12 වන කොටස අරගෙනයි ආවේ. මේ වෙනකොට 8 වන කතාසමයේ හරි අඩකුත් පහු කරලයි අපි ඉන්නෙ. නමුත් තාමත් අතුරුදහන් වුන මෝල්ඩර් හොයාගන්න ඩොගට්ටවත්, ස්කලීලාටවත් පුලුවන් වුනේ නෑ.මේ වෙද්දී අපි දන්නවා පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා ඔප්පු වෙන සාක්ෂි කිසිවක් පිටසක්වල ජීවීන් ඉතුරු කරන්නෙ නැති බව. ඒ නිසයි මෝල්ඩර්ගෙ අතුරුදහ…

12 වන කොටස අරගෙනයි ආවේ. මේ වෙනකොට 8 වන කතාසමයේ හරි අඩකුත් පහු කරලයි අපි ඉන්නෙ. නමුත් තාමත් අතුරුදහන් වුන මෝල්ඩර් හොයාගන්න ඩොගට්ටවත්, ස්කලීලාටවත් පුලුවන් වුනේ නෑ.මේ වෙද්දී අපි දන්නවා පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා ඔප්පු වෙන සාක්ෂි කිසිවක් පිටසක්වල ජීවීන් ඉතුරු කරන්නෙ නැති බව.
ඒ නිසයි මෝල්ඩර්ගෙ අතුරුදහන් වීමත් එක්ක මෝල්ඩර්ගෙ වේශය ගත්ත පිටසක්වල දඩයක්කාරයෙක් ස්කලීගෙ ගෙදරටයි, කාර්‍යාංශෙටයි ගිහින් ඒ සාක්ෂි සේරම අරන් ගියේ. ඔය අතරේ තමයි ඩොගට් හොයා ගත්තේ මෝල්ඩර්ට දරුණු මොළේ ආබාධයක් තිබිලා තියන විත්තිය. ඒ ලෙඩෙන් අනිවාර්‍යෙන්ම මෝල්ඩර් මැරෙන්න ඉඳලා. පහුගිය කොටසෙන් දකින්න ඇතිනේ ආත්ම භක්ෂකයාව. විරූපි පෙනුමක් තිබුනත් එයත් මනුස්සයෙක්. එයා අනුන්ගෙ දරුණු ලෙඩ එයාට පවරන් දුක් උහුලනවා. ඒක මෝල්ඩර් දැනන් ඉඳලා තියනවා. මුලින් මෝල්ඩර් හිතලා තියෙන්නෙ අනිත් හැමෝම වගේ ආත්ම භක්ෂකයාගෙ ගොදුරක් වෙලා මොළේ අසනීපෙ සුව කරගන්න. නමුත් එයා විඳින වේදනාව දැකලා මෝල්ඩර් ඒක කරලා නෑ. වෙඩි වැදිලා මැරුන ඩොගට්‍ට නැවත ජීවිතේ දීලා ආත්ම භක්ෂකයා අවසානෙ මැරුනා. මෝල්ඩර්ට ඕනෙ වුනත් ඒක.
අද කොටස දිග හැරෙන්නෙ දුම්රියක තිබිලා හමු වුන මිනියක් ගැනයි. ඒ මිනියේ සම ක්ෂය වෙලා ගිහින්. හරියට අම්ලයක් වත් කරලා වගේ. ඒත් වාර්තා වලින් හේතුවක් හොයාගන්න බෑ. ඉතින් ස්කලී, ඩොගට් දෙන්නා මෙදා පාර මේ අභිරහස විසඳයිද බලමු.ආයුබෝවන්!
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,324 downloadsDownload X-Files-S08e12-53202115.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
7 comments
sachintha
Chandima
අයෙමත් ගොඩක් ස්තුති. ඉතිරි ටිකටත් සබ් දෙන්නකො. ඒ වගෙම 9 වනි කතා මාලවටත් උපසිරසි දෙන්නකො
Anonymous
Thanks
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
8, 9 සීසන් දෙකම දෙන්න.
Pramukmili
Thanxxxxxxxx bro....................
Ashan
ithiri sub tikath dennko
Gihan
thanks for subtitles......... good luck
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි