Watch Trailer

Hotel Mumbai (2018) Sinhala Subtitles | ජීවිත සිය ගණනක් අහිමි කල අන්තවාදී ත්‍රස්තයින්ගෙ”26/11″ ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ] 18+

වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කරලා අපේ රටේ සියලු ජාතීන්ට සාමයෙන් සතුටින්, කිසිදු ජාති භේදයකින් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපිට හදලා දීලා තිබුනා. එහෙම යුද්ධය නිමා කරලා අපි අවුරුදු 10 ක් යනකල් කිසිදු යුධ බියකින් තොරව ජීවත් වුනා. දැං ඉන්න පොඩි උන් ඒ බය දන්නෙ නෑ. යුද්ධෙ කාලෙ ඒවට මුහුණ දුන්න, ඒ ව…

වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කරලා අපේ රටේ සියලු ජාතීන්ට සාමයෙන් සතුටින්, කිසිදු ජාති භේදයකින් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපිට හදලා දීලා තිබුනා. එහෙම යුද්ධය නිමා කරලා අපි අවුරුදු 10 ක් යනකල් කිසිදු යුධ බියකින් තොරව ජීවත් වුනා. දැං ඉන්න පොඩි උන් ඒ බය දන්නෙ නෑ. යුද්ධෙ කාලෙ ඒවට මුහුණ දුන්න, ඒ වගේම අම්මලා තාත්තලා ඒ කාලෙ යුධ හමුදාවෙ සේවය කලා නම් ඒ පවුල් වල අය මේක හොදට දන්නවා.

ඉතිං ඔහොම ආතල් එකේ කාලෙ ගත කරපු අපිට වසර 10 පස්සෙ එක පාරටම බෝම්බ පිපිරීමක් ගැන අහන්න ලැබෙනවා 2019 අප්‍රේල් 21 ඉරිදා දවසෙ. එදා තමයි කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදාව සමරන්න දේවස්ථාන වල එක් රැස් වෙලා හිටියෙ. එහෙම දෙවියන් වදින්න ගිය අයට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් කුරිරු ප්‍රහාරයක් එල්ල කරනවා. ඇත්තටම එක තැනකට නෙවෙයි, මං පහලින් සඳහන් කරන්න ප්‍රහාර එල්ල වුන වෙලාවන් සහා ස්ථාන.

Time (UTC+05:30) Locations

  • 8:25 AM Negombo: St.Sebastian’s Church
  • 8:45 AM Colombo: St. Anthony Church, Kochchikade
  • 9:05 AM Batticaloa: Zion Church
  • 9.15 – 9.20 AM Colombo: Cinnamon Grand Hotel, Kingsbury Hotel, Shangri-La Hotel
  • 2:00 PM Dehiwala: Tropical Inn
  • 2:15 PM Dematagoda: Housing complex

මේ සියළුම ප්‍රහාර වලින් ශ්‍රී ලාංකික පමණක් නෙවෙයි විදේශීය ජාතිකයින් ඇතුලුව 250 කට අධික පිරිසක් මිය ගියා. ඒත් එක්කම ප්‍රහාරය තවුහිද් ජමාඅත් කියන මුස්ලිම් සංවිධානය විසින් දියත් කල එකක් බවට අනාවරණය වුනා වගේම රට පුරා සෝදිසිකිරීම් ආරම්භ වුනා, රටේ තිබුන නිදහස් බව මුලු මුලින්ම නැති කරමින්. එතකොට ඇයි මෙහෙම දෙයක් මේ අය කලේ. ඒකට උත්තරේ දැං කවුද නොදන්නෙ නේද.

දැං මේක කියවන අය බලයි මූ මොකද මේ කතාව මෙතන ඇදලා ඇරන් තියෙන්නෙ කියලා. මේකයි සීනෙක….

පෝස්ට් එක ඇතුලට එනකොට ෆිල්ම් එකේ නම දකින්න ඇතිනෙ, “Hotel Mumbai”. මේ චිත්‍රපටිය බලනකොට මට සම්පූර්ණයෙන්ම වගේ මතක් වුනේ අපේ ලංකාවෙ සිද්දවුන පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒ ඇයි කියලා දැං කියන්නම්….

