Watch Trailer

Legion [S02 : E09] with Sinhala Subtitles | මෙලනිට මොකද වුණේ? [සිංහල උපසිරැසි සමඟ]

මේ සතිය හැරුනම ලීජන් කතාමාලාව පටන් ගත්ත දා ඉදලම ගිය සතිය කොටසට හරියටම කොටස් අටක් පුරාවටම තාමත් කරන්නේ ෆරූක්ගේ මිනිය හොයන එකයි. තාමත් හොයාගන්න බැරිව දගලන්නේ ඇයි? මොකද මුල් කතාසමය බලපු යට නම් වැටහෙන්න ඕන ෆරූක්ගේ මිනිය හොයන එක නෙවෙයි කතාවේ පසුබිම වෙන්න ඕන කියලා. එහෙම වුනොත් නම් මේ කතාවට පමණට වඩා ඇදී ඇ…

මේ සතිය හැරුනම ලීජන් කතාමාලාව පටන් ගත්ත දා ඉදලම ගිය සතිය කොටසට හරියටම කොටස් අටක් පුරාවටම තාමත් කරන්නේ ෆරූක්ගේ මිනිය හොයන එකයි. තාමත් හොයාගන්න බැරිව දගලන්නේ ඇයි? මොකද මුල් කතාසමය බලපු යට නම් වැටහෙන්න ඕන ෆරූක්ගේ මිනිය හොයන එක නෙවෙයි කතාවේ පසුබිම වෙන්න ඕන කියලා. එහෙම වුනොත් නම් මේ කතාවට පමණට වඩා ඇදී ඇදීම යයි.

පසුගිය සතිය ගැන මතක් කරනවානම් ගිය සතිය පසුබිම් වෙලා තිබුනේ ෆරූක්ගේ මිනිය සොයා ගැන ඩේවිඩ් ගැනයි. එයාගේ එයාගේ රහසිගත මෙහෙයුම ආරම්භ කරන්න කලින්ම සහකයන් දෙන්නෙක්ට මානසික විදිහට දැනුම් දුන්නා. ඩේවිඩ්ට තැනක ඉදන් තවත් තැනකට යන්න තියෙන හැකියාව පාවිච්චි කරලා එයා යන්න ගියා. මේ අතරේ ප්ටොමි තෙවැනි අංශයේ තියෙන ගස් වලින් වැහුණු කම්පියුටර් තැනෙ ඉදන් හුගක් දේවල් හොයාගත්තා. මිය ගිය මී-ගෝ භික්ෂුවගෙ විඥ්ඥානය පවා හොයාගත්තා. ඒවගේම අද්මිරාල් ෆූකියාමාගේ ඉතිහාසය ගැන පවා දැනගන්නට ලැබුණා. වයස අවුරුදු 17 දී රජයට බදාවගෙන කරපු කිසිම කෙනෙක්ට ආරක්ෂාකාරී නැති මානසිකවම ක්‍රියා කරවන්න පුලුවන් අලුත් ලෝකයේ මානසික ක්‍රියාකරවීම් ගැන පවා දකින්න ලැබුණා. ඒ දැකගන්න ලැබුණු කොටස් වලින්ම තීරණයකට එන්න පුලුවන් අද්මිරාල් මේ කතාවේ ඉස්සරහට ලොකු කොටසක් විදිහට ඉස්සරහට අරගෙන යාවි කියලා. ඒවගේම තමයි විශේෂයෙන්ම විපරිතයින්ගේ හැකියාවන් වලට පවා නමම ගන්න බැරි මේ මනුස්සයව ෆරූක් ඉවරයක් කරලා දාන්න දගලන්නේ ඇයි කියලත් ඔයාලට තේරෙනවා ඇති නෙහ්.

ඒවගේම සිඩ්ගෙයි ක්ලාක්ගෙයි අතරේ අමුතු විදිහේ කතාබහක් දකින්නත් ලැබුණා ඩේවිඩ් ගැන. සිඩ් විශ්වාස කරන්නේ ඩේවිඩ් ආයෙමත් ආපු දවසේ ඉදලා ඩේවිඩ්ට සිඩ් ගැන තියෙන හැගීම් වෙනස් වෙලා කියලයි. ඩේවිඩ් ආයෙමත් ආව දවසේ ඉදලා කොහොමත් මේ දෙන්නගෙන් කාටවත් වැඩිය ඩේවිඩ් එක්ක කාලය ගත කරන්න ලැබුනේ නැහැනේ. ක්ලාක් කියන්නේ නම් සිඩ්නි ඩේවිඩ් ගැන කියන දේවල් පරිස්සමින් කියන්න ඕන කියලා මොකද ඩේවිඩ්ගේ චරිතය සිඩ්නි කියන කරුණු කාරනා වලින් වෙනස් වෙනවට ක්ලාක් කැමති නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ සිඩ්නි ඩේවිඩ්ට ආදරේ නැති බවක්. ඒත් තාම සිඩ්නිටවත් තේරුම් ගන්න බැරි ඩේවිඩ්ගේ සමහර පැතිකඩයන් වටහාගන්න බැරිවයි සිඩ්නි ඉන්නේ. සිඩ්නිට ඩේවිඩ්ව මුණගැහුණු කාලයේ ඉදන් සමර්ලෑන්ඩ් දක්වාම වෙච්ච හැම ආදරණිය සිදුවීමක් පවාම එයා ක්ලාක්ට කිව්වා. ඒත් පෙනුනහැටියට නම් ක්ලාක් බයෙන් ඉන්නේ සීඩ් නිකන් හරි එයාගේ හිත වෙනස් කරන් මහා බලගතු විපරිතයා ඩේවිඩ්ගේ හිත රිද්දලා එයා මුළු ලෝකෙම විනාශ කරලා දායිද කියලා වගේ. හැබැයි ඉතින් ඒ වගේ දෙයක් නම් පෙනුනේ නැහැ. මොකද සීඩ් ඩේවිඩ්ට තියෙන ආදරේ වැඩි කමටම ඩේවිඩ් ඉන්න කානතාරේට ප්ලේන් එකකින් ගිහින් පැරෂුට් එකකින් හරියටම ඩේවිඩ් හිටිය තැනටම ආවා ලෝකේ බේරගන්නවනම් ඒ දෙන්නා, ඒ දෙන්නගේ ආදරෙත් රැකගන්න ඕන කියලා හිතාගෙන.

