒ විදියට අපාගිනි (Hell Fire) විහිදෙනවා කියලා.

නිකොලාස් කේජ් විසින් පසුව 2007 දී චිත්‍රපටයක් වශයෙන් එලිදැක්වුනු Ghost Rider (2007) චිත්‍රපටයේ ජොනී බේලේස් ලෙස රඟ දක්වන්නට යෙදුනා. පසුව ගෝස්ට් රයිඩර් දෙවනි චිත්‍රපටයක් Ghost Rider: Spirit of Vengeance (2012) නමින් එලිදැක්වුනා. ඉතිං සුපිරි වීරයෙක් විදියට ගොඩක් අය හිතුවත්, ඩෙඩ්පූල් වගේ මෙයත් කෙලින්ම මරලාම තමයි වැඩේ ඉවරයක් කරන්නේ. සමාව දීමක් හෝ අපරාධකාරයෝ නීතිය හමුවට පැමිණවීමක් ඇත්තේම නැති තරම්. ආයේ අමුතුවෙන් මෙයත් එක්ක පරණ ප්‍රශ්ණ පැසවීමක් නෑ. 

නමුත් චිත්‍රපටි වලින් දැක්කට පස්සේ ආපහු ගෝස්ට් රයිඩර් එලියට එන්නේ Marvels Agents of S.H.I.E.L.D. හරහා. ඒ නිකොලාස් කේජ් විසින් රඟ දක්වන්නට යෙදුනු ගෝස්ට් රයිඩර් චරිතය Gabriel Luna විසින් තමයි රඟ දක්වන්නට යෙදෙන්නේ. හෙල් බයික් එක වෙනුවට කාර් එකක් තමයි මෙදා පාර දකින්න ලැබෙන්නේ.

ඉතිං හැමදාම වගේ Marvel කතාවක් තිබුනොත් අමතක කරන්න බැරි අපේ හයිඩ්‍රා නියෝජිත තිසර නියෝ උතුමාගෙනුත් වැඩි විස්තර සහිත ලිපියක් ඉල්ලුම් කරන්නට යෙදුනා. මට වඩා විස්තර ඒ ලිපියෙන් දැනගන්න පුළුවන්.

හයිඩ්‍රාගේ ලිපිය…

කාලෙකට  පස්සෙ සුපුරුදු අඩවිය දිහාවට එන්න පුලුවන් උනේ. ප්‍රණීත්ගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම සුපුරුදු කතා මාලාවක නවතම අදියරේ පලමු කොටසේ හැඳින්වීමක කරන්න තමයි මේ හදන්නේ. Marvel Agents Of SHIELD හි අදියර තුනක් තුල කට්ටිය මේ කතා මාලාව ගැන දැනන් ඉන්න නිසා කතා මාලාව ගැන හෝ ආරම්භය ගැන කියන්නනම් අදහසක් නැහැ. ඒ නිසා කෙටියෙන් හඳුන්වලා දෙන්නම්.

මේ කතා මාලාව ආරම්භ වූයේ Avenger සිනමාපටයේ සිදුවීම් වලින් පසු අවදිය සමඟයි. මාර්වල් සමාගමේ ප්‍රධාන අරමුන වූයේ සිනමාවේ දිගහැරුනු සුපිරි වීරයන් වෙනුවෙන් පසුපස හිඳ කටයුතු කල SHIELD හි නියෝජිත වරුන්ගේ කතාවන් ගෙන එමින් මාර්වල් සිනමා විශ්වයේ අඩුපාඩු ආවරණය කිරීමයි. මේ නිසා මේ කතා මාලාවේ අදියර තුනක් තුල සම්පූර්ණ මාර්වල් සිනමා විශ්වයම ආවරණය කිරීමට සමත් වූවා. එය කෙතරම් සාර්තකද යත් සෑම MCU (Marvel Cinematic Universe) හි සිනමාපට වල කතාවන් මේ කතා මාලාවට එක් කර තිබෙනවා.

