ආයුබෝවන් මිත්‍රවරුණි! ඉතිං සෑහෙන කාලයක් ආසාවෙන් බලපු, එක කොටසක් විකාශනය වුණාම ඊලඟ එක එනකල් ඇඟිලි ගැනපු, කතා මාලාවක අවසාන කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. හොඳින්ම දන්නව මේක එනකල් අද 2500ක් විතර කට්ටිය ඇඟිලි ගැන ගැන ඉන්නෙ කියල. ඒ නිසාම සබ් එක ඇවිල්ල පැය 5ක් යන්න මත්තෙන් ඉවර කරල මේ අරගෙන ආවෙ, ඒ පිපාසසය සංස…

ආයුබෝවන් මිත්‍රවරුණි!
ඉතිං සෑහෙන කාලයක් ආසාවෙන් බලපු, එක කොටසක් විකාශනය වුණාම ඊලඟ එක එනකල් ඇඟිලි ගැනපු, කතා මාලාවක අවසාන කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. හොඳින්ම දන්නව මේක එනකල් අද 2500ක් විතර කට්ටිය ඇඟිලි ගැන ගැන ඉන්නෙ කියල. ඒ නිසාම සබ් එක ඇවිල්ල පැය 5ක් යන්න මත්තෙන් ඉවර කරල මේ අරගෙන ආවෙ, ඒ පිපාසසය සංසිඳවන්න. 2015 වර්ෂයේ දි AMC නාලිකාව තුළින් විකාශය වුණු රුදුරුබිම ඔයාල ලඟට සිංහලෙන් සමීප කළේ, උදාර රාජපක්ෂ මලය. ඊට පස්සෙ අධ්‍යාපන වැඩ කටයුතු එක්ක බැරි නිසා, මේක සමීර කරුණාරත්න සහෝදරය ඉතිරි ටික කරගෙන ආව. ඉතිං රැකියාවේ කාර්‍යබහුල බව නිසාදෝ සමීර සහෝටත් මේකට උපසිරැසි දෙන්න අවස්ථාව ගිලිහිලා යද්දි තමයි මම විමාගෙන් මේක ඉල්ල ගත්තෙ. එදා ඉඳල හැකි උපරිමයෙන් මම මේකෙ අවසාන කතාංගයන් 8ට උපසිරැසි ලබා දුන්න. ඉතිං මේ අවසාන කතාංගයේදි උදාර මලය වගේම, සමීර සහෝදරය ලෙංගතුව සිහිපත් කරනව මෙතෙක් ආ ගමනේ අත්තිවාරම වුණාට. ඒ වගේම විමාවත් මතක් කරනව මේක මට ලබා ගන්න අවසර ලබා දුන්නට. ඒ විතරක් නෙවෙයි, එදා පළමු කතාංගයේ ඉඳල, අද අවසාන කතාංගය වෙනකල් වචනයකින් හරි උදාර, සමීර සහ මාව දිරිමත් කරපු හැම කෙනෙකුටම අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනව. ඉතිං හැමෝම දන්නව ඇති, ඇයි මෙච්චර වැල්වටාරම් ගොඩක් කියවන්නෙ කියල. ඔව්, රුදුරුබිමේ නැවත අපි කිසිදිනෙක මුණ ගැහෙන්නෙ නෑ. මේ අවසන් හෝරාව. AMC නාලිකාව නිළ වශයෙන් දැනුම් දීල තිබුණ, තුනවන කතා සමයේ අවසන් කතාංගයන් 8, Into the Badlands කතා මාලාවේ අවසාන කතාංගයන් වෙන බව. ඉතිං ඒ අනුව තවත් එක අපූරු කතා මාලාවක් මේ විදියට නිමාව දකිනව. එහෙනම් ඉතිං මතක් කරගමු, පහුගිය කොටසෙ මොකද්ද වුණේ කියල.
පසුගිය කොටසින්…
මාස්ටර්ගෙ කීම අහපු විඩෝ, පිල්ග්‍රිම් දුර්වල වෙලා හිටපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළත්, දුර්වල අවස්ථාවෙ පවා පිල්ග්‍රිම් ඉතා ශක්තිමත් බව දැක්කනෙ. හැබැයි මේකෙන් M.K බරපතල තුවාල ලබනව, කොහොමහරි මේ සටනෙදි විඩෝට ලිඩියා අහිමි වෙන්නෙ, අපි නොදැක්ක බලයක් තිබුණු ක්‍රෙසිඩා අතින්. ඒ වගේම ක්ලිපර්වරු බොහෝ ගාණක් මැරුණ. විඩෝගෙ කණ්ඩායම පහු බැහැල අවසානෙ සරණාගත කඳවුරටම යනව. විඩෝලට සරණාගත කඳවුරට යන්න වෙලාව අරන් දෙන්න නතර වුණු නික්ස්ට දරුණු විදියෙ මරණයකට මූණ දෙන්න වුණා. මේ අතරෙ කේනන් ගියානෙ පිල්ග්‍රිම් මුණ ගැහෙන්න. අවසානෙ කේනන්ටත් වුණේ, තිබුණු බලයත් නැති කරගෙන සනීව හොයාගෙන එන්න. විඩෝ සනී එක්ක නැවත සටන් කරන්න බෑ කියල තදින්ම කිව්ව නිසා, බාජිගෙ අදහසක් අනුව, සනී, ගායස්, සහ බාජි යනව මැග්නස් හමු වෙන්න. එතනිදි මැග්නස් කැමති වෙන්නෙ නෑ සනීල එක්ක පිල්ග්‍රිම්ට එරෙහිව සටනට එකතු වෙන්න. ඔය අතරෙ තමයි විඩෝගෙන් පණිවුඩය දැනගෙන එන කේනන් මැග්නස්ව මරල දාල බ්ලැක් ලෝටස්ල පිල්ග්‍රිම් එක්ක සටනට දායක කර ගන්න කැමති කර ගන්නෙ. එහෙම ඉවර වුණා කලින් කතාංගය.
ඉතිං අද කතාංගය ගැන මම කිසිම දෙයක් කියන්න උත්සාහ කරන්නෙ නෑ. හැබැයි එක දෙයක් කියන්නම්, මෙතෙක් කතා මාලාව පුරාම දැක්ක දරුණුම සටන් අද තමයි දකින්න ලැබෙන්නෙ. ඒ වගේම අපි ආදරේ කරපු චරිත අදත් සමු ගන්නව. ඒක පුරුද්දක් වෙලා. අවාසනාවට නැවත කතා මාලාවකට ඉව කරමින් තමයි මේ කතා මාලාව අවසන් වෙන්නෙ. නමුත් එහෙම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ කියල දැනටම නිළ වශයෙන් දැනුම් දීල අවසන්. අපි නිකමට බලාපොරොත්තුවක් තියාගමු වෙනත් මාධ්‍ය ජාලයක් මඟින් ආයෙ මෙහි සිව්වැනි කතා මාලාවක් විකාශය කරත්වා කියල! කොහොම නමුත් AMC තුළින් නම් එහෙම විකාශය වෙන්නෙ නෑ.. 😞 ඉතිං රුදුරුබිමේ අපි ආයෙ හමු නොවේවි. මගේ සටනත් මින් අවසාන වෙනව. එහෙනම් ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,187 downloadsDownload Into-the-Badlands-S03-E16.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
86 comments
Janithvimukthi
Maduranga80121
Tnx bro.
ikachandana
Thanx
Akmeemana
Thanks..upasirasiyata jaya..
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි උදයංග අයියේ මෙච්චර දවස් සබ් දුන්නට. අපි ආයේ වෙන කොහෙදි හරි නැවත් හමුවෙමු එහෙනම්. ජය වේවා...!!
samathandi
Thanks
ktu
Phattta thanx
Kanchana
Thanx sahooooo
nihalpujitha
Thanks broo
shpajith
thanks putha
Kawi Jayasinghe
Tnx sahooo
Charith Pramodya
බොහොම ස්තූතියි සහෝදරයා.. මේ වගේ සුපිරි තවත් කතාමාලාවකට උපසිරැසි දෙන්න. ගොඩක් ආසාවෙන් බැලුව කතාවක් මේක. අවසාන කොටස, පට්ටම දුකයි.
madusanka
බොහොම ස්‍තුතියි සහෝ..-**!!
dsdkavishka
Thenks for sub bro
Demon Traveler
thank u brother
ake
thanks bro sub ekata
Tharindu07
Thanks machooo....!!! Good Job...!!!! Good Luck.....!!!!
shihancc
patta bn asawen balapu katawak
indika75
thanks..
priyan99
Thanks macho sub ekata.jaya wewa
dilan_952
Thanks bro
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Harindra kumara
Thnx mchn mekta sub dunnta
Iroshan Kumar
Thanks brother...
kik_punch
Thanks.
Tharindu Madushan 96
Thank udayanga saho , expanse tv show eke sub ekath puluwannam denna
ravishan lakshitha
Thanks
Ayesh Prashan
Godak sthuthie sub deepu hamotama.aparade iwara une
BoB1
thanks for sub
dimuthu lakmal
Thanks ban sub ekata.godak asawen kalayak balapu fattama kathawa kiuwoth hari.aye awothnam hati.thanks.busu saranai.
Tharu
❤️❤️
prabuddha01
thz bro..
ruchiraav
ස්තුතියි......!
Chamaradil
thankz bro.........
Madooka
thanks machan
losaka
Thnak u bro...
dx12
thanks bro
Eranda Malith 2.0
Thanks mcn
darshana100
aparade ban oyata godaaaaak thanks saho budusaranai
Gpg
Thanku sahodaraya!!! Thwa season ekak gana hope thiyn imu..
Thilan Durage
thanks bro...
ashan rollins
thanks
Mr.pamz
Thanks bro
Nadeesha rox alahakoon
Tnx bro
Thamanna
තැංක්ස් බිච්
Samira
සුබ ගමන් සහෝ
Rumesh Perera
Bohoma sthuti mechchara kal apita sub dunnata.. puluwan nam mekath iwara una eke Shadowhunters eke ithuru episodes tikata sub eka dennako saho
උදයංග සම්පත් හතරසිංහ
ඉක්මනට දෙනවා.. දැන් ඒක දෙන්න පුළුවන් ඉස්සරහට.. :)
Nawosandu
Shadow Hunters sub eka denne nadda
Lahiru Kekulandara
sub ekata thanks bro.
puluwannam outpost ekata hari smallvill ekata hari sub eka denawada?suranuwan
thank you....
Ravindu Rukshan
Thx
Lakshan
Thanks Bro.
Advertisement
![Into the Badlands [S03 : E16] Sinhala Subtitles | ලෙයින් තෙත්වුණු රුදුරුබිමේ අවසන් හෝරාව..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Into-the-Badlands-Season-3.jpg)


Thanks, Machoo balagenna hitiye enakam meka.. First downloader...