Never Have I Ever Sinhala Subtitles S02E10 (දෙවන කොටසේ දහවන එපිසෝඩය) අවසාන කොටසේදී දේවිගේ අධ්‍යාපන කටයුතු සහ පෞද්ගලික ජීවිතය එකට ගැටුණා. හැමෝම එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරන්න මහන්සි වෙද්දි, ලොකු සිද්ධියක් නිසා එයාට තමන් ගැන තියෙන අඩුපාඩු සහ තමන් මත දාගත්ත පීඩනය ගැන හිතන්න වුණා. යාළුවන්ගේ ස…

Never Have I Ever Sinhala Subtitles S02E10 (දෙවන කොටසේ දහවන එපිසෝඩය)

අවසාන කොටසේදී දේවිගේ අධ්‍යාපන කටයුතු සහ පෞද්ගලික ජීවිතය එකට ගැටුණා. හැමෝම එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරන්න මහන්සි වෙද්දි, ලොකු සිද්ධියක් නිසා එයාට තමන් ගැන තියෙන අඩුපාඩු සහ තමන් මත දාගත්ත පීඩනය ගැන හිතන්න වුණා. යාළුවන්ගේ සහ පවුලේ උදව්වෙන් දේවි තේරුම් ගත්තා තමන්ගේ අඩුපාඩු පිළිගන්න ඕනේ කියලා. අම්මයි ජැක්සන් දොස්තරයි තීරණය කරා ටිකක් දුරින් වගේ ඉන්න, මොකද දෙන්නගේම පවුල් වැදගත් නිසා. කමලා ශක්තිමත් තීරණයක් ගත්තා එයාගේ හදවතට ඇහුම්කන් දීලා මනමාලයා ප්‍රතික්ෂේප කරන්න. අවසානයේ දේවියි පැක්ස්ටනුයි හැමෝම පුදුම කරමින් ඉස්කෝලේ නැටුමට එකට ගියා.

  2 වෙනි සීසන් එක: දේවිගේ අභියෝග තව වැඩි වුණා. බෙන් සහ පැක්ස්ටන් දෙන්නම එක්ක යාළු වෙන්න හදන එක අන්තිමේදි අවුලක් වුණා. අනීසා කියන ඉන්දියානු-ඇමරිකානු ළමයගෙන් දේවිට තරඟයක් එල්ල වුණා. ඉගෙනීමේ පීඩනයක් දැනුන. පවුලේ සම්බන්ධතා වෙනස් වුණා. සීසන් එක ඉවර වුණේ දේවි සහ පැක්ස්ටන් ඉස්කෝලේ නැටුමට එකට යාළු වෙලා යන එකත් එක්ක. ඒ අතරේ එලිනෝර්ගෙන් බෙන්ට දැන ගන්න ලැබුණා දේවි කලින් තෝරගන්න හිටියේ එයාව කියලා. ඒකෙන් බෙන්ගේ හිත අවුල් වුණා. වැදගත් මොහොත් කීපයක් තමයි:
1. දේවිගේ අඩුපාඩු නිසා තමන්ටම හානි කර ගන්න හදපු ඒක. – විශේෂයෙන්ම අනීසා ගැන කටකතාවක් පතුරවපු එකෙන්.   2. පැක්ස්ටන් සහ බෙන් එක්ක තියෙන සම්බන්ධතා වෙනස් වුණ එක. –  පැක්ස්ටන්ට “හැඩ කොල්ලෙක්” විතරක් වෙන එක අමාරු වුණා. – අනික බෙන්ට දේවි පැක්ස්ටන් එක්ක යාළු වෙද්දි තමන්ගේ හැඟීම් ගැන අවුල් හිතෙන්න ගත්තා.   3. දේවිගේ අම්මා නලිනි, ක්‍රිස් ජැක්සන් දොස්තර එක්ක පටන් ගන්න ආදර කතාව
පවුලේ සම්බන්ධතා තව සංකීර්ණ කරා.   4. කමලාට සාම්ප්‍රදායික බලාපොරොත්තු සහ නිදහසේ ඉන්න තියෙන ආසාව අතර හැඩගැහෙන්න අමාරු වුණා.   දෙවෙනි සීසන් එකේ හොඳ දේවල්:

අනීසා කියන අලුත් චරිතය එකතු කළා. නලිනි ආයෙත් ආදරය හොයන්න පටන් ගත්තා. පැක්ස්ටන්ගේ චරිතය තව හොඳට පෙන්නුවා. දේවියි අම්මයි දෙන්නගේ සම්බන්ධය ගොඩක් සැබෑම විදියට පෙන්නුවා.දෙවෙනි සීසන් එකේ වැරදුනු දේවල්:

දේවි නිතරම එකම වැරදි කරනවා. බොරු කියනවා. අනීසා ගැන කටකතා පතුරවනවා. දේවිගේ වැඩිදියුණුවක් අපිට පෙන්නුවේ නෑ. අනීසාගේ කෑම පිළිබඳ ප්‍රශ්නය ගැන හරියට කතා කළේ නෑ. එලිනෝරුයි ෆැබියෝලයි දෙන්නට මේ සීසන් එකේ එච්චර තැනක් දුන්නේ නෑ.