පරන අදියරවල් ගැන නෙවේ අපි අලුත් අදියර ගැන කතා කරමු. මේ  වෙද්දී MCU හි සිවිල් වෝර් එක සිදුවෙලා. ඒ නිසා එහි පසු සිදුවීම් අපිට මෙහි දකින්න පුලුවන්. වැදගත් දේ තමා වින්ටර් සෝල්ජර් සිනමාපටයේ සිදුවීම් සමඟ නීති විරෝධී වූ ශීල්ඩ් ආයතනය සිවිල් වෝර් සිනමාපටයේ ගෙන ආ සෙගෝවියා සම්මුතිය සමඟ එක් වීම නිසා නැවත නීතිගත ආයතනයක් වීමයි. නමුත් මේ වන විට ශීල්ඩ් අධ්‍යක්ශක වන කොල්සන් ඇවෙන්ජර් සිදුවීම් සමඟ ලෝකයාට මියගිය කෙනෙක් වන නිසා එලිපිට කටයුතු කිරීමට නොහැකි නිසා අධ්‍යක්ශක ධූුරය වෙනත් අයෙකුට ලබා දි නැවත ඒජන්ට් තනතුරක් ලබා සිටිනවා.

අලුත් අධ්‍යක්ශක සමඟ ශීල්ඩ් දැවැන්ත වෙනසකට පත් වී ඇති බව පේනවා. ප්‍රධානම දේ නම් නියෝජිතවරු විවිධ මට්ටම් අනුව වර්ගීකරනය කර තිබෙනවා. ශීල්ඩ් බිඳ වැටීම සමඟ කොල්සන් අහෝසි කලා මෙය නැවත ඇරඹීම සමඟ නියෝජිතවරු අතර පෙර පැවති සුහදත්වය පහතබැස තිබෙන අයුරු දකින්න පුලුවන්. එමෙන්ම ජෙමාගේ වෙනස් වීම පුදුමය දනවන සුලුයි. මේ පවා ඇයට යටත් ව ආකාරය දැකගන්න පුලුවන්.

සෙකෝවියා එකඟතාවය හින්දා සියලුම විශේෂ හැකියාවන් තියන අය ගැන අවධානය යොම් වෙනවා. ගිවිසුමට එකඟ අය හට ශීල්ඩ් හරහා සම්භන්ද වී කටයුතු කිරීමට හැකිව තිබෙනවා. ගිවිසුමට එකඟ නොවන අයට වන දේ සිවිල් වෝර් බලපු අය දන්නවා ඇතිනේ. මේ අදියරේ දැවැන්තම ආකර්ශනය දිනාගෙන සිටින්නේ තෙවන වරට නිර්මානණය වන සහ පලමුවරට මාර්වල් සිනමා විශ්වයට එක් වන පලිගැනීමේ දූතයා හෙවත් Ghost Rider ගේ ආගමනයයි. සිනමා රසිකයන් දැන සිටි ගෝස්ට් රයිඩර් වන ජොනී බ්ලේස් වෙනුවට MCU සමඟ එක් වන්නේ රොබී රේයස්ය.

ලිපිය මෙතනින් නවත්වන්නම්. පහලින් තියෙන්නේ කොමික් ස්ක්‍රිප්ට් කණ්ඩායමේ ලිපියක්. ඒ ලිපියෙන් මේ අදියරේ දක්නට ලැබෙන රොබෝ සහ ගෝස්ට් රයිඩර් ගැන දැනගන්නට පුලුවන්.

#Hail_Hydra

Comic Script කණ්ඩායමේ ලිපියකින්.

LMD

LMD එහෙමත් නැතිනම් Life Model Decoy කියන්නේ මාවල් කොමික් කියවන අයට නම් අලුත් දෙයක් නෙවේ. පුහුණු වීම් වලට වගේම ආරක්‍ෂිත පියවරක් විදිහටත් මාවල් කොමික් වල LMD බහුලව භාවිතා වෙනවා. ඒ අතරින් නික් ෆියුරි ගේ ස්වරුපය තියන LMD ගොඩක් ජනප්‍රිය යි. සීසන් 3 අවසානය වෙද්දී Dr. Radcliffe ශිල්ඩ් ආයතනය එක්ක එකතු වෙලා ඉන්නේ. සීසන් 3 අවසානෙට දකින්න ලැබුණු විදිහට නම් LMD යථාර්තයක් බවට පත්වෙන්න වැඩි කාලයක් යන්නේ නැති වෙයි වගේ.

