Watch Trailer

Goldfinger (1964) Sinhala Subtitles | රත්තරන්! රත්තරන්! [සිංහල උපසිරැසි]

එහෙමනම් ඔන්න 007 තුන්වැනි එකත් අරගෙන ආවා. මෙච්චර කලක් මේ රස වෑහෙන සිනමා පෙළ සිංහල සිනමා රසිකයා අතරට ගියේ බොහොම සීමිතව. අලුත ආපු ඒවා මිසක් මේ පරණ ඒවා ගැන හුඟ දෙනෙක් උනන්දුවක් දැක්වුවෙ නෑ. සමහරු දන්නෙත් නෑ මෙච්චර චිත්‍රපට ගොන්නක්ම Bond ට අයිති බව. මමත් මේ සිනමා පෙළ ගැන හිත යොමු කළේ බයිස්කෝප් හා එකතු…

එහෙමනම් ඔන්න 007 තුන්වැනි එකත් අරගෙන ආවා. මෙච්චර කලක් මේ රස වෑහෙන සිනමා පෙළ සිංහල සිනමා රසිකයා අතරට ගියේ බොහොම සීමිතව. අලුත ආපු ඒවා මිසක් මේ පරණ ඒවා ගැන හුඟ දෙනෙක් උනන්දුවක් දැක්වුවෙ නෑ. සමහරු දන්නෙත් නෑ මෙච්චර චිත්‍රපට ගොන්නක්ම Bond ට අයිති බව. මමත් මේ සිනමා පෙළ ගැන හිත යොමු කළේ බයිස්කෝප් හා එකතු වුණායින් පස්සෙයි. මේ එකමුතුවෙන් දැනටම තුනක්ම ගෙන ආවා වගේ ඉතිරි සියල්ලමත් ගෙන එන්නටයි අපගේ බලාපොරොත්තුව. කලින් දීපු දෙකම 60-70 කාලේ වුණත් 1000 කට ආසන්න පිරිසක් අරගෙන තියෙන බව පේනවා. ඒකෙන්ම පේනවා මේ චිත්‍රපට පෙළ අපෙන් වහං වෙලා තිබුණට කොයිතරම් නම් අගනා සිනමා පෙළක් ද කියන වගත්. ඒ අස්සෙම කියන්ඩ ඕනෙ මේකෙ අලුත්ම චිත්‍රපට දෙකකට දැන් ලහි ලහියේ මුල් කටයුතු කෙරීගෙන යනවා කියන එකත් 😉

