• මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ ජීවීන් කොට්ඨාශයක් බවට පත්වුනා. මෙය කලින්ම දැනගත් ඩේවිඩ් පිල්චර් අනාගතයේ මනුෂ්‍යයා වඳවීම වැලැක්වීමට ක්‍රමවේදයක් සැකසුවා. ඒ අනුව…

• මේ 4032 වර්ෂයයි. සොබාදහමට මිනිසා කළ බලපෑම් නිසා සොබාදහම විසින් මිනිසාට බලපෑම් කිරීමට පෙළඹුණා. එහි ප්‍රතිඵලයක් විදිහට මනුෂ්‍යයා වෙනස්වීමට පටන්ගත්තා. අවසානයේ ඔවුන් මිලේච්ඡ ජීවීන් කොට්ඨාශයක් බවට පත්වුනා. මෙය කලින්ම දැනගත් ඩේවිඩ් පිල්චර් අනාගතයේ මනුෂ්‍යයා වඳවීම වැලැක්වීමට ක්‍රමවේදයක් සැකසුවා. ඒ අනුව තෝරාගත් පුද්ගලයන් සැළසුමකට අනුව හිමායන නින්දකට භාජනය කරා . අවදි වූ මිනිසුන් මානව සංහිතියේ පැවැත්ම උදෙසා , කදුවලින් වටවී තිබෙන විදුලි වැටකින් ආරක්ශිතව පවතින වේවාඩ් පයින්ස් නම් වූ නගරයකට එකතු උනා.
M. Night Shyamalan නම් විශිෂ්ට ඉන්දියානු කතුවරයාගේ ” Pines ” නම් වූ කෘතිය පාදක කරගෙන වේවාඩ් පයින්ස් කතාමාලාව ගොඩනැගුනා . 2015 මැයි මස පහළොස් වෙනිදා ෆොක්ස් ( FOX ) නාලිකාවේ තමයි වේවාඩ් පයින්ස් කතාමාලව තම මංගල ප්‍රදර්ශනය ප්‍රේක්ශකයන්ට එළිදක්වන්නේ. න්‍යාටමය,අභිරහස්,විද්‍යා යන කාණ්ඩ වලට තමයි ප්‍රධාන වශයෙන් අයත් වෙන්නේ . IMDB දර්ශකය 7.6 ක් මෙම කතාමාලාවට රැදිලා තිබෙනවා . Toby jones / ඩේවිඩ් පිල්චර් ලෙස , Hope Davis / මෙගාන් ලෙස , Shannym/ තෙරේසා ලෙස ,Matt dilon / ඊතන් බර්ක් ලෙසත් ,Jeason pactric / ඩොක්ට තියෝ ලෙසත් සහ Tom Stevens / ජේසන් හිගින්ස් වේවාඩ් පයින්ස් හි ප්‍රධාන චරිත ලෙස දක්වන්න පුලුවන්.
