කලින් කොටසේ ඉතාමත් අමාරුවෙන් වගේ ජැක්සන්වයි, මිච්වයි බේරගන්න කට්ටිය සමත් උනා. අන්තිමේ ජැක්සන්ට හැකියාවක් ලැබුනා ඇබිගේල්ගේ අවශ්‍ය කරන කශේරුකා තරල ටිකත් ගන්න. හැබැයි ඉතින් ඔයිට කලින් සෑම්වත් ඒබ් යානයට අරන් ආවේ ක්ලෙම්ගේ දරුවා බේරගන්න හිතාගෙන. මතකනේ ඇබිගේල් සෑම්ගේ ලේවලට මොනාද එන්නත් කළා. ඉතින් ඒවා දරුව…

කලින් කොටසේ ඉතාමත් අමාරුවෙන් වගේ ජැක්සන්වයි, මිච්වයි බේරගන්න කට්ටිය සමත් උනා. අන්තිමේ ජැක්සන්ට හැකියාවක් ලැබුනා ඇබිගේල්ගේ අවශ්‍ය කරන කශේරුකා තරල ටිකත් ගන්න. හැබැයි ඉතින් ඔයිට කලින් සෑම්වත් ඒබ් යානයට අරන් ආවේ ක්ලෙම්ගේ දරුවා බේරගන්න හිතාගෙන.
මතකනේ ඇබිගේල් සෑම්ගේ ලේවලට මොනාද එන්නත් කළා. ඉතින් ඒවා දරුවට දුන්න පස්සේ දරුවා මැරෙන්න තමයි යන්නේ. අන්ධ විශ්වාසයකින් ඉන්න සෑම් හිතන්නේ එහෙම වෙන්නේ ජැක්සන් සහ කණ්ඩායම හන්දා කියලා. මිනිහගේ උත්සාහය ඒබ්ව නවත්තන්න. ඔය අතරෙම කණ්ඩායමේ අනිත් අය ඇබිගේල්වත් අරගෙන යානයට එනවා. ඇබිගේල්ට හොදටම අසාධ්‍ය වෙලා තියෙන පාටක් තමා පේන්නේ. ජේමි ඒ අස්සේ ඩන්කන්ව යානයටත් අරන් එනවා එයා ලව්වා මිච් නොකරන වැඩක් කරවගන්න කියලා.
ජැක්සන්ගේ උවමනාවට ඇබිගේල්ව බේරගන්න ඒබ් ඉදිරිපත් වෙනවා. හැබැයි ඒකට ලොකු දෙයක් අහිමි කරගන්න වෙනවා කියලා තමා ඒබ් කියන්නේ. ඔය අතරේ ජේමිගේ බල කිරීම මතම අකමැත්තෙන් උනත් ඩන්කන් උත්සහ කරනවා ඇබිගේල්ගේ ජිවිතේ තොර කරන්න. කොහොමහරි මේකෙදි ඩන්කන්ගේ උපාය සාර්ථක වෙලා ඇබිගේල් මරණයට පත්වෙනවා. හැබැයි ඒත් එක්කම වාගේ නොසිතු කලබැගෑනියකට මුහුණ දෙන්නත් කට්ටියටම සිද්ද වෙනවා.
එහෙමනම් බලමු නේද අද කොටසින් මොනවගේ දෙයක් සිද්ද වෙයිද කියලා. ඊලග කොටහින් හමුවෙන තෙක් ඔබ සැමට ජය
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,714 downloadsDownload Zoo-S03-E10.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
7 comments
sachintha
Nuwantha Randika
Thank saho sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
rkasun
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
MAALnath
Thanks .................good luck ......................
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය