පසුගිය කොටසින් මෙච්චර කාලයක් පුරාවටම හැමෝම බලාගෙන හිටිය පීස්මේකර්ගෙ ඔරිජින් එකේ එහෙම නැත්තම් මුල් කතාවේ කොටස් කිහිපයකින් තමයි කොටස ආරම්භ වුනෙ. ඉස්සර ඕගස්ට් ස්මිත් සල්ලි ඔට්ටුවට එයාගෙ ළමයි දෙන්නා වෙච්ච ක්‍රිස්ටෝෆර් වගේම කීත් දෙන්නව ගහගන්න සලස්වලා තියෙනවා. ක්‍රිස්ටෝෆර්ගෙ පහරවල්වල ලාමක බව නිසාම එයාව ඕ…

පසුගිය කොටසින්
මෙච්චර කාලයක් පුරාවටම හැමෝම බලාගෙන හිටිය පීස්මේකර්ගෙ ඔරිජින් එකේ එහෙම නැත්තම් මුල් කතාවේ කොටස් කිහිපයකින් තමයි කොටස ආරම්භ වුනෙ. ඉස්සර ඕගස්ට් ස්මිත් සල්ලි ඔට්ටුවට එයාගෙ ළමයි දෙන්නා වෙච්ච ක්‍රිස්ටෝෆර් වගේම කීත් දෙන්නව ගහගන්න සලස්වලා තියෙනවා. ක්‍රිස්ටෝෆර්ගෙ පහරවල්වල ලාමක බව නිසාම එයාව ඕගස්ට් නොයෙකුත් අසැබි වචන වලින්ම අපහාස කරලා, ඒ ඇතිවෙච්ච බලපෑමෙන්ම ක්‍රිස්ටෝෆර්ගෙන් තදින්ම එල්ල කරපු පහරක් අතරතුර තමයි කීත් මැරිලා යන්නෙ. මේ නිසා තමයි ඕගස්ට් කාලයක් පුරාවටම ක්‍රිස්ටෝෆර්ට දොස් කිව්වේ.
ඉතිං බටර්ෆ්ලයිගෙ ආක්‍රමණයෙන් පෘතුවිය බේරගන්න යන අතරේ, බටර්ෆ්ලයිලගෙ පාලනයට අහු වෙච්ච පොලිස් නිලධාරියො බල්ලෙක්ව වගෙ ක්‍රිස්ටෝෆර්ව දඩයම් කරන අතරේ තමයි ක්‍රිස්ටෝෆර්ට එයාගෙ තාත්තා එක පාරටම වයිට් ඩ්‍රැගන් විදිහට තවත් කට්ටියකුත් එද්දී ඒ අයගෙ ප්‍රශ්ණ වලටත් මුහුණ දෙන්න සිද්දවුනෙ. විවිධාකාර පහසුකම් එකතු කරපු හෙල්මට් වලට ක්‍රිස්ටෝෆර් නොදැනීම GPS උපකරණයක් හයි කරලා තිබුණු හින්දා තමයි එයාගෙ තාත්තා පස්සෙන් පන්නන්න පටන් ගත්තෙ. කොහොම හරි ක්‍රිස්ටෝෆර් හා ඕගස්ට් අතරේ ඇතිවෙච්ච සටන අවසානෙදි කෙළවරක් වුනෙ ඕගස්ට් ස්මිත් මැරිලා ගිහිල්ලා.
මේ අතරේ බටර්ෆ්ලයිගෙ හමුදාවේ අයගෙ අතින් මර්න් මැරිලා යන්නෙ කරගෙන ගිය මෙහෙයුමේ ඉතුරු හරිය හා(ර්)කෝට්ට බාර දීලා. අවසානයට ලං වෙද්දී මේ අය කර කරා හිටියෙ ගොවිපලේ ඉන්න එළදෙන (කව්) මරලා දාලා ආහාරයට ගන්න කහපාට දියරය බටර්ෆ්ලයිලා අතරට පත්වෙන එක නවත්තලා දාන්නයි. ඉතිං ඔය කියන එළදෙන ඇත්තටම මුල් කොටස් පුරාවටම දැකපු බටර්ෆ්ලයි කියන සමනලයා වගෙ වෙනස් යෝධ පිටසක්වල ජීවියෙක්. බටර්ෆ්ලයිගෙ හමුදාවේ අය ඔය කියන එළදෙනව දුර සම්ප්‍රේෂණය කරන්න කලින් එතනට ගිහිල්ලා ඒ සතාව මරලා දාන්නයි පිටත් වෙන්නෙ. ඒත් කොයි දේ කලත් ඇඩේබායෝගෙ ද්‍රෝහී වීම හින්දම ක්‍රිස්ටෝෆර් තාමත් ඉන්නෙ තරහින්.