හරි මේ තුන්වැනි චිත්‍රපටයෙත් විශේෂත්වයන් ‍රැසක්ම තියෙනවා කියන්ඩ. කතාව ගැන බලන්ඩ කලින් ඒ ගැන බලල ඉමු එහෙනම්. ජේමිස් බණ්ඩා චරිතය ‍රැගත් චිත්‍රපට අතරින් ප්‍රථම වටාවට HIT එකක් වුණ චිත්‍රපටිය තමයි මේක. Blockbuster Movie කියන්නෙ. තව විදිහකට කිව්වොත් සිනමා ලෝකය හොල්ලපු, ප්‍රේක්ෂක ආන්දෝලනයක් ඇති කරවපු, ශාලාවන් අතුරු සිදුරු නැතිව පුරවපු, මුල්ම Bond සිනමා පටය වුණේ මේ චිත්‍රපටය. ඇයි Bond සිනමා පෙළෙහි ප්‍රථම Oscar සම්මානලාභියා වුණේත් මේ චිත්‍රපටය. ඔබට හිතාගත හැකිද ඒ සම්මානෙ මොකද්ද කියලා? Skyfall මේ පාර දිනපු එකමයි. Best Sound Effects Editing. හැබැයි Goldfinger මේකට හිමිකම් කීවේ හවුලේ නොවෙයි. තනිවමයි. ඉතිං හිතාගත හැකිනේ මේ චිත්‍රපටයේ ශබ්ද සංකලනය ගැන! (මේ සිනමා පෙළෙහිම ශබ්ද තාක්ෂණය ගැන හොඳ තක්සේරුවක් ඒකෙන් ලැබෙනවා කියලයි මගේනම් අදහස) තව දුරටත් සලකද්දී මේක හදන්ඩ වැය කළේ මුල් චිත්‍රපට දෙකේම වියදමේ එකතුවට සමාන මුදලක් ($ 3 m) වුණාට මේක ($ 125 m) හෙව්වා. කොහොමද පහර? ඒ ඇරුණම මුල්වරට Bond ගැජට් කාර් එක තියෙනවා මේකේ. Aston Martin DB5. ඒ කාලේ තිබ්බ අලුත්ම මෝස්තරේ. මේ චිත්‍රපටිය වෙනුවෙන්ම ගැජට් බැජට් එක්කාසු කරපු වාහනයක් එක්ක මේ ජාතියෙ වාහන දෙකක් හදවලා තියෙනවා. 1964 වැඩියෙන්ම අලෙවි වුණ සෙල්ලම් කාරය බවට මේ මොඩල් එකේ ආකෘතියක් පත් වෙච්චි බවටත් වාර්තා වෙනවා. හිතාගන්ඩකො වාහනේ ගතිය ඒකෙන්ම. පොතේ තියෙනවට වඩා ‍ෆිල්ම් එකට එද්දී ගැජට් සහ වාහනේ වෙනස්. මුල්ම වතාවට Laser Beam එකක් ආයුධයක් ලෙස යොදාගැනෙන අවස්ථාවක් අඩංගු වෙච්චි චිත්‍රපටයක් බවටත් මේක පත් වෙලා තියෙනවා. ඒ විතරද? Bond චිත්‍රපටවල අඩංගු හොඳම සටන් ජවනිකාවක් මේකේ තියෙනවා. නිකම්ම නෙමෙයි සිනමා ඉතිහාසයේ දක්නට ලැබෙන හොඳම සටන් ජවනිකා කිහිපය අතරින් එකක් ලෙසත් එය අගය කෙරෙනවා. සියලුම ජේමිස් බණ්ඩා චිත්‍රපට අතරින් ඉහළින්ම අගය කෙරෙන චිත්‍රපටය. Bond සිනමා ලෝකයේ මහා දැවැන්ත වීරයෙක් බවට පත් කළේ මේ චිත්‍රපටය තමයි. මේකෙන් පස්සෙ Bond වීරයෙක් වුණා කිව්වොත් තමා වැඩිපුරම හරි. ඇද්ද මන්දා…??? තව කියන්ඩනම් දේවල් ඕනෙ තරම්. ඒත් මේ මදෑ. ඕනෑවට වඩා ඕනෙත් නෑනෙ මේ විස්තර. ආ තව එකම එකක්. IMDbයෙ දෙවෙනි ඉහළතම අගය දරන Bond චිත්‍රපටය මේක. මේකට උඩින් තියෙන්නෙ Casino Royale (2006) සහ Skyfall (2012) පමණයි. ඒ 7.9ක් අරන්. මේක 7.8ක්! (අම්මට සිරි තව ඩිංගෙන් මිස් වෙනවා. මේකට ගිනස් වාර්තාවකුත් හිමියි. fastest grossing film of all time! හොඳම එකද මන්දා? 😛 ! ඒ ඇරුණහම රටවල් බොහෝමයකම අලෙවි වාර්තා බිඳ හෙළාපු බවකුත් කියැවෙනවා…)

