ඇඩ්මින් මඩුල්ල විසින්: මේ සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ලබා දී ඇති බැවින් ඔවුන් දෙදෙනාටම අසාධාරණයක් නොවන විදිහට ඒ උපසිරසි දෙකම ලබා දෙන්න අපි තීරණය කළා. මීට පස්සෙ තව මේ වගේ අළුතින් උපසිරසි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මුළින්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ඊමේල් මාර්ගයෙන් දැනු…

ඇඩ්මින් මඩුල්ල විසින්:
මේ සිනමාපටයට උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ලබා දී ඇති බැවින් ඔවුන් දෙදෙනාටම අසාධාරණයක් නොවන විදිහට ඒ උපසිරසි දෙකම ලබා දෙන්න අපි තීරණය කළා. මීට පස්සෙ තව මේ වගේ අළුතින් උපසිරසි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මුළින්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ඊමේල් මාර්ගයෙන් දැනුම් දීමක් සිදු කර උපසිරසි ගැන්වීමට යන සිනමාපටය වෙන කෙනෙකු භාරගෙනද, දැනටමත් එය උපසිරසි ගන්වා අවසන්ද, නැත්නම් ඇතැම් විට එය දැනටමත් අප වෙබ් අඩවියේ ලබා දී තියෙනවද කියලා මුළින්ම දැනගෙන ඉන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මීට ටික දවසකට කළිනුත් එක උපසිරසිකරුවෙක් කළින් අපේ වෙබ් අඩවියේ කළින්ම පල කර තිබූ සිනමාපටයකට උපසිරසි එවා තිබුණා. ඉතින් ඒ වගේ අවස්තාවකදී කළින් උපසිරැසිය ලබා දීලා තියෙන නිසා කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා අපිට ඒ උපසිරැසිය ආයෙම පල කරන්න පුළුවන් කමක් නෑ. අනික උපසිරැසිය කරපු උපසිරසිකරුවාගේ කාලෙත් අපරාදේ මහන්සියත් අපරාදේ එහෙම වුණාම. ඒ නිසා ඔයාලා අළුතින් උපසිරසියක් කරන්න කළින් අපේ [email protected] කියන ලිපිනයට මේල් එකක් දාලා ඇඩ්මින් මඩුල්ලෙන් විමසා සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒකෙන් උපසිරසි කරන ඔයාලත් ඇඩ්මින් මණ්ඩලය වෙන අපිත් පත්වෙන අපහසුතාවය වළක්වාගන්න පුළුවන් වේවි. ස්තූතියි… 🙂
සමන් ප්‍රසාද් සොයුරා විසින් ලියන ලද ලිපිය.
කොහොමද බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට. දැන් ගෝතම් එහෙමත් ඉවරයිනේ නෙහ්. 😀 ගෝතම් ඉවර වුනාට පස්සෙ ඉතින් අද තමා ඔන්න බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ව හම්බවෙන්න එන්නෙ මේ. ෆිල්ම් එක Angry Birds. කට්ටිය කෙළ හල හල හිටපු ෆිල්ම් එකක්නෙ ඉතින් මේක නෙහ්. මේක එනවා කියලා දැනගත්ත දවසේ ඉඳන් ඇහැගහගෙන හිටියෙ පුළුවන් වුනොත් ගන්න කියලා. බලද්දි ඉතින් අපේ මාමා අරගෙන නොවැ. මොනා කොරන්නද කියලා ඉතින් නිකන් හිටියා. එහෙම ඉන්නකොට තමා ඔන්න මේක කරපිය කියලා මැසේජ් එක ආවේ. ඒ ආවෙත් මාමාගෙන් නෙවේ, අපේ කවුරුත් දන්නා ඇනිමේෂන් අක්කා හෙවත් නිර්මාණි අක්කගෙන්. මාමට ළමයි නලවන්න තියෙනවා කියලා නිර්මාණි අක්කට දීලා තිබුණා සබ් එක කරන්න කියලා. පස්සෙ එතුමියටත් අධ්‍යාපන වැඩ වැඩියි කියලා කරන්න අරගෙන මග නවත්තලා මට කරන්න කිවුවා. දෙයියො කණට ගැහුවා වගේ කැරකිලා අන්තිමට කෙළ හලපු එකා ළඟටම ෆිලුම ආවා. ඔන්න ඕකටයි දරුවා වාසනාව කියන්නෙ 😀 එහෙනම් ෆිල්ම් එකේ විස්තර ටිකක් බලමුකෝ…
