Watch Trailer

Wolf A.K.A. Börü [S01 : E06] Sinhala Subtitles | මිත්‍ර ද්‍රෝහියා..! [සිංහල උපසිරැසි සමඟ]

“ඔයාල මොනවද අපිට ඉගැන්නුවෙ..” “අපේ ජීවිත වලට වඩා සිවිල් මිනිස්සුන්ගෙ ජීවිත වටිනව කියල..” “මට අවස්ථාවක් දෙන්න, මම මගේ පාඩම් හරියට ඉගෙන ගත්ත කියල ඔප්පු කරන්න..” පොඩ්ඩක් හිතන්නකො අපේ ඇඟේ කොහේහරි ටිකක් තුවාල වුණොත් අපි මොකද කරන්නෙ. කියන්න දෙයක් නෑ. ඇඟෙන් බාගයක් ගියා වගේ බෙරිහන් දෙනව නේ. හැබැයි වෙඩි උණ්…

“ඔයාල මොනවද අපිට ඉගැන්නුවෙ..”
“අපේ ජීවිත වලට වඩා සිවිල් මිනිස්සුන්ගෙ ජීවිත වටිනව කියල..”
“මට අවස්ථාවක් දෙන්න, මම මගේ පාඩම් හරියට ඉගෙන ගත්ත කියල ඔප්පු කරන්න..”

පොඩ්ඩක් හිතන්නකො අපේ ඇඟේ කොහේහරි ටිකක් තුවාල වුණොත් අපි මොකද කරන්නෙ. කියන්න දෙයක් නෑ. ඇඟෙන් බාගයක් ගියා වගේ බෙරිහන් දෙනව නේ. හැබැයි වෙඩි උණ්ඩ ගාණක් ඇඟට බැහැලත් තමන්ගෙ රාජකාරිය අනෙකා උදෙසා තමන්ගෙ ජීවිතය කැප කිරීම, අනෙකාට හෙට අරණළු දකින්න තමන්ගෙ ජීවිතය කැප කිරීම, අනෙකාට පවුලේ අය එක්ක සතුටු වෙන්න තමන්ගෙ ජීවිතය කැප කිරීම මේ තමයි සැබෑම ලෝකෙ රණ විරුවෙකුගේ දෛනික ජීවිතය. තමා උදෙසා නොවන අනෙකා වෙනුවෙන් ජීවිතය කැප කරන්න පුළුවන් මිනිස්සු ලෝකෙ ඉන්නෙ අතළොස්සක් විතරයි. රණ විරුවෙක් කියන්නෙ අන්න ඒ ගොඩේ ඉහළම තැන ඉන්න පිරිස.

මම මේ කතාව කිව්වෙ ඇයි කියල කියන්න ඕන නෑනෙ. කතාංගයන් පහක් බලල ඉන්න ඔයාලට මම අලුතෙන් අටූවා, ටීකා, ටිප්පනි කියවන්න ඕන නෑ. කොහොමහරි එහෙම කතා මාලාවක අවසාන කතාංගය අරගෙන තමයි මම ආවෙ. WOLFල ගැන දැන් මම අලුතෙන් කියන්න ඕන නෑනෙ. ඒ තුර්කි ජනරජයේ විශේෂ බලකායක්. මේ ඔවුන්ගේ සත්‍ය කතාවේ අවසාන කතාංගය. කලින් කතාංග එකක්වත් බලන්න වුණේ නැති නිසා නම් ගම් නම් මටත් හුරුපුරුදු නැහැ. ඒ නිසා බොහෝවිට පුංචි වෙනස්කම් තියෙනව වෙන්න පුළුවන්. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා, මොකද කණට ඇහුණු විදියට තමයි මම නම් ගම්2 දැම්මෙ. ඒ වගේම රවිඳු මලයගෙ ආරාධනාවක් නිසා තමයි මම මේ කතාංගය එක්ක සම්බන්ධ වුණේ.