Ghost Rider

අවුරුදු 20000කට පෙර සිට පෘථිවියේ විසූ බ්ලඩ් නමැති මනුශ්‍යරූපී අමරණීය ජීවීන් විශේෂයක් මුල්ම පළිගැනීමේ ආත්මවල සහය පතනවා සරතෝස් නමැති ආත්ම සොරකම් කරන යක්ෂයෙක් සමග යුද්ධයට. යුද්ධය ජයග්‍රහණය කරන්න බ්ලඩ්ලා පළිගැනීමේ ආත්ම එකතු වෙලා ළබා දුන් සාරය ඇතුළත්, බලයේ පදක්කම නමැති ගුප්ත මෙවලමක් නිර්මාණය කරනවා. මේ පදක්කමට සරතෝස්ගෙත් කුඩා කොටසක් එකතු වෙනවා. ඒ නිසා බ්ලඩ්ලා තීරණය කරනවා මේ පදක්කම කොටස්වලට කඩලා, පවුල් දෙකක ආධ්‍යාත්මික ලේවලට එකතු කරන්නට.

ඒ අතරේ මෙෆිස්ටෝ සමග සටනකට එළඹෙනවා. මෙෆිස්ටෝ සරතෝස්ව රවට්ටලා තමන්ගේ යටතට අරගෙන මෙෆිස්ටෝගේ වහලෙක් කරගන්නවා.
18 වෙනි සියවසේදි පළවෙනිම ජීවත්වෙන පළිගැනීමේ ආත්මය එහෙම නැත්නම් පළවෙනි ගෝස්ට් රයිඩර් වෙන්නේ නෝබල් කේල්. කේල් කියන්නේ බ්ලඩ් වර්ගයා බලයේ පදක්කමේ කොටසක් ලෙයට එකතු කරපු පරම්පරාවන් දෙකෙන් එකක්.

නෝබල් කේල්

නෝබල් මග්ඩලෙනා නමැති කාන්තාවක් සමග පෙමින් බැදෙනවා. ඒත් පාදිලිවරයෙක් වෙච්ච නෝබල්ගේ දරුණු පියාට බයෙන් නෝබල් මේ ආදර කතාව රහසක් විදියට තියාගන්නවා. නොබල්ට සහ මැග්ඩලෙනාට දරුවෙකුත් ලැබිලා ටික කාලෙකට පස්සේ, මැග්ඩලෙනා හොයාගන්නවා නෝබල්ගේ පියා පාදිලි කේල් මෙෆිස්ටෝගේ සේවකයෙක් කියලා. තමන්ගේ රහස පවත්වා ගන්න ඕන නිසා පාදිලි කේල් මැග්ඩලෙනා මායාකාරියක් කියලා නම් කරලා ඇයව දර සෑයක පණපිටින් දවලා මරනවා. මැරෙන්න මොහොතකට කලින් ඇය වෙනුවෙන් පළිගන්නා ලෙස ෆියුරි නම් පුරාණ ආත්මයන්ගෙන් ඉල්ලමින් පාදිලි කේල්ට ශාප කරනවා. මේ පෞරාණික ආත්මයන් ඇවිත් විනාශකාරී කලබලයක් ඇති කරනවා. නෝබල්ගේ ආත්මය ගෙවීමක් වශයෙන් ඉදිරිපත් කරලා, පාදිලි කේල් මෙෆිස්ටෝගෙන් උදව් ඉල්ලනවා මේ විනාශකාරී ආත්මයන්ගෙන් බේරෙන්න. නෝබල්ගේ ලේවල තියෙන බලයේ පදක්කමේ කොටස් හදුනා ගන්න මෙෆිස්ටෝ වහාම ඒක ක්‍රියාත්මක කරලා නෝබල්ව ජීවමාන පළි ගැනීමේ ආත්මයක් නොහොත් ගෝස්ට් රයිඩර් බවට පරිවර්තනය කරනවා. නෝබල් ෆියුරීස්ලාව පන්නනවා. පාදිලි කේල් ගෝස්ට් රයිඩර්ට පූජාවක් විදියට නෝබල්ගේ පුතාව බිලි දෙනවා. ඒකෙන් ඇති වෙච්ච කම්පනයට නෝබල් සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා. නෝබල්ගේ ආත්මයේ තමන්ට තියෙන අයිතිය පෙන්නමින් මෙෆිස්ටෝ එතනට ඇවිත් නෝබල්ගේ මරණය වළක්වනවා. නෝබල්ගෙන් පසුව ඉපදෙන කේල් පවුලේ හැම අලුත් පරම්පරාවකම පළවෙනි දරුවාට ගෝස්ට් රයිඩර් වෙන්න ශාපයක් වදිනවා.