ඉතින් ෆිල්ම් එක අධ්‍යක්ෂණය වෙන්නෙ Tangled, Wreck It Ralph, Frozen වගේ ෆිල්ම් වලට සජීවීකරණ අංශයෙන් සහය වෙච්ච Clay Kaytis අතින්. මේකෙ හඬ නළුවන් ගැන බැලුවොතින් අපේ හැම වෙලාවෙම කේන්ති යන රතුපාට කුරුල්ලා වෙන රෙඩ් විදිහට Jason Sudeikis ද, කහපාට කටකාර චක් විදිහට අපිට Frozen සිනමාපටයේ එහෙම Olafට හඬ කවපු Josh Gad ද, යෝධ උකුස්සා විදිහට අපි හුඟක් දෙනෙක් GOT වල Tyrion Lannister අයියා විදිහට අඳුනන Maya Rudolph ද, ලියනාර්ඩ් විදිහට Bill Hader ද, තරහ පාලනය කරන්න උගන්නන පංතියේ ගුරුතුමිය වෙන මැටිල්ඩා විදිහට Maya Rudolph ද, අපේ තඩි බෝම්බ් විදිහට Danny McBride ද, අර භයානක පෙනුමක් තියෙන යෝධ ටෙරන්ස් විදිහට Sean Penn ද තම හඬ දායකත්වය ලබා දෙනවා. දන්නවනෙඉතින් කතාවට පාදක වෙන්නෙ Rovio Entertainment සමාගම විසින් නිපදවපු Angry Birds කියන ගේම් එක. කතාව ඉතින් මෙහෙමයි…
ඔන්න ඉතින් පියාඹන්න බැරි කුරුළු ප්‍රජාවක් ඉන්නවා එක්තරා දූපතක. එක එක හැකියාවන් තියෙන කුරුල්ලො තමා ඉතින් මෙයාල. ගේම් එක ගහපු අය දන්නවා ඇතිනෙ ඉතින් අර අමුතු සද්ද දාගෙන ගිහින් ප්‍රහාර එල්ල කරන්නෙ නෙහ්. ගේම් එක ගහලා නැති අය මේක බලනකොට බලන්නකො. ඉතින් රෙඩ් මේ අතරින් එක විශේෂ කුරුල්ලෙක්. විශේෂත්වේ කියන්නෙ පොඩ්ඩ ඇත්නම් මෙයාට කේන්ති යනවා. ඉතින් මෙහෙම තරහ ගිහින් වෙන සිදුවීමක් නිසා මෙයාව නඩුකාරතුමා යවනවා මැටිල්ඩාගෙ කේන්තිය පාලනය කරන පංතියට කේන්තිය පාලනය කරන්න ඉගෙනගන්න. මෙතනදි ගමෙන් වෙන්වෙලා ඉන්න මෙයාට යාළුවො දෙන්නෙක් හම්බෙනවා. එක්කෙනෙක් තමා හැකර කටක් තියෙන ෆ්ලෑෂ්, ක්වික්සිල්වර්, සූම්, රිවර්ස් ෆ්ලෑෂ්, කිඩ් ෆ්ලෑෂ්, වගේ වේගෙන් යන චක්. මේ චක්ගෙ එක්ස් මෙන් ක්වික්සිල්වර් දර්ශන කීපයක්ම ඔයාලට බලාගන්න පුළුවන් ෆිල්ම් එක බලද්දි. හෙ හේ… 😀 අනිත් කෙනා තමා කළු තඩියා බෝම්බ්. හිත කළබල උනොත් බූම් තමා. 😀 ඇත්තටම තුනේ කල්ලි නම් පට්ටයි. හෙ හේ… 😀 කොහොම හරි ඉතින් මේ තුන්දෙනා පන්තියෙදි හම්බුණාට රෙඩ් වැඩි කැමැත්තක් නෑ මේ දෙන්නා එක්ක කාලෙ ගත කරන්න. කොහොම හරි ඔය අතරෙ මේ දූපතට අළුත් කට්ටියක් එනවා. ඒ තමා ඌරු දූපතේ ඉඳලා එන ඌරො. මේ කුරුළු දූපතේ ඉන්න මේ පියාඹන්න බැරි කුරුල්ලො හිතාගෙන ඉන්නෙ එයාලා විතරයි මේ ලෝකෙ ඉන්නෙ කියලා. ඉතින් මේ ඌරො ආවම එයාලා හරිම උණුසුම් විදිහට ඌරන්ව පිළිගන්නවා. ඒත් මේ ඌරො එන්නෙ හොඳ චේතනාවකින් නම් නෙවෙයි. මොකාටද මේ ඌරො ටික එන්න හදන්නෙ??? ඔයාලටම බලන්න කියලා කියන ගමන් මං යන්නම්. බයිස්කෝප් එන හැමෝටම ජය…!!!
