කොහොමද හැමෝටම? කට්ටිය ගිය සතියෙ එපිසෝඩ් එක බැලුවද? මොකෝ හිතෙන්නෙ? ප්‍රතිචාර වලට අනුව නම් ගොඩක් අයට ඒ එපිසෝඩ් එක සෙට් නැහැ. මොකද මේ කතාවට ඒ එපිසෝඩ් එක ගැලපෙන්නෑ කියලා. මගේ අදහසට අනුව නම් ඒ එපිසෝඩ් එකේ වරදක් නැහැ, මොකද ඒකෙ පෙන්නපු දේවල් එලී කලින් කොටස් දෙක තුනකම සඳහන් කරලත් තිබ්බ කියලා ඔයාලට මතක ඇති.…

කොහොමද හැමෝටම? කට්ටිය ගිය සතියෙ එපිසෝඩ් එක බැලුවද? මොකෝ හිතෙන්නෙ? ප්‍රතිචාර වලට අනුව නම් ගොඩක් අයට ඒ එපිසෝඩ් එක සෙට් නැහැ. මොකද මේ කතාවට ඒ එපිසෝඩ් එක ගැලපෙන්නෑ කියලා. මගේ අදහසට අනුව නම් ඒ එපිසෝඩ් එකේ වරදක් නැහැ, මොකද ඒකෙ පෙන්නපු දේවල් එලී කලින් කොටස් දෙක තුනකම සඳහන් කරලත් තිබ්බ කියලා ඔයාලට මතක ඇති. ඇරත් ඒකෙ වුණ දේවල් ලාස්ට් ඔෆ් අස් වීඩියෝ ගේම් එකෙත් තියෙන නිසා අනවශ්‍ය විදිහට දාපු දේවල් නෙවෙයි ඒ සහ ඉස්සරහට ගේම් එකට අනුව මේ කතා මාලාවේ ප්‍රධාන තැනක් ගන්නෙත් එලී ඒ නිසා මේක බලන කට්ටිය දැං ඉදන්ම කතාව යන විදිහට හැඩ ගැහුනොත් හොඳයි.
මොකද මේක නිකංම සොම්බි සීරිස් එකක් නෙවෙයි චරිත මූලික කරගෙන යන කතාවක් ඒ නිසා මෙයාල මේකෙ ඉන්න චරිත වලටත් ලොකු අවධානයක් දෙනව සහ ගේම් එකේ කතාවත් පුළුවන් හැම විදිහකින්ම නිර්මාපකවරු මේකෙන් පෙන්නන්නත් උත්සහ කරනවා. ඒක මේ වෙනකන් කතා මාලාවෙ ගලායාමට බදාවත් වුණා කියලා නම් මට හිතෙන්නෑ. කෙසේ හෝ IMDb එකේ ප්‍රතිචාර වලට අනුව නම් දැනට මේ කතා මාලාවේ අඩුම අගයක් ගත්ත එපිසෝඩ් එක ඒක වෙලා 7.4 ගොඩක් අඩු අගයක් තමයි ලැබිල තියෙන්නේ. එහෙනම් අපි ගිය සතියෙ ඒ කොටස මතක් කරන් ඉමු,
ජෝල්ට තුවාල උනැයින් පසුව කරකියාගන්න දෙයක් නැතිවුණ එලී ඔහුට ප්‍රතිකාර කරන්න ගන්නවා. ඒත් ජෝල් නම් ඒකට කැමති වෙන්නෑ ඔහු එලීට ආපහු උතුරට ගිහින් ටොමී ලඟට යන්න කියලා බලකරනවා. එතෙන්දි එලීට ඇයගේ අතීතය මතක් වෙන්න ගන්නවා. එනම් ඇයව මුලින්ම අසාධිතයෙක්ගෙන් හපා කෑමකට ලක්වෙන මොහොත. ඒක වෙන්නේ එලී එයාගෙ හොඳම යාළුවත් එක්ක වෙළඳ සංකීර්නෙකට ගියපු මොහොතකදියි.
ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ, කලින් කිව්වත් වගේ ඒක අනවශ්‍ය කොටසක් කියලා නම් මට හිතෙන්නෑ. මොකද මෙතනින් පසුව වෙන දේවල් ගැන පොඩි සඳහනක් අපිට පලවෙනි කොටසෙදි දැකගන්න පුළුවන් වුණානේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා. එහෙනම් නැවතත් අවසාන කොටස සමඟින් ලබන සතියෙ හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
15,936 downloadsDownload The.Last_.of_.Us_.S01E08.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
22 comments
Chamo
lahiru bandara
carnival row epi 4 ta sub nadda
Bimsara Yashan(ඔලිව)
Dennam saho.
Supun
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pavith Wijesooriya
සබ් එකට ගොඩක් ස්තූතියි අයියේ. ඉවසිල්ලක් නැතුව හිටියේ. කලින් එපිය නම් මටත් ඒ තරම්ම අවුලක් නෑ. නියමෙට තිබ්බා. බලමු එහෙනම් අද මොකද වෙන්නෙව් කියලා... ❤️
Heshan
Thnx bro sub ekata. Srt dapu ekata thnx. Tv ekata support karanne srt witharai. Kalin daapu format eka support naa.
Anonymous
thanks bosa
Anonymous
Attack on titan ekata sub one
Nuwa
Thanx bosa sinhalata
Attack on titan eke sinhalath denda puluwan weidaSupun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Sithum
torrent link eka ganne khomda
gihan
Baiscopedownloads site ekata yanna
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
sahangayantha
Thanks a lot saho sub ekata
Sasitha Asaranga
thanks bro.
Dewadithya
Thanks for Sub!
Udara Damith
ek;llaaaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
උපසිරැසිවලට බොහොම ස්තූතියි ❤️
Advertisement
![The Last of Us [S01: E08] Sinhala Subtitles | සෑම දෙයක්ම සිදුවන්නේ හේතුවකටද? [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/01/The-Last-of-Us-S01-pic-02.jpg)


Mekat supiriyak tama. Thanks bro sub ekata