අද කොටසින්.. ඉතිං මේක තමයි අවසන් කොටස වෙන්නෙ. ඒ නිසා වෙන්නෙ මොකක්ද කියලා මම කියනවට වඩා හොදම දේ ඔයාලම අරගෙන බලන එක.
පීස්මේකර්ගෙන් පස්සේ මොකද වෙන්නෙ…??
ජේම්ස් ගන් DC යුනිවර්ස් එකට එකතු වෙන්නෙ DC කොමික් ඇසුරින් නිර්මාණ කිහිපයක්ම ගොඩනගන්න. ඉතිං ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මුලින්ම The Suicide Squad චිත්‍රපටය නිර්මාණය වුනෙ. චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක වුනත් මේ චිත්‍රපටය නිකුත් වෙන්නත් කලින්මයි මේකෙ කතාව ඇතුලත ජෝන් සීනා නිරූපණය කරපු පීස්මේකර්ගෙ චරිතය අලලා චිත්‍රපටයට ස්පින්-ඕෆ් සීක්වල් එකක් විදිහට Peacemaker කතාමාලාව මේ විදිහට නිර්මාණය කරලා ඉහල සාර්ථකත්වයක් ලබාගන්නෙ. ඉතිං මේ කතාමාලාව ලබපු සාර්ථකත්වයෙ ප්‍රතිඵලයක් විදිහට Peacemaker දෙවැනි කතාසමයක් දක්වා දීර්ඝ කරන බවට මීට දින දෙකකට පෙර නිල වශයෙන්ම නිවේදනය කලා.
ඒවගේම තමයි ජේම්ස් ගන් මේ කාලෙදි මාවල් ස්ටුඩියෝවට The Guardians of the Galaxy සිනමා නිර්මාණය කරන අතරතුරේදීම The Suicide Squad චිත්‍රපටය ඇසුරින් තවමත් නවතම ස්පින්-ඕෆ් සීක්වල් කතාමාලාවක නිර්මාණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. තවමත් ඒ චරිතය මොකක්ද කියලා දැනුම් දීමක් කරලා නැහැ.බොහෝදුරට ඒ රැට්කැචර්, බ්ලඩ්ස්පෝ(ර්)ට් හො හාර්ලි කුයින්ගෙ චරිත වලින් එකක් වේවි කියලයි විශ්වාස කරන්නෙ. කොහොම වුනත් ඒ ගැනත් ඉදිරියේදී දැනගන්න ලැබේවි.
The Suicide Squad චිත්‍රපටය ගත්තොත් මේක ඇසුරින් තුන්වන චිත්‍රපටයක් නිර්මාණය වෙන බවට තවමත් කොහේවත් සදහන් වෙන්නෙ නැහැ. චිත්‍රපටය ලබපු අසාර්ථකත්වය නිසාම තුන්වැන්නක් නිර්මාණය වෙන්න තියෙන්නෙ හුගාක් අඩු සම්භාවිතාවක්.
මේ කතාමාලාව වෙනුවෙන් සති හයක් පුරාවට රැදී ඉදලා උපසිරැසි ඩවුන්ලෝඩ් කරපු, අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!
එහෙමනම් ඉතිං ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,196 downloadsDownload Peacemaker-S01-E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2022
- #Annie Chang
- #Chukwudi Iwuji
- #Danielle Brooks
- #DC
- #DC Comics
- #DCEU
- #Editor's Pick
- #Freddie Stroma
- #Jennifer Holland
- #John Cena
- #Lochlyn Munro
- #MaxxA
- #Nhut Le
- #Robert Patrick
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steve Agee
- #subtitle
- #The Suicide Squad
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
17 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා... season final එක ඉක්මනටම දීලා නෙහ්... සුපිරියක අන්තිම ටික තමා... එල එල ජය වේවා...❤️
Prabath
Tnx subtitle dunnata bro❤❤.' Trinkets ' eke sub eka nadda
sahan malinga
ada elma bn
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Yash
Thank you. Jaya Wewa!
kavinda gamage
බොහොම ස්තුතියි මේ කතා මාලාව අවසන් වෙනතුරු අරගෙන ආවාට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
නිමේෂ් කාවින්ද
Peacemaker series එක වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කරපු බයිස්කෝප් සහෝදරයන්ට හදවතින්ම ස්තුතියි !!!!
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, ✌️✌️ ජය!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!viraj
thanks....
charith
දිගටම සබ් දුන්නට ස්තුතියි...ජය වේවා
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ishan
sub ekta bohoma sthuthi
Advertisement


Thank you saho