Watch Trailer

It’s a Boy Girl Thing (2006) with Sinhala Subtitles | කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි අලකලංචි [සිංහල උපසිරැසි සමඟ]

හරි යාළුවනේ ඔන්න මම තවත් බයිස්කෝප් එකක් ගෙනාවා ඔයාලගේ රසවින්ඳනයට. මුලින් අමුතුයි වර්ගීකරණය යටතේ මම උපසිරසි දැම්ම 28 Days Later සහ ක්‍රියාදාම වර්ගීකරණය යටතේ මම උපසිරසි දැම්ම scorpion King බලන්න ඇති කියලා හිතනවා. 28 Days Later බයිස්කෝප් එකට මේ වෙනකොට ඔයාලගේ ප්‍රතිචාර 70ක් මම මේ ලිපිය ලියන මොහොත වෙන ව…

හරි යාළුවනේ ඔන්න මම තවත් බයිස්කෝප් එකක් ගෙනාවා ඔයාලගේ රසවින්ඳනයට. මුලින් අමුතුයි වර්ගීකරණය යටතේ මම උපසිරසි දැම්ම 28 Days Later සහ ක්‍රියාදාම වර්ගීකරණය යටතේ මම උපසිරසි දැම්ම scorpion King බලන්න ඇති කියලා හිතනවා. 28 Days Later බයිස්කෝප් එකට මේ වෙනකොට ඔයාලගේ ප්‍රතිචාර 70ක් මම මේ ලිපිය ලියන මොහොත වෙන විට ලැබිලා තිබුනා. Scorpion King මම මේ ලිපිය ලියන මොහොත වෙන වෙබ් සයිට් එකේ දාලා නැති නිසා මට ප්‍රතිචාර බලන්න විදිහක් නෑ. මම ඔයාලගේ තෘප්තිය වෙනුවෙන් උපසිරසි යොදනවා. ඒ වගේම මම උපසිරසි දාන්න බාර ගත්ත චිත්‍රපට මම ලිස්ට් එකේ පල් වෙන්න ඇරලත් නෑ. ඉතින් ඒවා බාන ඔයලා හැමෝම මගේ තෘප්තිය වෙනුවෙන් කමෙන්ට් එකක් දානවනම් ගොඩාක් වටිනවා. මගේ කලින් චිත්‍රපටි වලට කමෙන්ට් දාපු සහෝදරවරුන්ට ගොඩාක් ස්තුත්යි. කමෙන්ට් දැම්මේ නැති උනත් චිත්‍රපටි බාගෙන බලපු සහෝදරවරුන්ටත් ස්තුතියි. මගේ පෝස්ට් වලට විතරක් නෙමයි, උපසිරසි දාන කොයි සහෝදරයත් ඔයාලගේ ප්‍රතිචාර තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මම දන්නවා උපසිරසි හදන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනෙද කියලා. ඒක ඒවා හදන හැම සහොදරයටම පොදුයි. අපි හැමෝම ඒ කාළය කැප කරන්නේ ඔයාලා වෙනුවෙනුයි. ඉතින් ඔයාලගේ ප්‍රතිචාර අපිට ගොඩාක් වැදගත් මොකද ඒකෙන් තමා තව චිත්‍රපටියකට උපසිරසි දාන්න අපිට ගැම්මක් එන්නේ. අවුලක් හිතන්න එපා සහෝදරවරුනි.

