Watch Trailer

Khamoshi (2019) Sinhala Subtitles | මරණය අභියස ඇති නිහඬ රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! කාලෙකින් තමයි හින්දියකට සිංහල උපසිරැසි අරන් ආවේ. මේක Horror, Thriller කාණ්ඩයට අයිති චිත්‍රපටයක්. ප්‍රධාන නළුවයි නිළිය ගැනයි ඉතින් ආය අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන නෑනේ. Prabhu Deva සමඟින් Tamannaah තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නේ. 2019 ජූනි 14 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය…

ආයුබෝවේවා! කාලෙකින් තමයි හින්දියකට සිංහල උපසිරැසි අරන් ආවේ. මේක Horror, Thriller කාණ්ඩයට අයිති චිත්‍රපටයක්. ප්‍රධාන නළුවයි නිළිය ගැනයි ඉතින් ආය අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන නෑනේ. Prabhu Deva සමඟින් Tamannaah තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නේ. 2019 ජූනි 14 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chakri Toleti විසින්. මේ චිත්‍රපටය Kolaiyuthir Kaalam දමිළ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් වගේම ඒ දමිළ චිත්‍රපටය හදලා තියෙන්නෙත් Hush කියන ඉංග්‍රීසි චිත්‍රපටය මුල් කරගෙන. ට්‍රේලරයට හොඳ ප්‍රතිචාර තිබ්බත් චිත්‍රපටයට නම් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ. සාමාන්‍ය හින්දි චිත්‍රපටයකට වඩා වෙනස් කිව්වොත් නිවැරදියි. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටයක නම් පැය දෙකක්, දෙක හමාරක වගේ ධාවන කාලයක් තියෙනවා. හැබැයි මේ චිත්‍රපටය පැයයි විනාඩි විස්සකට ආසන්න ධාවන කාලයක් තමයි තියෙන්නේ.

කතාව ගැන කිව්වොත් සුර්භි සහ දේව් කියන්නේ සහෝදරයා සහ සහෝදරිය. හැබැයි එහෙම කිව්වට සුර්භි අනාථ නිවාසෙකින් හදාගන්න තමයි අරන් තියෙන්නේ. දේව්ගේ අම්මා දේව් පොඩි කාලෙදි එයාවයි තාත්තාවයි දාලා යන්න යනවා. එහෙම ගිහිල්ලා වෙන විවාහයක් කරගන්නවා. එතනින් එයාට බිලියන ගානක දේපළක උරුමයක් ලැබෙනවා. ඒ විවාහයෙන් ලැබෙන දරුවා අතුරුදහන් වුනාට පස්සේ තව දරුවෙක් හදාගන්න ගන්නවා. එයා තමයි සුර්භි. හැබැයි එයාට කතා කරන්නත් බෑ. ඇහෙන්නෙත් නෑ. අම්මා මැරෙනකොට ඒ බිලියන ගානක දේපළ සේරම සුර්භිට ලියලා තමයි මැරෙන්නේ. ඉතින් දේව්ගේ තාත්තා මේ ගැන කියලා දේව්ගේ හිතේ වෛරයක් ඇති කරවනවා. ඒ වෛරයත් එක්ක ඇවිල්ලා සුර්භිව මරලා දේපළ අයිති කරගන්න තමයි දේව් එන්නේ. ඉතින් ඔය කතාව වැඩිපුරම ගලාගෙන යන්නේ සුවිසල් මන්දිරයක් වටා. ඉතින් මේ මන්දිරයේදි සුර්භිව මරලා දාලා දේව්ට දේපළ අයිති කරගන්න පුලුවන් වෙයිද? ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.

රාත්‍රිය කොතරම් අඳුරු වුනත්…
එළි වීම නවත්තන්න බෑ.
අපි ශක්තිමත්ව හිටියොත් ඇති.
බලාපොරොත්තු නැති කරගන්නේ නැතුව
ජීවත් වෙන්න වෙනවා.
අමාරු කාලයට යන්න දෙන්න වෙනවා.
හොඳ හෙට දවසක් බලාපොරොත්තු වෙන අයව
අතීතයෙන් පරජය කළ නොහැකියි.

තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

11,934 downloadsDownload Khamoshi-2019.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,934 downloadsDownload Subtitles19 KB

44 comments

  1. nilushan

    නියමයි. තෑන්ක් යූ සබ් එකට....

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ..!

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekata .

  6. gayan215

    bohoma sthuthi saho..

  7. Aac3

    එලම සහෝ... සබ් එකට ගොඩාරියක් ස්තූති සහෝ ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේම...

  8. arawindasunimal

    thanks sande...............

  9. gihan perera

    නියමයි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  10. Dushan Tharuka

    Thanks bro...

  11. lasantha gomes

    thanx for the sub

  12. prageeth

    thanks

    1. ශසිත් සඳරුවන්

      Baiscopedownloads.com එකෙන් ගන්න.

  13. Chandikaprasanna

    පට්ට මේවගේ මූවි නම් අනිවා බලනවා

  14. kusal podda

    me film eka gatta website eka mokakda

  15. Ayesh Prashan

    Thank You

  16. tharidu16

    bohoth sukriya

  17. asankachathuranga

    thanks bro

  18. indika75

    thanks..

  19. Suranjan

    Thanks machan.....jayawewa......!

  20. N_R

    Thank You.

  21. mindika

    Thanks !!!!!!!!!

  22. Samsan jayantha

    Sub aka hodai

  23. thushan

    macho mama sub eka
    Godzilla.King.Of.The.Monsters.2019.720p.WEBRip.x264-[YTS.LT]
    copy ekata update karagaththa.... kohomada eka upload karanne.....

    1. ශසිත් සඳරුවන්

      මං හිතන්නේ ඒක අප්ඩේට් කරලා තියෙන්නේ. ඒ වගේ දේවල් සහ දැනගන්න ඕන දේවල් සම්බන්ධව [email protected] එකට මේල් එකක් දාන්න. ජය!

    2. thushan

      sorry waradeemakin comment eka type karala thiyenne.....

  24. ප්‍රශාත් මදුෂංක

    Thank you bro...good luck

  25. Rukshan37

    Ela ela

  26. Lahiri

    THANKS SAHO

  27. prasakr

    Jayawewa Bro thanks ......

  28. Lahiri

    THANKZ SAHO

  29. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  30. chanaka47

    Thanks kollo...

  31. Udaya Saman

    සදේ අයියා වෙනසකටක් එක්ක හිංදි එකක් අරන් ඇවිත්...උපසරසියට ⁣බොහොමතුති අයියේ..ඉක්මනින් 50 ගහමු

  32. D.Chamara

    bohoma sthuthi sahooo

  33. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  34. RuwanLakshan93

    ස්තූතියි සහෝ .

  35. චාරුණි

    ප්‍රභුදේවා දුෂ්ථයාගේ චරිතයට තොරාගත්තේ කවුද කියලා දන්න කවුරු හරි ඉන්නවාද ප්‍රභු දෙවාගේ රඟපැම් ගැන පොඩි හරි දැනුමක් තියන කෙනෙක් ප්‍රභුදේවා දුෂ්ථ චරිතයකට යොජනා කරන් නැ මේ කථාව රචනා කරලා තියෙන්නේ මිනිමරු බයහිතෙන විශේෂයෙන් කාන්තාවන් භය ගන්වන චිතුපටයක් ලෙස නමුත් පුභුදේවා දුෂ්ථයාට දාලා කොමඩි ෆිල්ම් එකක් දන්නේම නැතිව හැදිලා තියනවා බය නම් හිතේන් නැ ප්‍රභුදේවා දුෂ්ථයාට රගපානවා දැක්කාම හිනා යනවා

  36. Madhu@7

    ආර්ටිකල් 15 (2019) කියන හින්දි ෆිලුමටත් සබ දෙන්ටෝ...!

  37. Lasantharathnasirirox

    ශසිත් සහෝ ජයම වෙනවා නිර්මාණයට....ඉදිරියටත් සුබපැතුම්...!!!ජයවේවා !!!

  38. janakikumarisunila

    Thnk you

  39. M.W. Dilhani

    හොඳ කතාවක් සාර්ථකව කාලා තියෙනවා. ප්‍රභූ දේවා ගේ රගපෑම නං මෙලෝ රහක් නෑ. ගොලු බිහිරි ගැහැණු ලමයා හති දානවා බයෙන් කෑගහනවා. ෆිල්ම් එක හදලා තියෙනවා නම් අන්තිමයි. බලමු නයනතාරා ඉන්න ඒකවත් හොඳට තියෙයිද කියලා.

  40. Sandun_SD

    Thansk jaya wewa

  41. AKilaperera12345

    PTttttttt

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.