Watch Trailer

Valerian and the City of a Thousand Planets (2017) with Sinhala Subtitles | සහජීවනය, එකමුතුකම, සමාව සහ ආදරය.. [සිංහල උපසිරසි සමඟ]

මං හිතන්නේ ගොඩක් දෙනෙක් කතාව ලැබෙනකං මග බලාගෙන ඉන්න ඇත්තේ. ඉතිං වෙන කතා වගේ නැතුව මේක පරක්කු නොකර මම ඉක්මනට ගොනාවා. කතාව කලින් ලිපිය දෙන්න ඕනේ වුනත් ලිපියට ලියන්න ගොඩක් දේවල් නැති නිසා මෙදා පාර විකිපීඩියා වලින් තමයි මම වැඩි විස්තර ලිපිය වෙනුවෙන් ලබා ගත්තේ. මොකද කිව්වොත් මේක කොමික් විදියටත්, කතා පොත…

මං හිතන්නේ ගොඩක් දෙනෙක් කතාව ලැබෙනකං මග බලාගෙන ඉන්න ඇත්තේ. ඉතිං වෙන කතා වගේ නැතුව මේක පරක්කු නොකර මම ඉක්මනට ගොනාවා. කතාව කලින් ලිපිය දෙන්න ඕනේ වුනත් ලිපියට ලියන්න ගොඩක් දේවල් නැති නිසා මෙදා පාර විකිපීඩියා වලින් තමයි මම වැඩි විස්තර ලිපිය වෙනුවෙන් ලබා ගත්තේ. මොකද කිව්වොත් මේක කොමික් විදියටත්, කතා පොත් විදියටත් මීට කලින් පලවෙලා තිබුණත් ඒ ගැන වැඩි නිනව්වක් තිබුනේ නම් නෑ.

ඉතිං කතාව ආරම්භ වෙන්නේ පෘථිවි වර්ශ වලින් 28 වෙනි ශතවර්ශයේ සිට. අද අපි දන්නා අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් සංකීර්ණ බවට පත්වෙලා, පසුව ජාතීන් වශයෙන් ඒ සියලුම අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් එකිනෙකට එකතු කොට තමයි ඇල්ෆා කියන සුවිශාල අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අඩිතාලම නිර්මාණය වෙන්නේ. මෙමගින් අභ්‍යවකාශයේ සිටම අභ්‍යවකාශයේ එපිට ඈත ග්‍රහ වස්තූන් නිරීක්ශණය වගේම අභ්‍යවකාශ යාත්‍රාවන් නවතා තැබීම, ඉන්ධන පිරවීම, පිලිසකර කිරීම් වැනි දේවල් තමයි මෙතනින් සිදු කෙරුනේ. ඒ වගේම පෘථිවියේ සිට අභ්‍යවකාශයට ගවේශණ යානාවන් දියත් කිරීමට වඩා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගවේශණ යානා දියත් කිරීම ඉතාමත් ආරක්ශාකාරී වගේම ලාභදායි දෙයක් බවට පත් වුනා. නමුත් කෙමෙන් කෙමෙන් අවකාශයේ ගවේශිත කොටස් පුලුල් වීමත් සමග මන්දාකිණියේ වෙසෙන තව තවත් ජීවීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් සමග සහයෝගිත්වයෙන් යුක්තව ඒකාබද්ධ වෙනවා. මේ ආකාරයෙන් එකට ඒකාබද්ධ වුනු අභ්‍යවකාශ මධ්‍යස්ථානය ජීවීන් වර්ග දහස් ගණනක් ජීවත් වන්නා වූ අභ්‍යවකාශ කොලනියක් බවට පත් වෙනවා. මෙය තමයි ඇල්ෆා නමින් හඳුන් වන්නට යෙදුනේ.

ඇල්ෆා වල ජීවීන් හුදෙක්ම පෘථිවි වාසීන් නොවුනත් ඇල්ෆා ස්ටේශන් එක පිහිටන්නේ පෘථීවි ගුරුත්වය කේන්ද්‍ර කොටගෙනයි. නමුත් විශ්වය වටා සිටින ජීවින් ප්‍රමාණය වසරක් පාසා වැඩි වෙන නිසාත්. එමෙන්ම ඇල්ෆා ස්ටේශමත් දිගින් දිගටම වර්ධනය වෙන නිසාත්, ඇල්ෆා ස්ටේශමේ ස්කන්ධය සහ බර ප්‍රමාණය පෘථිවි ගුරුත්වය හමුවේ පෘථිවියට අනාගත තර්ජනයක් බවට පෘථිවි බලධාරීන් විසින් ප්‍රකාශ කොට සිටිනවා. මේ හේතුවෙන් ඇල්ෆා ස්ටේශම පෘථිවි කක්ශයෙන් මුදා හැර නිදහස් අවකාශයට තල්ලු කොට දමනවා.

