The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 9වන කතාංගයයි, අද මම ඔබ හමුවට ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ. සියළුම දුක්ඛ දෝමනස්සයන්ගෙන් පස්සේ. කාට කාටත් පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් කතාවක් තමයි අද නම් තියෙන්නේ. පලමුවෙන්ම කතාව පටන් ගන්නේ පුන්‍යාධාර උත්සවයකින්. ඒ කියන්නේ රජයේ ආයතන වලට පොහොසත් මිනිස්සු තමුන්ගේ පෞද්ගල…

The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 9වන කතාංගයයි, අද මම ඔබ හමුවට ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ. සියළුම දුක්ඛ දෝමනස්සයන්ගෙන් පස්සේ. කාට කාටත් පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් කතාවක් තමයි අද නම් තියෙන්නේ. පලමුවෙන්ම කතාව පටන් ගන්නේ පුන්‍යාධාර උත්සවයකින්. ඒ කියන්නේ රජයේ ආයතන වලට පොහොසත් මිනිස්සු තමුන්ගේ පෞද්ගලික ධනයෙන් ආධාර කිරීමේ උත්සවයක්. මෙතනදී ඒ ඒ ආයතන වලින් පොඩි පොඩි ප්‍රසංගයන් ඉදිරිපත් කරන අතරේ ජේන්ටත් ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න වෙනවා. අන්තිමේදී මැජික් එකක් පෙන්නන අතරතුර හොඳ කතාවක් කරලා ඔක්කෝමලා සල්ලි නොදී බැරි තත්වයට පත් කරනවා. හැබැයි ඔය වගේ දෙයක් ලංකාවේදී කලෝතින් හොඳ ගානක් හම්බකරගන්නත් පුළුවන්. ඒක කරන විදිය කතාවෙන් බලාගන්නකෝ.
දැන් කතාවේ ඉතුරු කොටස අස්සෙන් මුල්ලෙන් දෙන්නම්. ඒ තමයි පූර්විකාවේ කියපු ඔක්කෝටම පස්සේ එතැනට ආධාර කරන්න ආපු ගැහැණු කෙනෙකුගේ, ආභරණ සාප්පුවක තිබුණු දියමන්ති වගයක් කොල්ල කාලා කියලා ඇමතුමක් එනවා. ඒක අතරේ ඒ ආධාරකාරියගේ මහත්තයාටත් වෙඩිතියාගෙන තමයි හොරා එතනින් පැනගන්නේ. කොහොමහරි මේකත් CBI එකටම තමයි පට්ටල් වෙන්නේ. ලිස්බන් සහ කණ්ඩායම විසින් මෙම සිදුවීම සිදුවෙච්ච තැනට යනවා. ප්‍රශ්ණ කිරිම් අතරතුර ජේන් පොඩි පොඩි විකාර වගයක් කරලා නෝන්ඩි වෙනවා. කොහොමහරි ඒත් ඒක තාමත් මිනීමැරුම් විශ්ලේශණයක් නම් නෙමෙයි. ඒ වෙඩි වැදුණු කෙනා මැරුණේ නැති නිසා. කණ්ඩායම හොරාව හොයන්න පොටක් පාදගන්න උත්සාහ කරනකොට, කම්පියුටර් ජිල්මාට් වැඩ ඔක්කෝම කරන සුරූපී නියෝජිත ග්‍රේස් වෑන් පෙල්ට්, දක්ශ අන්දමින් පොටක් පාදගන්නවා. ඒක නිසා කට්ටියම හිටියේ ජේන්ට කොකා පෙන්නගෙන. ඒ වුනාට කොහොමහරි එයාලා යනකොටත් හොරාට වෙඩි තියලා මරලා. ඉතින් දැන් මේක මිනීමැරුම් විමර්ශණයක් බවට පත්වෙනවා. ඒ වගේම තමයි ජේන්ට පෙන්නපු කොකා ගැස්සුන නිසා, ජේන්ටම තමයි මේක විසඳන්න වෙන්නේ. මෙදාපාර හොරාගේ අම්මගෙන්ම පේන අහගන්න උගුලක් අටවලා තමයි, හොරාව අල්ලන්නේ. කොහොමහරි හොරාව අල්ලනවා. කවුද හොරා කියලා දැනගන්න, කතාව බලන්නම වෙනවා. ඒ වගේම අටවන උගුල බලන්නත් තියෙනවානේ.
අතරින් පතරින් කතාව ලියුවත් පතර දිගඇති අන්තරයෙන්, පූර්ණවූ අවබෝධයක් හොයන්න…. උපසිරැසි එක්කම කතාව බලන්න වෙනවා.
එසේනම් හැමෝටම ආයු-බෝ-වේවා !!! __/|__
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,108 downloadsDownload The.Mentalist.S02E09.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
20 comments
manoj livera
sajeevi
thanks
Sach
Thanks !
ruchcha
Gindara wage deela neee ela kiriiiiiiii anith ewath ikmanata denna. jaya wewa!!!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa……
Ravi
sahoo oyage sub 1ka wagema thama lipi liweemath..... patta pata pata :D
ohoma yamu.. jaya wewa..“චූටී මල්ලි”
එලනෙ සහෝ
සබට තුති
ඔබට ජය...................Akalanka
Thnx Bro.........
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චතුර බුද්ධික
ස්තුති සහෝ... හෙට ඊලග එක හම්බෙනවනෙ? ;)
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…සබට
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sami
Sabata Thanx saho
Dharshana....
Thanks....
LAKSHAN
සබ් එකට බොහොම ස්තුතියි
Mano
Godak sthuthi..Jaya wewa!
Anonymous
sub weda nena, fill eke mukut ne. pls harigassanko
විමා - Admin
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Advertisement

Unu Unuwenma Mulinma Baa Gaththe Mama... Thanks Saho...
Obata Jaya..