ගෝස්ට් රයිඩර් ස්වරූපයට සිතන සැනෙන් පරිවර්තනය වීමේ හැකියාව
මේ ස්වරූපයේදී,
සුපිරි ශක්තිය
සුපිරි දරාගැනීමේ හැකියාව
ත්වරණයෙන් සිදුවන ප්‍රතිජනන සුවවීමේ හැකියාව..
හෙල්ෆයර් නමින් හැදින්වෙන ගුප්ත ගින්දර පාලනය කිරීමේ හැකියාව..
ගුප්ත දම්වැල් ප්‍රක්ෂේපණය (ගෝස්ට් රයිඩර්ගේ මුවෙන් හෝ පපුවෙන් ක්ෂණිකව නිකුත් කල හැකි මේ දම්වැල් ඕනෑම දෙයක් හරහා යන අතර, ඕනෑම දිගකට විහිදුවිය හැකියි.. එමෙන්ම මේ දම්වැල් විවිධ ආයුධ ලෙස වෙනස් කරගැනීමටත් පුළුවන්..)
පෙනන්ස් ස්ටෙයර්(ගෝස්ට් රයිඩර්ට තවත් කෙනෙකුගේ දෑස් දෙස සෘජුව බලා ඔහු හෝ ඇය ජීවිත කාලය පුරා අනෙක් අයට දුන් වේදනාවන් සියල්ල ඔහු හෝ ඇය වෙත එකවර දැනීමට සැලැස්වීමට ඇති හැකියාව )
ශරීර ප්‍රමාණය විශාල කරගැනීමේ හැකියාවන් ඇත.

රොබර්ටෝ ‘රොබී’ රීයස්

රොබී රීයස් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්වල කාර්මික ශිල්පියෙක් වශයෙන් රැකියාවේ යෙදෙන තරුණයෙක්. රොබීගේ දෙපා පණ නැති සහෝදරයා ගේබ් සහ රොබී ජීවත් උන පරිසරය මැර කල්ලිවල පාලනය යටතේ තිබ්බේ. ආරක්ෂිත බව අඩු නිසා තමන්ගේ මල්ලි එක්ක වෙන තැනකට යන්න, ඩොලර් 50,000ක් හොයාගන්න රොබී නීතියෙන් තහනම් ස්ට්‍රීට් රේස්වලට ඉදිරිපත් වෙනවා. රොබී නොදැන සිටියත්, ඔහුගේ මෝටර් රථයට අරක් ගත් හොල්මනක් හිටියා. දවසක් රොබී පොලීසිය කියලා හිතපු මෝටර් රථයක් රොබීගේ මෝටර් රථය ලුහු බදින්න පටන් ගත්තා. තමා නැතුව ගේබ්ට කුමක් වේදැයි සිතා රොබී ඔවුන්ගෙන් පළා යන්න උත්සාහ කලා. නමුත් අවධානයෙන් තොර වීම නිසා ඔහුගේ මාර්ගය අවසන් උනා. පොලීසියේ අයට හේතු පැහැදිළි කරලා බේරෙන්න උත්සාහ කරනවා කියල හිතාගෙන රොබී මෝටර් රථයෙන් එළියට බැස්සත් ඒ පැමිණ්න්නේ පොලීසිය නෙමෙයි. ඔවුන් සාහසික ලෙස රොබීට වෙඩි තබා ඝාතනය කරනවා. රොබීගේ මෝටර් රථයේ හංගලා තිබ්බ දෙයක් අරගෙන රොබීගේ ශරීරය ඇතුළු සාක්ෂි ගිනි තියනවා. ඔවුන් එතැනින් පිටවෙන විගසම රොබීව අලුත් ගෝස්ට් රයිඩර් බවට පත් කරමින්, මෝටර් රථයේ හිටපු හොල්මන රොබීගේ ශරීරයට ආවේශ වෙනවා. ගෝස්ට් රයිඩර් රොබීට පහර දුන් අය පසුපස හඹා ගිහින් ඔවුන් අල්ලාගන්නවා. නමුත් ඔවුන්ගෙන් කිහිපදෙනෙක් එතනින් පළා යන්න සමත් වෙනවා. පසුදින අවදිවෙන රොබීට පෙරදින රාත්‍රියේ වූ සිදු වීම් නරක සිහිනයක් වගෙයි මතක. තමන්ගේ වැඩපළට යන රොබී මෝටර් රථය තවත් රේස් එකකට යන්න එළියට ගන්නකොට මෝටර් රථයේ ඇත්ත හිමිකරුගේ මැරයන් දෙදෙනෙක්ට මුහුණදෙන්න වෙනවා. නැවත වරක් ගෝස්ට් රයිඩර් බවට පත්වෙලා ඔවුන්ට පහර දෙනවා.

