Watch Trailer

The Serpent (2021) [S01 : E01] Sinhala Subtitles | මිනීමරුවෙකුගෙ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කිහිප දෙනෙක් අලුත් කතාමාලාවක් ඉල්ලලා තිබ්බනෙ. ඉතින් ඔන්න එයාලගෙ ඉල්ලීම ඉෂ්ට කරනවා මෙම වසරේ නිකුත් වුණු කෙටි කතාමාලාවක් ලබාදීමෙන්. හැබැයි ඉතින් දැන් ටික දවසක් වෙනවා. කොහොමහරි ඔන්න මඟ හැරිච්ච අය ඉන්නවා නම් බලන්න පුළුවන්. ඒවගේම තමයි මේක තනියෙම කරන එකකුත් නෙමේ. මගෙත් එක්ක වැඩේ ඉක්මණට ඉවර කර…

ඔන්න එහෙනම් කිහිප දෙනෙක් අලුත් කතාමාලාවක් ඉල්ලලා තිබ්බනෙ. ඉතින් ඔන්න එයාලගෙ ඉල්ලීම ඉෂ්ට කරනවා මෙම වසරේ නිකුත් වුණු කෙටි කතාමාලාවක් ලබාදීමෙන්. හැබැයි ඉතින් දැන් ටික දවසක් වෙනවා. කොහොමහරි ඔන්න මඟ හැරිච්ච අය ඉන්නවා නම් බලන්න පුළුවන්. ඒවගේම තමයි මේක තනියෙම කරන එකකුත් නෙමේ. මගෙත් එක්ක වැඩේ ඉක්මණට ඉවර කරන්න සම්බන්ධ වෙච්ච ලහිරු l රොෂාන් l පසිදු l සසිත් l මලිත් l හිරාන් l යුරාන් යන සහෝදරයෝන්ට ස්තූති වන්ත වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

”The Serpent” කියන්නෙ 2021 වර්ෂයෙදී Netflix හරහා විකාශනය වුණු කෙටි කතාමාලාවක්. ඇත්තෙන්ම කිව්වොත් මේක සත්‍ය කතාව ඇසුරු කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ. ඒ තමයි ප්‍රංශ මිනිමරුවෙක් වුණු ”Hotchand Bhawnani Gurumukh Charles Sobhraj” ගැන. මොහු උපත ලබන්නෙ 1944 වර්ෂයෙදී. මොහු ජාතින් දෙදෙනෙකුගෙ ළමයෙක් වෙනවා. ඒ මොහුගෙ පියා ඉන්දියානු ජාතිකයෙක් වෙන අතර මව වියට්නාම් ජාතිකයෙක් වෙනවා. මොහු මිනීමැරුම් මැරුම් වලට අමතරව වංචනික ක්‍රියාවන්, සොරකම් වැනි දේවලුත් කරනවා. ඒවා ගොඩක්ම කරන්නෙ සංචාරකයින්ට. ඔහු ඔවුන්ව වංචනික ලෙස රවට්ටනවා. ඔයාලට කතාව බලද්දී ඒ ගැන හොඳට පැහැදිලි වෙයි. ඒවගේම තමයි මොහුට විවිධ නම් වලින් හඳුන්වනවා. ඒවා නම් ”The Bikini Killer” / ”The Splitting Killer” / ”The Serpent” යන නම් වලින්. ඉතින් එවැනි නමක් තමයි කතාමාලාවට පාවිච්චි කරලා තියෙන්නෙ. ඉතින් එහෙම Serpent කියන නමක් වැටිලා තියෙන්නෙ බලධාරීන්ට අසුනොවී පැනගැනීමේ හැකියාවක් ඇති නිසා. පහලින් දකින්න ලැබෙන්නෙ ඔහුගෙ සැබෑ ජයාරූපයක් සහ ඔහුගෙ චරිතයට පණ පොවනා Tahar Rahim වයි.

 


– සැබෑ Charles Sobhraj සහ චරිතයට පණ පොවනා Tahar Rahim –

පොටෝ එකේ නම් හැබැයි වයසක පාටයි. කොහොමහරි මොහු මේ වනවිට නේපාලයෙ ඇති බන්ධනාගාරයක තමයි සිටින්නෙ. ඒවගේම ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම හිමි වෙනවා. ඒවගේම කියන්න ඕන මොහු ඒ වෙද්දීත් සංචාරකයින් 20 කට වඩා ප්‍රමාණයක් ඝාතනය කරලා තියෙනවා. ඉතින් මේ ඔහුගෙ කතා පුවත ඔබල කොටස් 8 කින් නරඹන්න හැකියාව තියෙනවා. කොහොමහරි මේ වෙද්දී කතාමාලාව හට IMDb අගය 7.6 වැනි ඉහල අගයක් සහ කුණු තක්කාලි අගය 70% අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි කතාව භාෂා තුනකින් යනවා. ඒ තමයි ඉංග්‍රීසි / ලන්දේසි / ප්‍රංශ යන භාෂා වලින්. තව කියන්න ඕන කතාව බලද්දී ටයිම්ලයින් දෙකක් පෙන්වනවා. ඔයාලට ඒක බලද්දී තේරුම් යයි කියලා හිතනවා. එහෙනම් ඉතින් ආරම්භය නිසා මම මොකුත් කියන්න යන්නෙ නැහැ. ඔයාලම නරඹල දැනගන්නකෝ කොහොමද කියලා කතාව.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,013 downloadsDownload The-Serpent-2021-S01-E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

2,013 downloadsDownload Subtitles25 KB

19 comments

  1. Anonymous

    නියමයි

  2. Anuja Lakshitha

    thanks ayye sub ekata

  3. Anonymous

    Thanks jayawewa.....!

  4. Anonymous

    සුපිරි වැඩක් වගේ
    තැන්කු තැන්කු

  5. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  6. Praveen Mahesh

    Thanks for subtitles. Great work.

  7. Anonymous

    තෑන්ක්ස් රව්දු සහෝ

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Achi

    එළ සුප්පා

  10. Anonymous

    thanks

  11. Anonymous

    මිනි සීරීස් දෙනඑක නම් පට්ට
    වැඩේ දිගටම කරන් යන්

  12. Rishantha

    Thanks Brother

  13. kavinu

    බලන්න ගත්තා එහෙනං!

  14. Anonymous

    Thanks for sub
    Spanish thriller series ekak hari film hari denna puluwn nm

  15. Anonymous

    Thnkz bro

  16. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. Anonymous

    sub eka galapenne na.bari nam nokara inna aparade data

    1. Anonymous

      ඔව් බන් රෙද්ද සබ් එක හදලා තියෙන්නේ PSA RIP එකකට. ලිනක් දීලා තියෙන්නේ Galaxy TV ලගෙ වීඩියෝ සෙට් එකක එපා වෙනවා ටයිම් සින්ක් කර කර ඉන්න ගියාම ඒකත් එක එක වීඩියෝ වල එක එක ගානට සින්ක් කරන්න ඕනි වෙන්නේ

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.