Twisted Metal Sinhala Subtitles පෙර කොටසින්, තරඟය පටන් ගන්න කලින් හැමෝම ලෑස්ති වෙනවා. ඇක්සෙල් දකිනවා ජෝන් ඉන්නේ ලොකු වරදකාරී හැඟීමකින් කියලා. ජෝන් පිළිගන්නවා එයා ක්වයට්ට බොරු කළා කියලා. මේ අතරේ ක්වයට් හරිම ආඩම්බරයෙන් හැමෝටම කියනවා තමන්ගේ ප්‍රාර්ථනාව නගරයේ තාප්ප විනාශ කරන එක කියලා. හැබැයි අනිත් තරඟක…

පෙර කොටසින්,
තරඟය පටන් ගන්න කලින් හැමෝම ලෑස්ති වෙනවා. ඇක්සෙල් දකිනවා ජෝන් ඉන්නේ ලොකු වරදකාරී හැඟීමකින් කියලා. ජෝන් පිළිගන්නවා එයා ක්වයට්ට බොරු කළා කියලා. මේ අතරේ ක්වයට් හරිම ආඩම්බරයෙන් හැමෝටම කියනවා තමන්ගේ ප්‍රාර්ථනාව නගරයේ තාප්ප විනාශ කරන එක කියලා. හැබැයි අනිත් තරඟකරුවන්ගේ ප්‍රාර්ථනා නම් හිතාගන්න බැරි තරම් විකාර සහගත ඒවා.
කැලිප්සෝ ඇවිත් පළමු වටය නිවේදනය කරනවා. කාර් 12ක් වංකගිරියක් වැනි තැනකට ඇතුළු වෙන්න ඕනේ. ඒ ඇතුළේ “Exit Passes” 8ක් හංගලා තියෙනවා. ඒකක් හොයාගෙන එළියට එන 8 දෙනා විතරයි ඉතුරු වෙන්නේ. අනිත් අය ඔක්කොම ඉවරයි ! ජෝන් සහ ක්වයට් කලින් වටේ අන්තිමට ආපු නිසා, කැලිප්සෝ මෙයාලට විනාඩියක අමතර කාලයක් සහ පාස් එක තියෙන තැන හොයාගන්න පුළුවන් සෙන්සර් එකක් දෙනවා.
හැබැයි මේ වාසියෙන් පලක් වෙන්නේ නෑ. මොකද ජෝන් ඉන්නේ වෙනම ලෝකෙක නිසා මිනිහට කාර් එක පදවන්න බැරි වෙනවා. අන්තිමේදී ක්වයට් පාලනය අතට ගත්තත්, ඒ වෙනකොටත් අනිත් තරඟකරුවන් එතනට ඇවිත්. මේහෑම් කොහොමහරි චකීගෙන් පාස් එකක් උදුරගෙන අලුත් වාහනයකුත් හොයාගන්නවා. තවත් පිරිසක් අයිස් හොකී ක්‍රීඩා පිටියක පාස් එකක් වෙනුවෙන් මරාගන්නවා.

ජෝන්ටයි ක්වයට්ටයි පාස් එකක් හොයාගන්න බැරි වෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ එකම එක පාස් එකයි. ඒක ගන්න ජෝන්ලාට “ප්‍රීචර්” ගේ කල්ලිය එක්ක සටන් කරන්න වෙනවා. ප්‍රීචර්ලා “බූමරන් බ්ලාස්ට්” ආයුධය පාවිච්චි කරන්න ගිහින් ඒක තමන්ගේම වාහනයේ වැදිලා උන්වම විනාශ වෙනවා.
ජෝන් සහ ක්වයට් හාස්කමකින් වගේ දිවි බේරගත්ත ප්‍රීචර්ලගේ පොඩි බබාව තමන්ගේ වාහනයට දාගෙන දිනුම් කණුව පහු කරනවා. මෙයාලා දිනුවා ! කැලිප්සෝ ඇවිත් ප්‍රීචර්ලගේ බබාව අරන් යනවා. මේහෑම් සහ ක්වයට් අතර තිබ්බ අමනාපකම් අමතක කරලා මෙයාලා නැවත යාළු වෙනවා.
එදාම රෑ ජෝන් ක්වයට්ට ඇත්ත කියනවා එයා තමන්ගෙම කියලා වෙනම ප්‍රාර්ථනාවක් කළා කියලා. ඒක අහපු ක්වයට් පට්ටම කම්පනයකට පත් වෙනවා.
මේ එපිසෝඩ් එකේ වුන දේවල් ගැන කතා කරොත්,
ක්වයට්ගේ මුළු බලාපොරොත්තුවම වුණේ තාප්ප විනාශ කරන එක, ඒත් ජෝන් ඒක වෙනස් කරපු එක ගැන ක්වයට්ට පට්ටම තරහක් යයි නේද ? මේ කොටසේ වැඩිපුරම අවධානය දුන්නේ ජෝන් තමන්ගේම කියලා වෙනම ප්‍රාර්ථනාවක් කරලා මුළු මිෂන් එකටම ද්‍රෝහි වුණ එක ගැනයි. ඒ ඇරුණම මේ කොටසේ ලොකු දෙයක් සිද්ධ වුණේ නෑ, අපේ ප්‍රධාන සෙට් එක අතර පොඩි පොඩි වෙඩි හුවමාරු කිහිපයක් විතරයි දකින්න ලැබුණේ.
පේන විදිහට නම් ප්‍රීචර් සහ එයාගේ කල්ලිය දැන් ඉවරයි වගේ, හැබැයි මේ වගේ කතාවක “කවදාවත් ඉවරයක් වුණා” කියලා කියන්න බෑ ! මොන වෙලාවේ මොනවා වෙයිද දන්නේ නෑ.
Twisted Metal දිගටම මේ නාට්‍යමය ගතිය දෙනවා, හැබැයි මේ කතාව කියන්න මෙච්චර එපිසෝඩ් ගොඩක් ඕනෙද කියලත් හිතෙනවා. අනික මේ වගේ පොඩි පොඩි කොටස් එනකොට කතාවේ වේගය එකපාරටම නතර වෙලා ආයෙත් පටන් ගන්නවා වගේ දැනෙනවා. ඒක බලන අපිට පොඩ්ඩක් එපා වෙන වැඩක් වගේ කියලත් මට හිතෙනවා.

කොහොම වුණත්, ඊළඟ කොටසට ඕන කරන පසුබිම දැන් හොඳටම හැදිලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙමු ඊළඟ එපිසෝඩ් එකේදී චරිත අතර තියෙන මේ ගැටුම් මීට වඩා උද්යෝගිමත් විදිහට දකින්න ලැබෙයි කියලා.
ඇත්තටම ජෝන් කරපු වැඩෙන් ක්වයට් එක්ක තියෙන සම්බන්ධය සෑහෙන්න අවුල් යයි නේද ? දැන් ඉතින් ඊළඟට එන්නේ අටවෙනි එපිසෝඩ් එක.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
289 downloadsDownload Twisted-Metal-S02E08-Sinhala-Subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
UD Shehan
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #UD Shehan
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Advertisement
![Twisted Metal [S02 : E08] Sinhala Subtitles | හැඟීම් දැනීම් නොමැති මිනී මරන බාස්කට්බෝල් කාරයෝ රැල [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/Twisted-Metal-Season-2-1.jpg)



තෑන්ක්ස් මචං සබට