කතාවේ ආරම්භය සිදු වන්නේ ඇල්ෆා ස්ටේශන් එක පෘථීවි කක්ශයෙන් මිදී වසර 400ත් පමණ ගතවූ පසුවයි. මේ වන විට ඇල්ෆා යනු අභ්‍යවකාශයේ දැවැන්ත සංකීර්ණයක්. එමෙන්ම එකිනෙකට වෙනස් ජීවීන් තමුන්ගේ හැකියාවන් අවශ්‍ය ක්ශේත්‍රයන් කෙරෙහි යොදවමින් ඇල්ෆා වෙනුවෙන් තමුන්ගේ කොටස ඉශ්ඨ සිද්ධ කරනවා. මේ ආකාරයට මනුශ්‍යයින් හට පැවරී තිබෙන රාජකාරිය වනුයේ එකිනෙකට වෙනස් ජීවීන් වෙසෙන ඇල්ෆා ස්ටේශන් එකෙහි පාලනය සමූහාණ්ඩුවක් ලෙස පවත්වාගෙන යෑමයි. එමෙන්ම බාහිර තර්ජනයන් ගෙන් ඇල්ෆාව සහ එහි වෙසෙන ජීවීන් ආරක්ශා කර ගැනීමයි. මේ වෙනුවෙන් මන්දාකිණිය පුරාවටම සාමය පවත්වාගෙන යෑම සඳහා විශේෂිත පොලිස් බලකායක් නිර්මාණය කරනු ලබනවා. මේ කතාවට පාදක වන්නා වූ කතා නායකයා සහ නායිකාව මෙම බලධාරීන් වෙනුවෙන් සේවය කරන සෙබලුන් දෙදෙනෙක්.

මොවුන්ට පෘථිවිය කේන්ද්‍ර කරගත් පාලන මධ්‍යස්ථානයේ අමාත්‍ය තුමා විසින් ලැබෙන අණක් අනුව ඇල්ෆා වෙතට ඇල්ෆා වෙතින් සොරකම් කරන්නට යෙදුනු ම්‍යූල් පරිවර්ථකයෙක් නම් සත්වයෙක් නැවත ලබා ගැනීමට සිදු වෙනවා. මෙහිදී දිගින් දිගටම මොවුන්ට අකරතැබ්බයන් වලට මුහුණ පාන්නට සිදු වෙන අතර, මෙම සත්වයා මුලු විශ්වයටම ජීවත් වන්නා වූ අවසාන සත්වයාද වනවා. මේ සත්වයාගේ ඇති විශේෂත්වය වනුනේ, ඕනෑම මූලද්‍රව්‍යක් ජීර්ණය කොට එකෙනෙහිම ජීර්ණය කරන්නට යෙදුනු මූල ද්‍රව්‍යන් හෝ අමු ද්‍රව්‍යන් නැවත ලබා දීමට ඇති හැකියාවයි. නමුත් සමූහාණ්ඩුවේ බලධරයෙකුගේ ක්‍රියා කලාපයක් නිසා ම්‍යුල් නම් ග්‍රහලෝකය විනාශයට පත් වෙනවා. එහි අහිංසකව සාමාකාමීව ජීවත් වුනු පර්ල් නම් ජීවීන් කිහිප පිරිසකට පමණක් මෙහිදී ලෝක විනාශයෙන් පණ බේරාගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් එහි අධිරාජ්‍යයාගේ දුවගේ ආත්මය ඒ විනාශයත් සමග කතා නායක වන වැලේරියන් ගේ සිරුරට ඇතුල් වීමත් සමගයි කතාවේ ආරම්භය සිදු වෙන්නේ.

