ආයුබෝවන්..! ඉතිං ඔන්න පුරුදු කෙනානම් නෙවෙයි මේ සතියෙ ගිෆ්ටඩ් අරගෙන එන්නෙ. විභාග කටයුතු එක්ක ලහිරු කාර්‍යබහුල වීම නිසා මගෙන් ඇහුව මේක කරල දෙන්න පුළුවන් ද කියල. බෑ කියන්නෙ කොහොමද? හිරවෙන වෙලාවට එකතුවෙලා ඔක්කොම ගොඩදාන්න ඉන්නෙ මේ සෙට් එකනෙ. ඉතිං ඔන්න පුළුවන් උපරිම වේගයෙන් කරල වැඩේ අහවරයක් කළා. මට ගිෆ්ට…

ආයුබෝවන්..!
ඉතිං ඔන්න පුරුදු කෙනානම් නෙවෙයි මේ සතියෙ ගිෆ්ටඩ් අරගෙන එන්නෙ. විභාග කටයුතු එක්ක ලහිරු කාර්‍යබහුල වීම නිසා මගෙන් ඇහුව මේක කරල දෙන්න පුළුවන් ද කියල. බෑ කියන්නෙ කොහොමද? හිරවෙන වෙලාවට එකතුවෙලා ඔක්කොම ගොඩදාන්න ඉන්නෙ මේ සෙට් එකනෙ. ඉතිං ඔන්න පුළුවන් උපරිම වේගයෙන් කරල වැඩේ අහවරයක් කළා.
මට ගිෆ්ටඩ් කතා මාලාව ලෝනාට දරුව බිහිවෙන තැනට පස්සෙ බලන්න වුණේ නෑ. ඒ නිසා කලින් කොටස ගැන මට මොකුත් කියන්න බෑ. ඒ නිසා අපි මේ කොටස ගැන පොඩ්ඩක් බලල කතාව බලන්න ගමු. කොහොමහරි අද වෙන්නෙ රීවා සැලසුම් කරගෙන යන විනාශය ගැන ලෝනා විස්තර හොයාගන්න උත්සාහ කරන විදිය. ඒක ලේසි නෑ. නමුත් බොහොම අමාරුවෙන් ඇය උත්සාහ කරනව මොකද්ද මේ රීවා සැලසුම් කරන්නෙ කියල දැනගන්න. ඒ වගේම හොයාගන්නව සැලසුමේ කොටසක්. මේ අතරෙ නිවුන් තුන්කට්ටුව ඇන්ඩිගෙ මනස හරහා ලෝරෙන් ග්‍රහණයට ගන්න උත්සාහ කරනව. මේක අලුත්ම සෙල්ලමක්. කලින් බලෙන් ලබාගන්න උත්සාහ කරපු දේ මේ පාර චාටුවෙන් ගන්නයි සැලැස්ම. ලෝරෙන් මේ ගැටේට අහු වෙනව. ඒ කරල ගෙදරින් පැනලත් යනව ඇන්ඩි හොයාගෙන. ලෝරෙන්ට මොකක් වේවිද මේකෙන්? මේ ඔක්කොම යන අතරෙ මැක්ස් ලෝනව සැක කරනව. ඒකට සාධාරණ හේතුවකුත් තියෙනව කියන්න පුළුවන්. කොහොමහරි ලෝනා, මාකෝස් එක්ක කතා වෙලා මැක්ස් ගැන ඔත්තු බලල, මැක්ස් එළියට ආපු වෙලාවක අල්ලගන්නව. මෙන්න මෙතනදි ලොකු දෙයක් දෙනව. ඉතිං මීට වඩා කියන්න යන්නෙ නෑ. බලන්නත් ඕනනේ. තව එකම එක දෙයක් කියන්නම්. ඊලඟ කොටස සෑහෙන උද්වේගකර එකක් වේවි. ඒ වගේම අවසාන කුණාටුව ඇස් ඉස්සරහටම ඇවිල්ල තියෙන්නෙ. ලබන සතියෙ ඉඳල සුපුරුදු පරිදි ලහිරු උපසිරැසිය අරගෙන එයි. එහෙනම් මම ගියා. හැමෝටම ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,258 downloadsDownload The-Gifted-S02-E13.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
21 comments
Hirunaprabodha
adMark
Thanks bro.. Jaya wewa!
gayashan_bentota
එනකන් බලන් හිටියේ.. thank you
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..............!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයMr.pamz
Thanks bro
Gathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
darshana100
thanks yaluwa oyata budusaranai
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක එනකම් බලන් හිටියේ....
පට්ට කතාවක්...Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks
Shashi
ස්තූතියි උදේ......
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavi
සබ් එකට ස්තුතියි....
ජයවේවා .....shan AC
thnx bro,,,,,,,
kavintha
thanks!!!
Supun_boy
14වෙනි එපිය නැද්ද?
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
MAALnath
Thanks .................good luck ........................
Advertisement


ගොඩාක් ස්තූතියි සහෝ....
ඔබට ජය....