MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඋදයංග සම්පත්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසි

American Animals (2018) Sinhala Subtitles | ඩොලර් මිලියන දොළහේ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ] (50)

Rating: 9.2/10. From 64 votes.
Please wait...

ආයුබෝවන් යාළුවනේ..!

මම මේ කියන්න යන දේ කියවන්න කම්මැලි නම් ශේප් එකේ පහලට ගිහින් සබ බාගන්න.. ඉතිං ඔන්න හරියටම අවුරුදු 1යි මාස 3යි දවස් 13ක කාලයක කැපවීමකින් පස්සෙ මේ අරගෙන එන්නෙ මගේ පනස් වැනි උපසිරැසිය. ලොකුවට මොකුත් කියන්න උත්සාහ කරන්නෙ නෑ මම. ලිව්වත් කවුරුවත් කියවන්නෙ නෑනෙ. ඒත් ඉතිං යුතුකම් කීපයක් තියෙනව ඉෂ්ට කරන්න. මුලින්ම මම බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයේ සහෝදරයන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මාව බයිස්කෝප් පවුලට පිළිඅරගෙන මේ තරම් දුර එන්න අතහිත දීම වෙනුවෙන්. ඇත්තම කිව්වොත් විමා තමයි මාව මේ තරම් දුර එන්න ප්‍රධානම සාධකය වුණේ. විමා හැම වෙලාවෙම උපසිරැසියක් ඇඟේ එල්ලපු නිසා තමයි මෙච්චර ඉක්මනට මේ ගමන ආවෙ. ඒ වගේම සමීර, නොදන්න ගොඩක් දේවල් කියල දීල මේ ගමනට ලොකු හයියක් වුණා. හසායිය නම් වැරදි හොයන එක තමා කරන්නෙ. බේරෙන්න බෑ. කොහොමහරි ඉතිං එහෙම වැරදි හොයන නිසාම හැම වෙලාවෙම ගුණාත්මක උපසිරැසියක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙනව. රොයිලි අයියවත් මේ වෙලාවෙ සිහිපත් කරන්න ඕනෙ, මොන වැඩේ තිබ්බත් හැම උපසිරැසියකටම “ජය” කියල සුභපතල යනවනෙ. ඒක ඉතිං මාරම ලොකු හයියක්. ඒ වගේම චාමර, දෙන හැම උපසිරැසියම මාර ඉක්මනට පළ කරන්න බැඳිල ඉන්නෙ. ඉතිං රොයිලි අයිය, හසන්ත වික්‍රමරත්න අයියා, ශාන් විමුක්ති, සමීර කරුණාරතන, චාමර සම්පත්, අසංක ප්‍රදීප් රණතුංග, සුධීර මාලන්, ප්‍රණීත් චින්තක රණසිංහ, සිසිල ප්‍රසාද්, ආසිරි ප්‍රියන්ත මේ හැමෝම ගොඩක් ලෙංගතුව සිහිපත් කරන්න ඕන අය.

මීට අමතරව බයිස්කෝප් එක තුළදි යාළුවො සෑහෙන ප්‍රමාණයක් හමුවුණා. කවදාවත් දැකල නැති හැබැයි හොඳ යාළුවො වුණු අය. ලහිරු ප්‍රසාද්, අචින්ත උදයංග, නුවන්ත දුලාන්, නිලුපුල් මධුකප්‍රිය, රවිඳු රුක්ෂාන්, දිල්ශාන් සචින්ත, තරිඳු ගමගේ, ඉසුරු සම්පත්, කවිෂල් රසින්ත, යුශාන් පියුමාල්, මයුර සුරාජ් මේ වගේ ගොඩක් යාළුවො හමුවුණා. ඒ වගේම ශෂිකා එරන්දි මගේ යෙහෙළිය හැම වෙලාවෙම ලොකු සහයෝගයක් ලබා දෙනව උපසිරැසිකරණයේදි මාව දිරි ගන්වමින්. ඉතිං මඟ හැරුණු කෙනෙක් ඉන්නවනම් සමාවෙන්න ඕනෙ ඉතිං. ඒ වගේම මගේ නිර්මාණ වලදි අදහසක් දක්වල ගියපු හැමෝටම මගේ ශීර්ෂ ප්‍රණාමය පිළිගන්වන්න කැමතියි. ඔය තමයි මගේ විස්තරේ. ඒකත් දිග වැඩියි ඒත් ඉතිං ඔය මතක් කරන්නම ඕනෙ ටික තමා කිව්වෙ. එහෙනම් කතාව දිහාවට හැරෙමු දැන්.