ඒවගේම තමයි සිඩ් හා ක්ලාක් දෙන්නගේ කතාබහ අතරේ සිඩ් කිව්වා ඩේවිඩ් දන්නේ නැහැ කියලා ඇත්ත මොකක්ද කියලා. ඒවගේම හරි දේ වගේම වැරදි දේ මොකක්ද කියලත් එයා හරියට දන්නේ නැහැ කියලා. මේ පිළිබද ජෝන් හෑම් හොද පැහැදිලි කිරීමක් කළා. මිනිස්සු කට්ටියක් ගුහාවක් ඇතුලේ ඉදන් සෙවනැලි වලින් යම් යම් දෙන දකිනවා. ඒවගේම එයාලා ගුහාව පිටත තියෙන යතාර්ථය ප්‍රතික්ෂේප කරනවා මොකද එයාලගේ හිත් තුල විශ්වාසයක් තියෙන්නේ වෙනින් දෙයක් ගැන. එතකොට මේකේ අනික් පැත්ත ගැන කතා කරනවානම් ස්මාර්ට් දුරකථන තමයි අලුත්ම ගුහාවල් වගේම මිනිසුන් සෙවනැලි බවට පත් කරවන දේ. ඒවගේම මනුෂ්‍ය ගති ඉවත් කරලා සහකම්පනය පමණක් ඉතිරි කරන්නෙත් දුරකථනයි. ඔය වගේ පැහැදිලි කිරීම් යද්දී පොඩ්ඩක් හොදට බලන්න. මොකද කතාව තුල පැහැදිලි කරලා පෙන්වන්න බැරි කරුණු කාරනා තමයි තව කෙනෙක් ලවා වෙන වෙනම උදාහරණ අරන් පෙන්වන්න හදන්නේ.

කොහොම කොහොමින් හරි සිඩ්ගෙයි ක්ලාක්ගෙයි කතාවට මෙලනි හොරෙන් කන් දීගෙනයි හිටියෙ. ඩේවිඩ් ක්ලාක්ට මානසික විදිහට බාර දීපු රහස් මෙහෙයුමේ කොටස කරන්න යද්දීම මෙලනි ක්ලාක්ට පගර දුන්නා. ඒකෙන් හොදටම පැහැදිලි වුනා මෙලනිගේ හිත මේ වෙද්දීත් ෆරූක් වගේම ඔලිවර් විසින් ඩැහැගෙන ඉවරයි කියලා. මෙලනි වගේ හොද චරිතයකට ඔය වගේ දෙයක් කරපු එක නම් අපරාදයක්. මොකද මේ කතාසමය පටන් ගත්ත දා ඉදලම පෙන්නුවේ මෙලනි ඔලිවර් නැතුව දුකින් ඉන්නවා කියලානේ. එත් කොහොමද එක පාරටම මෙලනි වෙනින් කෙනෙක්ගේ පාලනයකට නතු වුණේ? අද කොටස බලන ඔයාලට ඒ ප්‍රශ්ණ හැම එකකටම විසදුම් ලබාගන්න පුලුවන්. ඒවගේම තමයි ඩේවිඩ්ගේ රහසිගත මෙහෙයුමේ ලෙනීටත් කරන්න වැඩ කොටසක් තියෙනවා. එයා කොහොමද ඒ කොටස කරන්නේ කියලත් බලන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,921 downloadsDownload Legion-S02E09.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,921 downloadsDownload Subtitles19 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kasun A.

    upasiresiyata thuthi chamara saho.jaya!

  4. විමා

    සබට තුති වේවා
    මෙන්න ගන්නෝ

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. sineth devapriya

    ස්තුතියි සහෝ එපි 9ම එකපාර බලන්න යන්නෙ.
    මේක මං අතෑරපු එකක්. ගිය සතියෙ 1 බලල ඉවර කරා. අද සීසන් 2 එකේ සෙට් එක ඉවර කරනව.

    .
    කවුරුහරි මට බලන්න අලුත් එකක් කියන්ඩෝ....

    1. SASANDA SENEVIRATHNE

      Krypton

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව කොටස් 2යි...

  9. SASANDA SENEVIRATHNE

    Thank you kiwwa

  10. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  11. pcdanuma

    sub ekata thanks

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.