Watch Trailer

The Messengers [S01:E05] | මීලඟ අසරුවා ??? [සිංහල උපසිරසි සමඟ]

කතාව ගේන්න දවසක් පමා වුනා. හැමදාම මම කතාව දෙන්නේ ඉරිදාට වුනත්, මේ දවස් වල විදුලිය නැතුව මාර දුකක් තමයි වින්දේ. 🙁 ඒ වගේම තමයි ගිය සතියේ අන්තර්ජාලයේ, මේ කතාව පිලිබදව කණගාටුදායක ආරංචියකුත් පල කරලා තිබුණා. මම හිතනවා මේ ආරංචිය අහපු ගමන්ම බොහෝ දෙනෙක් කතාව බලන එක නතර කරාවි කියලා. (පලමු සමයෙන් මේ කතාව අවලං…

The Messengers (2015) (TV)-2

කතාව ගේන්න දවසක් පමා වුනා. හැමදාම මම කතාව දෙන්නේ ඉරිදාට වුනත්, මේ දවස් වල විදුලිය නැතුව මාර දුකක් තමයි වින්දේ. 🙁 ඒ වගේම තමයි ගිය සතියේ අන්තර්ජාලයේ, මේ කතාව පිලිබදව කණගාටුදායක ආරංචියකුත් පල කරලා තිබුණා. මම හිතනවා මේ ආරංචිය අහපු ගමන්ම බොහෝ දෙනෙක් කතාව බලන එක නතර කරාවි කියලා. (පලමු සමයෙන් මේ කතාව අවලංගු කරලා දාන්න CW විසින් තීරණය කරලා) හප්පොයි. 🙁

හොඳයි අසුබ ආරංචි ඇහුවා ඇති. දැන් අපි කතාවට බහිමු. 😐 ගිය සතියේ කතාවෙදී ඔයාලට මතක ඇති පලමු අසරුවා හොයාගෙන හැමෝම ලොකු පටලැවිල්ලකයි හිටියේ කියලා. ඒ වගේම එයාලා ඒ පටලැවිල්ල විසඳාගෙන දැනගත්තා අසරුවා තමයි සෙනෙටර් කියලා. ඒ පටලැවිල්ල ඒ විදියට විසඳගත්තා වගේම තමයි, තවත් විසඳාගන්න බැරි ගැටලුවකට ඒ අයට මුහුණ දෙන්න සිද්ධවුනා. ඒ තමයි යුද්ධයේ අසරුවාගේ මුද්‍රාව බිඳී යාම. එදා කට්ටියම එකතු වෙලා ගේම දුන්නත් බැරිවුනා සෙනෙටර් රිචර්ඩ්ස් පවක් සිදු කරන එකෙන් වලක්වන්න. ඔය විදියට යුද්ධයේ මුද්‍රාව බිඳීමත් සමඟ තවත් ඉතුරු වෙලා තියෙන්නේ අසරුවෝ තුන් දෙනයි. ඒ තමයි

1. වසංගතයේ අසරුවා.
2. දුර්භීක්ශයේ අසරුවා.
3. මරණයේ අසරුවා.

මෙන්න මේ අසරුවන් 3 දෙනාගෙන් කවුරු හොයාගන්නද? එයාලගෙන් කවුද අසරුවා? යක්ශයා මීලඟට බිඳින්න හදන්නේ කාගේ මුද්‍රාව ද? කියලා ප්‍රශ්ණ කිහිපයක් තියෙනවා. මේ ප්‍රශ්ණ විසඳගන්න එක තමයි අද අපේ සුරදූතයන්ගේ අභියෝගය වෙලා තියෙන්නේ. මේ අස්සේ ඉතිං ඔයාලා දන්නවා මේ අයට මේ ප්‍රශ්ණ වලට අමතරව පෞද්ගලික ප්‍රශ්ණත් තියෙනවා කියලා.

♨ වේරාට තියෙන ප්‍රශ්ණ තමයි
====================

රජය මොකද මෙච්චර තදියමකින් මේ උල්කාපාතය ගැන වසන් කරන්නේ කියන එක. ඒ වගේම මීට අවුරුදු 7කට කලින් පැහැරගැනීමකට ලක්වුනු තමුන්ගේ පුතාව හොයාගන්න එක.

♨ එරීන්ට තියෙන ප්‍රශ්ණ තමයි
====================

තමුන්ගේ කලින් සැමියා, රොනී. එයා තමුන්ගේ දුව රොනීගෙන් අරගෙන පැනලා ගියපු නිසා පොලිසිය එයාගේ පස්සේ එනවා. ඒ වගේම තමයි එයාට තමුන්ගේ දුව බලාගන්නත් වෙලා.