හරි මම දැන් කියන්නම්කෝ මේ චිත්‍රපටය ගැන විස්තර ටිකක්. මේ චිත්‍රපටය 2006 තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ. Nick Hurran අධ්‍යක්ශනයක් වෙන මෙම චිත්‍රපටය ජාත්‍යන්න්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 6.2\10 ලබාගෙන තියනවා. මෙය හාස්‍යජනක හා ආදර කථා යටතේ තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මම කතාව පොඩ්ඩක් කියන්නම්. වුඩී ඩීන්(Kevin Zegers)හා නේල් බෙඩ්වොර්ත් (Samaire Armstrong) කියනේ අසල්වාසී කොල්ලෙක් හා කෙල්ලෙක්. හැබැයි ඉතින් අසල්වාසී කියලා මේ දෙන්නා අතර සමගියක් නම් නෑ. මේ දෙන්නා එකම වයසේ, ඉගන ගන්නේ එකම ඉස්කෝලේ. ඒත් මේ දෙන්නා එකට සෙට් වුනොත් රණ්ඩු වෙන එක තමා කරන්නේ. ඉතින් එක දවසක් මෙයාලාගේ පන්තියේ සෙට් එක කෞතුකාගාරේ බලන්න එක්කරගෙන යනවා. අධ්‍යාපන චාරිකාවක්. ඉතින් එක්කන් ගිය ගුරුවරයා කියනවා දෙන්නා දෙන්නා එක්ක එකට ඉන්න කියලා. අවාසනාවටම අපේ අසල්වාසීන් දෙන්නට එකට ඉන්න වෙනවා. කෞතුකාගාරේ හූනියම් වලට අධිපති මෙක්සිකානු දෙවියෙකුගේ පිළිමයක් තියනවා. මේ පිළිමේ ඉස්සරහා ඉඳගෙන මේ දෙන්නා රණ්ඩු වෙනවා. රණ්ඩු වෙන්නේ ලොකු වෙනසක් වෙන්න කියලා. ඊට පස්සේ මෙයාලා ගෙවල් වලට යනවා. ඊට පස්සේ අනිත් දවසේ උදේ නැගිටලා බලනකොට අපේ අසල්වැසියෝ දෙන්නගේ ආත්ම මාරු වෙලා. ඒ කියන්නේ කොල්ලගේ ආත්මේ කෙල්ලගේ ඇගට ගිහින්, කෙල්ලගේ ආත්මේ කොල්ලගේ ඇගට ගිහින්. ඉතින් මේකේ නේල් ඒ කිව්වේ කෙල්ලගේ අනාගත බලාපොරොත්තුව තමයි හොඳ උසස් පාසලකට යන එක, වුඩී ඒ කියන්නේ කොල්ලගේ බලාපොරොතුව තමයි හොඳ පාපන්දු ක්‍රීඩකයෙක් වීම. මම මීට වඩා කියන්නෙ නෑ. ඉතින් මේ අලකලංචිය නිසා මෙයාලගේ හීන සැබෑ කරගන්න පුලුවන් වෙයි ද? මේ දෙන්නා තවතවත් රණ්ඩු වෙවී ඉඳීවිද? නැත්නම් සමගි වෙයි ද? ඉතින් ඔයාලා චිත්‍රපටිය බලලම ඒ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නකෝ.

තවත් එකක් මම හිතන්නේ මේ චිත්‍රපටය 18+ අය බැලුවොත් හොඳයි කියලා. මට විශ්වාසයි ඔයාලා ඉල ඇදෙන්න හිනා වේවි කියලා මේක බලලා. මමත් කාලෙකින් බලපු හොඳම කොමඩියක් කියලා කියන්න පුලුවන්. කොමඩිය යටින් ගලාගෙන යන ලව් ස්ටෝරියත් මරු. තවත් එකක් කියන්න තියනවා. මේ වගේ කොමඩියකට උපසිරසි දාන එක විදිහක අභියෝගයක් .ඔයාලා දන්නවනේ අපි කොල්ලෝ සෙට් උනාම කතා කරන භාෂාව. ඒ සිංහළ වුනාට ඒ වචන අමුතුයි නේද? ඉතින් මේකේ ගොඩාක් දෙබස් ඒවගේ. ඔයාලාට ඉංග්‍රීසි උපසිරසි එක්ක බලනවට වඩා සිංහළ උපසිරසි එක්ක මේක බලනකොට හිනා යනවනම් මම අභියෝගය ජය අරන් කියලා මට හිතන්න පුලුවන්.

ඉතින් චිත්‍රපටය බලලා හිනහාවෙන්න රසවිදින්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

11,576 downloadsDownload Its-a-Boy-Girl-Thing-2006.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010-04-07

Subtitles

11,576 downloadsDownload Subtitles38 KB

174 comments

  1. නිෂූ

    ජයවේවා !

  2. කේ. යූ. ජී. උදාර

    නියමයි අමිල... මේ වැඩේ අතාරින්නේ නැතුව දිගටම කරගෙන යන්න. සිංහල සබ්වලට තෑන්ක්ස්.

  3. නිෂූ

    ජයවේවා කියලා විතරක් ලිවුවේ පළවෙනි පොස්ට් එක දාගන්න පුළුවන් ද බලන්න ! ඔන්න එහෙනම් මතුසම්බන්ද යි කියලා ලියන්න ගත්තා. අපි වෙනුවෙන් මේ කරන උතුම් වැඩේට බොහෝම ස්තුතියි තවතවත් මේ වගේ උපසිරැසි යෙදීමට වාසනාව ලැබේවා !

  4. chamila

    thanks

  5. kte

    Thanks bro good luck...

  6. JMLR

    Niyamai Macho.. Thank u very much. Comments nathuvata tharaha venna epa. hama film ekakma novaradeema balanava.. :D

  7. rokaa

    hure............. ada mama 1st.. :D

  8. rokaa

    :P

  9. Viraj

    බොහොම ස්තූතියි අමිල සහෝ..... තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා!!!! ජයවේවා!!!!

  10. සාගර

    නියමායි කොල්ලෝ ජයවේවා! ආයුරක්කන්තු ආවඩා!!!!

