මේ අරගෙන ආවේ 2019 ඔක්තෝම්බර් වල නිකුත් වුණ සීරිස් එකක්. දැන් ටික කාලයක් වෙන නිසා ගොඩක් අය බලලත් ඇති. මාත් ටික කාලෙකට කලින් දැකලා බලන්න ඕන කියලා හිතුවත් කොරෝනා නිසා නිවාඩුවක් සෙට් වෙනකන්ම බලන්න වුනේ නෑ. ඩවුන්ලෝඩ් කරලා පලවෙනි එපිසෝඩ් එක බලන්න සබ් ගන්න බයිස්කෝප් එකට ආවම තමයි දන්නෙ තාම මේකට සිංහල සබ් ද…

මේ අරගෙන ආවේ 2019 ඔක්තෝම්බර් වල නිකුත් වුණ සීරිස් එකක්. දැන් ටික කාලයක් වෙන නිසා ගොඩක් අය බලලත් ඇති. මාත් ටික කාලෙකට කලින් දැකලා බලන්න ඕන කියලා හිතුවත් කොරෝනා නිසා නිවාඩුවක් සෙට් වෙනකන්ම බලන්න වුනේ නෑ. ඩවුන්ලෝඩ් කරලා පලවෙනි එපිසෝඩ් එක බලන්න සබ් ගන්න බයිස්කෝප් එකට ආවම තමයි දන්නෙ තාම මේකට සිංහල සබ් දීලත් නෑ කියලා. ඉංග්‍රීසි දාගෙන බැලුවට පස්සෙ හිතුනා අපරාදේ සිංහල සබ් නැති එක කියලා. FB එකෙත් මම තැන් දෙක තුනකම දැක්ක මේ සීරිස් එකට සිංහල සබ් නැති නිසා බලන්න බෑ කියලා. ඉතින් මගේ පලවෙනි උපසිරැසිය විදියට මේකට සබ් දෙන්න හිතුවා.
HBO මගින් විකාශය කෙරුණු IMDb හි 7/10 ක් සහ Rotten Tomatoes හි 84% තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙන Mrs. Fletcher series එක එපිසෝඩ් 7කින් යුතු සීරිස් එකක්. ඒ වගේමයි මේක හදලා තියෙන්නෙ Tom Perrotta විසින් රචිත Mrs. Fletcher කියන කෘතිය ඇසුරෙන්.
කතාවේ නමයි පෝස්ටර් එකයි දැක්ක ගමන් තේරෙන්න ඇතිනේ මොන වගේ කතාවක්ද කියලා. Milf ටයිප් එකේ ඒවාට ආස අයට නම් සුපිරිම කතාවක් වෙනවා අනිවා. එහෙමයි කියලා අනිත් අය නොබලා ඉන්න එපා. හැමෝටම සෙට් වෙන, එක හුස්මට බලලා දාන්න පුලුවන් පට්ට කොමඩියක් තමයි මේක.
කතාව ගැන පොඩි හැදින්වීමක් කරොත්,
දික්කසාද වෙච්ච අම්මා කෙනෙක් ඉන්නවා.එයාගේ පුතා කොලේජ් එකට යන්න බෝඩ් වෙන්න යනවා.ඉතින් අම්මා ගෙදර තනිවෙනවා.ඉතින් ඔන්න ඕක නිසා ඒ අම්මා පාලුව යවාගන්න එක එක විදියේ පිස්සු වැඩ කරනවා. ඔන්න ඔය අම්මා, ඊව් ෆ්ලෙචර් වටා තමයි මෙන්න මේ series එක හැදිලා තියෙන්නෙ.කෙටියෙන් ඔහොම කිව්වට මේකෙ හොද හොද ආතල් තියෙනවා.අම්මා මෙහේ පිස්සු නටද්දි පුතාත් කොලේජ් එකේදි දෙවනි වෙන්නෙ නෑ. ඔයාලම බලන්නකෝ.
ඒ වගේම තේරෙනව ඇතිනේ කතාව පවුලේ සැමට එකට හිඳ බලන්න පුලුවන් එකක් නෙවෙයි බව. ඒ වගේම මතක ඇතුව හෙඩ්සෙට් දාගෙන බලන්න. මොකද කොයි වෙලේ එක එක සද්ද ඇහෙයිද කියන්න බෑ. කතාවේ ප්‍රධාන චරිත ගත්තොත්,
Kathryn Hahn -Eve Fletcher
Jackson White -Brendan Fletcher
Owen Teague -Julian
Jen Richards -Margo
Cameron Boyce -Zach
Casey Wilson -Jane
Domenick Lombardozzi –George
Jasmine Cephas -Chloe
Katie Kershaw -Amanda Olney
කතාවේ දෙවනි සමයක් ගැන තාමත් හරි අදහසක් දීල නැතත් නිර්මාතෘ වන Tom Perrotta සහ Kathryn Hahn (ඊව්) තැන් කිහිපයකදි දක්වලා තිබ්බ අදහස් නිසා අපිට දෙවන කතා සමයක් ගැන බලාපොරොත්තු තියා ගන්න පුලුවන් වෙයි කියලා මට හිතෙනවා.
එහෙනම් හැමෝටම ආරාධනා කරනවා බලන්න කියලා. මගේ පලවෙනි උපසිරැසිය නිසා වැරදි ඇති.ඒවා ගැන සමාවෙන්න. ඒ වගේම හොද නරක පහල කමෙන්ට් කරන්න කියලත් ඉල්ලනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,206 downloadsDownload Mrs.-Fletcher-S01E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවිදු සුපුන්” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සවිදු සුපුන්
Subtitles
24 comments
සනිඳු ලක්ඛිත
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරියක් වගේ....
ඉතුරු එපි ටිකත් ඉක්මනටම අරන් එමු...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa......!
රිශාන්ත
Thanx supun
එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා...
දිගටම උපසිරසකරණයේ යෙදෙමු...
ජය... ✌Anonymous
Elma broo
දිල්ශාන් සචින්ත
පහරක් වගේ. පළමු වැඩේට සුභපැතුම් බ්‍රෝ.
Dineth Sadeeptha
Elma brother....
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!
Supun
Ela kollek ban uba
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Duli
දෙවෙනි කොටසත් ඉක්මනට දාන්න
පළවෙනි කොටසට තැන්ස් ආාNimesh Chathuranga
නීයමයි . ඉක්මනට SUB ටික දෙනවනම් තවත් හොදයි
Ruchira99
එල සබ් එකට Tx මචන් ..ජය වෙවා
ss
elm
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Lasantha
Sub eke taime wenas wagene..???
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.ඒ වගෙම පළවෙනි උපසිරැසියටත් සුභ පැතුම්❤
Asitha.pramoth
බොහොම ස්තූතියි සහෝදරයා
yashodha
machan mee series eka download karanna site ekk kiyhnko
Hasindu Kavishan
Ayye meke download link ekat ekkama sub eka denna puluvanda meke link eka hoya ganna patta amarui ekai
Advertisement


බොහොම ස්තූති සහෝ උපසිරසට...කොමඩියක් හොය හොය හිටියේ...බලලා දාමු ඔක්කොම එපි ටිකට සබ ආවාම...ජය වේවා..බුදුසරණයි..!