♨ රවූල්ට තියෙන ප්‍රශ්‍ණ තමයි
====================

එල් හෙෆේ තමුන්ගේ පවුලේ අයව මැරුවා වගේම තමුන්වත් මරන්න හොයන එක. මේ නිසා මෙයාට ඉන්න වෙලා තියෙන්නේ හැංගිලා. අනිත් එක තමයි තමුන්ගේ සහෝදරයාගේ දුව වෙන නදීයාව පරිස්සම් කරන්නත් වෙලා.

♨ ජෝශුවාට තියෙන ප්‍රශ්ණ තමයි
======================

ධර්මෝපදේශකයෙක් වුනු එයා රූපවාහිනියේ සිදුකල ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිසා, එයාගේ පියා විසින් රූපවාහිනියට ප්‍රකාශයක් කරනවා එයා පිස්සෙක් කියලා. ඒ වගේම තමයි එයාට දැනගන්න ලැබෙනවා තමුන්ගේ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවා තමුන්ගේ දරුවා නෙමෙයි, එයාගේ තාත්තාගේ දරුවා කියලා. (ඒ කියන්නේ එයාගේ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවා එයාගේ මල්ලි)

♨ පීටර්ට තියෙන ප්‍රශ්ණ තමයි
====================

බලය ලැබුනට පස්සේ එයා කෙනෙක්ව මරලා දැම්මා. මේක නිසා මෙයාව පොලිසියෙන් අල්ලගෙන ගියා. ඒත් ආපහු හිරකරුවෝ ප්‍රවාහනය කරන ට්‍රක් එකකින් මෙයා පැනගත්තා. ඒ කියන්නේ මෝස්ට් වෝන්ටඩ් වුනා වගේ තමයි. එයත් පොලිසියෙන් හැංගිලා ඉන්නේ.

♨ රෝස්ට තියෙන ප්‍රශ්ණ තමයි
====================

ඒ හැටි කියලා ප්‍රශ්ණයක් නැති වුනත්, අර්බුදකාරී අවස්ථාවල හැමෝටම කරුණු කාරණා තේරුම් කරන්න යන එක, හැමෝම එකමුතු කරලා එක කණ්ඩායමක් විදියට තියාගන්න එක තමයි මෙයා කරන්නේ. (ඒකත් නියම කට්ටක් තමා)

කොහොමහරි මෙහෙම ප්‍රශ්ණ තියෙන හැමෝම හැන්දෑවට එකට සෙට් වෙන්නේ බාර් එකක් ඇතුලේ නෙව. 🙂 සුර දූතයෝ වුනත් ඉතිං ප්‍රශ්ණ තියෙනකොට බෝතලයක් ලඟ තිබුනොත් සොරිම තමා. ඔන්න ඔය විදියට මම උඩ ගහපු ලිස්ට් එකෙන්, ප්‍රශ්ණ බොක්කටම වැදුනු සුරදූතයෝ දෙන්නෙක් තටු නැවෙන්න ශොට් එකක් දාගෙන ඉන්න තැනින් තමයි අද කතාව පටන් ගන්නේ. බලමු නේද ? 😉 😉 😉

ඒ වගේම පසුගිය කතාංගයන් දෙකේදීම ඔයාලට මතක ඇති වයසක ගැහැණු කෙනෙක් කතාවේ පෙනී සිටියා. ඇයත් මේ සිද්ධියට සම්බන්ධයි වගේ නේද? ඒ වගේම ඔයාලට මතක ඇති තාම මෙතන ඉන්නේ සුරදූතයෝ 6 දෙනයි කියලා. කෝ තාම 7 වෙනියා ගැන නිනව්වක් නැති ගානයි නේද? මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න අදවත් පුළුවන් වේවිදෝ කියන බලාපොරොත්තුවෙන් කතාව රසවිඳින්න කියලා මම හැමෝටම ආරාධනා කරන ගමන්ම, අදට සමුගන්නවා…. !

