Watch Trailer

Gotham [S03 : E10] with Sinhala Subtitles | යතුර [සිංහල උපසිරැසි සමඟ]

අදත් ආවා ගෝතම් අරගෙන. ගිය සතියෙ එපිය කට්ටිය බලන්න ඇතිනෙ. මුළින්ම ස්තූති කරන්න ඕනා අපේ චමල් මලයට ගිය සතියෙ එපිය ඔයාලට කරලා දුන්නට. අන්තිමට ඉවර වුණේ බාර්න්ස් ආඛ්ම් වලට ගිහිං. එහෙනම් පොඩ්ඩක් අද එපිය බලමුකො. අද පටන් ගන්නකොටම ෆැල්කෝන් පවුලට කාර් බෝම්බයක් තියනවා. එතන ලීත් ඉන්නවා. ෆැල්කෝන්ට ඔය වගේ දෙයක් ක…

Gotham S3-1

අදත් ආවා ගෝතම් අරගෙන. ගිය සතියෙ එපිය කට්ටිය බලන්න ඇතිනෙ. මුළින්ම ස්තූති කරන්න ඕනා අපේ චමල් මලයට ගිය සතියෙ එපිය ඔයාලට කරලා දුන්නට. අන්තිමට ඉවර වුණේ බාර්න්ස් ආඛ්ම් වලට ගිහිං. එහෙනම් පොඩ්ඩක් අද එපිය බලමුකො.

අද පටන් ගන්නකොටම ෆැල්කෝන් පවුලට කාර් බෝම්බයක් තියනවා. එතන ලීත් ඉන්නවා. ෆැල්කෝන්ට ඔය වගේ දෙයක් කළා කියන්නෙ ලේසි නෑනෙ ඉතින්. දැන් ඉතින් ජිම් ඇතුළු පොලීසිය මේ ගැන හොයනවා. අන්තිමට ජිම් හොයාගන්නවා මේ වැඩේට ඉලක්ක වෙලා තියෙන්නෙ කාමයින්ව නෙවෙයි මාරියෝව කියලා. ඔන්න ඊට පස්සෙ ජිම් මාරියෝව හොයාගෙන යනකොටම මාරියෝව මරන්න දෙන්නෙක් බයික් එකකින් එනවා. එතනිනුත් මාරියෝ බේරෙනවා ජිම් නිසා. අන්තිමට මාරියෝව මරයිද? කවුද මේ මාරියෝව මරන්න එන්නෙ?.

ඒ අතරෙ දැන් නිග්මා හිතාගෙන ඉන්නෙ ඉසබෙලාව මැරුවෙ බුච් කියල. ඔන්න අද බුච්වයි, ටැබතවයි දෙන්නවම නිග්මා අල්ලගෙන. ඉතින් දැන් බුච්ගෙන් අහනවා අහනවා ඉසබෙලාව මරපු එක ගැන. ඒත් කියන්නෙ එයා ඒ ගැන දන්නෙ නෑ කියල. ඔව් ඉතින් එයා නෙවේනෙ මැරෙව්වේ. ඉතින් කොහොම හරි නිග්මා කරන වැඩේ ටැබතගෙ අතට විදුලි සැර වද්දන උපකරණයක් දීලා ඒකෙ අනිත් කොටස බුච්ගෙ ඔලුවට හයි කරනවා. ඊට පස්සෙ ටැබතගෙ අත බ්ලේඩ් එකකට හයි කරලා කියනවා ” ඔයා ඔය බොත්තම එබුවම ඕකෙන් මාරක විදුලි සැරක් ගිහින් බුච්ව මැරෙයි. එතකොට ඔයාගෙ අත කපන්නෙ නෑ. ඔයා එහෙම නොකලොත් තත්ත්පර 55ක් ගියාම ඔය බ්ලේඩ් එක වැටිලා එයාගෙ අත කැපෙයි කියලා. ඉතින් ටැබතා දැන් මොන වගේ තීරණයක් ගනීද? හැබැයි ඉතින් ඔතනදි බුච් කියන වචන ටිකට හිත රිදුනෙ නැත්නම් තමා පුදුමෙ. සිරාවටම, සිරාවටම මට හෙනට දුක හිතුනා, බුච්ගෙ එතන මූණේ තියෙන පෙනුමත් එක්ක. :/ ඒ කියන්නෙ බුච් මැරෙයිද? නැත්නම් ටැබතගෙ අත කැපෙයිද?

අන්තිමට අර අයිවී හොරකම් කරපු මාලෙ ඇතුලෙ තියෙන්නෙ යතුරක් කියලා එළිවුනානෙ. දැන් ඉතින් මේ යතුරම(මාලෙම) හොයාගෙන කට්ටියක් මෙයාලා පස්සෙ පන්නන නිසා මෙයාලා වේන් මන්දිරයට යනවා. (කොහොමද ගිය සතියෙ බෲස් අයිවිට මාලෙට ගෙවන ගාන කියපු හැටි නේ? පිස්සු හැදෙනවා. අයිවිට කට උත්තර නෑ 😀 ). දැන් ඉතින් වේන් මන්දිරේට වෙලා ආරක්‍ෂාවත් තද කරගෙන ඉඳිද්දි අයිවි, ඇල්ෆ්‍රඩ්ව වශී කරලා දොර ඇරවගෙන එළියට යනවා. අම්බෝ, ඇල්ෆ්‍රඩ් එතෙන්දි දාන ඇක්ෂන් ටිකට නම් හොඳටම හිනා ගියා. කොහොම හරි පස්සෙ අර පස්සෙන් ආපු උන් අයිවිව අල්ලගෙන මාලෙ ඉල්ලනවා අයිවි වෙනුවට. අන්තිමට බෲස්ල එයාලව හම්බෙන්න ගියාම විස්තරේ කියනවා. ඔන්න අද ඔතෙන්දි තමා මෙච්චර් කාලයක් මේ මූණ වහගෙන හිටපු කට්ටියගෙ නම එළි වෙන්නෙ. කිවුවත් වගේ මේ ඉන්නෙ Courd of Owls. සිංහලෙන් කියනවා නම් බකමූණු අධිකරණය. දැන් ඉතින් මේ බෲස්ල පස්සෙ පන්නපු අය කවුද? මේ යතුර මොකද්ද? ඒකෙන් මොකද්ද ඇරෙන්නෙ? අර අන්තිමට ටැලන් කෙනෙක් ඇවිල්ලා(දැනට පෙන්නපු එකම ටැලන්ද කොහෙද මට මතක විදිහට) “වොල්ක්” කියල කතා කරන සද්දෙ නිකන් බකමූනෙක්ගෙ සද්දෙට සමානයි කියලා දැනුනෙ මට විතරද ඈ??? 😀

අන්තිමට ඔන්න අපිට එදා අර මාරියෝගෙ බෙල්ලෙ තිබ්බ ප්ලාස්ටර් එක ගැන රහස එලි වෙනවා. ඒ කියන්නෙ එතන තුවාල වෙලා කියන එකනෙ. ඒ කියන්නෙ කොහොමද? එයාගෙ අතින් තුවාල වෙලාද නැත්නම් කවුරු හරි තුවාල කරාද? කොහොම වුණත් ඇලිස්ගෙ ලේ මාරියෝගෙ ඇඟ ඇතුළට ගිහින් තියෙන්නෙ එතනින් කියලා තමා කරුණු බැලුවහම පේන්නෙ. බලමුකො ඉස්සරහට. ඒ වගේම ඔන්න නිග්මා පෙන්ගුයින් (ආදර) යුද්ධය ඇරඹෙන්නයි යන්නෙ. ඔන්න අර කිවුවත් වගේ ආදරේ අන්තිමේ දැන් වෛරයකට පෙරලෙන්නයි යන්නෙ. එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S03E10.HDTV.x264-LOL

Gotham.S03E10.720p.HDTV.x265.ShAaNiG

Gotham.S03E10.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,932 downloadsDownload Gotham.S03E10.Baiscopelk.com_.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/SamanPrasad2-e1480018432344.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

Subtitles

3,932 downloadsDownload Subtitles31 KB

28 comments

  1. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    ජය වේවා!!

  2. Eranga Sandaruwan

    බෝම ස්තූතියි සහෝ...
    ජය වේවා..

  3. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  4. Gathsara Umesh Kumara

    සමන් අයියේ ලිපියන්ම් නියමෙටම ලියල තියෙ.නවා.සබට බොහෝම ස්තූතියි..ඉක්මනිම ඊලග එපියෙන් hහමුවෙමු.පරක්කු වෙලාහරි නවත්තන්නෙ නැතුව කරම්මු.....

  5. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තූතියි සමන් අයියා
    ජයීන් ජයම වීවා ☺

  6. Narada

    බොහොම ස්තූතියි
    ජය වේවා!!

  7. dhanuz

    thanks sahooo..දවස් දෙකක් විතර බලං උන්නා..ජයෙන් ජය..

  8. namesh

    Sub ekata thx bro

  9. yumal

    thankZZZZZZ bro!!!!!!!!!!!!

  10. ප්‍රදීප්

    Thanks :)

  11. Gihan Iddamalgoda

    thanks 4 sub.

  12. Sajeevi

    Thanks

  13. Dilanda Rukshan

    Niyamai saho...thnx....

  14. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තැන්කු වේවා

  15. Kaazz_bat

    ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය,.

  16. silent$

    Thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  17. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  18. praneeth madu

    ඉදිරියට යමු ඔබට ජය

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. දුලාජ් මංජුල

    torrent link eka මෙතනින් බාගන්ඩ

  22. Ranga

    මචෝ ඊලග එක නම් ඉක්මණට ‍ඕනේ බලන් ඉන්නම බෑ

  23. Nisal

    epi 11th sub ikmanata dapnkooo

  24. Hansamahanama

    S03 : E10 eka download wenne nahane

  25. chamith555

    ft

  26. Bimbisha

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  27. Anonymous

    Thanks

  28. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.