Watch Trailer

Stranger Things [S05 : E02] Sinhala Subtitles | නොනවතින කරදර.. [සිංහල උපසිරැසි]

කළින් එපිසෝඩ් එකේ උනේ මොනවද කියලා පොඩ්ඩක් කියනවනම්, දැන් හෝකින්ස්වල තත්ත්වය ගොඩක් වෙනස්. මුළු ටවුන් එකම හමුදාවෙන් පාලනය කරන්නේ. රොබින් දැන් රේඩියෝ ෂෝ එකක් කරනවා “The Morning Squawk” කියලා. ඩස්ටින් තාම එඩී මැරුණ එක ගැන දුකෙන් ඉන්නේ. මේ අතරේ නැන්සි, ස්ටීව්, ජොනතන්, ලූකස්, මයික්, ජොයිස් සහ හොපර් සෙට්…

කළින් එපිසෝඩ් එකේ උනේ මොනවද කියලා පොඩ්ඩක් කියනවනම්, දැන් හෝකින්ස්වල තත්ත්වය ගොඩක් වෙනස්. මුළු ටවුන් එකම හමුදාවෙන් පාලනය කරන්නේ. රොබින් දැන් රේඩියෝ ෂෝ එකක් කරනවා “The Morning Squawk” කියලා. ඩස්ටින් තාම එඩී මැරුණ එක ගැන දුකෙන් ඉන්නේ. මේ අතරේ නැන්සි, ස්ටීව්, ජොනතන්, ලූකස්, මයික්, ජොයිස් සහ හොපර් සෙට් එකත් නිකන් ඉඳලා නෑ. මෙයාලා හොරෙන් හොරෙන් වෙක්නාව හොයන්න මිෂන් 30ක් විතර කරලා තියෙනවා. එලෙවන් මේකට ලෑස්ති වෙන්න කඳු නැගලා එහෙම ට්‍රේනින් වෙනවා. එයාට මේ මිෂන් වලට යන්න ඕනේ වුණාට හොපර් එයාට එළියට බහින්න දෙන්නේ නෑ, මොකද ආයේ එයාව නැති වෙයි කියලා මිනිහා බයයි. මැක්ස් ඉන්නේ තාම කෝමා එකේ. ඩස්ටින් එඩීට බණින අයට එක එක දේවල් කරන්න ගිහින් මිෂන් එකට එන අතරේ එඩීගේ සොහොන ළඟදි හොඳටම ගුටි කනවා. මෙයාලගේ ප්ලෑන් එක තමයි හමුදා Truck පස්සෙන් ගිහින් ඒවා යන තැන හොයාගන්න එක. හොපර් හදන්නේ එතනට රිංගලා කොහොමහරි වෙක්නාව මරන්න. මේ අස්සේ මයික්ගේ නංගි, හොලීට ඉස්කෝලේදී කරදරවලට මුහුණ දෙනවා. එයා කාත් එක්කවත් කතා කරන්නේ නෑ. හැබැයි එයා මයික්ට කියනවා එයාට “විශේෂ යාලුවෙක්” ඉන්නවා කියලා. ඒ යාලුවා කියලා තියෙනවා රාක්ෂයෝ එයාව කන්න බලාගෙන ඉන්නවා කියලා. හොලීව එයා බේරගන්නවා කියලත් මේ චරිතේ එයාට කියනවා.

රෑ වෙලා මිෂන් එක පටන් ගන්නවා. ස්ටීව් සහ ජොනතන් වෑන් එකේ ඉඳන් ඩස්ටින්ගේ රේඩාර් එකක් වගේ ගැජට් එකකින් හොපර්ව ට්‍රැක් කරනවා. හොපර් කට්ටියගෙ උදව්වෙන් මිලිටරි ට්‍රක් එකක හැංගිලා Upside Down එකට යනවා. මේ අතරේ විල්ට වෙක්නා ළඟ පාතක ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. හැබැයි මිනිහා ඒක නොකිය ඉන්නවා කට්ටිය මිෂන් එක නවත්තයි කියලා. මේ අස්සේ එකපාරටම හමුදා ට්‍රක් සෙට් එක නවත්තනවා. හොපර්ට තේරෙනවා මෙතන මොකක්හරි ලොකු අවුලක් වෙන්න යන්නේ කියලා. මේ ඔක්කොම දිහා බලාගෙන හිටපු විල් එකපාරටම අමාරුවෙන් දඟලන්න ගන්නවා. “ඩිමොගෝර්ගන්” කෙනෙක් ඇවිත් හමුදා ට්‍රක්වලට පහර දීලා එතන සෙරම අයව මරලා දානවා. හොපර් කොහොමහරි එතනින් පැනගන්නවා. හමුදාවේ අයව මරලා දාපු ඩිමොගෝර්ගන් Upside Down එකේ තියෙන නැන්සිගේ ගෙදර දිහාවට දුවන්න ගන්නවා. විල් මේ සේරම දේවල් දකිනවා. සිහිය එන විල් නැන්සිට කියනවා “ඌ එනවා, එයාලා වෙනුවෙන් ඌ එනවා” කියලා. ඒ කියන්නේ නැන්සිගේ ගෙදර අය අනතුරේ. නැන්සි එල් එක්ක එයාගේ ගෙදරට යන්න පටන් ගන්නවා. ඩිමොගෝර්ගන් නැන්සිගේ ගෙදර හොලීගේ කාමරයේ වහලෙන් මතුවෙන තැනින් එපිසෝඩ් එක ඉවර වෙනවා. දෙවෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ එතනින්. මේ එපිසෝඩ් එක ගැනනම් වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ. ඒ නිසා බලලම දැනගන්න ඊළගට මේ අයට මොනවද වෙන්නේ කියලා. ජය.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip PSA පිටපත් සඳහා ආදාළ වේ.

5,044 downloadsDownload Stranger-Things-S05E02.zip28 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Previous BT1All BT1Next BT1

Subtitles

5,044 downloadsDownload Subtitles28 KB

3 comments

  1. THISANGA

    THanks bro!
    well done!
    see u next epi.

  2. Lahiru Lakshan

    thanks...

  3. Sahan Gayantha

    thanks a lot Gayan saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.