Twisted Metal [S01 : E04] Sinhala Subtitles කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? හොඳින් ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් මේ අරගෙන Twisted Metal (2023) සීරිස් එකේ හතරවෙනි එපියට උපසිරැසි. කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු එහෙනම්. තැනට සුදුසු නුවණ පාවිච්චි කරන නිසා ස්වීට් ටූත්ගේ ග්‍රහණයෙන් බේරෙන ජෝන් සහ කාන්තාව සුපුරුද…

කොහොමද ඉතින් ඔයාලා හැමෝටම? හොඳින් ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් මේ අරගෙන Twisted Metal (2023) සීරිස් එකේ හතරවෙනි එපියට උපසිරැසි. කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු එහෙනම්.
තැනට සුදුසු නුවණ පාවිච්චි කරන නිසා ස්වීට් ටූත්ගේ ග්‍රහණයෙන් බේරෙන ජෝන් සහ කාන්තාව සුපුරුදු ගමනට නැවත එලඹෙනවා. ඒ අතර ජෝන් පෙරල පෙරලා ඇයගෙන් නම ඇහුවත් ඇයගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ නිහඬතාවය ඇරෙන්නට. ඉතින් ඒ නිසාම ජෝන් ඇයට නම දානවා ‘ක්වායෙට්’ කියල. ඉතින් යන අතර මඟ ජෝන්, ක්වායෙට්ව කතාබහට අල්ලගන්න හැදුවත් ලොකුවට ඇයගෙන් පිලිතුරු ලැබෙන්නෙ නෑ. ජෝන් කැමති වෙනවා ක්වායෙට්ව ඔහුට ගෙනියන්න පුළුවන් උපරිම දුරට ගිහින් ඇරලවන්න. ඒ ගමනෙදි මොවුන්ට වේල්ලක් පහු කරන්න සිදුවෙනවා. ඒ වේල්ල පාලනය කරන්නෙ ක්වායෙට්ගේ සහෝදරයව ඝාතනය කරන ස්ටෝන් හා නිලධාරීන් පිරිසයි. ක්වායෙට් ඔවුන්ගේ එක් අයෙකු දැක්ක හැටියේ අඳුනගෙන පහර දෙන්න සූදානම් වෙද්දි, අලුතෙන් නීතිකරුවන් විදිහට ඒජන්ට්ගේ කණ්ඩායමට බැඳෙන ස්ටූ සහ මයික් මොවුන්ව වළක්වනවා.
ජෝන්ව සහ ක්වායෙට්ව ස්ටෝන් ප්‍රශ්න කිරීමකට ලක් කරද්දී, එව්ලින් ගාව තිබිලා එහෙමත් නැත්තම් ජෝන්ගේ කාර් එක ඇතුලේ තිබිලා, නිව් චිකාගෝ වලට යන්න ලබාගත්තු සිතියම හොයා ගන්නවා. සිතියම හදපු කෙනාගේ නම දිගින් දිගටම විමසමින් ඒජන්ට් ඇතුළු කණ්ඩායම ජෝන්ට සහ ක්වායෙට්ට එක් එක් විදිහේ වද දීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. සිතියම් හදන්නගෙ නම නොකියන නිසා නීතිකරුවන් විසින් මොවුන්ව රෙඩ් ලයින් එක වෙත ගෙනියනවා. රෙඩ් ලයින් එකට ගෙනියන කාවවත්ම මේ වෙනකන් කවුරුවත් දැකල නෑ. ගෙනිච්චට පස්සෙ කෑ ගහන සද්දෙ විතරයි ඇහෙන්නෙ. ඒ ඔවුන්ව මරන නිසා. ඉතින් ජෝන්ව සහ ක්වායෙට්ව රෙඩ් ලයින් එක වෙත ගෙනියන රාජකාරිය පැවරෙන්නෙ ස්ටූට. හිත් දෙගිඩියාවෙන් නීතිකරුවන් වෙත බැඳී ඉන්න ස්ටූගේ හිත, ජෝන් සහ ක්වායෙට් වෙනස් කරගෙන, තුන්දෙනා එක්කම එතනින් පැනගන්න තීරණය කරනවා. පොඩි අතපසු වීමකින් ස්ටූව ගෙනියන්න බැරුව දාල එන්න ජෝන්ට සිදුවෙනවා.
අද එතැන් සිට කොටස. එහෙනම් පස්වෙනි එපිසෝඩ් එකෙන් මුණ ගැහෙමු. පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්නෙපා.
සුභ දවසක්! ජය වේවා! ✌️

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
3,889 downloadsDownload Twisted-Metal-S01E04.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Anonymous
විමා
උපසිරසියට බොහොම ස්තුතියි රුකා!
Banu
Thank u bro
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, සහෝ ❤️
රුක්ෂාන් ඛාන් (රුකා)
ස්තූතියි, සහෝ ❤️
Shehan
Supiri hena athal series akak thanks bro
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි රුන්ෂාන් සහෝ උපසිරැසියට...☺☺♥♥
සබ් එකනං එළකිරි වගේ තියේ....chinthaka.max4
thanks machan
jack
තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




Thanks jayawewa.....!