IMDb දර්ශකයේ ප්‍රේක්ෂක මනාප 17,544ක් ලබා ගනිමින් 7.1ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු සිනමා කෘතියක් තමයි මේ අරගෙන ආවෙ. Rotten Tomatoes මීටරේ 88% ක ප්‍රතිචාරත් ඔන්න මේකට ලැබිල තියෙනව. ඒ වගේම Google user 88% ක් සිය මනාපය මේ සඳහා පළ කරල තියෙනව. Crime, Drama, Mystery & Suspense යටතේ වර්ගීකරණය කරල තියෙන මේ සිනමා කෘතිය පැය 1යි විනාඩි 56ක් පුරාවට ඔබව විස්මයට පත් කරල තියන්න සමත් කියල කියන්න පුළුවන්. මේක සත්‍ය කතාවක්. ඒ වගේම සාම්ප්‍රදායික සිනමා කලාවෙන් ඔබ්බට ගිහින් සත්‍ය කතාවක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නියම විදියට ඉදිරිපත් කරල තියෙනව. සමීර සහෝ තමයි මට මේක කරන්න කියල ටික කාලෙකට කලින් දුන්නෙ.

පටන් ගන්න මුල්ම විනාඩියේ ඔබව ග්‍රහණය කරගන්න සමත් වෙන වැකි දෙකක් මේකෙ යනව. එතනින් එහාට කතාව වෙනස් ආරකට බොහොම ආකර්ශනීය විදියට ගලාගෙන යනව. ස්පෙන්සර් රැන්හාඩ්, එරික් බොර්සොක්, චාර්ලස් ඇලන් සහ වොරෙන් ලිප්කා.. මේ තමයි මේ කතාවේ කතා නායකයන්. මෙයාල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හතරදෙනෙක්. මේ හතරදෙනාගෙන් ස්පෙන්සර් රැන්හාඩ් දැනගන්නව ට්‍රාන්සිල්වේනියානු විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ ඉතාම වටිනා ග්‍රන්ථ වල මුල් අත් පිටපත් තියෙනව කියල. මේක දැනගත්තට පස්සෙ ඔහු ඒක ඔහුගේ මිත්‍රයා වොරෙන් ලිප්කාට කියනව. ඔතන තමයි හැරවුම් ලක්ෂය. මේ පොත්වල වටිනාකම ඩොලර් මිලියන දොළහකට වැඩියි. ඔය වටිනාකම නිසා තමයි ඉතිං එතනින් එහාට, එරික් බොර්සොක් සහ චාර්ලස් ඇලන් මේ කතාවට ඈඳෙන්නෙ.

ඔවුන් හදන්නෙ මේ පොත් හොරකම් කරන්න, ඇමරිකානු ඉතිහාසයේ ස්වර්ණමය කොල්ලකෑම මේක වේවි. ඒකට හේතුව තමයි මේ මිලියන 12ක් වටින පොත් බලාගන්න ඉන්නෙ එක වයසක පුස්තකාලයාධිපතිනියක් විතරයි. කිසිම කැමරාවකුත් පුස්තාකලයේ මේ කොටසේ නැහැ, එහෙනම් ඉතිං මොකටද බය වෙන්නෙ, මේක හොඳ සාර්ථක සැලැස්මකට අනුව හොරකම් කරන්න පුළුවන්නේ.. හැබැයි හිතන තරම්, පේන තරම් සරළද මේ හොරකම. ඇයි මෙච්ච්ර වටින පොත් ගොඩක් කිසි ආරක්ෂකයෙක් නැතුව වයසක ගැහැණු කෙනෙකුට බාර දීල තියෙන්නෙ? සැලසුම කොච්ච්ර හොඳ වුණත්, ආරක්ෂාව කොච්චර අඩු වුණත් කෙස් ගහකින් ඔක්කොම ගැස්සෙන්න පුළුවන්. එහෙනම් ඉතිං මේක කැමති නම් බලන්න කියල ආරාධනා කරනව. ඒ වගේම කියන්න ඕනෙ මේක මගේ රසයට සුපිරියක් වුණාට, තව කෙනෙකුට එහෙම නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මේ ලබා දෙන නිර්මාණ පූර්ව ප්‍රචාරක පටයක් එහෙම බලල හොඳනම් විතරක් බාගන්න. එහෙනම් ගිහින් එන්නම්..

