Mission Kashmir (2000) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි අද මම අරගෙන ආවේ ලස්සන පරණ හින්දි සිනමා පටයක් වන Mission Kashmir (2000). ඉස්සර රූපවාහිනියෙන් මේ චිත්‍රපටය බලපු හැටි 90 දශකයේ ළමයින්ට නම් මතක ඇති. Mission Kashmir (2000) කියන්නේ 2000 අවුරුද්දේ තිරගත වුණු ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත…
Mission Kashmir (2000) Sinhala Subtitles
සුබ දවසක් මිත්‍රවරුනි අද මම අරගෙන ආවේ ලස්සන පරණ හින්දි සිනමා පටයක් වන Mission Kashmir (2000). ඉස්සර රූපවාහිනියෙන් මේ චිත්‍රපටය බලපු හැටි 90 දශකයේ ළමයින්ට නම් මතක ඇති. Mission Kashmir (2000) කියන්නේ 2000 අවුරුද්දේ තිරගත වුණු ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. ඒක විධු විනෝද් චොප්රා විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළා. මේ චිත්‍රපටයේ සංජේ දත්, රිතික් රෝෂන්, ජැකී ෂ්රොෆ්, ප්‍රීති සින්ටා එක්ක සොනාලි කුල්කර්නි රංගනයෙන් දායක වෙනවා. කාශ්මීරයේ ගැටුම් පසුබිම් කරගනිමින් නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය ත්‍රස්තවාදය, පළිගැනීම සහ යුද්ධයෙන් පීඩාවට පත් වූ දරුවන්ගේ මානසික කම්පනය යන තේමාවන් ගවේෂණය කරනවා. Mission Kashmir (2000) වාණිජමය වශයෙන් අතිශය සාර්ථක වුණා. එහි නිෂ්පාදන වියදම වන ඉන්දියානු රුපියල් මිලියන 200 mට එදිරිව, දේශීය වශයෙන් එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 365 ක් ඉපැයූ අතර, විදේශීය වෙළඳපොලවලින් ඉන්දියානු රුපියල් මිලියන 68 ක් උපයා තිබෙනවා. සමස්තයක් ලෙස ලොව පුරා ප්‍රදර්ශනයෙන් පසුව දළ ආදායම ඉන්දියානු රුපියල් මිලියන 433 ක් පමණ උපයන්නට Mission Kashmir (2000) සමත් වුණා. Mohabbatein සහ Kaho Naa… Pyaar Hai චිත්‍රපටවලට පසුව, 2000 වසරේ තුන්වන වැඩිම ආදායමක් උපයාගත් හින්දි චිත්‍රපටය විධියට Mission Kashmir ශ්‍රේණිගත වෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ 6.6/10ක අගයක් සහ 71%ක Popcornmeter අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා.

Mission Kashmir (2000) ඔක්තෝබර් 27 වන දින දීපවාලි උත්සවය අතරතුර මුල්වරට සිනමාහල්වලට නිකුත් කරන ලද අතර ස්ටොක්හෝම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කරනු ලැබුවා. ප්රචණ්ඩත්වය ප්රබලව නිරූපණය කර තිබීම හේතුවෙන් එයට ලැබුණේ එක්සත් ජනපදයේ R ශ්‍රේණිගත කිරීමක්. එහි ක්‍රියාදාම ජවනිකාවන්, සිනමාකරණය සහ රංගනයන් සඳහා එය ප්‍රශංසාවට ලක් වුණා. 46 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී, චිත්‍රපටයට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක (චොප්රා), හොඳම නළුවා (දත්), හොඳම සහය නිළිය (කුල්කර්නි) ඇතුළු නාමයෝජනා හයක් ලැබුණු අතර හොඳම ක්‍රියාදාමය (ඇලන් අමීන්) දිනා ගන්නට Mission Kashmir (2000) සමත් වුණා.
![]()
සාම්ප්‍රදායික කාශ්මීර ජන සංගීතය සමඟින් සමකාලීන සංගීතය මිශ්‍ර කිරීම වෙනුවෙන් Mission Kashmirහි ගීත ඇල්බමය විවේචනාත්මක ඇගයීමට ලක් වුණා. විශේෂයෙන්, කාශ්මීර ජන තනුවක් මත පදනම් වූ “Bumbroo” ගීතය විශේෂයෙන් ජනප්‍රිය වූ අතර පසුව නෝට්බුක් (2019) චිත්‍රපටය සඳහා එම මාතෘකාව යටතේම ප්‍රතිනිර්මාණය කෙරුණා. බොක්ස් ඔෆිස් ඉන්ඩියා ආයතනයට අනුව, මේ ඇල්බමය ආසන්න වශයෙන් ඒකක මිලියන 1.5ක් අලෙවි වී තිබෙනවා වගේම, එය 2000 වසරේ තුන්වන වැඩිම අලෙවියක් සහිත බොලිවුඩ් ශබ්ද පටය බවටද පත්වුනා.

