Space Force [S02 : E04] Sinhala Subtitles අදත් ආවා පුරුදු විදිහටම Space Force Season 02 කතා මාලාවේ Episode 04 සඳහා සබ් එක අරගෙන. අද කතාවත් මතක් කරන්න කලින් පහුගිය එපියෙ සාරාංශෙ පැත්තට ගියොත් එහෙම මෙහෙමයි, ජනාධිපතිවරයාගෙ තීරණයකට අනුව වයිල්ඩ් හෝස් වෙත චීන දූත පිරිසක් ආවා ඇමෙරිකා එක්සත් අභ්‍යවකාශ බලකා…

අදත් ආවා පුරුදු විදිහටම Space Force Season 02 කතා මාලාවේ Episode 04 සඳහා සබ් එක අරගෙන. අද කතාවත් මතක් කරන්න කලින් පහුගිය එපියෙ සාරාංශෙ පැත්තට ගියොත් එහෙම මෙහෙමයි,
ජනාධිපතිවරයාගෙ තීරණයකට අනුව වයිල්ඩ් හෝස් වෙත චීන දූත පිරිසක් ආවා ඇමෙරිකා එක්සත් අභ්‍යවකාශ බලකාය සමග සුහද හමුවකට. මෙම ගිවිසුම අත්සන් කිරීම මගින් බලාපොරොත්තු වුනේ එක්සත් ජනපදය ලවා කොස් ඇට බාවගන්නවා වගේ වැඩක් චීන්නු කරගන්න. ඒ කිව්වේ චීන දූත පිරිස බැලුවේ ජෙනරාල් නයාර්ඩ්ව ගොනාට අන්දලා වැඩි සම්පත් ප්‍රමාණයක් ඔවුන් සතු කරගත හැකි ආකාරයට ගිවිසුම් ගත වෙන්න.ඒත් ඒකෙදි ජෙනරාල් නයාර්ඩ් උපායෙ නොවැටී දෙරටටම වැදගත් වන ආකාරයට 50% ගානෙම එකඟතාවයට ආවා.ජෙනරාල් නයාර්ඩ් ඒ තීරණය ගත්තේ ඔවුන්ගෙන් පස්සෙ දෙරට අතරම සිටින ඊළඟ මතු පරම්පරාවට වැදගත් වන විදිහට.
ඔන්න එහෙනම් අද කතාව පැත්තට ආවොත්,
ජෙනරාල් නයාඩ්ට රාජ්‍ය ලේකම්වරයාගෙන් යුරෝපාබ්‍රහස්පති ව්‍යාපෘතියට අභ්‍යවකාශ බලකායට සහභාගී වීමට අනුමැතිය ලැබෙනවා. ඒත් නරක ආරංචිය තමයි නාසා ආයතනය මෙම වැඩසටහන මෙහෙයවනු ලබන නිසා බොහෝ වගකීම් ඔවුන් සතු වෙනවා. ජෙනරාල් නයාර්ඩ් සහ පිරිසට කරන්න හම්බෙන එකම ඩියුටිය තමයි පිටසක්වල විභවයකට එරෙහිව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා PowerPoint presentation එකක් හදන එක.
මේක තමයි කතාවේ මුල,මෙතනින් එහාට නම් ඔයාලම බලන්න වෙනවා,
මේ ඔක්කොමත් මැද්දෙ චෑන්ට වෙනමම ප්‍රශ්නයක්,
ඒ අස්සෙ ජෙනරාල් නයාර්ඩ්ට හිතන් නැති ෆ්‍රෑන්ක් එකකුත් එනවා
මේ වගේ එකී නොකී මෙකී සිද්ධි ගණනාවක් වෙනවා.
ඒ සිද්ධි ඔක්කොම ඔයාලගෙ ඇඟේ ගහලා ඕං එහෙනම් මං ගියා ඊළඟ එපියෙන් හමුවෙන කම්…
ජයවේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
201 downloadsDownload Space-Force-S02-E04-Sinhala-Subtitles.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
1 comment
Sahan Gayantha
Advertisement
![Space Force [S02 : E04] Sinhala Subtitles | යුුරෝපා ව්‍යාපෘතිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/09/Space-Force-S02-Feature.png)




thanks a lot sub ekata