ආයු -බෝ -වේවා !!! ☀

The Messengers (2015– )  on IMDb

 

 

273 MB කොපිය මෙතනින් බාගන්න

7C5D7464439DD5EE08CB1BDEAFF0AF3A464D7309

345 MB කොපිය මෙතනින් බාගන්න

99C93599629968560DBD9EC08EDE45E49A9AA1D5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,393 downloadsDownload The_Messengers_S01E05_baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles

3,393 downloadsDownload Subtitles53 KB

29 comments

  1. Alan wake

    ada mama thamai palaweniya thanks sub ekata

  2. Yenu

    ඔබතුමා ජාතියේ පිනට පහල වූ නියම යහපාලකයෙක්....ඔබතුමන්ගේ සියලු යහපත් වූ වැඩ සාර්ථක වේවා.....

    1. Yenu

      මේක delete කරන හැටි කව්රුහරි දන්නවදෝ?

    2. Alan wake

      mokada amu kewilada

    3. Ravindu Thenabadu

      Delete කරන්න බැරියෝ..

  3. නලින්

    ස්තුතියි ප්‍රණිත් සහෝ!

    ජය වේවා!

  4. Supun Madhusanka (Bunny)

    Thanks saho.....

  5. sachira

    උපසිරසියට බොහොම තුති.දිගටම මෙහෙන්ම දෙමු.මේක නවත්තන්න හදන කතාව මාත් දැක්ක.මේවගේ හොඳ කතා පටන්ගන්න කොටම නවත්තනව කිව්වම කොහොමත් channel එකෙ Ratings බහිනව.මමත් ආසාවෙන් කතාවක් බලන්න පටන් ගන්න කොටම ඒ හැම එකක්ම නවත්තනවනෙ. :( :( :(

  6. Amil

    This is Cool Macha,,
    sub eka enakam balagena hitiye..
    thanks..

  7. sachira

    Good work.

  8. chenna

    “ප්‍රණිත් රණසිංහmacho The Messengers eke sub apita ikmanata diyan bn balanna meka awe 15 ne bn adai sub enne.. thnx machan sub dunnata

  9. Kasun Widusha

    කවුරු මොනව කිව්ව්ත් sub එකට tnx ප්‍රණියෝ....................

  10. Kps

    නියමයි එල එල ස්තූතියි.....................

  11. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  12. හැසීරීම

    කව්රැ උනත් වචන බාවිනය ගැන සැලකිලි මත් වෙන්ඩ ඔින

  13. Bhathiya

    කවුරු මොනව කිව්වත් අපිට වැඩක්නැ මචෝ.. අපි මේක බලනවා
    දිගටම sub දියන්. ජය වේවා.....!

  14. thisal

    ස්තුතියි ප්‍රණිත් සහෝ!

  15. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. NLV

    Napunsakayo danne oya wage buru katha kiyanna thama.ganan ganna epa mcn.thnkz subata.ela

  17. NLV

    mcn tikak wadagath weyan.uba kapi penna hadanawa wage.aulak na ube janme warada wennathi

  18. වරුණ රංගජිත් (වරූ)

    මේකත් බාන ලිස්ට් එකේ
    දැනට ආපු ඔක්කොම බෑවා
    ඉදිරියටම යමු
    නොසැලී බාධක අතරින්
    ස්තූතියි සහෝ
    සිංහල උපසිරැසියට
    මහන්සි නොබලා මේ කරන කැපවීමට
    ඉතින් ජයෙන් ජය
    සියළු දේ සාර්ථක වේවා…!!!

  19. මධුකප්‍රිය පෙරේරා

    හපොයි හරිම අසුබ ආරංචියක් නොවැ..
    මේක හොද කතාවක්නේ ඇයි මේ නවත්වන්න හදන්නේ..
    හරි සහෝ අපිට කොහොමහරි සීසන් 1 ඉවරවෙනකන් සබ දෙන්නකෝ ..
    ඔබට ස්තුතියි

  20. Sanjeewa

    gindara digatama sub demu jaya wewa

  21. ඉසු ඩිපි (Isu DP)

    කතාවට කන කොකා ඇඩුවා කියලනම් ගිය සතියෙම දැන් ගත්තා. මොනවා කරන්නද ඉතින්. :-(
    ඔයාගේ ලිපියත් මරු ඇ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  22. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Supun Madhusanka (Bunny)

    6 weni episode 1th ikmanata denna saho. hemoma hema tv series 1tama asa na neh bn. e unata api me tv series 1ta patta asai. digatama sub demu. 1k, 2nnek ka gahuwata wedak na neh. 1000katath wada sub download kragena. e kyanne mekath hit wela thamai. digatama sub demu saho.....

  24. Amalka

    සබට තුති සහෝ
    පෝස්ට් එකත් මරු

  25. sajeevi

    thanks

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.