ප.ලි. : මේකෙ ඉන්න ටෙරන්ස්ව දැක්කහම අපේ තිසර නියෝව මතක් වුණේ මට විතරද??? නෑ නෑ හසා මාමටත් මතක් වුණාද කොහේද… 😀
කවින්ද බුද්ධික සොයුරා විසින් ලියන ලද ලිපිය…
කාලෙක ඉඳන් ආසාවක් තිබුණා ෆිල්ම් එකකට සබ් එකක් කරන්න. ඔන්න දැන් ඒකත් හරි. මේ ෆිල්ම් එක ගැන නම් ගොඩක් දෙනක් දන්නව ඇති. කවුරුත් දන්න Angry Birds ගේම් එක පාදක කරගෙන හදපු ඇනිමේශන් ෆිල්ම් එක තමයි මේක. ෆිල්ම් එක ගැන කියනවනම් මේක ලෝකෙ පුරාම ප්‍රදර්ශනය ආරම්භ කලේ මැයි 20 වෙනිදා. නිශ්පාදන කටයුතු ගැන සඳහනක් කලොත් මේකෙ පිටපත ලියලා තියෙන්නේ jon vitti. අධ්‍යක්ශණය clay kaytis සහ fergal reilly. සම නිශ්පාදනය rovio entertainment සහ sony pictures image work. සංගීත නිර්මාණය heitor pereira. මේ ෆිල්ම් එකේ නිශ්පාදන පිරිවැය ඩොලර් මිලියන 73ක්. ආදායම ඩොලර් මිලියන 283.5 කියලයි සඳහන් වෙන්නේ.
සබ් එක ගැනකි කිව්වොත් මේක තනිකරම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් ලියපු එකක්.. ලයින් 1400 කට වඩා තියනවා. වෙන වැඩ අස්සේ කරපු නිසා දවස් 4ක් විතර ගියා සම්පූර්ණ කරන්න. අන්තිමට කියන්න තියෙන්නෙ වැරදි අඩුපාඩු තියනවනම් කියන්න. ඊලඟට කරන එක මීට වඩා හොඳ වෙන්න. චිත්‍රපටිය බාගෙන බලන්නකෝ. ගිහින් එන්නම්.
Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කර ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
Angry.Birds.2016.720p.BRRip.x264.AAC-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
29,642 downloadsDownload Angry.Birds_.2016..BRRip_.zip113 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සහ “සමන් ප්‍රසාද්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #2016
- #Bill Hader
- #Danielle Brooks
- #Danny McBride
- #Editor's Pick
- #Hannibal Buress
- #Ike Barinholtz
- #Jason Sudeikis
- #Jillian Bell
- #Josh Gad
- #Kate McKinnon
- #Keegan-Michael Key
- #Maya Rudolph
- #Must Watch
- #Offbeat
- #Peter Dinklage
- #sinhala
- #Sinhala Subtitle
- #Tony Hale
- #You Decide
- #කවින්ද බුද්ධික
- #ජෙරෝම් වැලස්කා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
79 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
Dasitha147
dennatama bohoma sthuthie sub dunnatata. obalata jaya!
Dilusha Nuwan Narasinghe
සුපිරි ෆිල්ම් එකක් දෙන්නටම තෑන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි කවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lc Sandaru
tnx brother
sanath indika
thx broo
Lahiru Rasadun Wickramasinghe
මරු අහ්හ්හ්හ්හ්හ්හ්
දිගටම සබ දමුnadeera witharanage
බොහොම ස්තූතියි
Milinda
macahn hdrip akka waith update krnna barida
m
Thanks !!!!!!!!!!!
Chaminda madusanka
Bro bluray copy awillaa....... update karamuda...
Trishan viduranga
Bluray aewillooooo
Wickrama
thanks Ela Kiri
නිලන්ත [Rumesh Nilantha Jayayaweera]
thank bluray update
Ishan Madusha
ස්තුතියි උපසිරැසිය br update කලාට.
indika
ela ela mamath meka enakan balan hitiye
shan
niyamaiiii...
sub ekata thanks.. :)Keshan Wasala
බොහොම ස්තුතියි දෙන්නටම ජය වේවා !!!