  11. mark

    ane thankz matcho patta film eka....

  12. rokaa

    ela thanks අමිල ayya ..

  13. Hasitha Jayasooriya

    මැක්ස!

  14. Buddika

    thankx yaar

  15. Anonymous

    athatama oyalata godak sthuthiy .....

  16. navo

    tanx bro!keep it up!

  17. Praසන්ன

    ජයවේවා! දිගටම කරගෙන යන්න.

  18. chamara nuwan

    thanx...

  19. chamara nuwan

    ane mama km player eken sinhala sub dagena balapuwama (koto)watenawa..front ne.ekata mata karanna deyak kauru hari yaluwek mata kiyala denawada..?..plz...

  20. kalum gunasekara

    Meka mn balala tiyanawa. KIyala wagadak na. Bada allan hina wennna puluwan.

  21. Madushanka Gamage

    අවුරුදු 2ක 3නකට විතර ඉස්සෙල්ලා මන් ඔය ෆිල්ම් එක බැලුවා... :) :) ඒ දවස් වල පටට ගේමක් දීලා තමයි ෆිල්ම් හොයාගන්නේ මොකද මගේ යාලුවෝ එකෙක්ටවත් අන්ලිමිටඩ් නෙට් කනෙක්ෂන් එකක් තිබ්බෙනෑ(මට නම් ලිමිටඩ් කනෙක්ෂන් එකක් වත් තිබ්බේ නෑ සේරටම කියලා තිබ්බේ ෆොන් කස්ට විතරයි :D :P :P )...ඉතින් ෆිල්ම් හොයන්න හැම සතියෙම යාලුවන්ගේ ගෙවල් වල ඇවිදිනවා... :( :D ෆිල්ම් එක දීලා කොල්ලා මට ඒකාලේ කරපු පිස්සු වැඩත් මතක් කෙරුවා නොවැ... :D :P එල එල මචා... ටැන්කූ ටැන්කූ හරියැ... :)

  22. PCW

    thanku sinhala aub denawanam panath denawa. ( illanna epa hari) thanks kolla thank you so much

  23. sudu putha

    max film 1k saho mama meka baluwa kiyala wadak na .. pata film 1k ... thanx wewa

  24. Tharindu Chat

    බොහොම ස්තූතියි සහෝ...

  25. amila

    niyamai... niyamai.... තව තවත් සිංහල උපසිරැසි දෙන්නට ‍ධෛර්යය ශක්තිය ලැබේවා

  26. darshana

    සින්හල සබ් වලට තෑන්ක්ස් මචන්''''''''

  27. warna123

    Maxxa Thanks

  28. radika

    thanx saho...

  29. සුරංග වන්නිආරච්චි

    බොහොම ඉස්තූතියි කියල ඔන්න එහෙනං බාන්න දානව

    බලල ඉවරවෙලා තව මොනවහරි කියන්නංකෝ

  30. mewi

    honda ekak wage.. thank you

  31. AL1717

    Elamikiri Yaluwa Onna Mama Denma Bewenna danawa

    Sinhala Sub Ekatath Thankssssss

    Jaya Wewaa

  32. Dulith

    ෆිල්ම් එකට ස්තුතියි.සිංහල සබ් දාන්න ගන්න softwares මොනවද කියලා කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.එතකොට තවත් අයට සිංහල සබ් හදන්න පුලුවන්.දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්.

  33. Sha

    Mama me film 1a meta kalin balala tiyanawa :) bt meke sinhala sub 1k tiyana nisa apahu onna down karagena balanawa. mona unath meka patta film 1k. 10 parak unath balanna puluwan epa wenne natuwa :D

    Thankzzzzzzzz mekata sinhala sub 1k dunnata :)

    Jaya wewaaaaaaaaaa :D

  34. AMW

    මම හුඟක් දවස් ඉඳන් මේ සයිට් එකේ ෆිල්ම් බාන්නෙ,බලන්නේ.ඒත් මෙතෙක් දවසකට මම කමෙන්ට් එකක් වත් දාලා නැ.☺ ඒත් අදනම් කමෙන්ට් එකක් දාන්න හිතුන.බයිස්කෝප් සයිට් එක නම් පට්ට නමුත් මම කියන්නෙ සිංහල සබ් වැඩි කලොත් හොඳයි කියලා.මේ ෆිල්ම් එක නම් කියල වැඩක් නෑ.බලන්නම වටින ෆිල්ම් එකක්.පිස්සු හැදෙන ෆිල්ම් එකක්.එල අයියා....

  35. Tharanga Darshana Ekanayaka

    thanks sahodaraya.........

