ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් 9 වැනි කතා මාලාවේ 11 වැනි කතාංගය. දැන් කොහොමද කතාව? මැද හරියෙ සීසන් වලදි ටිකක් කම්මැලි වෙලා තිබුණ වුණත් මේ සීසන් එකේ මුමුණන්නන් එක්ක ආයෙත් කතාවේ උණුසුම වැඩි වුණා. ගිය සතියෙ අවසාන මිනිත්තු කීපය තුළ අපි දැක්ක අනාගත මහා ව්‍යවසනක පෙරනිමිති අර…

ආයුබෝවන් මිත්‍රවරුණි..!
ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් 9 වැනි කතා මාලාවේ 11 වැනි කතාංගය. දැන් කොහොමද කතාව? මැද හරියෙ සීසන් වලදි ටිකක් කම්මැලි වෙලා තිබුණ වුණත් මේ සීසන් එකේ මුමුණන්නන් එක්ක ආයෙත් කතාවේ උණුසුම වැඩි වුණා. ගිය සතියෙ අවසාන මිනිත්තු කීපය තුළ අපි දැක්ක අනාගත මහා ව්‍යවසනක පෙරනිමිති අරගෙන ආපු කෙනා කවුද කියල. ඒ තමයි “ඇල්ෆා”. ඉතිං මම ටිකක් හාරල අවුස්සල බැලුව ඇල්ෆා ගැන. කොහොමහරි ඒකෙනම් කියවිලා තිබුණෙ මෙතෙක් විකාශය වුණු මුල් කතා මාලාවකදි ඇල්ෆා වගේ දරුණු චරිතයක් හමුවෙලා නෑ කියල. ඒ අනුව “ගවනර්”, “නීගන්”, කියන්නෙ පූස් පැටව් වගේ කියල තමයි ඔන්න ඒකෙ තිබුණෙ. එහෙම වෙනව කියන්නෙ “රික්” නැති නිසා “ඩැරල්, මිශෝන්, කැරොල්” කියන පිරිසට ලොකු තර්ජනයකට තනියම මූණ දෙන්න වෙනව. කොහොමහරි බලමුකො ඉතිරි කතාංගයන් පහ ඇතුළෙ මොන මොන දේවල් වේවිද කියල. මේ කොටස දවස් දෙකකට ප්‍රමාද වුණේ මගේ වරදක් නිසා නෙවෙයි. උපසිරැසිය ආවෙ ඊයෙ හවස 6ට විතර නිසා. මගේ රැකියාවෙ වැඩ එක්ක ඒ වෙලාවට සබ් එක ආවොත් මට එන දවසෙම සබ් එක දෙන්න බැහැ. ඒ නිසා මේ විදියට තමා දෙන්න වෙන්නෙ. ඒ නිසා මේ ප්‍රමාදය කොහෙත්ම මගේ ප්‍රමාදයක් නෙවෙයි කියල සලකන්න කියලත් ඉල්ලා සිටිනවා.
පසුගිය කොටසින්..
ඉතිං පසුගිය කොටස බැලුවනම් දකින්න ඇති, ඩැරල්, මිශෝන් එහෙම අල්ලගෙන ආපු මුමුණන්නා, ඒ කියන්නෙ “ලිඩියා” කියන ගැහැණු ළමය කිසි ආකාරයකට තොරතුරු හෙළි කළේ නෑ. හැබැයි තමන්ට කාරුණික වෙන හෙන්රි එක්ක ලිඩියා විස්තර කියනව. කොහොමහරි මේ ඔක්කොම විස්තර ඩැරල් එළියෙ ඉඳන් අහගෙන ඉන්නෙ. ඒත් ලිඩියා කියන්නෙත් නිකම්ම කෙල්ලෙක් නෙවෙයි. එයා උත්සාහ කරනව ඇලෙක්සැන්ඩ්‍රියාව, හිල්ටොප්, කින්ඩම් ගැන පුළුවන් තරම් දත්ත රැස් කරගන්න. පැනල ගියාම ඒ තොරතුරු එයාගෙ අම්මට දැනුම් දෙන්න තමයි එයාගෙ බලාපොරොත්තුව. නමුත් ඒකෙත් පොඩි කොස්සක් තිබ්බ. හම් අඳින්නන් අතරෙ තියෙන සිරිතකට අනුව, මිය ගියොත් හරි, අතුරුදන් වුණොත් හරි, වෙන කෙනෙක් අල්ලගෙන ගියොත් හරි, ඒ කෙනා ගැන තැවි තැවි ඉන්නෙ නෑ. ඒ වගේම ආයෙත් ආවත් රැළට බාර ගන්නෙත් නෑ. ඉතිං ඒ නිසා හෙන්රි, ලිඩියව කූඩුවෙන් එළියට ගත්ත වුණත් ලිඩිය කියනව ආයෙත් තමාව හිර මැදිරියටම දාන්න කියල. මේ අතරෙ ලූක් සහ ඇල්ඩින් හොයාගෙන හිල්ටොප් වලින් පැනල ගියපු යුමිකො, මැග්නා ඇතුළු පිරිස ගිය පයින් ආපහු එනව “මළවුන්” රංචුවක් නිසා මහ රෑ එයාලව හොයන්න බෑ කියල තීරණය කරල. එහෙම් එද්දි එළිවෙලා. ඔන්න එයාල ඇතුළට ආවට පස්සෙ තමයි, හිල්ටොප් ප්‍රධාන ගේට්ටුව ලඟට “ඇල්ෆා නොහොත ලිඩියාගෙ මව” ඇවිල්ල ලිඩියව ඕන කියල ඉල්ලන්නෙ. ලිඩියා හෙළි කරපු තොරතුරු මතකයි නම් දැන් කට්ටිය දන්නවනෙ “ඇල්ෆා” කියන්නෙ හැප්පෙන්න හොඳ ජාතියේ ගෑනියෙක් නෙවෙයි කියල. එතන ඉඳල කතාව අද බලමු.
අද කොටසින්…
ඉතිං අද කොටස තුළ ගොඩක් දුරට ගලාගෙන යන්නෙ, ඇල්ෆා ඇවිත් තමන්ගෙ දුව ලබාගන්න කට්ටිය එක්ක ගණුදෙනු කරගන්න විදිය. බලාගන්න පුළුවන් මේ ඇල්ෆා කියන්නෙ මොන තරම් හිතක් පපුවක් නැති දරුණු වනචාරී කෙනෙක්ද කියල? මේ අතරෙ අද ජීසස්ව පේන්නනව. ඒක කලින් වුණු දෙයක්. නමුත් දැන් තමයි ඒක මේ කොටස් එක්ක සම්බන්ධ වෙන්නෙ. ඒ නිසා ජීසස් ඉන්නව කියල හිතන්න එපා. ඒ ජීසස් මැරෙන්න කලින් වුණු සිදුවීම් පෙළක්. ඒ වගේම කාල් ගැනත් පුංචි මතක් කිරීමක් අද වෙනව. දැනුත් රෑ 12,30යි. තව විස්තර ලියන්න බෑ ඇත්තටම. එහෙනම් බලලම ඉන්න කියල ආරාධනා කරමින්, මමත් යනව. ජය වේවා!
“පණ බේරගන්න එක විතරක්ම නෙවෙයි ජීවිතය කියන්නෙ”
-කාල් ග්‍රයිම්ස්-
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