හරි, දැන් කතාව දිහාට…චිත්‍රපටියෙ නම වගේම තමා කතාවත්. මේ පාර හොරා රන් ජාවාරම්කරුවෙක්. රත්තරන් හොරාට පන්නන මිනිහෙක්. මිනිහගෙ නම Goldfinger. මේකා රත්තරන් පැන්නුවට ඒක කොහොම කරනවද කවුරුත් දන්නෙ නෑ. හැබැයි මෙයා මේ පන්නන රත්තරන් හංගලා යන ජාතියෙ මිනිහෙක්නම් නෙමෙයි. යන යන තැන අරගෙන යන කෙනෙක්. ඒක කරන හැටිත් හරි අපූරුයි. දන්නවද දන්නෙ නෑ Fort Knox ගැන. ඒ තමා ඇමෙරිකාවේ රාජ්‍ය භාණ්ඩාගාරයේ රන් තැන්පතු ඒකකය. රජය සන්තක වටිනා දේවල් තියෙන්නෙ මේකෙ තමයි. ගෝල්ඩ්‍ෆින්ගරයා හදන්නෙ මේකට ගහන්ඩයි. හොරකම් කරන එක ලේසි වෙන තැනක් නෙමේ. හැබැයි මෙයා යන්නෙ හොරකමේ නෙමෙයි. එයාගෙ අදහසේ හැටියට වැඩේ සිද්ධ වුණොත් ලෝකෙ හොඳම රත්තරන් සැපයුම්කරුවා වෙන්නෙ එයා. ඒ මදිවට ඇමෙරිකාවෙ රන් තැන්පතු දශක ගාණකට නොවටිනා දේ බවට පත්වෙනවා. ඒ කොහොමද? ඒ හරිය බලලම බලමු. හැබැයි මෙයා ඒකට න්‍යෂ්ඨික තාක්ෂණික උපකරණයක් පාවිච්චි කරන්ඩ යන බවනම් කිව්වහැකි. මේ පාර අපේ බණ්ඩාට තියෙන්නෙ මෙයා පස්සෙ පන්නන එක තමයි. මෙයාට ඉන්නවා හොඳ කොරියානු හාදයෙක්, Oddjob කියලා. මිනිහා එක්ක මේ වැඩේ හිතන තරම් පාසු වෙන්නෙ නෑ. Bond මොකක්මහරි කරන්ඩ ගියොත් Oddjob ඇවිදින් ඒක කඩාකප්පල් කරනවා. මේ Oddjob ළඟ තියෙනවා හරි අපූරු තොප්පියකුත්. (මේකත් Hit වෙච්ච තොප්පියක් :D) ඊටත් මේකේ ඉන්න සතුරො හරිම ප්‍රබලයි මෙච්චර දස්සයෙක් වෙලත් Bondගෙ වැඩ කිඩ ඵල දෙන්නේම නැති තරමයි මේ බලගතු සතුරො ඉස්සරහ-පිටදි. කතා තේමාවටම හරියන විදිහට වර්ණ යොදා ගෙන නැද්ද කියලත් බලන්ඩකො මේක බලන ගමන්ම එහෙනම්… තව කියන්ඩනම් දේවල් ඕනි තරම්. ඒත්… එකම එකක් කියන්නම් Sean Connery චරිතයට පණ දෙන හොඳම Bond චිත්‍රපටිය මේකලු. ඒ මදෑ, තව මොකටද…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

1,779 downloadsDownload Goldfinger.1964.zip191 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

<< 007 – 02

007 – 04 >>

 

Subtitles

1,779 downloadsDownload Subtitles191 KB

61 comments

  1. lasanatha!!!!!!

    patta patttaattaaa macho

    1. Vithanage Priyantha Dayakeerthi

      007 ෆිල්ම් සෙට් එක මීට කලින් බලල තිබුණත් උපසිරසි සහිතව බලනකොට තමයි හරිම අරුත දැනෙන්නේ.
      ඔබට ගොඩක් ස්තුතියි!

      "ඇල්ෆඩ් හිච්කොක්ගේ" ෆිල්ම් සෙට් එකත් කරන්න ඔබට හැකිවේවි.
      මේ වෙබ් එකෙන් "Rear window" "Psycho" බැලුවා.
      වර්තමාන පරිගණක අධි ශිල්ප සහිත චිත්‍රපටවලට වඩා මේවා කලාත්මකයි කියලා මට හිතෙනවා.

  2. quik

    thanks

  3. හසන්ත වික්‍රමරත්න

    සමීර මල්ලි ජේමිස් බණ්ඩාව අත්හරින්නෙම නැහැ වගේ. කරන වැඩේ නම් සුපිරි. මොකද මේවා මෙහෙම දකින්න ලැබෙන්නේ ඔයා ඒවගේ ෆිල්ම්ස් තෝරලා සබ් කරන නිසා.ඉවරයක් කරලම මිසක් වැඩේ අත්නොහරියි කියලා හිතනවා.

  4. lasidu

    patta wadak all the best

  5. උදාර

    බොහොම පින් දිගටම මේ වැඩේ කරමු

  6. ccnp

    Thanks

  7. vee

    thnxxxxxxxxxxxx

  8. lasidu

    බාන්න දැම්ම බොන්ඩ් කිවුවොත් පට්ටම තමා

  9. rusuru | රුසිරු

    සුපිරි සහෝ නියමම කතා සෙට් එක අනිත් ඒවාත් ඉක්මනට දෙන්න කියලා ඉල්ලන්නව

  10. ositha

    maxxxa hode

  11. tharanga

    පට්ටම ෆිල්ම් ටික මුල ඉදලම දෙන වැඩේ අගය කරනවා,

  12. yasomal

    meyka denakm balagena unne. kalin awa baluwa maxxxaaaa

  13. “චූටී මල්ලි”

    අනික්වටත් දෙන්නො

  14. dj

    අගනා වැඩක් සහෝ

  15. Navod Buddhika

    thank you very very much bro

  16. zumo man

    downloading....... thx

  17. ganidu

    මේ කතා සෙට් එක නම් පහරක්ම තම. අනික ඒවාත් ඉක්මනට ලබා දෙන්න

  18. wall e

    ලොවෙත් නෑ මචං :)