කතාව ස්පේස් ඔපෙරා ආකාරයෙන් නිර්මාණය කර තිබෙන නිසා ස්ටාර් වෝස් වගේ බලන අයට නම් ලොකු ගානක් දැනෙන එකක් නැතිවෙයි. ඒත් වෙනත් කතා වලට වඩා සමාන්තර ගත විශ්වයන් මේ කතාවේ ශොපින් කරන්න භාවිතා කරලා තියෙන ආකාරයත් එක්ක මුල් ටිකේම මොන විකාරයක්ද කියලා හිතෙන්න පුළුවන්. ඒත් ටිකක් විතර හිතලා බැලුවොත් බිග් මාකට් එකේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තරමක් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් කම ලැබේවි.

ඉතිං එහෙනං කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම කතාවෙන් සමු ගන්නම්.

ආයු -බෝ -වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම BRRip  පිටපත් සඳහා වලංගු වේ.

25,354 downloadsDownload Valerian.and_.the_.City_.of_.a.Thousand.Planets.2017-BR.zip169 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

25,354 downloadsDownload Subtitles169 KB

72 comments

  1. Thilina Chamara

    thank you

    1. Vmadu

      Link එක denna බැරිද bn

  2. Udith

    Chocago P.D Season 5 ekatath sub denna Baiscope..

  3. malith madhushan

    thanx saho denakan balan hitiye maka

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  5. Gathsara Umesh Kumara

    Hmooo..
    Praneeth ayya..
    Mov ekkin kalekin nehe...
    Bhiom sthuthiyu..m

  6. KAVINDA GAMAGE

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. නවින් නිසල්

    සබ් එකට තුති.. :) :)

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..එනකම් බලන් හිටපු ෆිලුමක් මේක. බී,ආර් එකක් ආව ගමන් බාමි. ජය වේවා!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Chamith Mihiranga

    Thank you very much bro...!

  12. Hemal

    Praniyaa Thx aa <3

  13. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට ප්‍රණීත් සහෝ.
    ජයෙන් ජය.

  14. විමා

    කාලෙකට පස්සෙ ෆිලුමකින් ඇවිල්ල.
    සබට තුති ප්‍රණී!

  15. dilshan

    sub ekata tnx..but download site eka ne na..torrent ganna gihama time ekath yanawa .please puluwannam ikmanatama upload karanna.tnx good job

  16. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  17. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ!

  18. Sajith Anthony

    උපැසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  19. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  20. C. R. ජයලත්

    නියමයි ප්‍රණීත් අයියා ජය වේවා!!!!

  21. Ravindu Rukshan

    thx

  22. Udara Damith B/K

    උපසිරැසියට.
    ස්තූතියි සිංහල
    2323

  23. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  24. Nisal Tharinda

    Thank for sub.. Waiting for Blu Ray Rip

  25. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  26. pasindu

    සබට ස්තූතියි

  27. Chaminda madusanka

    සබ් එකට ස්තූතියි සහෝ. Br Rip එකනම් ඇවිල්ලා........

    1. Ravin

      Br Rip එක ලබා දෙන්න යාලුවේ

  28. nirodha uthpala

    Thx for praniya bro brrip nam avilla update karaddi srt file valin update eaka diyan bro loku udavuwak. .....thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  29. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  30. අසිත

    elama saho thnaks

  31. Tharanga

    Thanx bro

  32. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    1. Ravin

      BLURAY update දෙන්න යාලුවේ.

  33. chanaka n,k

    thanks

  34. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  35. Harsha

    ස්තූතියි සහෝ!

  36. lakshan

    බොහෝමත්ම ස්තූතියි

  37. mahesh

    බොහොම ස්තුතිය සබ් එකට

  38. chanaka n,k

    සුපිරි ‍ෆිලුමක් ආ ..සුපිරි ‍ෆිලුමක් ආ ..බලලාම කමෙන්ට් කලෙ

  39. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  40. eranga anuruddha

    thanks

  41. Ravin

    torrent link එකක් ලබා දෙන්න යාලුවේ..

    1. chanaka n,k

      torrentz2 web ekata yanna. eken search karala ganna

  42. Ruchira

    Thanks for the sub!!!!!

  43. thisan

    thx brov

  44. D.Chamara

    bohoma sthuthi sahooo

  45. thisal

    ස්තුතියි

  46. Chinthaka

    Thank u Bro ..............

  47. SanjulaJeter

    thanks

  48. Yasiru Kapurusinghe

    thnx bro

    1. Pasindu Kavishka

      Elah

  49. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  50. DamithSri

    Niyamai...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.