Watch Trailer

Record of Ragnarok [S03: E01] Sinhala Subtitles | මතකාවර්ජනය [සිංහල උපසිරසි]

Record of Ragnarok Season 03 Sinhala Subtitles ඔන්න එහෙනම් හුඟ දෙනෙක් මඟ බලන් හිටපු වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් අරඹන්නයි ලෑස්ති වෙන්නෙ. ඉතින් දෙවි මිනිස් ගැටුම හෙවත් රැග්නරොක් සටන කිව්වම මේ වෙද්දි හුඟ දෙනෙක් දන්නවා. නොදන්න කෙනෙක් ඉන්නව නම් එයාට සුපිරියක් මඟ ඇරිලා කියල තමයි කියන්න තියෙන…

Record of Ragnarok Season 03 Sinhala Subtitles

ඔන්න එහෙනම් හුඟ දෙනෙක් මඟ බලන් හිටපු වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් අරඹන්නයි ලෑස්ති වෙන්නෙ. ඉතින් දෙවි මිනිස් ගැටුම හෙවත් රැග්නරොක් සටන කිව්වම මේ වෙද්දි හුඟ දෙනෙක් දන්නවා. නොදන්න කෙනෙක් ඉන්නව නම් එයාට සුපිරියක් මඟ ඇරිලා කියල තමයි කියන්න තියෙන්නෙ. මේක ඒ තරමටම බැලුවට මොනම විදිහකින්වත් පාඩුවක් වෙන්නෙ නැති කතාවක්. එහෙනම් අපි බලමු මේ අලුත් අදියර, එහෙම නැත්නම් තුන්වෙනි අදියරේ පසුබිමට.

2025 වසරේ දෙසැම්බර් 10 වෙනිදා ඔස්සේ නිකුත් කෙරුනු Shuumatsu no Valkyrie AKA Record of Ragnarok Season 3 ඇනිමෙ කතා මාලාව මිනිත්තු 25 ක් පුරා දිවෙන මුළු කොටස් 15 කින් සමන්විත වෙනවා. පුරුදු විදිහටම Action, Drama, Fantasy, Mythology, Seinen කියන Genre වලට අයත් වෙන අතරෙ R-17+(Violance & Profanity) යටතේ Rate වුනු මේ Season 3 එක මේ උපසිරැසිය නිකුත් කරන මොහොත වෙද්දි IMDB දර්ශකයේ 6.6 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 7.73 ක අගයක් ලබා ගන්නට සමත් වෙනවා. ඒ වගේම Takumi Fukui (story), Shinya Umemura (story) & Azychika (art) ගේ Record of Ragnarok Manga එක ඇසුරෙන් Maru Animation studio එක හා Yumeta Company studio එක එකතු වෙලා ඇනිමේෂන් නිර්මාණ කටයුතු කරනවා.

මේ Season 3 හි theme songs විදිහට Opening Theme එක වෙන “Dead or Alive” ගීතය GLAY සංගීත කණ්ඩායමත් Ending theme එක වෙන “Last Breath, Last Record” ගීතය Saori Hayami විසිනුත් perform කරනවා. මේ ගීත දෙකේ රසයත් මේ season 3 හි රසය අඩු නොකරන බවට සැකයක් නෑ.

ඉතින් Season 3 හි පළවෙනි කොටස ආරම්භ වෙන්නෙ මෙතෙක් මුළු කතාවේම සාරාංශයක් විදිහට. ඉතින් season 1 සහ season 2 වල සිද්ධ උනේ මොකක්ද කියල මම කියන්න අවශ්‍ය නෑ කියලයි මගේ විශ්වාසය. මොකද ඒක හැමෝම වගේ මේ වෙද්දි නරඹල ඉවරයි. එහෙම නොවෙන කෙනෙක් නම් ඒ සීසන් දෙකම අවසානය වෙනකල් නරඹල මේ Season 3 බලන්න පටන් ගන්න. මොකද මම කිව්වත් වගේ මේ ආරම්භක කොටස හරිම කෙටි සාරාංශයක් විතරයි අරන් එන්නෙ. ඒ වගේම 7 වෙනි සටනේ ආරම්භයත් මේ කොටසින් අරන් එනවා. ඒ 7 වෙනි සටනේ තරඟකරුවන් වෙන්නෙ කවුද? රැග්නරොක් ගැටුමේ ඉදිරියට මොකක් වේවිද? නරඹන්න මේ කොටස.

අතිමහත් කැපකිරීම් හමුවේ ලෙයට ලෙය උරට උර ගැටෙන මේ රැග්නරොක් ගැටුමේ තුන්වන අදියර මෙයින් ඇරඹෙනවා. මේ season 3 හි සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Record of Ragnarok S03 2025 1080p NF WEBRip Dual Audio 10bits x265-Rapta කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට. Baiscope downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස පහළින් කියන්නත් අමතක කරන්න එපා. Netflix ඔස්සේ මේ වෙද්දි කොටස් ඔක්කොම නිකුත් කරලයි තියෙන්නෙ. උපසිරැසි හදල අවසන් වෙන කොටස එකින් එක ඒ ඒ විදිහට දෙන්නම්. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

1,066 downloadsDownload Record-of-Ragnarok-S03-E01-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,066 downloadsDownload Subtitles14 KB

1 comment

  1. Anonymous

    Epi 2 ikmnt oneee❤️‍

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.