• ඊතන් බර්ක් කියන්නෙ රහස් පරීක්ෂක ආයතනයක කෙනෙක්. එයාගෙ හවුල්කාරයා එක්ක ඒ ආයතනයේ තවත් කෙනෙක් හදිසියේම අතුරුදන්වෙලා. ඊතන් බර්ක්ව එයාලව හොයාගෙන එන්න යවනවා. ඒ අතරතුරදි මේ ඊතන් යන වාහනය අනතුරකට ලක්වෙනවා. කතාව පටන්ගන්නෙ ඊතන් අනතුරින් පස්සෙ අවදිවෙන තැනින්… ඊතන් අවදිවෙලා ඒ ළඟ තියෙන නගරෙට යනවා. ඒක පොඩි නඟරයක්. ඒත් ඒ නගරෙ අමුත්තක් තියෙනවා. වේවාඩ් පයින්ස් හි අභිරහස් සමුදාය ආරම්භ වෙන්නේ එතනින් මුලදි ඔහුට හිතාගන්න බැරිවෙනවා මේ නගරේ අරමුණු සහ කොහොමද පවත්වාගෙන යන්නේ කියලා . ඔහු කීපවතාවක්ම පැනයන්න උත්සහ කරත් එවකට හිටපු ශෙරිෆ් පොප් ඒවා මැඩලනවා . අවසන් වතාවට ඔහු උත්සහ කරන විට ඔහුට දැනගන්න ලැබෙනවා මේ නගරය විදුලි වැටකින් වට වී තිබෙන්නේ කියලා . ඒ පැනයාම උත්සහ කරද්දී ශෙරිෆ් පොප් සහ ඊතන් බර්ක් සමග ගැටුමක් සිද්ධ වෙනවා . ඒ අතරතුර ශෙරිෆ් පොප් ඊතන් අතින් මියයනවා . නැවත නගරයට ගියත් ඔහු පුදුමයට පත් කරමින් වේවාඩ් පයින්හි ජනතාව අලුත් ශෙරිෆ් ලෙස ඔහුට තනතුර ලබාදෙනවා . ඒ තනතුර ලැබුනට පස්සේ එයා මේ කතාන්දරේ මුල ඉදලා හොයන්න පටන් ගන්නවා. එතනදී එයාට කලින් පරණ යාලුවෙක් ව මුණගැහෙනවා . කේට් හැව්සන් එයාගෙන් මුලදී මේ තොරතුරු වල සත්‍ය අසත්‍යභාවය දැනගන්න හැදුවත් එය අසාථක වෙනවා . මුල් කතාසමයේ කොටස් හතරක් විතර ගියාම එයා දැනගන්නවා වේවාඩ් පයින්ස් වල රෝහලේදී අවදි උනේ පෙර ජීවිතයේ අවුරුදු දහස් ගානකට පස්සේ කියලා . මනුශ්‍ය වර්ගයා පරිණාමයට පත්වෙලා ඇබී නම් වූ භයානක කොට්ඨාසයක් බවට පරිවර්තනය වූ පිරිස් ගෙන් ජීවිතය ආරක්ශා කරගෙන , අලුතින් මානව ශිශ්ටාචාරයක් ගොඩනැංවීමේ අරමුණෙන් වේවාඩ් පයින්ස් බිහි උනා කියලා ඔහුට වැටහෙනවා . පසුව පිල්චර් ගේ අණ පරිදි ඊතන් බර්ක් , තෙරේසා ( බිරිද ), බෙන් ( පුත්‍රයා ) හිමායනයෙන් අවදි කරවලා ඊතන් වෙත යොමු කරවනවා . ඊතන් ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ අභිරහස විසදගන්න. අවසානයේ ඊතන් බර්ක් සහ කණ්ඩායමක් පිචර්ට එරහිව හඩනවනවා . පිල්චර් ගේ නැගෙනියත් මෙයට අවසානයේ සහය වෙනවා . වේවාඩ් පයිස්න් වල සිද්ධ උන පළවෙනි ආක්‍රමණය කියලා කියන්න පුලුවන් . මේ කෝලහාලය නවත්වන්න පිල්චර් විදුලි වැට විවෘත කරනවා . ඒ විවෘත කරන්නේ දැනට සිටින මින්ස්සු සියල්ලම ඉවත දාමා අලුතින් නැවත පටන් ගන්නයි. එයට විරුද්ධ වූ ඊතන් සහ අනෙක් පිරිස් ඇබීස්ලාගේ තර්ජනයෙන් බේරෙන්න උමන් මාර්ගයක් ඔස්සේ කදුකයට පැමිනෙනවා . පිල්චර් ට විරුද්ධ උනු එයාගේ සහෝදරිය ඔහුට වෙඩි තබනවා . බෙන් ,තෙරේසා සහ කීපදෙනෙක් කදුකරයට ඇවිත් ඇබිස්ලගෙන් ජීවිතය බේරගත්තත් ඊතන් බර්ක්ට ජීවිතය බේරගන්න නොහැකි වෙනවා.
