ඉතින් මෙන්න අටවෙනි කොටසත් ගෙනාවා. මම මෙච්චර ඉක්මනට කතාවකට උපසිරැසි දුන්නමයි මේ. මොකද ඔයාලත් උපසිරැසිය එනකම් මග බලාගෙන ඉන්න බව අපි දන්නවනේ. ඉතින් පසුගිය කොටසේ සාරාංශයයි මේ… පසුගිය කොටසින්… ලකී ජෝර්ජ් කියන සංචාරක වෙළෙන්දා, ෂෙරිෆ්ගෙත් අනුමැතිය ඇතුව, ගම්මුන්ගේ ආභරණ අඩු මිලකට ගන්නවා දකින රොබින්ලා, එයාව…

ඉතින් මෙන්න අටවෙනි කොටසත් ගෙනාවා. මම මෙච්චර ඉක්මනට කතාවකට උපසිරැසි දුන්නමයි මේ. මොකද ඔයාලත් උපසිරැසිය එනකම් මග බලාගෙන ඉන්න බව අපි දන්නවනේ. ඉතින් පසුගිය කොටසේ සාරාංශයයි මේ…
පසුගිය කොටසින්…
ලකී ජෝර්ජ් කියන සංචාරක වෙළෙන්දා, ෂෙරිෆ්ගෙත් අනුමැතිය ඇතුව, ගම්මුන්ගේ ආභරණ අඩු මිලකට ගන්නවා දකින රොබින්ලා, එයාව කොල්ලකනවා. එයාගේ ආභරණ ගම්මුන්ට දෙන්න යද්දි තමයි, ඇලන්ගේ මල්ලිව එයාලට හම්බවෙන්නේ. ඇලන්ගේ මල්ලි – ටොම් එක විදියක තක්කඩියෙක්, ගැට කපන්නෙක් වුනත්, ඇලන් එයාට ආදරෙයි. ටොම් රොබින්ගේ කණ්ඩායමට එකතු වෙලා, තමන් දක්ෂයෙක් බව ඔප්පු කරන්න ලොකු වැඩ කරන්න යනවා. මේ අතරේ ගැමි කෙල්ලෙක්ගෙන් මාලයක් බලෙන් ගන්න ගිස්බන්, ඒක මැරියන්ට දුන්නත්, රොබින්ගෙන් ඇත්ත දැනගන්න මැරියන් ඒක ආපහු ඒ කෙල්ලටම යවනවා. ඒත් ඒක ගැන හොයාගන්න ගිස්බන්, මැරියන්ව සැකකරන අතර, මාලය ආපහු ලකී ජෝර්ජ්ට දෙනවා. මේ අතරේ ලකී ජෝර්ජ්ව කොල්ලකන්න ගිහින්, ෂෙරිෆ්ගේ සෙබලුන්ට අහුවෙන ටොම්ව බේරගන්න යන රොබින්ලාට දැනගන්න ලැබෙන්නේ, ෂෙරිෆ් ටොම්ව ඒ වෙනකොටත් මරලා දාලා ඉවර බවයි. මැරියන් ගැන ගිස්බන් සැක කරන බව දැනගන්න රොබින්, අර මාලය ආපහු මැරියන්ට දෙන්න හොයනකොට, මැරුනු ටොම්ට අයිති බඩුවල තිබිලා ඒක හම්බවෙනවා. ගිස්බන් මැරියන්ගෙන් ප්‍රශ්න කරලා, එයාව මරන්න හිතන වෙලාවෙදි තමයි, රොබින් මැරියන්ට මාලය දෙන්නේ. ඒකෙන් පස්සේ ගිස්බන් මැරියන්ට තදින්ම විවාහ යෝජනාවක් කරන අතර, අවසානයේදි රිචඩ් රජු එන දවසෙදි එයාව බඳින බවට මැරියන් ගිස්බන්ට පොරොන්දුවක් දෙනවා.
මෙවර කොටසින්…
රිචඩ් රජතුමාගේ උපන්දිනය නිමිත්තෙන්, ගිස්බන් ලොක්ස්ලි මන්දිරයේ උත්සවයක් පවත්වනවා. ඉතින් ලොක්ස්ලි මන්දිරය කියන්නේ රොබින්ගේ ගෙදරනේ. රොබින්ලා උත්සවය අතරමැදදි කඩා පැනලා, අමුත්තන්ගේ ආභරණත් එකතු කරගෙන යනකොට, ගිස්බන් රොබින් එක්ක සටනකට පැටලෙනවා. මේ වෙලාවෙදියි රොබින් දකින්නේ, ගිස්බන්ගේ අතේ තියෙන පච්චය. රොබින් ශුද්ධ වූ දේශයේ ඉඳිද්දි, රජතුමාව මරන්න එන සැරසන් කෙනෙක් – ඒ කියන්නේ යුද්ධයේ අනිත් පිලේ කෙනෙක්ගේ අතේ තියෙන්නෙත් ඔය පච්චයමයි. අනික එවෙලේදි රොබින් ගහන කඩු පාරක්, ඒ පච්චය ළඟටයි වැදෙන්නේ. ඉතින් ගිස්බන්ගේ අතෙත් ඒ තුවාලය ඒ විදියටම තියෙනවා දැක්කමයි රොබින් තේරුම්ගන්නේ, එදා රෑ රජතුමාව මරන්න ආවේ ගිස්බන් බව. ඉතින් රොබින් අද මහන්සි ගන්නේ, ඒ කුමන්ත්‍රණයට තව සම්බන්ධ කවුද කියලා දැනගන්නයි. එහෙනම් ඔයාලා කතාව බාගන්න අතරේ මම යනවා, නවවැනි කොටසේ උපසිරැසිය හදන්න. ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,426 downloadsDownload BBC.Robin_.Hood_.S01.E08.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
20 comments
sachintha
ak
Sub ekata thanks.Jaya wewa!
upps
Baiscop download akata danna all episodes. Thank you
Ishan Madusha
බොහොම ස්තූතියි
sasala
thanks
deshanchandana
thankz machan
tom_tho
mchn link ekak dennako download karaganna
Chanaka
Niyamai
Dhanushkadill
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
subata thanks
madhu bhagya
tnz sub ekt
ravidu ishan
Tnx mchn sub ekata ...!!
Ayesh Prashan
Thank You
thumindu2000
Thanks
Lasantharathnasirirox
බොබී බොබී tnx බොබී..
nisalt
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan MLS
thanks saho
kumara 123
rkretdek
Viraj
Thanks
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය