Watch Trailer

The Boys (2019-2020) [S02: E04] Sinhala Subtitles | ලෝකයේ එහෙම දේවල් නෑ [සිංහල උපසිරසි] 18+

ඔන්න යාළුවනේ බෝයිස් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ සිව්වෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb වෙබ් අඩවියේ 8/10ක ඇගයීම් ප්‍රමාණයක් ලබාගෙන තියෙන මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය උනේ 2020 වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනිදායි. පැයකුත් විනාඩි 08ක් පුරාවට දිවෙන මේ කොටසෙදි එම් එම්, හියුඊ සහ ඇනී රෝඩ් ට්‍රිප් එකක්…

ඔන්න යාළුවනේ බෝයිස් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ සිව්වෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb වෙබ් අඩවියේ 8/10ක ඇගයීම් ප්‍රමාණයක් ලබාගෙන තියෙන මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය උනේ 2020 වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනිදායි. පැයකුත් විනාඩි 08ක් පුරාවට දිවෙන මේ කොටසෙදි එම් එම්, හියුඊ සහ ඇනී රෝඩ් ට්‍රිප් එකක් යනවා උතුරු කැරොලිනාවට. එහෙම යන්නෙ ලිබර්ටි කියන කෙනාව හොයාගන්නයි.

ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් සූප් ත්‍රස්තවාදියා නමින් හැඳින්වුන කෙන්ජි මියෂිරෝ කියන පුද්ගලයව ස්ටෝම්ෆ්‍රන්ට් විසින් මරා දමනවා. මේ කෙන්ජි මියෂිරෝ කියන්නෙ අපේ ගොළු කෙල්ලගෙ සහෝදරයා.. ඉතිං මේ ගොළු කෙල්ල කිමිකෝ තමන්ගෙ සහෝදරයා මරා දාපු ස්ටෝම්ෆ්‍රන්ට්ගෙන් පලිගන්න හිතාගෙන ස්ටෝම්ෆ්‍රන්ට් රැස්වීමක් අමතන තැනකට යනවා. ඒ අතරේ බුචර් හීනෙකින්වත් නොහිතපු විදිහේ ආරංචියක් ග්‍රේස් විසින් ඔහුට ලබා දෙනවා. ඒ අතරේ බ්ලැක් නොයිර් අපේ විලියම් බුචර් ගැන තොරතුරු හොයනවා.

ඉතිං කවුද මේ ලිබර්ටි? ලිබර්ටි ගැන තොරතුරු උතුරු කැරොලිනාවේ තියෙන බවට මෙයාලට තොරතුරු දෙන්නෙ කවුද? කිමිකෝ ට ස්ටෝම්ෆ්‍රන්ට්ව අල්ලගන්න පුළුවන් වේවිද? බ්ලැක් නොයිර් ඇයි විලියම් බුචර් ගැන තොරතුරු හොයන්නේ? කියලා දැනගන්න ඔයාලට මේ කොටස බලන්න වෙනවා. එහෙනං…. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,721 downloadsDownload The.Boys_.S02E04.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

8,721 downloadsDownload Subtitles37 KB

6 comments

  1. Imesh Perera

    Thanks Sub walata hamootama

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  4. Dewadithya

    Thanks for Sub!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sahan Gayantha

    Thanks wewa saho sub ekata..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.