• දෙවන කතාසමය ආරම්භ වන්නේ ආක්‍රමණය පසුවයි . සියල්ලම හොදින් සිද්ද උනා . පිල්චර් මියාමත් පසුව ජේසන් හිගින්ස් පාලනය අතට ගත්තා. ජේසන් හිගින්ස් කියලා කියන්නේ පිල්චර් පොඩි කාලේ ඉදන්ම නායකත්වය වෙනුවෙන් පුරුදු කරපු කෙනෙක්. ඒ පිලිබද තොරතුරු කියන්නේ නම් කතාව මැද හරියේ. එයාට සහය උනේ මේගන් සහ කෙරී ( දැනට ඔහුගේ භාර්‍යාව ) එයාලට අත්‍යවශ්‍ය තිබූ ශල්‍ය වෛද්‍යව අඩුපාඩුව මගහරින්නට ඔවුන් ඩොක්ට යෙඩ්ලින්ව අවදි කරනවා . ඔහුගේ බිරිද ඒ වන විටත් අවදි කරලා අවසානයි . ඒ රෙබේකා. ඔයාලා දන්නවා ඇතිනේ රෙබේකා කියන්නේ වේවාඩ් පයිස්න් නගරය සැළසුම් කරපු ගෘහ නිර්මාණශිල්පීනිය. නමුත් යෙඩ්ලින් අවදි වීමට කලින් රෙබේකා අවදි වූ නිසා ඇයට වේවාඩ් පයින්ස් නීති වලට අනුව සැන්ඩර් හා එක්ව විවාහ වීමට සිද්ධ උනා . කීපවතාවක්ම ඇබීස්ලා වැට ආශ්‍රිතව කලබලයන් සිද්ධ කරත් ඒවා මැඩලන්නට ජේසන් ඇතුලු බට පිරිස් සමත් උනා . ඒ අතරතුර තමයි ඇඩම් හස්ලර් පැමිනෙන්නේ. පිල්චර් විසින් නගර නිර්මාණය කර පසු පිටත සිදුවන්නේ මොනාද කියලා දැනගන්න යවපු අයගෙන් කෙනෙක්. මේ අතරතුර නගරය ගැහැණු ඇබී කෙනෙක් එනවා. ඇයගේ විශේශ බුද්ධිය , අත්ලේ ඇති සළකුණු වලට අනුව යෙඩ්ලින් , ඇඩම් හේ තොරතුරු වලට අනුව තීරණය කරනවා ඇබීස්ලගේ නායකයා ඇය කියලා . ” මාග්‍රට්” අටවන කතාංගයේදී මාග්‍රට් මේගන් ව මරණයට පත් කරනවා. ඒ පරීක්ශණාගාරයේදී ඉන්පසු ඇය පැනයනවා. බටපිරිස් වලට දැනුම් දුන්නත් ඇය නැවතත් වැටෙන් පිටත දහස් ගනන්ක් රැස්ව , ඇය එනතුරු මග බලන් සිටි ඇබීස්ලා වෙත යනවා . ඇඩම් හස්ලර් මාග්‍රට් ව මරන්න තිබුනත් ඔහු එසේ කරන්නේ නැහැ. මොකද ඔහු දන්නවා ඇයව මැරුවොත් දහස් ගනන් වූ ඇබීස්ලා නගරයට කඩා පනින්නවා කියා. ඇබීස්ලාගේ එකතුවීම දිනෙන් දින වැඩි වීම නිසා ජේසන් තීරණයක් ගන්නවා නැවත ජනතාව හිමායනට ලක් කරන්න . නමුත් CJ හට දැනගන්න ලැබෙනවා සියලුම කුටීර ක්‍රියාත්මක කරන්න බැහැ කියා.
• නවවන කථාංගයේදී ඔයාලට දකින්න ලැබෙනවා . ජේසන් කාර්‍යාලට වී වාර්තා වගයක් නිරීක්ෂණය කරනවා . ඒ වාර්තා වලට අනුව කෙරීට ලමයෙක් ඉදලා තියනවා . කියලා ඔහුට දැනගන්න ලැබෙනවා . ඒ දරුවාගේ නම සදහන් වී තිබෙන්නේ, : ජේසන් හිගින්ස් කියලා. පොඩි පටලැවිල්ලක් තමයි. ඒ අනුව කෙරීට ලැබුනු ලමයා තමයි ජේසන්. ජේසන් කියන්නේ කෙරීගේ පුතා . මේක දැනගෙන ජේසන් හා කෙරී අතර කලබලයක් ඇතිවෙලා කෙරී අතින් ජේසන්ට වෙඩි වදිනවා.
අද කතාව මෙතැන් සිට …
ඔක්කොම කිව්වා වගේ මෙකෙනුත් ටිකක් කියන්නම් . :p කලින් කිව්වා කියලා ප්‍රශ්නයක් නැති උදවිය මෙය කියෙව්වාට කාරිනෑ .. — නවවන කතාවේ ඔයාලා දැක්කා මාග්‍රට් ට වෙඩි වැදුන නිසා අසාධ්‍ය තත්වයක සිටිනවා . එයින් මාග්‍රට් සුව වෙනවා . ඒ අතරතුර වෙඩි වැදුනු ජේසන් රොහල් ගත කරනවා . ඩොක්ට යෙඩ්ලින් වෙත යොමු කරනවා . නමුත් ඩොක්ට යෙඩ්ලින් මේ සැත්කම කෙරෙහි පූර්ණ අවධානයක් නොදී ජේසන් බේරගැනීම කලනොහැකියි කියන විදිහට හැසිරෙනවා . කෙසේවෙතත් ජේසන් මිය යනවා . මේ අතර CJ එයාට පැවරිලා තියෙන රාජකාරිය කරන්න කණ්ඩායම් යවනවා . ඒ කියන්නේ කුටීර වලට මිනිස්සු රැස් කරගන්න. එහෙත් නගරයේ සියලු වැසියන් සියල්ලම ගෙනියන්න බැරි නිසා උපායක් වශයෙන් මිනිස්සුන්ට දන්වනවා කණ්ඩායම දෙකකට ඔවුන්ව රැගෙන යනවා කියලා. නමුත් ඔවුන් ගෙනියන්නේ පළමු කණ්ඩායම පමණයි . දෙවන කණ්ඩායම කියන්නේ සංකල්පයක් විතරයි . මේක දැනගත් තෝරානොගත් පිරිස කලබල කරනවා . මේ අතර ඩොක්ට යෙඩ්ලින් සැළසුම් කරනවා අධික විශ සහිත වෛරස් වර්ග තුනක් තමන් විසින්ම තමන්ට එන්නත් කරගන්න . එහි අරමුණ වෙන්නේ තෝරාගත් මිනිසුන් හිමායනයට පත් වූ පසූ විදුලි වැටෙන් එහා සිටින ඇබීස්ලට මේ වෛරස බෝ කිරීමයි.
විස්තර කරා ඇතිවගේ. කතාව ටිකක් අපහැදිලි තැන් තමයි පොඩ්ඩක් විස්තර කරේ . කොහොමහරි කතාවේ අවසානයටත් ආවා එහෙනම් . ලැබුනු කාලවේලාවට සබ දෙන්න පුලුවන් උන ගැන සතුටු වෙනවා . මෙහෙම එපි මට දෙන්න ලැබෙන්නේ හොද වෙලාවක් හම්බුනොත් තමයි. මේ මම අවසන් කරපු දෙවන කතාමාලාව ඒ මාලා දෙකම ඉතින් මං පෞද්ගලිකවම භාරගත්ත ඒවා නම් නෙවෙයි රවිදු තේබදුගෙන් දායාද උන ඒවා ..උන්දැට අධ්‍යාපන කටයුතු නේ. එහෙනම් කට්ටිය මේ එපියත් බලලා සැනසෙන්නකෝ . මුල් කතාමාලාවේ බලපු පිරිස නම් මේ කතාමාලාවට එකතු වීනැති හැඩයි . බලන පිරිසක් ඉන්න නිසා දිගටම කරගෙන ආවා . අපි සමුගන්නවා එහෙනම් මෙතෙක් කල් වේවාඩ් පයින්ස් වල ඉරණම බලාසිටි ඔබ සැමට ස්තූතියි . කතාවේ අවසානයේ හැටියට නම් තුන්වන කතාමාලාවකට මගපෑදෙන ගතියක් තියනවා . බලමු. ආවොත් ඔයාලට දෙන්න සූදානම්.
