The Vampire Diaries S03 Sinhala Subtitles කලින් කොටස බැලුවනේ? අන්තිම හරියේදී ඩේමන් ලොකු සප්‍රයිස් එකක් දෙනවා. විකරි පාලම පුච්චලා දාද්දි එයා කෑ ගහලා දඟලලා ආවේ අලි බොරුවක් කරලනේ? එයා ළඟ දැන් තියෙනවා ඔරෝජිනල් අය මරන්න පුළුවන් ආයුධයක්. ඉතින් අද දවසේ කට්ටිය සෙට් වෙලා ඔරිජිනල් දඩයමේ යන්නයි ලැහැස්තිය. ක්ල…

The Vampire Diaries S03 Sinhala Subtitles

කලින් කොටස බැලුවනේ? අන්තිම හරියේදී ඩේමන් ලොකු සප්‍රයිස් එකක් දෙනවා. විකරි පාලම පුච්චලා දාද්දි එයා කෑ ගහලා දඟලලා ආවේ අලි බොරුවක් කරලනේ? එයා ළඟ දැන් තියෙනවා ඔරෝජිනල් අය මරන්න පුළුවන් ආයුධයක්. ඉතින් අද දවසේ කට්ටිය සෙට් වෙලා ඔරිජිනල් දඩයමේ යන්නයි ලැහැස්තිය. ක්ලවුස් සහ රෙබෙකා එකතු වෙලා තමන්ගේ පවුලේ අය එක්කහු කරලා තියෙන බන්ධනය කඩලා දාන්නයි හදන්නේ. මොකද එයාලා දන්නවා ඒක ලොකු අවධානමක් කියලා. එක්කෙනෙක් කරදරේ වැටුනොත් අනිත් අයටත් ඒකම වෙන නිසා. එහෙම කරන්න නම් ක්ලවුස් ට සිද්ධ වෙනවා ෆින්ව හොයාගන්න සහ අර බන්ධනය කඩන්න තරම් ශක්තිමත් මායාකාරියක් හොයාගන්න. මේ පාර කවුරු ක්ලවුස්ගේ උගුලට අහු වේවිද?

ක්ලවුස් මන්ත්‍රයට මහන්සි වෙන අතරේ, සැල්වටෝර්ලා ඔරිජිනල් අය මරන්න උත්සාහ කරන අතරේ, රෙබෙකාත් වෙනම ගේමක් ගහනවා. එයා හොඳට මතක තියාගෙන ඉන්නේ ඩේමන් කරපු කට්ට කම. එයාව ඇඳට අරන් උස්සල දීලා පස්සේ හොරෙන් සේජ් ලවා එයාගේ රහස් ඉස්සුවනේ. ඒකට රෙබෙකා හෙන මලෙන් ඉන්නේ. ඒ වෙනුවෙන් පලි ගන්න එයා අද මහන්සි වෙනවා. ඉතින් අසරණ ඩේමන් අද ලොකු කරදර ගොඩක පැටලෙන්න නියමිතයි.

මාතෘකාව දාල තියෙනවා වගේම අද දවසේ එක ඔරිජිනල් කෙනෙක් මැරෙනවා. ඒ වගේම කට්ටිය අවබෝධ කරගන්නවා ඔරිජිනල් කෙනෙක් මරණවත් එක්කම එයා අතින් හැදුනු ලේ පරම්පරාවේ සියලුම වැම්පයර් ලා දරුණු ඉරණමකට ලක් වෙනවා කියලා. ඉතින් ඩේමන්, ස්ටෙෆාන් විතරක් නෙවෙයි කැරොලයින් ටයිලර් පවා වැම්පයර්ලා. එයාල හැමෝම කවුරු හරි ඔරිජිනල් කෙනෙක්ගෙන් පැවත එන අයයි. ඉතින් කවුරු මරන්නද කවුරු ඉතුරු කරන්නද? එයාල වැටෙන්නේ ලොකු උභතකෝටික ප්‍රශ්නයකට.

අද කොටස IMDB වල ලොකු අගයක් අරගෙන තියෙනවා. ඒ 8.6ක්. හේතුව අද කොටස බැලුවම තේරේවි. ලොකු සිද්ධීන් ගොඩක් වෙනවා වගේම වැම්පයර්ලා ගැන අලුත් දේවල් ගොඩක් අනාවරණය වෙනවා. කුතුහලය කියන එක නිවෙන්න ඉඩක් අද දවසේ නම් ලැබෙන එකක් නෑ. ඒ මොනවද කියලා කතාව බලලම දැනගන්න.

 

The Vampire Diaries S03 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

195 downloadsDownload The-Vampire-Diaries-S03E18-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles

195 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.