We do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,743 downloadsDownload The-Walking-Dead-S09-E11.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
38 comments
gihan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයmaikee
Sub එකට තැන්ක්ස් තාම බයිස්කෝප් ඩවුන්ලොඩ් එකේ නැනේ විඩියො එක.
Madusara
බොහොම ස්තුතියී සහො
දිගටම HDTV එකටම දෙන්න සබ් එක පරක්කු වුනාට අවුලක් නෑThrishala95
thanks for sub
madhurakma
Thanx sub ekata සදුද හරි අගහරුවාදා හරි දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Banukaisuru
Thanks brother
Ravindu Rukshan
තැන්ක්ස්
Sanath Indika
THX BROO
ප්‍රසාද් රත්නායක (Prasad)
tnz mcnz
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rvmendis85
Thanks bro..
mick
parakku unata awlk na bn wade quality
thanx broManoj Sanjaya
niyamai bokka
jayaසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Kulanjana Maduranga
subata thanks
Shehan putha
thanks bro
kdelshan
thanks bro
Ayesh Prashan
Thank You
suranuwan
thanks..
wajira
Thanks for sub
Indika Aruna Kumara
Tnx bro...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Nadeesha rox alahakoon
Tnx bro. Meka enakan hitiye
kasun@rko
Thanks machan
SihanSithara
thankz mchn
SihanSithara
mchan meka iwara karla hari kamak ne fear walking dead s03 idala sub dennako loku udawwak
Randiv
epi12 sub eka ikmnta dnnoooooooooooooo
Rangana.lk
Thnk u brw ✌️
sandha1218
thanks machan..jayawewa...
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
sasindu kavish
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ
Sajithlakshan
thanks .................
Kavindra527
Thanxxxx
Pramukmili
Thanxxxx bro...............
Advertisement



උපසිරැසියට බොහෝම ස්තුතියි