Watch Trailer

Planet Earth II [EP E02] | Sinhala Subtitles | ලොවෙන් සැඟවුන කඳුකර ජීවිත.. [සිංහල උපසිරැසි සමඟ]

ප්ලැනට් අර්ත් කණ්ඩායම කඳු වලට බොහොම කැමැත්තක් තියන පාටයි. මොකද පලවෙනි කතා සමයේදීත් දෙවැන්න වෙන් උනේ කඳු වලට. මේ පාරත් එහෙමමයි. ඉතින් කඳු කියපු ගමන් අල්ලපු වැටේ තියන හිමාලය මතක් උනාට අපිට කවදාවත් ඒවායේ ජිවත් වෙන සත්තු ගැන හිතිල නැහැ නේද? අපිට නොහිතුනත් අපුරු අන්දමේ සතුන් විශේෂ රැසක්ම මේ කඳු මුදුන්වල…

Planet Earth II

ප්ලැනට් අර්ත් කණ්ඩායම කඳු වලට බොහොම කැමැත්තක් තියන පාටයි. මොකද පලවෙනි කතා සමයේදීත් දෙවැන්න වෙන් උනේ කඳු වලට. මේ පාරත් එහෙමමයි. ඉතින් කඳු කියපු ගමන් අල්ලපු වැටේ තියන හිමාලය මතක් උනාට අපිට කවදාවත් ඒවායේ ජිවත් වෙන සත්තු ගැන හිතිල නැහැ නේද? අපිට නොහිතුනත් අපුරු අන්දමේ සතුන් විශේෂ රැසක්ම මේ කඳු මුදුන්වල ජිවත් වෙනවා, ඒ පරිසරයට අනුවර්තන වෙච්ච ජිවන රටාවක් සහිත මේ ජීවින් ගෙවන්නෙ බොහොම දුෂ්කර ජිවිතයක්. එක්කෙනෙක් පණ බෙරගන්නකොට ට්ව කෙනෙක් බඩගින්නේ මැරිලා යනවා. තව කෙනෙක් බඩගින්න නිවගන්නකොට ඒ කෙනාගේ බඩගින්න වෙනුවෙන් තව කෙනෙක්ට මැරෙන්න වෙනවා. දෙපැත්තටම සාධාරණ අන්දමට සලකන මේ දුෂ්කර ජිතය ගෙවන්නේ කවුද? මේ වැඩසටනින් ප්‍රධානම අවධානයක් යොමුකරන්නේ ග්‍රීස්ලි වලසුන් ගැන. වඳ වීගෙන යන ජීවින් විශේෂ රැසක්ම අද දැකගන්න පුළුවන්, ඒ අතර බිත්තියක් වගේ තියන සෘජු ප්‍රපාත දිගේ ගමන් කරන අයිබෙක්ස් එළුවෝ ගැනත් උන්ව දඩයම් කරගන්න එන රතු නරි ගැනත්, මේ හැම දේකටම ඉහලින් අපිට කවදාවත් දකින්න නොලැබෙන ලස්සනක් දකින්න පිං කරල තියන කඳුකරයේ වෙසෙන රන්වන් රාජාලියා ගැනත්. ආහ්හ් විශේෂයෙන්ම අද වැඩසටහනේදී කුරුළු ඇසින් ලෝකය දකින්න පුළුවන් වෙනවා, ඒ වගේම ඒ දර්ශනය අරගන්න රුපවාහිනී කණ්ඩායම මොනතරම් අවධානමක් අරගෙනද කියල අන්තිමේදී බලාගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම රන්වන් රාජලින් දෙදෙනෙක් අතර ඇතිවෙන සටන එහෙම අද විශේෂ කොටසෙ අවස්ථාවක් විදියට සලකන්න පුළුවන්.

ඒ විතරක්නම් බැරියැයි, සීත කාලේදී සුදෝ සුදු පති බිම වසන්තය එනකොට සුරලොවක් බවට හැරෙන අන්දම කියා නිමකරන්න බැරි තරම් ලස්සනයි. ඒ වගේම වන්ත කාලයේදී වලසුන් විසින්සිදුකරන අපුරු වැඩකුත් බලාගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම බිලාළ ගෝත්‍රයේ තවත් සතෙක් ගැන මෙයාල ලෝකයට එළිදරව් කරනවා ඒ තමා බොබ්කැට් කියන බළලෙක්ට වඩා වැඩුණු මාංශ භක්ෂක කඳුකර ජීවියෙක් ගැන. වලිග දිග හාවෝ දැකල තියනවද මිට කලින්? නැහැ නේද එහෙනම් ඔන්න කඳුකර විස්කැවාව බලාගන්න පුළුවන් අද. හිමාලයේ විතරක් අද ඔයාලව නවත්තගෙන ඉන්නේ නෑ ඊට හාත්පසින්ම වෙනස් දිය පොදක් නොමැති කටෝර උස් කඳු මුදුන් වලටත් අපිව අරන් යනවා. කියන්න තියෙන්නේ ඉතිං වෙනද වගේම අදත් මගහැරගන්න එපා කියල තමා. මොකද මේ බොහොමයක් දේවල් අපිට කවදාවත් දැකගන්න ලැබෙන්නේ නැති දේවල්..

                                                                                          ජය!

Planet Earth II (2016-) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,209 downloadsDownload Planet-Earth-S02-E02.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles

1,209 downloadsDownload Subtitles24 KB

21 comments

  1. Sajeevi

    Thanks

  2. shasith sandaruwan

    බොහොම ස්තූතියි උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  3. Udara Damith B/K

    බොහොම ස්‍තූතියි බොහොම ස්‍තූතියි බොහොම ස්‍තූතියි
    බොහොම ස්‍තූතියි බොහොම ස්‍තූතියි
    බොහොම ස්‍තූතියි

  4. Práðèép Üðäýàñgå

    තැන්ක්ස් සබට...!
    කෙලින්ම srt file එක down උන නිසා ආයෙ බැලුවෙ ,
    Zip විදියට නෙමෙනෙ අප් කරලා තියෙන්නේ

  5. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  6. විමා

    සබට බොහොම තුති වේවා කලින්ම බැලුවනේ ඉතිං සබ් එක්කම :D

  7. යශෝධ

    බොහොම ස්තූතියි නිමෝ උපසිරැසියට.. ජයම වේවා..!

  8. Hasini Udara

    link eka danna puluwanda?

  9. praneeth madu

    ඉදිරියට යමු ඔබට ජය

  10. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  11. mahesh

    palaweni kotasa balala meka denakam balan hitiye.
    thank you sub ekata occoma kotas tikata sub denna.

  12. අබා

    බොහොම ස්තුති නිර්මානි...!!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. NCJD

    ලස්සනට ලිපිය ලියල තියෙනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  16. Rumesh Nilantha Jayaweera.

    thanx sister

  17. Kumara

    Thank you very much !!!

  18. Prasad Kandamulla

    thanqs....

  19. Nirosha Nirosha

    thanks

  20. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  21. ලෝෂණ

    first spi eke sub eka thiyana page eka not found machan. eka hadanako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.