ඔයාලට මතක ඇතිනේ අපායේ ඉදලා ලොස්ඇන්ජිලීස් වලට ආපු කඩවසම් යක්ශයා : ලුසිෆර් මෝනින්ස්ටාර් !! ඔන්න දෙවන කතාමාලාවක් මේ සැප්තැම්බර් මස 19 එනවා කියන්නේ. එකම අවුරුද්දේ කතාමාලා දෙකක්. ඊලගට කතාමාලාවකට උපසිරැසි දෙන්න වෙන්නේ ඒකට තමයි. බයිස්කෝප් එක සමගින් රැදීසිටින්න …
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent link.
Wayward Pines – 02×10 – Bedtime Story.FLEET
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
757 downloadsDownload Wayward-Pines-S02.E10Baiscopelk.com_.rar19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
යසිරු හසරංග
Subtitles
19 comments
sajith
Isuru
Thanks for sub puluwanam stranger things tv series eka denna jaya wewa
Boby
කතාමාලාව අවසන් වෙනකම් ම උපසිරැසි ගෙනාවට ස්තූතියි. සීසන් 2 එක කලින් එක තරම් සාර්ථක නෑ තමයි. ඒත් මට කතාව අවසන් වෙනකම් බලන්න ලොකු ඕනිකමක් තිබුනා. තවත් මෙවැනිම කතාමාලාවක් ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Lakhishitha Mathngadeera
thnx saho digateme sub dunnate :D
Soori
බාෙහාෙම ස්තුතියි යසිරු හසරංග සහාේ !
කතා මාලා දෙකම බැලුවා ඔබ ලබා දුන් සිංහල උපසිරැසි සමගින්...
තව තවත් සිංහල උපසිරැසි අප වෙත ගෙන එ්මට ඔබට ධෙෙර්යය ශක්තිය ලැබේවා!
ඔබගේ සියළු යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ රවිදු සහෝ වෙනුවට අපට
මෙම කතාමාලාවේ උපසිරසි ගෙන ඒම ගැන. පැහැදිලිවම
පළමු කතාමාලාවට සාපේක්ෂව දෙවැනි කතාමාලාව එතරම්ම සිත් ගන්නේ නැහැ.
නමුත් අවසානය තෙක් බලන්න වටිනවා.එහෙනම් ඉතින් යළිත් ඔබ කිව්වා
වගේ ලුසිෆර් කතාමාලාව තුළින් හමුවෙන තුරු ඔබට ජය.ක්‍රිෂාන්
සබ් එකට ස්තුතියි සහෝ
Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzzdishanth
ස්තූතියි සහෝ අවසානය වෙනකන්ම සබ් එක දුන්න්ට. අපි ලුසිෆර් කතාමාලාවෙන් මුණගැහෙමු
Udara Damith B\K
බො
හො
මස්තූ
ති
යිpraneeth madu
බාෙහාෙම ස්තුතියි
Ds shan
නියමයි . අහ් . කොහොම හරි උබලා අන්තිම වෙනකන් මේකට සබ දුන්නට. සුපිරි කතාව මචන්. අර මෑන් ලා මේ මෑන්ලා වගේ ගොන් පාට් නැති එලම කතාවක්. බලනවා නම් බලපල්ලා . බැලුවට පාඩු නැහැ . තුනක් ගැහුවොත් අනිවා දීපල්ලා .
- ජය වේවා බොලව්-Kulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub walata..digatama sub demu.jaya wewa……
Pasindu Malshan
Thanks Bro.... (y)
yumal
thankZZZZZZZZZZ Bro!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka Lahiru
Tnx mco
Ysa
tnxx machan
sasi kumara
Tnx bro
Udara Damith Dissanayaka
elsa
Advertisement

ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmovies:300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක