හැමෝටම කොහොමද? අපි දැන් එකතු වෙලා ඉන්නේ අලුත්ම වගේම ජනප්‍රිය කොරියන් කතාමාලාවක් වෙන Revenant නොහොත් Akgwi කතාමාලාව එක්කයි. කොටස් 12කින් සමන්විත වෙන මේ කතාසමයේ අවසානයට ගොඩක්ම ලං වෙලයි අපි ඉන්නේ. ඉතින් කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන මේ කොටස බලන්න ගමු. සන්යොන් සහ මහාචාර්ය යොම් අර ද්‍රව්‍යයන් 5 හොයන ග…

හැමෝටම කොහොමද? අපි දැන් එකතු වෙලා ඉන්නේ අලුත්ම වගේම ජනප්‍රිය කොරියන් කතාමාලාවක් වෙන Revenant නොහොත් Akgwi කතාමාලාව එක්කයි. කොටස් 12කින් සමන්විත වෙන මේ කතාසමයේ අවසානයට ගොඩක්ම ලං වෙලයි අපි ඉන්නේ. ඉතින් කලින් කොටස ගැන ටිකක් මතක් කරගෙන මේ කොටස බලන්න ගමු.

සන්යොන් සහ මහාචාර්ය යොම් අර ද්‍රව්‍යයන් 5 හොයන ගමන් ඉන්නේ. ඒ 5 හොයාගත්තොත් තමයි යක්ෂාත්මයගේ නම දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් බාධක මැද්දේ මේ දෙන්නට පුළුවන් වෙනවා මේ දේවල් 5න් 3ක් හොයාගන්න. තව 2යි ඉතුරු. බලමු මේ දෙන්නට ඒක හොයාගන්න පුළුවන් වෙයිද කියලා. ඔය අතර සන්යොන්ගේ විවිධ වෙස් පෙරලිත් සිද්ධ වෙනවා. ඉතින් හරිම පරිස්සමින් ලොකු අවදානමක් මැද්දේ මේ මෙහෙයුම කරන්න වෙලා තියෙන්නේ. ඔය අතරේ බ්යන්-හීගේ පලහිලව්වත් මතක ඇති. එයාගෙන් ඇත්ත දැනගන්න එකත් මේ දෙන්නට ගොඩක් දුෂ්කර වැඩක් වෙලයි තිබ්බේ. හැබැයි යොම්ගේ සැලසුමකට අනූව සන්යොන්ගේ පොඩි නාටකයක් සිද්ධ වුණා. ඒ මාර්ගෙන් බ්යන්-හීගේ හංගන් හිටි රහස දැනගන්න මෙයාලට පුළුවන් වෙනවා.

එහෙනම් එතන ඉඳන් අද කොටසත් බලන්න ගන්න. අවසන් කොටසත් එක්ක අපේ තවත් සහෝදරයෙක් ඒවි. තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ජයවේවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,595 downloadsDownload Revenant.S01E11.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

1,595 downloadsDownload Subtitles22 KB

5 comments

  1. මයුර

    අනේ ඉතුරු ටිකත් දාන්නකෝහ් මට දැං නම් ඉන්නම බැරුව ඉන්නේහ්හ්. ඊලඟට සන්යොන්ගෙයි යොම් පසන්ගෙයි ලව් ස්ටෝරි එකට මොකද වෙන්නෙ කියල ඉවසිලි නැතුව ඇගිලි ගගහා බලන් ඉන්නෙ මං. මේ වගේ කුතුහලයක් වෙන සීරිස් එකක නෑ. තෑන්ක්ස් බ්‍රෝ සබ් එක ගෙනාවට ඉක්මනින්

  2. ishu

    Thanx.. welcome

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.