අද කතාව තුළින් බලාගන්න පුළුවන් ප්ලාසා එක ඇතුළෙ හිරවෙලා ඉන්න සිවිල් මිනිස්සු බේරගන්න WOLF කණ්ඩායම උත්සාහ කරන ආකාරය. ඉතිං මේ උත්සාහයට අමතරව කායා වෙනත් බලාපොරොත්තුවක් ඇතුව තමයි ප්ලාසා එක ඇතුළට යන්නෙ. ඒ තමන්ගෙ සහෝදරිය මරපු එකේ පළිය ගන්න හිතාගෙන. කොහොමහරි ප්ලාසා එක ඇතුළෙදි ඕමාර්ගෙන් සහය ලබාගන්න කායාට හැකියාව ලැබෙනව. WOLF කණ්ඩායමේ ඉතුරු සාමාජිකයන් ප්ලාසා එකේ එළියෙ ඉඳල පසු සහයක් ලබා දෙනව. එතන ලොකු යුදධයක් ඇති වෙලා කායා බරපතල විදියට තුවාල වෙනව. මේකෙන් කායාට ජීවිතය…?

ඒක මම කියන්න යන්නෙ නෑ. මේ ඔක්කොම මෙහෙම වෙන අතරෙ කවුරුවත් නොහිතන විදියෙ සැලැස්මක් යටින් ක්‍රියාත්මක වෙනව. මේ සැලැස්ම නිසා WOLF කණ්ඩායමට ජීවය සපයපු චරිතයක් අද සමු ගන්නව. ඒ වගේම අඟේ ඉඳන් කණ කන මිත්‍ර ද්‍රෝහියා කවුද කියල බලාගන්න නම්, පැය 1යි මිනිත්තු 17ක් එක හුස්මට මේක බලන්න වෙයි, කියල කියන ගමන් අලුත් වැඩක් එක්ක ආයෙත් හමු වෙමු කියල කියාගෙන මමත් යන්න යනව. ජය වේවා..!

“මගේ ප්‍රථම සහ අවසන් රාජකාරිය මාගේ ජනරජය ආරක්ෂා කිරීමයි..”
“ඔහු මගේ පළමු සහ අවසන් අණ දෙන්නා වෙයි..”
“අවශ්‍ය වුවහොත් මම, ඔහු වෙනුවෙන් දිවි පුදමි..”

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,179 downloadsDownload Wolf-A.K.A.-Börü-S01-E06.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,179 downloadsDownload Subtitles33 KB

29 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi broo sub ekataa... Jaya wewa...!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  3. rangika Kariyawasam

    ජය වේවා .මේකට සබ දුන්න සියළුම සහෝලට බෝම තුති. නියම වැඩක්.නියම කතා මාලාවක්. ජයවේවා

  4. dsdkavishka

    Thenks bro

  5. priyan99

    Thsnks bro sub ekata

  6. Bobby

    Thank you very much Udayanga.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. SHEHAN350

    patta kathavak ban thanks broo

  10. Suranjan

    Thanks machan.....jayawewa....!

  11. Mr.pamz

    Thank you brother

  12. darshana100

    tama baluwe na saho godak thanks ikmanta dunnata

  13. NipunSachinda

    thanks for subtitel

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Kulanjana Maduranga

    subata thanks saho

  16. Hiran Eranda

    thanks for sub

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  18. indunilala

    අපි වැඩ්ඩෝ වගේ මේවා බාලා. ෆිල්ම් එක බලනවා... ඇත්තටම ආඩම්බරයි බන්... ජය වේවා... හැම තිස්සේම කමෙන්ට් දාන්න වෙන්නේ නැ.. ඒත් සබ් කරන සෙට් එකටම බුදුසරණයි. ජය වේවා....!!!

  19. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම දෙමු....

  20. geethkamal

    tnx saho sub ekata..jaya wewa

  21. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  22. Milindapriyalal

    Thanks bro sub එකට

  23. Deshan_ranjana

    Thanxxxx broo elam lassn kthawak

  24. kushanez

    after the series there is a nother part...i saw it on imdb but i cant found it from any torrent

  25. Pramukmili

    thanxxx bro.....

  26. Pradeepkumara

    Thnx broo

  27. melinda

    thank you

  28. Kanchaka

    Thanks bro

  29. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.