සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! 150 වෙනි උපසිරැසිය නොහොත් තුන්වන උපසිරැසි ක්ෂෙත්‍රෙය් කඩඉම වන Enemy (2021) සඳහා සිංහල උපසිරැසි ලබාදුන්නාට පසුව මා ඔබ හමුවන පලවෙනි අවස්ථාව, අද සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන ආයේ දෙසැම්බර් මස 10 වන දින නෙට්ෆිලික්ස් හරහා නිකුත් කරන ලද නවතම වෙබ් සීරිස්…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! 150 වෙනි උපසිරැසිය නොහොත් තුන්වන උපසිරැසි ක්ෂෙත්‍රෙය් කඩඉම වන Enemy (2021) සඳහා සිංහල උපසිරැසි ලබාදුන්නාට පසුව මා ඔබ හමුවන පලවෙනි අවස්ථාව, අද සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන ආයේ දෙසැම්බර් මස 10 වන දින නෙට්ෆිලික්ස් හරහා නිකුත් කරන ලද නවතම වෙබ් සීරිස් එකක පලමු වන කතාංගය සඳහායි. කතාව ගැන කියන්න යන්නට මත්තේ මේ වෙබ් කතා මාලාව සඳහා සිංහල උපසිරැසි කිරීමට මාවත් හවුල් කරගත් මයුර සුරාජ් ඇතුලු බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මඩුල්ල වෙත ස්තුති කර සිටිනවා.
කතා මාලාව ගැන කියන්නට පෙර හිංදි සිනමා රසික ඔබ කවුරුත් හඳුනන Raveena Tandon ගැනත් ඇයගේ හදිසි සිනමා ආගමනයත් ගැන වදන් පෙලක් නොකියා බෑ. දිර්ඝ කාලයකට පසු Raveena Tandon ඇයගේ Digital Debut වෙබ් කතා මාලාව වන Aranyak ඔස්සේ තම ප්‍රේක්ෂකයින් මවිත කරමින් නැවතත් කරලියට පැමිණ සිටිනවා. ඔබ හිංදි සිනමා රසිකයකු නම් අනිවාර්යෙන් අනුව දශකයේ හිංදි සිනමාපටයන් රසවිඳලා ඇති අනිවාර්යෙන් එකල සිනමා නිර්මාණ වල රසිකයකුද වෙනවා ඇති,මේ තියුණු අභිරහස් ත්‍රාසජනක කතා මාලාවේ Raveena Tandon ඇයගේ චරිතය මනා ලෙසින් හොඹවමින් දැඩි අවබෝධයකින් යුතුව උපරිම සාධාරණයක් ඉටු කරමින් තවත් ඇය රංගනයෙන් පරිණත වී ඇති බව ලොවපුරා සිටින ප්‍රේක්ෂකයින් මෙන්ම සිනමා විචාරකයින්ද පවසා තිබුණා.එය සත්‍යක්දැයි කියා Aranyak කතා මාලාව නරඹන විට ඔබටත් පසක් වේවි.
කතා මාලාවේ අන්තර්ගතය ගැන යමක්….
දේශපාලන බල සෙල්ලම, මත්ද්‍රව්‍ය ජාවාරම්, පුද්ගලික රහස්, අද්භූත සත්වයෙකු ආදි කරුණු වලින් සමන්විත කතාංගයේ පොලිස් නිලධාරින් දෙදෙනකු විසින් තියුණු ලෙස හා ත්‍රාසජනක අභිරහස් පිළිබඳව විමර්ශනයක් කරමින් සිටියි. විශේෂයෙන්ම සඳහන් කලයුතු දේ නම් සාම්ප්‍රදායික ලෙස මෙහි සිටිනා කිසිඳු චරිතයක් අංග සම්පූර්ණ වීරයන් නොවෙයි සැබෑ ලෙස ප්‍රායෝගිකව කතාව ගොඩනගා තිබෙන අතර ආරම්භයේ සිටම සෑම කතාංගයක් පසාම කුතුහලයට පත් කරමින් මෙහි අධ්‍යක්ෂක Vinay Waikul විසින් ප්‍රේක්ෂකයින් ඇද බැඳ තබා ගැනීමට සමත් වී ඇති බව සඳහන් කල යුතුයි.තාක්‍ෂණය, සංගීතය, සංස්කරණය සහ කැමරාකරණය ඇතුළු සෑම අංගයක්ම මැනවින් සමමුහුර්ත කර ඇත. භූ දර්ශන ගැලපෙන ලෙසින් අඳුර,අළු පැහැති අහස වනාන්තර හා අලංකාර කඳුකරය,නගරයන් සහ සුදුසු ගෘහ නිර්මාණ ආදියෙන් පසුතල සැකසුමද කතාවට සරිලන ආකාරයට නිර්මාණය කර තිබිම අගය කලයුතු කරුණු අතර වේ.
එසේ නම් වෙනදා මෙන්ම අදත් කතාංගයේ තිබෙන කතාව කුමක්ද කියා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ,මීදුම සහිත අඳුරු කඳුකර වනාන්තරයක පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ තියුණු අභිරහස් මිනීමරුවකු හා ගෙතුන Mystery, Thriller වර්ගීකරණයට අයත් කතාවක් නැරඹිමේ අදහසින් මෙයත් නරඹන ලෙසට මා ඔබට ආරාධනා කර සිටිනවා. තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදටම සමු ගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,838 downloadsDownload AK-S01-E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
26 comments
මයුර
ishan
thank you inside edge ekatath sub eka dennako ikmanata
THARIDU16
niyamayi.okkoma dunnama balanwa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Gayan
බලන්න මොලොවක් නැතිව හිටියේ
සුපිරියි සහෝ ඉතුරුවත් ඉක්මන්ට ඕනKushan
Sub akta thanks
Anonymous
Inside edge ekatath sub oni ikmanin
Nimal perera
අනේ අයියේ මට කියන්න දෙයක් තියනවා.
ඒ තමයි Detective Chinatown 01 (2015) එකේ කිසිම වීඩයෝ කොපියකට ඕගොල්ලන්ගෙ Detective Chinatown 01 (2015) එකේ සිංහල උපසිරැසි ගැලපෙන්නේ නැහැ. අනේ ඒක ඉක්මනටම හදන්නකෝ. Please.
එවගේම මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා ඕගොල්ලන්ගේ Telegram group එක්ක හදන ලෙසට.Buddhika Lakmal
කතාවනං පට්ට වගේ...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!P_mihir
Thnx for the sub
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
thriller hindi series ekak nm nobala komai
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Thanks jayawewa....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks baiscope !
chami
thanks brother
Naveen
උපසිරසියට තුති
Anonymous
ඔක්කොම දුන්නම බලන්න ඕන
අනිත් එපි ටිකත් ඉක්මනින්ම දෙමුAnonymous
Inside edge s03 one sub
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
Thanks for sub
යුරාන් ධනුක (දනුවා)
බොහොම ස්තූතියි අයියා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Advertisement


සබට තුති තරිඳු අයියේ..