රොබීව ගෝස්ට් රයිඩර් බවට පත් කරන හොල්මන තමන්ව ඊලායි ලෙස හදුන්වා දෙනවා. මේ අළුත් ගෝස්ට් රයිඩර්ගේ ප්‍රසිද්ධිය නිසා ජොනී බ්ලේස්ටත් මේ ගැන අහන්න ලැබෙනවා. ජොනී ලොස් ඇන්ජලීස්වලට එනවා අළුත් ගෝස්ට් රයිඩර් හොයාගෙන. ඒ මැදිහත් වීමෙදි ඊලායිගේ බලපෑම නිසා ඔහු අතින් අහම්බෙන් ස්ට්‍රීට් රේසර් කෙනෙක් මිය යනවා. ඊලායි රොබීගේ ශරීරයේ සම්පූර්ණ පාලනය අරගෙන එතනින් පළා යනවා. පසුව, ඊලායි පළිගැනීමේ ආත්මයක් නොව, රොබී සහ ගේබ් ඔවුන් සිටින නිවසේ ඔවුන්ට පෙර පදිංචි වී සිටි, 1999 දී පොලීසියේ මරණීය වෙඩි පහරක් හේතුවෙන් මිය ගිය, ආගමික වතාවත්වලදී මිනිසුන් 37දෙනෙකුට වඩා කපා කොටා ඝාතනය කල ඉතා දරුණු මිනීමරුවෙක් බව සොයාගැනෙනවා. ජොනී ඔහුගේ පෙනන්ස් ස්ටෙයර් එක මගින් ඊලායි යටත් කරගත් පසු, ජොනී රොබීට අවවාද කරනවා ඊලායිට නැවත පාලනය ගැනීමට ඉඩ නොදෙන ලෙස.

පෙනන්ස් ස්ටෙයර් එක හැර අනික් ගෝස්ට් රයිඩර්ලාට (ජොනී බ්ලේයර්ස්,  ඩැනියෙල් ‘ඩැනී’ කෙච්) සමාන බලයන් රොබී රීයස් ගෝස්ට් රයිඩර්ට තියෙනවා.
මෝටර් රථය ඇතුළේදී හෝ ආසන්නයේදී තමාගේ අනුපිටපත්(ඩුප්ලිකේට්) සෑදීමේ හැකියාවක් ඔහුට තියෙනවා.

අනික් බොහොමයක් ගෝස්ට් රයිඩර්ලා මෝටර් සයිකල් ධාවනය කලත්, රොබී ධාවනය කරන්නේ හෙල් චාජර් නමින් හදුන්වන 1969 ඩොජ් චාජර් මෝටර් රථයක්. හෙල් සයිකල් වගේම හෙල් චාජර් එකත් ක්ෂණිකව ස්වයං අළුත්වැඩියාවක් සිද්ධවෙනවා. හෙල්ෆයර් ප්‍රතිරූපයත්, ඝන ද්‍රව්‍ය හරහා ගමන් කිරීමේ හැකියාවත් හෙල් චාජර් එකට තියෙනවා.

ඩවුන්ලෝඩ් ලින්ක් සඳහා යටම කමෙන්ට් එක වෙත යන්න…

ආයු -බෝ වේවා !!!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E01.720p.HDTV.x264-AVS

3,771 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E01.baiscopelk.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

3,771 downloadsDownload Subtitles57 KB

59 comments

  1. Hemal Nadeera

    බොහොම ස්තුතියි ප්‍රණියො සබට.
    ඊයෙ ඉදලා බලන් හිටිය් දෙනකම් ,දිගටම දෙමු පොඩ්ඩක් පරක්කු උනත් මොකෝ,වෙනදා වගෙම හයිඩ්‍රා සාමාජික/නියෝජිත තිසර සහෝගේ ලිපියටත් බොහොම ස්තුතිය.
    ජය වේවා....

  2. Pr@geeth

    oh....
    Finaly.....

  3. chathuranga

    thank u

  4. Ravin

    Thanks for the sub

  5. මාලින්ද

    එනකම් හිටියෙ. තැන්කිව.

  6. D.Chamara

    hameee methiyanna niyamai sahooo niyamai
    degatama karagena yamooo jaya

  7. KB

    කවදා දෙයිද කියල බලනි හිටියෙ එලලලලලලල සබට තුති සහෝ.....

  8. Gathsara Umesh Kumara

    හම්මේ ප්‍රණීත් සහෝ එපිය ආපු ගමන් බාගෙන හැම දාම වගේ සයිට් එක පැත්තේ එනවා yයනවා.අද ඉස්කෝලෙට යන්න කලින් නිකමෙනට වගේ ඇවිල්ල බලල යන්න ආවෙ..මේන්න බොලේ මේක දීල ප්‍රණීත් සහෝට ස්තුති කරන්න අචන nනෑ.මේක නවත්තන්න නම් eඑපා.පරක්කු වෙලා හරි ඇදගෙනම යමු...එහෙනම් ආයෙත් වරක් උප්පසිරැසියට හදවහින්ම සුබ පතවා//ඊලග එපියෙන් හමුවෙමු....(ලුසිෆර් ගැන තමා දැන් තියෙන එක aඅවුල.නැත්තම් අලුතෙන් ආපු හැම එකක් ම වගේඑ දැන් ගොda

  9. harsha

    බොහෝම ස්තූතියි ප්‍රනීත් මමත් මේක ඊයෙම බාගත්තා. ඉතින් නිතර නිතර ඇවිත් බැලුවේ සබ ඇවිල්ලද කියලා. ඔන්න එහෙනම් සබ ගන්නවා. ඒවගේම කියන්න ඕන අපි හැමදෙනාම දන්නවා අපේ ජීවිතවල තියන කාර්ය බහුල බව. ඒ නිසා එපිය ආපු දවසෙම සබ දෙන්න බෑ. ඒක බොහෝම සාමාන්‍ය තත්වයක්. පුලුවන් වීදිහට කරගෙන යන්න. අතර මග නවත්වන එකක් නෑ කියලා දැඩි විස්වාසයක් තීයනවා. ස්තූතියි සහෝ ජයවේවා

  10. rex

    thnax.....

  11. අන්ධකාරයේ කළු කබාකරු

    thankz bn puluwannam lucifer ekatath sub diyam

  12. praneeth madu

    niyamai saho..jaya

  13. Keshan Wasala

    කොටස නම් ආව ගමන්ම බැලුවා :D ගෝස්ට් රයිඩර් ඉන්න නිසා ඉවසන්නම බැරි උනා අවුලක් නෑ ප්‍රනීත් සහෝගේ සබ් එක එක්ක හිමිට බලනවා ආපහු... ඩේසි කෙල්ලගේ පටන් ගන්න කොට තිබ්බ එකටයි ගෝස්ට් රයිඩර් එහෙම හිටපු නිසා කොටසේ මගේ රේටින් 8.3 දෙනවා xD බොහොම ස්තුතියි සහෝ. ජය වේවා !!

  14. Lakshan Sasanka

    අම්මෝ අැති යාාන්තම් සීසන් 4ත් අාාවා....ගොඩාාක් ස්තුතියි සහෝ.......ජය වේවා.....

  15. Bobby

    Thank you Pranith for Sub

  16. Danu

    supirima supirima supiri,
    ayeth baiscopelk ekata wasanthaya awa wage.

  17. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ සබට.
    පටන්ගැන්ම සුපිරියටම තිබ්බා ආ..
    හම්මේ ගෝස්ට් රයිඩර්..කියලා වැඩක් නැහැ..
    පොඩ්ඩක් පමා වුනාට අවුලක් නැහැ.දිගටම සබ් දෙමු..

  18. sam

    Thanks

  19. අශාන් ලහිරු

    අම්මෝ ඇඟිලි ගැන ගැන හිටියෙ. පිං සිද්දවෙච්චාවෙ !

  20. දිල්ශාන් සචින්ත

    ela ela kiyaqnna wachana na ithin ube sub gana.
    hamadama wage bohoma sthuthi

  21. Ichigo

    Admin saho lucifer sub eka oni............

  22. කිරී..

    තාම බැලුවේ නම් නෑ බ්‍රෝ....සබට නම් tnx..ඔබට ජය සහෝ.....

  23. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...එනකන් බලන් හිටියේ....

  24. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ උපසිරැසියට.........
    පරක්කු වූණාට අවුලක් නැහැ....
    කොහොම හරි කථා මාලාව ඉවරවෙනකම් උපසිරැසිය සහෝ......

  25. Pradeep M Gamlath

    එලකිරී මචෝ වේලි වේලි හිටියෙ හරිහමං කතාවක් නැතුව ෆට්ට තැන්ක්ස් ...***

  26. Sajeevi

    Thanks

  27. Kawshalya Dushyan

    හම්මේ අද තමයි නිවාඩුවක් ලැබුනේ ...... දත් මැදගෙන ඇවිත් ගෝතම බැලුව..... මුණ හෝදගෙන ඇවිත් මේක බලනවා....

    සබට බොහොම තුති ප්‍රනීත් අයියේ ..... ජය ....

  28. yohan

    thanks machan...
    Lucifer akata kauruth sub denne nedda......??????????

  29. Sanath Indika

    thx brooo

  30. silent$

    Patttaaaaaaaaaaaaaaaaa

  31. Ravindu Rukshan

    Thx for the sub bro.............!!!!!!

  32. nishadi wickrama

    tnx

  33. Udara Damith B/K

    දීර්ග ඉඩෝරයකට පස්සේ වැස්සක් අවාවගේ

  34. gihan

    eng sub daagena baluwa dn aye mekt dagena balnawa.

  35. Shan

    Tn q wewaa..lucifer eketh sub eka denwa nedooo

    1. Pansindu

      Niyamai kattiya

  36. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. උදාර දිල්ශාන්

    සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  38. tharudu sagara

    සබ් එකට තුති ප්‍රනීත් සහෝ 480p sub denna

  39. gihan

    හත්තිලව්වේ,මේකෙ ghost rider ගැන විස්තරය පට්ට ඔක්කොටම වඩා,දිගටම සබ් දෙමු ,අපි බලන් ඉන්නවා ,කොහොම උනත් සබ් එකට ස්තුතියි .

  40. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට මේක මන් මේක ආපු ගමන් බාගත්ත සබ් දෙනකන් හිටියෙ බැරිම තැන ඉන්ග්‍රීසි සබ් එක්ක බැලුව දැන්වත් සින්හලෙන්ම බලන්න පුලුවන් බොහෝම ස්තූතියි උපසිරැසියට

  41. Dinesh

    Season 4 eketh sub enakan balan hitiye. Thanks a lot. Digatama MCU ekka imu.!

  42. Dinesh

    thanks..

  43. chinthaka

    මග බලන් හිටියෙ..... බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  44. Kasun

    බොහොම ස්තූතියි සහෝ....

  45. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Heshara

    Ghost rider gana thiyena visthara walata adala fims monawada thiyenne

  47. kasun

    Torrent ඩොව්න්ලොඩ් කර ග්න්ඩ Link ekak dendako kawru haree

  48. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  49. Kaazz_bat

    එල එල බ්‍රෝ.,. තෑන්ක්ස් සබ් එකට.,.

  50. තිසර

    උපසිරසට ස්තුතියි….

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.