  36. uda

    අමිල සහෝ අපට වෙන්නැති කියන්න ඇත්තේ, ලිස්ට් එකේ පල් වෙන්න අරිනවා කියලා නේද? ඇත්තෙන්ම මම භාරගන්න කොට ඒවා ඔක්කොම අලුත්ම අලුත් පිට තිබුණේ, ඒකියන්නේ බහුතරයකට රසවිඳින්න නොලැබුණු ඒවා. දැන්නම් තත්ත්වය වෙනස් වෙලා ඇති. ඒක එහෙම වෙන්නේ ආශාවට නොවන වගත් බොහොම බරපතල හේතු සහිතව වගත් මං ගැන කියද්දී දැනුම් දෙන්න වෙනවා. අනිත් එක මම දෙන්න බාරගන්නකොට වැඩේ මෙහෙම වෙයි කියලා බලාපොරොත්තුවෙන්නම් නෙමෙයි ඒ ටික ගත්තේ. කට්ටියට මම දෙන්න හදපු ‍ෆිල්ම් ටික සබ් එක්ක එපානම් මට ඒ ගැන කියලා එවන්න. මොකද මම කැමති නෑ මගේ කාලය නාස්ති කරගන්න අපත වැඩවලට. ඒක නිසා දැන් ඒවා බලලා ඉවරනම් මට දන්වන්න. මම වැඩේ අත්හැරලා දාන්නම්.

    අනිත් කාරණේ මම දෙන්නේ වැඩිය කවුරුවත් සබ් එක්ක නොදෙන ‍ෆිල්ම්ස්. ලිස්ට් එකේ තියෙන 2ක්ම බයෝග්‍රැ‍ෆි, එකක් ඇනිමේෂන්. ඒ වගේ ඒවට සබ් වැටෙනවා අවමයි, විරලයි, සීමිතයි. දැනට දෙන්න ඉන්න තුන එපානම් මට දන්වලා එවන්න. පමාවීම ගැන බොහොම කණගා‍ටුයි. නමුත් නොවැළැක්වියහැකි හේතු රාශියක් නිසා තමා එහෙම වුණේ, ඔයාලගේ අදහස් මේ ලිපිනයට එවන්න. [email protected]

  37. ashan suranga

    sub walata thanks machan......

  38. චින්තක

    දාලා තියෙන විස්තර කියෙව්වම බාන්නමයි හිතෙන්නෙ..
    ස්තූති

  39. චින්තක

    දාලා තියෙන විස්තර කියෙව්වම බාන්නමයි හිතෙන්නෙ..
    ස්තූති ....

  40. කැලෑ කොල්ලා

    හොදා හොදා ෆිල්ම් එකනම් ලෙස වගේ

  41. Thisara De Silva

    onna maath baanooo :D

  42. Chathura

    Loweth naa kolla.... elakiri ...

  43. ish

    ela ela math asai me wage ewata...thnks kolla..

  44. dilan

    thanks machan

  45. rohan

    :) :) <3

  46. lakshan

    sinhala sub walata thanxxxxx machan .............

  47. M.D.A Pradeep (අමිල මනනදේව)

    ඔයාලගේ අදහස් වලට ස්තුතියි.සහෝදරවරුනි..
    සමහර සහෝදරවරු අහලා තිබුනනේ සිංහළ උපසිරසි දාන්නේ කොහොමද කියලා.ඉතින් ඒකට [email protected] එකෙන් අපේ වාසල සහෝට හරි නැත්නම් [email protected] එකෙන් මට හරි මේල් එකක් දාන්න.සූදානම් අපි ඔයාලට සබ් දාන්නේ කොහොමද කියලා කියලා දෙන්න.

  48. වා.මු. නිලන්ත පියසිරි

    තව තවත් උප සිරැසි දැමීමට දිරිය විරිය ලැබේවා කියලා පතනවා. හැබැයි අර උප සිරැසි දෙනවා කියලා පල් වෙන්න අරිනවා කියපු එක පුංචි ටොක්කක් වගේ. කෙසේ වෙතත් උප සිරැසි දැමීමට සිදු වන මහන්සිය ගැන නම් ඉතින් කියලා වැඩක් නැහැ. උප සිරැසි වලින් බොහෝ දෙනෙක් සතුටු වෙනවා කියලා දැනුනහම ඒ සතුට ඊට වඩ වැඩිය නොවැ.

  49. සිංහලයා(Lahiru)

    Download වෙන්න නම් දැම්ම....මොනවා උනත් Subtitle තියෙන නිසා ඕන Movie 1ක් බලන්න හිතෙනවා... මං ගොඩක් බලන්නේ war movies ...බුට් Subtitle තියෙන නිසා බලනවා ...1 ට ගොඩක් ස්තුති..

  50. M.D.A Pradeep (අමිල මනනදේව)

    අනේ නිලන්ත සහෝ හිත රිදුනා නම් සමා වෙන්න.මම ඒක ඒතරම් හිතලා දැම්ම එකක් නෙමෙයි.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.