  19. nilupa

    oo7 awa nam maxxxa

  20. elakiri

    එලම තමා අනික ඒවාත් දෙන්න ජයම වේවා

  21. chamath cafe

    සුපිරි සිනමා සිතුවම් පෙළක් උපසිරසත් එක්ක ගෙන එකට බොහොම තුති බයිස්කෝප් උපසිරස කණ්ඩායමට

  22. was

    අනිවා බලනවා මේ කතා නම්. දිගටම ඉවර වෙනකම් සබ් දෙන්න

  23. සමීර කරුණාරත්න

    මගේ වැඩත් එක්ක මම සතියකට අවම එකක් වත් ලැබෙන්න සලස්වනවා...
    අනික් එකත් බාල තියා ගත්තට වරදක් නැහැ, ඒකත් දැන් 50% අවසානයි... :D

  24. kalinga

    නියමයි සහෝ මේවා තමයි පරණ උනත් පට්ට ෆිල්ම්ස්. අද හුගක් ඒවා හදන්නේ මේවා කොපි කරලා තමා. ජය වේවා !!!

  25. hh

    maxxxa anik awath ikmanatatama denna balanna.

  26. Fernando

    nice film &amp; nice post

  27. samaith4

    අනිවා සුපිරිම වැඩක් කොල්ලෝ

  28. kapila

    thxz

  29. jeewantha

    මැක්සා ෆිල්ම් සෙට් එකක්නේ සබ් එක්ක බලද්දී තවත් ගති... සුපිරි සතියකට ෆිල්ම්ස් 2 කක් දෙන්න බලන්න සහෝ :)

  30. geeth

    thnxx sameera

  31. indunil

    maxxxxxxxxx hode

  32. fad

    pattane kollooooooooo

  33. kdn

    tks

  34. නලියා

    නියමයි සමියෝ..

    මම නම් කථා සේට් එකම බලලා තියෙන්නේ

    සිංහල සබ දැක්කම ආයේ බලන්න හිතෙනවා..

    ජයවේවා...!!

  35. Rashmika

    ඇත්තටම සහෝ මේ james bond series එකට සබ් දෙන එකනම් මෙහෙම comment එකකින් කියලා ඉවර කරන්න බැරි විශිෂ්ඨ වැඩක්..කොහොමත් දෙන්නන් වාලේ සබ් නොදි බයිස්කෝප් crew එක කවදත් දෙන්නෙ quality එකෙන් ඉහලම films වලට සබ්නෙ....සමීර සහෝ ඔබටත් බයිස්කෝප් කණ්ඩායමටත් ජයෙන් ජය!!!!

  36. දිදුල Kd සිල්වා

    නියමයි යාලුවා... මේ වැඩේ නම් පට්ටම පට්ට.. පරණ වුනත් මේව තමා රජ බඩු.. ජය වේවා෴

  37. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතිය සහෝ සිංහල උපසිරැසියට. මේ චිත්‍රපටි මාලාවෙන් ගොඩක් ඒවා බලලා නැහැ..දැන් පිලිවෙලකට බලාගෙන යන්න පුළුවන්.. ජයවේවා!

  38. mudiya / මුදියා

    නියමයි සමීර සහෝ.ඔක්කොම එක දිගටම දෙන්න.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!

  39. පෙදරේරුවා නොහොත් මේසන්බාස්

    ස්තුතියි හොඳේ....

  40. රොයිලි

    මෙන්න බොලේ තුන්වෙනි එකටත් සබ් එක දීලා. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක්. ජය෴෴ :P :P

  41. රාම් රාජ්

    මේක බාගන්න දැම්මා.ලියලා තියෙන් ලිපිය දැක්කාම නොබා කොහොමද.අනික ලියලා තියෙන ලිපිය නම් ඇත්තටම පංකාදුයි.මලයාට ලිවීමේ හැකියාව හොදටම තියෙනවා.

  42. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  43. THARINDU

    Great work buddy..............

  44. Uraj Deemantha

    පට්ටයි ආ.... :) ස්තූති සිංහල සබ් එක්කම මේවා දෙනවට...... :D

  45. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට.

  46. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  47. gihan

    ගොඩක් ස්තුතියි

  48. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  49. Ishan Madusha

    Ela . Thanks saho sub 1ta.

  50. Prasad Kandamulla

    ''සබ්'' එකට ගොඩක් ''ස්තුතියි'' සහෝ...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.