Watch Trailer

Parasyte: The Grey [S01 : E05] Sinhala Subtitles | සම්පූර්ණයෙන්ම පිට පනියි [සිංහල උපසිරසි]

Parasyte: The Grey Sinhala Subtitles ඉතිං යාළුවනේ… Parasite : The Gray කතා මාලාවේ පළමුවෙනි කතා සමයේ 05 වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස තමයි අන්තිම කොටසට කලින් කොටස. මේ කොටස සඳහා IMDb 7.2/10 ක අගයක් ලැබිලා තියෙනවා. 2024 අප්‍රේල් 05 වෙනිදා විකාශය උන මේ කොටසේ ධාවන කාලය විනාඩි 48ක්.…

Parasyte: The Grey Sinhala Subtitles

ඉතිං යාළුවනේ… Parasite : The Gray කතා මාලාවේ පළමුවෙනි කතා සමයේ 05 වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේ කොටස තමයි අන්තිම කොටසට කලින් කොටස. මේ කොටස සඳහා IMDb 7.2/10 ක අගයක් ලැබිලා තියෙනවා. 2024 අප්‍රේල් 05 වෙනිදා විකාශය උන මේ කොටසේ ධාවන කාලය විනාඩි 48ක්.

කතාව ගැනත් ටිකක් කියන්නම්. ජන්ග් සූ-ඉන් මඥ්ඥානි කල්ලියේ ‍සෝල් කන්ග්-වූ එක්ක දැන් ඉන්නෙ පලා යන ගමන්. ඒත් ඇය කැප්ටන් චෝයි ට අනතුරු ඇඟවීමක් කරනවා පොලිස් නිලධාරීන් අතරෙත් පරපෝෂිතයින් ඉන්නවා කියලා. ඒත් කැප්ටන් චෝයි ඒක එකපාරටම පිළිගන්නෙ නෑ. ඒ ගැන විස්තර අහගන්න මූණට මූණ හම්බෙමු කියලා ජන්ග් සූ-ඉන් ට කියනවා. ඒ අතරේ කන්ග් වූ ගෙ අක්කා කන්ග් වූ හොයාගෙන ඔහුගෙ යාලුවගෙ ගෙදරට යනවා. ඔයාලා දැනටමත් දන්නවනේ කන්ග් වූ ගෙ අක්කත් පරපෝෂිතයෙක් කියලා.

ඒ අතරේ කැප්ටන් චෝයි ට ඔත්තුවක් ලැබෙනවා පරපෝෂිතයන් හැංගිලා ඉන්න අළුත් තැනක් ගැන. ඉතිං කැප්ටන් චෝයි විශාල පිරිසිදු කිරීමේ මෙහෙයුමක් කරන්න සැලසුමක් හදනවා. ඒ මෙහෙයුම පොලිසියත් එක්ක කරන ඒකාබද්ධ මෙහෙයුමක්. හැබැයි මේක උගුලක් කියලා ජන්ග් සූ-ඉන් කරන අනතුරු ඇඟවීමෙදි කැප්ටන් චෝයි ට වැටහෙනවා. කොහොම උනත් මේක උගුලක් උනත් නැතත් පරපෝෂිතයන් ඊට වඩා විශාල ‍මෙහෙයුමක් කරන්නයි යන්නේ කියලා තාම කැප්ටන් චෝයි දන්නෙ නෑ.

ඉතිං යාළුවනේ. ජන්ග් සූ-ඉන් කැප්ටන් චෝයි ව මූණට මූණ මුනගැහේවිද? කන්ග්-වු ගෙ අක්කා කන්ග්-වූ ගෙ යාලුවගෙ ගෙදරට යන්නෙ ඇයි? පරපෝෂිතයන් ඇත්තටම පොලිසියට උගුලක් අටවලාද? එහෙමනම් ඒ උගුලට කැප්ටන් චෝයි ඇතුළු පිරිස අහු වේවිද? පරපෝෂිතයන් සැලසුම් කරන විශාල මෙහෙයුම මොකද්ද? කියලා මේ කොටස බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!

Parasyte: The Grey Sinhala Subtitles

 

 

 

 


 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,365 downloadsDownload Parasyte-The-Grey-S01E05.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Parasyte: The Grey Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles

1,365 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  2. Anonymous

    කො බන් හය වෙනි එපිය දාල නෑනෙ සෑහෙන දවසක් ගිහිනුත්. ඒකත් දාහන්කො ඉක්මනට. අන්තිම එපියනෙ.

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.