Watch Trailer

Space Force [S01 : E01] Sinhala Subtitles | නැවතත් සඳට [සිංහල උපසිරසි]

Space Force [S01 : E01] Sinhala Subtitles පොරොන්දුවක් උනා නම් ඒක ඉටුකරන්න ඕනි කියලා කියමනක් තියෙනවා මං අහලා තියෙනවා, ඔන්න ඉතිං කලින් පාර පොරොන්දු වුන විදිහට අද ඉඳන් දවසට එක එපිය ගානේ මගෙ පලමු TV Series එක වගේම මගේ 17 වෙනි උපසිරැසියත් මේ විදිහට අරන් එනවා. Space Force [S01 : E01] Sinhala Subtitles Sp…

Space Force Sinhala Subtitles

පොරොන්දුවක් උනා නම් ඒක ඉටුකරන්න ඕනි කියලා කියමනක් තියෙනවා මං අහලා තියෙනවා, ඔන්න ඉතිං කලින් පාර පොරොන්දු වුන විදිහට අද ඉඳන් දවසට එක එපිය ගානේ මගෙ පලමු TV Series එක වගේම මගේ 17 වෙනි උපසිරැසියත් මේ විදිහට අරන් එනවා.  Space Force Sinhala Subtitles 

Space Force තමයි මේ කතා මාලාවේ නම වෙන්නේ කතා මාලා 02 කින් යුක්ත වුන මේකෙ පලමු  කතා මාලාව 2020 වර්ෂයේදි එලි දැක්වෙනු ලැබෙනවා.

Netflix, Deedle-Dee Productions, Film Flam  යන චිත්‍රපට සමාගම්හි හවුල්කාරිත්වය සමග මෙම කතා මාලාව එලි දක්වනු ලබනවා. අපි කව්රැත් හොඳට අඳුනන විකට රංගනයන්ට දායක වෙන Steve Carell ප්‍රධාන රංගනයෙන් දායක වන අතර ඊට අමතරව John Malkovich / Ben Schwartz / Diana Silvers වැනි සහය නළු නිලියන්ද තම දායකත්වය මෙම කතා මාලාව වෙනුවෙන් ලබා දීලා තියෙනවා.    Space Force Sinhala Subtitles 

 

IMDB  දර්ශකයට අනුව 6.7 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නට හැකිවෙලා තියෙන මෙම කතා මාලාව Comedy කාණ්ඩයටම වෙන් කරල තියෙනවා. Comedy කාණ්ඩයටම පමණක් වෙන් කරල තිබුනත් මේක ටිකක් විද්‍යාව පැත්තටත් බර නිසා science & comedy කියල කාණ්ඩයකට මට වෙන් කරන්න හිතෙනවා.  Space Force Sinhala Subtitles 

එහෙනම් කතාවේ අටුවා ටීකා ඇති දැන් නවත්තලා එහෙනම් කතාව ගැනයි පලවෙනි එපියේ විස්තරයකුයි ගැන පොඩ්ඩක් බලමු.  

එක්සත් ජනපද සන්නද්ධ හමුදාවේ නවතම ශාඛාව වන අභ්‍යවකාශ බලකායේ අණදෙන නිලධාරියා ලෙස ජෙනරාල් මාර්ක් නයාර්ඩ් පත් කර සිටිනවා.ඔහු ඉහළ අරගලයකට මුහුණ දෙමින්, විද්‍යාවෙන් බහුල වුන සටන් බලකායකට අණ දෙමින්, එම බලකායේ අයවැය කප්පාදුව සමගත් කටයුතු කරමින් අභ්‍යවකාශ හමුදාව නැවත එක්සත් ජනපද ගුවන් හමුදාවට යටත් කර ගැනීම වැළැක්වීමට උත්සාහ කරනවා වගේම ජෙනරල් නෙයාර්ඩ්ට මූන දෙන වෙන ප්‍රහ්නත් එක්ක එයාගේ බලකායේ ‍සාමාජිකයින්ගේ වැඩ වගේම ජෙනරල්ට වෙන ඇබැද්දිත් එක්ක මේ කතා මාලාව ඉදිරියට ගලන් යනවා.

 

පලවෙනි එපියෙන් බලාගන්න පුලුවන් අභ්‍යවකාශ බලකාය විසින් නැවත වාරයක් රොකට්ටුවක් සඳ ගමනට යවනවා.ලේසි වැඩක් නම් නෙවෙයි මේ සඳ ගමන ,ඊට හපන් වෙන ඇබැද්දි වගේම ජෙනරල්ට අන්තිමට දකින්න ලැබෙන දේත් ඔයාලටම ඉතිරි කරල මම ඊලඟ එපියෙන් හම්බෙන තාක් නවතිනවා.

ඒ වගේම තමා අපෙ ජෙනරාල් නයර්ඩ්ගේ දුව යාලුවෙලා ඉන්නේ රැසියානු හමුදා නිලධාරියෙක් සමග යාලුවෙලත් ඉන්නේ, මේ යාලුවීම නම් බලලුන් ලවා කොස් ඇට බාගැනිල්ලක් වෙන්නත් බැරි නෑ ඉස්සරහට.    Space Force Sinhala Subtitles 

 

එහෙනම් අද ඉඳන් මාත් එක්ක කට්ටියම අභ්‍යවකා‍ශගත වෙන්න ලෑස්ති වෙන්න කියල කියන ගමන් අපි ගියා..මතක ඇතිව දන්නවනේ අදහසක් දීලා යන්න හොඳේ..    Space Force Sinhala Subtitles 

ජයවේවා….

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,242 downloadsDownload Space-Force-S01-E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles

2,242 downloadsDownload Subtitles29 KB

7 comments

  1. Anonymous

    elama bro!!!!!

  2. Anonymous

    elakiri saho. jaya veva....

  3. Buddhika Lakmal

    සබ් දෙයි කියල හිතුවෙවත් නැති සීරිස් එකක්...
    තෑන්ක්ස් මචෝ සබට.........

  4. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  5. Sahan Gayantha

    thanks a lot Ravisara saho sub ekata

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kavindu Nethmina

    Sub ekata thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.