මේ චිත්‍රපටියෙන් කියැවෙන්නේ කාශ්මීරයේ පවතින ගැටුම් හේතුවෙන් ජීවිතය බෙහෙවින් පීඩාවට පත් වූ අල්තාෆ් නම් කුඩා දරුවෙකුගේ කතාවක්. පොලිස් නිළධාරියෙක් වන ඉනායත් ඛාන්ගේ පුත්‍රයා අනතුරක් නිසා හදිසියේ උස ජනේලයකින් ඇද වැටෙනවා. ඔහුට ප්‍රතිකාර කිරීමට රෝහලට රැගෙන ගියත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරන්නට මැලි වෙනවා. ඒ මින් පෙර පොලිස් නිළධාරී ඉනායත්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක්ව කාශ්මීර සටන්කරුවන් විසින් ඝාතනය කළ නිසා. කෙසේ හෝ මේ නිසා ඛාන්ගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වෙනවා. මෙයින් ශෝකයෙන් සහ කෝපයෙන් වියරු වැටෙන ඉනායත් ඛාන් සටන්කාමීන් සමඟ නිර්දය ලෙස සටන් කරනවා. මෙතැනදී සටන්කාමීන් සහ ආරක්ෂක නිලධාරීන් අතර දරුණු ගැටුමක් නිසා ඔහුගේ මුළු පවුලම අමානුෂික ලෙස ඝාතනය වෙන්නේ අල්තාෆ් නම් පිරිමි දරුවාගේ දෑස් ඉදිරියේමයි. පසුව, ඉනායත් ඛාන් නම් පොලිස් නිලධාරියෙක් ඔහුව හදා වඩා ගෙන ඔහුගේ දරුවෙකු ලෙස ඇති දැඩි කරන්නට උත්සාහ කරනවා. දිනක් හදිසියේම තම පවුල ඝාතනය කිරීමට තමන්ව හදාවඩා ගන්නා ඉනායත් ඛාන් සම්බන්ධ බව අල්තාෆ් දැනගෙන ඔහුට වෙඩි තබමින් නිවෙසින් පළා ගොස් ත්‍රස්තවාදී සටන් කාමීන් සමඟ එක් වෙනවා.` අල්තාෆ් වයසට යත්ම සංගීතය හා චිත්‍ර කලාව පිළිබඳ සුවිශේෂී දක්ෂ හා දැනුමැති තරුණයෙකු බවට පත් වෙනවා. නමුත් ඔහුගේ පවුලේ බිහිසුණු විනාශයට හේතු වූ අයගෙන් පළිගැනීමට ඔහු තුළ දැඩි ආශාවක් පවතිනවා. පොලිස් ප්‍රධානියාගේ දියණිය වන සුෆියා සමඟ ආදරයෙන් බැඳී සිටින විට අල්තාෆ්ගේ ජීවිතය වෙනස් වේ. අල්තාෆ් තමන්ගේ ආදරය නිසා පළිගැනීමේ චේතනාවෙන් ඈත් වෙයිද? නැතහොත් සිය පළිගැනීමේ ආශාවෙන් ආදරය පාවා දෙයිද? චිත්‍රපටය බලලාම මේක දැනගනිමු.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Mission Kashmir (2000) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
1,210 downloadsDownload Mission-Kashmir-2000.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mission Kashmir (2000) Sinhala SubtitlesSubtitles by
ප්රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #Editor's Pick
- #Indian Box Office Hits
- #MaxxA
- #Mission Kashmir (2000) Sinhala Sub
- #Mission Kashmir (2000) Sinhala Subtitle
- #Mission Kashmir Sinhala Sub
- #Mission Kashmir Sinhala Subtitle
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #You Decide
- #ප්රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
kasun
Viraj
download karanna link ekakuth thibbanam thama supiri
Ravindu Heshan - Admin
මේකෙං ගන්න සහෝ
https://baiscopedownloads.link/mission-kashmir-2000/
Priyan De Silvs
බොහොම ස්තූත්යි සහෝදරයා මේ කාලේ හොයාගන්නවත් අපහසුම වටිනා චිත්‍රපටයක් අපි සියළුදෙනා වෙනුවෙන් ලබාදීමට කාලය හා ශ්‍රමය වෙන්කිරීම සම්බන්දයෙන්.
------- මේ අපේ baiscopedownloads (link) වෙබ්ස් සයිට් පවත්වාගෙන යන සහෝදරයන්ගෙන් විමසීමකි.
ඩවුන්ලෝඩ් වෙබ්සයිට් එකේ තාම අප්ඩේට් කරලා නෑ නේද ?Ravindu Heshan - Admin
අප්ඩේට් කඅලා තියෙන්නේ සහෝ.
https://baiscopedownloads.link/mission-kashmir-2000/
Advertisement
thx for the sub Casino Royale 2006 sub download karanda be ni