2008 මුම්බායි ප්‍රහාරය එහෙම නැත්තං 26/11 ප්‍රහාරය යනුවෙනුත් හදුන්වන ඉන්දියාවෙ මුම්බායි නගරයෙ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන අන්තවාදී ත්‍රස්තයින් විසින් ප්‍රහාර මාලාවක් 2008 නොවැම්බර් 26 වෙනිදා දියත් කරනවා. අන්තර්ජාලයෙ සදහන් වෙන අන්දමට මේ ප්‍රහාරය පාකිස්තානය මූලික කරගත්ත Lashkar-e-Taiba නමින් හැදින්වෙන සංවිධානයෙ සාමාජිකයින් 10 දෙනෙකු විසින් තමයි සිද්ද කරලා තියෙන්නෙ. මේ ප්‍රහාරය හේතුවෙන් 174 දෙනෙක් මිය ගිහින් තියනවා ත්‍රස්තවාදී 9 දෙනෙක්ද ඇතුලත්ව. ඒ වගේම 300 ට අධික පිරිසක් තුවාල ලබලා තියනවා. එතකොට මේකෙ අරමුණ මොකක්ද, ඒක ෆිල්ම් එක බලනකොට තේරෙයි. ලංකාවෙ ප්‍රහාරයෙ අරමුණට සමානයි.

එතකොට කොහෙටද මේ පහරදීම සිද්දවුනේ. ලංකාවෙ පාස්කු ප්‍රහාරය වගේමයි. එක තැනකට නෙවෙයි, හෝටල්, රෝහල්, දුම්රිපොළවල් ඇතුලු ස්ථාන කිහිපයකටම මේ ප්‍රහාරය එල්ල වෙලා තියනවා. ඒකයි මං කිව්වෙ මේක බලද්දි මට මතක් වුනේ අපේ රටේ වුන පාස්කු ප්‍රහාරය කියලා. දැං බලමු මේ ප්‍රහාර එල්ල වුන තැන් මොනවද කියලා.

දකුණු මුම්බායි හි චත්‍රපති ශිවාජි දුම්රියපොළ, Oberoi Trident, ටාජ් පැලස් හෝටලය, ලියෝපෝල්ඩ් කැෆේ, මෙට්‍රො සිනෙමා, කමා රෝහල, Nariman House Jewish community centre, Times of India ගොඩනැගිල්ල පිටුපස මාර්ගයක, St. Xavier’s College, ඒ වගේම Mazagaon ඩොක් යාඩ් හි වගේම Vile Parle වලදි ටැක්සියක පිපිරීමක් සිද්දවෙලා තියනවා. ඔය තමයි ප්‍රහාරයට ලක්වුන ස්ථාන ටික.

මුම්බායි හි ටාජ් හෝටලයෙ එක් පසක් 2008 නොවැම්බර් 27 දා රාත්‍රියෙ ගිනිගන්නා අයුරු.

ඉන්දීය ආරක්ෂක නිළධාරි දෙදෙනෙක් චත්‍රපති ශිවාජි දුම්රිය පොලේ වෙඩි වැදි වැටි සිටින අයුරු.

චත්‍රපති ශිවාජි දුම්රිය පොලේ ප්‍රහාරය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්.

බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ මෝටර් රථයක්.

ටාජ් හෝටලයෙ නවාතැන් ගෙන සිටි අමුත්තන් සහා කාර්යමණ්ඩලය ජනෙල් රෙදි ආධාරයෙන් පිටතට පැමිණෙන ආකාරය.

චත්‍රපති ශිවාජි දුම්රියපොළේ ත්‍රස්තයින් රැදි සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්.

ඔය අතරින් “Hotel Mumbai” චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ ටාජ් හෝටලයට වුන පහර දීම සහා එහි වෙච්ච සිදුවීම්. දැනගන්න ලැබෙන විදිහට චිත්‍රපටියෙ මනඃකල්පිත නම් වලින් සදහන් වෙන්නෙ ප්‍රහාරය වෙලාවෙ ඒ ඒ සිදුවීම් වලට මුහුණ දීපු ඇත්තම පුද්ගලයින්ගෙ චරිත බවයි. ඒ වගේම හෝටලේදි තුවාල ලබලා වගේම වැඩිම පිරිසක් මිය ගිහින් තියෙන්නේ තම හෝටලයෙ සේවාව ලබා ගැනීමට පැමිණි අමුත්තන්ව ආරක්ෂා කරන්න ගිය සේවකයින්. තවත් විස්තර ඕනනම් අන්තර්ජාලයෙ “2008 Mumbai attacks” නමින් ගූගල් සෙවුමක් කරන්න විස්තර ඕන තරම් හම්බවෙයි. ෆිල්ම් එක ගැන වැඩි විස්තර කියන්න උවමනා නෑ බලලම දැනගන්න.

Hotel Mumbai චිතපටිය IMDb දර්ශකයෙ 7.8/10 අගයකුත්, කුණු තක්කාලි දර්ශකයෙ 76% ක අගයකුත් ලබාගන්න සමත්වෙලා තියනවා. නිෂ්පාදන වියදමක් පිළිබඳව හොයාගන්න නොහැකි වුනත් ඩොලර් මිලියන 16 ක මුදලක් උපය ගන්න සමත් වෙලා තියනවා. චිතපටියෙ අධ්‍යක්ෂණය Anthony Maras විසින් සිදුකර තිබෙනවා.

අපෝ හින්දියක් කියලා අහක් දාන්න හදන්නෙපා අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්. හින්දි දිරවන්නෙ නැති අය ඉන්නවනම් කිසි අවුලක් ගන්න එපා, මේකෙ හින්දි දෙබස් බොහොම ස්වල්ප ප්‍රමාණයක් තියෙන්නෙ. 95% ම වගේ ඉංග්‍රීසි දෙබස් තමා අන්තර්ගත වෙන්නෙ. ආයෙත් කියනවා හැමෝම බලන්න ඕන ෆිල්ම් එකක්. එහෙනම් මෙවන් විපත් කිසිවෙකුට යලි සිදු නොවේවායි පතමින් මං සමු ගන්නවා.

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

18,195 downloadsDownload Hotel.Mumbai.2019.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

18,195 downloadsDownload Subtitles50 KB

78 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Mee siddiya sambandawaa mumbai attack kiyala movie ekak tibunaaa. Thank brooo supirima movie ekak..

  2. thushara5518

    තැන්ක්ස් බ්‍රෝ ...මේකට සබ් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ

  3. gihan perera

    පට්ට සහෝ...මේක බාගෙන හිටියේ කොයි වෙලාවෙ හරි උපසිරැසි දෙයි කියලා....ස්තුතියි ස්තුතියි ස්තුතියි.....ජය වෙිවා.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....

  4. thushara5518

    මේකේ බ්ලූරේ පිටපතත් ඇවිල්ලා............

  5. thushara5518

    BLANK 2019 කියල හින්දි ෆිලුමක් ඇවිල්ලා තියනවා...අලුතින් ...ත්‍රස්තවාදී කේස් එකක් ඒකත්...පුළුවන් නම් එකේ සබ් එකත් දෙන්න බලන්න ......................

  6. lasith98

    Thank you! මෙකෙ sub එක එනකන් බලාගෙන හිටියෙ.. thank you subtitle එකට❤️

  7. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  8. Stranger

    thanks

  9. rangika Kariyawasam

    ජය බෝම තුති සහෝ

  10. Tharaka

    THANKS................

  11. lakshan madhusankha

    Thanks bro sub ekata...

  12. H.madusanka

    Thanks

  13. Suranjan

    Thanks machan.....jayawewa....!

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  15. Rumesh Tharindu

    thanx bro

  16. Bandara76

    Thanks Lahiru Bro

  17. Mohantha_kumara

    Tnx macho

  18. wnrodrigo

    Good work friend, Thanks!

  19. AshenTM

    elama bro. thanks ☺

  20. Udaya Saman

    උපසිරසියට බොහොම තුති සහෝ ..සබ් එක දෙනකන් බලන් හිටියේ..ඔන්න එහෙනම් ගත්තා..

    1. dm_bro

      me film aka dwnload karea gatte kohomada

  21. NALING45

    meke sub eka BRrip ekapa update karanna.pls.BRrip relese una.thanks

    1. NALING45

      BRrip released by mkvcage

  22. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  23. Pavi

    Thank you....

  24. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......

    ජය වේවා !!!!!

  25. McMillanStyles

    බොහොම ස්තුතියි

  26. kv_viranga

    tnx bro sub ekata

  27. Ayesh Prashan

    Thank You

  28. Kanchaka

    Thanks bro

  29. gayan215

    bohoma sthuthi saho...

  30. Xxxxx

    thanks brother

  31. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  32. Tharindu07

    Thanks Machooo....!!!!

  33. Hiranhiru

    මමත් කැමති නෑ හින්දි චිත්‍රපට වලට. ඒත් හින්දියක් කියලා අහක දාන්නෙපා කියපු නිසාම ගන්න හිතුනා.
    නිදුක් නිරෝගී වේවා....!
    තෙරුවන් සරණයි....!

  34. sasanwalasa

    super girl eke S04 Epi 18,19,20,21,22 sub denne needa machanla? ai digatama sub deela nawaththuwe?

  35. prasakr

    බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....

  36. Lakshansilva18

    Hindi nam mala jarawal bn eth meka balanawa

  37. madhubashana bandara

    jaya wewa !!! br eka update karannako.

  38. AsithaDilruwan

    ela saho thanks

  39. suchroxx

    Thanks Bro

  40. Sandaru

    Thanks for sub.good luck bro

  41. machan1000

    සබ් එකට බොහොම ස්තූතියි

  42. D.Chamara

    bohoma sthuthi sahoooo jaya

  43. chinthaka_priyadrshana

    Thank U bro...........

  44. Thilankadissanayake

    THANK U

  45. Dewadithya

    Thanks for Sub!

  46. Nirosha Nirosha

    thanks

  47. MAALnath

    Thanks ....................good luck ..........................

  48. distididing

    webrip eka nene bn

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. jagath55

    Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.