නිලුපුල් මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි..
sammani
Niyamai aa. Good job.
chanaka
ela
Menura sathsara
Niyamai.digatama karagena yamu.good luck!
sajith lasantha
thankzz!
Supun Madhusanka (Bunny)
Thanks brothers..... Jayen jaya.....!
lakshan
thanks machn......
Ishan Hansana
thanq bokka
dragonhero
thanks
A JAYANATH
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....
Supun M. Hettigoda
Thanks.... Jaya wewa....!!!
rockz2020
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
සුපිරි ඇනිමේෂන් එක සහෝලා ✌:) ප්‍රඥා විල ෆට්ට සහෝ හික්ස්. ;)
සබ් දුන්නට බොහොම ස්තූතියි! ❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mahela ubhayanga
සුපුන් රණසිංහ
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
අරුන
මේකෙ ෆිල්ම් එක ගන්න බෑ නේ
ou
sub eka gnna ba ne
Pradeep Anuruddha Dissanayake
එනකම් බලන් හිටියේ.දෙන්නටම තැන්කු ඈ :D
nilantha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Pradeep Anuruddha Dissanayake
මෙන්න මෙතනින් ගන්න ECF283F6D7B7280A097C9990E32C7D2840CD7930
NAVIN
Thanks
Randhu Heshan
උපසිරැසියට ස්තූතියි..
BR ආවම බලනවා.. :Dpraneeth madu
tnx mcnla
Wilhelmina
Åh, så nydelig veske! Du er en sann mester med vesker - her dukker den ene vakre etter den andre opp:-) Du kan tro jeg er misunnelig... :-)Hadde vært koselig med et Solli-treff igjen, men det er lite aktivitet på Øtreold-gsuppfn for tiden... Håper vi får det til:-)Ha en fin dag!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !kumaraya
"Extraordinary Measures (2010)" sub denna puluwanda?
charith
gyz ikmnata jungle book subs ekat danna. plz plz.
Dimuthu
Kiyala wedak ne. Thank you....
විමා
මේකට කෙල හැලුවෙ නාකි උන්දවත් තෝවත් නෙමෙ මම බොල
නමුත් මම නොකල හේතුව නිමෝ දනී
දෙන්නටම සබට තුති ආසමන් ප්‍රසාද්
හෑ... මොනවා... උඹත් කෙළ හැලුවද??
අවුලක් නෑ... මටනෙ හම්බුනේ...
හා හා මං නිමෝගෙන් අහගන්නම්... :Dනිර්මාණී
ඔව් ඔව්. මේකට කෙල හැලුවෙ කාටත් කලින් විමා. මාත් එකක් රණ්ඩු වුනෙත් විමාම තමා. ඒත් කරන්න විදියක්ම නැති වුනායි උදව්වට උඹ හිටියෙ. තැන්කූ පූසො. කවදත් හිර වුන වෙලාවට උදව්වට ඉන්නවාට පිං. හෙ හේ.
Dilina Halgahagoda Sandika
pandithaya
Sajith Anthony
කවින්ද බුද්ධික සොයුරාටත්, සමන් ප්‍රසාද් සොයුරාටත් ස්තුතියි සබ් එක එක වෙනුවෙන්.
එනකම් බලන් හිටියේ.
ජයෙන් ජයම වේවා…!!!Udara Damith B\K
......................................උපසිරැසියට ස්තූතියි................
Sandeepa Ratnayake
කවින්ද බුද්ධික සොයුරාටත්, සමන් ප්‍රසාද් සොයුරාටත් ස්තුතියි සබ් එක එක වෙනුවෙන්.....
"මේකෙ ඉන්න ටෙරන්ස්ව දැක්කහම අපේ තිසර නියෝව මතක් වුණේ මට විතරද??" :-) :vChami.S
Thanks..
Good Luck...Avishka Himash
superb...............thanx
ලහිරු චානක
එළකිරි වේවා...!!!
වස්සානය
http://kickasstorrentsam.com/angry-birds-2016-hdtc-msu-t126…
පොඩි කොපිය මෙතන (650)
Advertisement

නියමයි
එල ෆිලුමක්
සිංහල උපසිරැසියට දෙදෙනාටම ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!