  දෙවෙනි සීසන් එකේ වැඩිදියුණු කරන්න තිබ්බ දේවල්:

 

අනීසාගේ චරිතයට තව වැඩි තැනක් දෙන්න තිබ්බා. විශේෂයෙන්ම එයාගේ කෑම ප්‍රශ්නය ගැන හොඳට කතා කරන්න තිබ්බා. දේවි තව වැඩිදියුණු වෙලා තිබ්බා නම් හොඳයි. සීසන් එක අන්තිම වෙනකොට එයා කරන වැරදි ගැන හිතන්න පුරුදු වෙලා තිබ්බා නම් හොඳයි. එලිනෝරුයි ෆැබියෝලයි දෙන්නගේ කතා වලට තව වැඩි තැනක් දෙන්න තිබ්බා.


දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස හොඳද නරකද ?

 

අන්තිමේදී දේවියි පැක්ස්ටනුයි යාළු වෙනවා. ඒක ඉක්මනට වුණා වගේ කියලයි මට නම් හිතන්නේ. දේවි ඇත්තටම බෙන්ව තෝරගන්න හිතාගෙන හිටියා කියන එක අනවශ්‍ය විදියට ආදර ත්‍රිකෝණය දිගට අදිනවා. දේවිගේ පුද්ගලික දියුණුව ගැන හිතන්න තිබ්බ අවස්ථාව මගහැරුණා. 2 වෙනි සීසන් එක 1 වෙනි එකේ තිබ්බ දේවල් තව දියුණු කරා. හැබැයි හැම තිස්සේම සතුටුදායක විදියට නෙවෙයි. දේවිගේ සම්බන්ධතා, අඩුපාඩු, සහ දුක ගැඹුරින් කතා කළාට, 1 වෙනි සීසන් එකේ කරපු වැරදිම ආයෙත් කරන නිසා දියුණු වෙලා නෑ වගේ කියලයි මට නම් කොච්චරවත් හිතෙන්නේ. පැක්ස්ටන් එක්ක තියෙන සම්බන්ධේ ප්‍රධාන වෙනවා. ඒත් ඒක නිසා අනීසා එන එක වගේ වැදගත් දේවල් හරියට බලන්න අමතක වෙනවා. ඒත් නලිනිගේ ආදර කතාව සහ කමලාගේ නිදහස ගැන වගේ අලුත් දේවල් හොඳට එකතු කරලා තියෙනවා. අනීසා කියන්නේ හොඳ එකතු කිරීමක්. මොකද එයා ආත්ම විශ්වාසයක් තියෙන ඉන්දියානු-ඇමරිකානු ළමයෙක්ව පෙන්නනවා. හැබැයි එයාගේ කතාව හරියට දියුණු කරලා නම් නෑ. පළවෙනි සහ දෙවෙනි සීසන් දෙක හරිම රසවත්. ඒවගේම හිනා යන දේවලුත් තියෙනවා. තව විදියකට කිව්වොත් ඉන්දියානු-ඇමරිකානු ළමයි ජීවත් වෙන හැටි පෙන්නන ගමන් දුක සතුට දෙකම මිශ්‍ර කරලා තියෙනවා. ඒත් සමහර වෙලාවට ආදර කතා වලට විතරක් වැඩි තැනක් දීලා තියෙනවා.  ප්‍රධාන චරිතේ වන දේවි කියන්නේ හැම වෙලේම හිතුමතේට වැඩ කරන කෙනෙක්. ඒක අපිට තේරෙනවා. මොකද අපිත් ඔය වයසේ ඔහොම තමයි. හැබැයි එයාගේ චරිතය ටිකක් හෝ වෙනස් වෙනවනම් හොඳයි.   පළවෙනි සීසන් එකේදී දේවිගේ තාත්තා මැරිලා ඒ ගැන එයා දුක් වෙන හැටියි, එයාගේ යාළුවෝ එක්ක තියෙන සම්බන්ධතා ගැනයි කතා කරා.  දෙවෙනි සීසන් එකේදී තව දේවල් එකතු වුණා. හැබැයි දේවි එයාගේ පරණ වැරදි ආයෙත් කරා.දෙවෙනි සීසන් එකේදී අනීසා, එලිනෝර්, කමලා වගේ අනිත් චරිත වලටත් වැඩි තැනක් දෙන්න තිබුණා. මම පෞද්ගලිකව කමලට ගොඩක් ආසයි 🙂     S03E01 (තුන්වන කොටසේ පළමු එපිසෝඩය)

 

සීසන් එක පටන් ගන්නේ ඉස්කෝලේ හැමෝම දේවි ගැන කතා කරන්න පටන් ගන්න එකත් එක්ක. එයාගේ කීර්තියට කැළලක් වෙනවා. මේ ප්‍රශ්නෙත් එක්ක පරණ සහ අලුත් සම්බන්ධතා හිතපු නැති පැත්තකට හැරෙනවා. විහිළු තියෙනවා, අවුල් වෙන තැන් තියෙනවා, පොඩි කලබලයකුත් තියෙනවා. මේ විදියට තමයි එයාගේ ඉස්කෝලේ ජීවිතේ අලුත් පරිච්ඡේදය පටන් ගන්නේ.  


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

567 downloadsDownload Never-Have.I-Ever-S03E01.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1Next BT1

Subtitles by

UD Shehan

Subtitles

567 downloadsDownload Subtitles26 KB

1 comment

  1. Navidu

    Thanks Bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.