ජය වේවා..!

The perfect heist is a work of fiction.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB/Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9589 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

112 thoughts on “American Animals (2018) Sinhala Subtitles | ඩොලර් මිලියන දොළහේ මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ] (50)

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • anushkawebnet

    sub ekata thank u mchn

    Reply
  • Tharuka54321

    Ela bro සුපිරි ah.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ricadodamien

    Congratulations on your 50 th Sub, wow, Thank u Udayanga Brother & baiscope team for the sub, all the best to baiscope team………….

    Reply
  • Nuwantha Dulan

    මගෙන් උණුසුම් සුභපැතුම් මචෝ
    මෑතකදී මුණගැහුණ සුපිරි චරිතයක් තමයි
    සුභ පතන්න පොඩ්ඩක් පමා උනා,
    ඉතින් ඉක්මණට ඊලඟ කඩයිම් වලට යන්න ලැබෙන්න කියන අතරම
    අනික් වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,
    ලිපියේ අපි ගැන මතක් කලාට ස්තූතියි,
    ජය!!!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • 50 වන සබ් එකට සුභ පැතුම්!! බොහොම ස්තූතියි

    Reply
  • Hiranhiru

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්…!
    50 ක් දක්වා ඇවිත් තියෙන්නෙ නොමිලයේම අනික් අය වෙනුවෙන් කරපු ලොකු කැපකිරීමක්..
    ගොඩක් ස්තුතියි.. බයිස්කෝප් ඔයාලා නිසා තමා අපිත් ආසාවෙන් ෆිල්ම් බලන්නෙ.
    ස්තුතියි..
    තෙරුවන් සරණයි…!

    Reply
  • Chanmatara

    50 ට සුබපැතුම් බ්‍රෝ ………..

    Reply
  • Lakshan nadeeshana

    Thanks bro.

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • thanx bn. lipiyat hodai . film eka balanna asa hituna kiwaddi .onna gatta ehenan

    Reply
  • තරිඳු ගමගේ

    සමාවෙන්න සහෝ පමාවුනාට සුභ පතන්න… තාක්ෂණික දෝෂයක් කියල හිතාගනින් බන්… එහෙනම් ලොක්කා මටත් කලින් 50න් එගොඩ උනා. ඒකත් හොඳයි නැත්නම් වයසට යනවනේ තවත්. මේ කරන්නාවූ පුණ්‍ය කර්මයෙන් ලබන ආත්මයේදී වත් ….. එක්කෝ ඕන නැහැ…. ජය පුතී!!!

    Reply
  • උණුසුම් සුබ පැතුම් උදයංග සහෝ. සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් ඊලඟ කඩ ඉමට යන්නත් හැකියාව ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • mahesh jayasuriya

    ela ela thanks machoo

    Reply
  • bLack_sNow

    thanks saho and gd luck

    Reply
  • Sajithlakshan

    50 sub ekata subapathum machan ………………….

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • suba pathuma sahooo thawa degatama karagena yamuo.
    sub ekata bohoma sthuthi sahooo

    Reply
  • යුරාන් ධනුක

    කඩඉමට සුබ පැතුම් සහෝ…!!!

    Reply
  • Thank u bro…
    Congratzzz for the 50.

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    කඩඉමට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • supiri machan jayawewaa

    Reply
  • isuru dilshan

    50වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!!
    දිගටම මේ වැඩේ කරගෙන යමු ඕං…
    ජයවේවා!!!

    Reply
  • බලමු හොඳද කියලා …
    ජය වේවා …..

    Reply
  • ජයෙන් ජය……

    Reply
  • Thilesh De Silva

    බොහෝම ස්තුතී .. ජය වේවා

    Reply
  • පළමු කඩඉමට සුභපැතුම් කිව්වා…
    බොගේ සබ් වලින් බලපු ෆිලුමක් නම් මතකෙට එන්නෑ.
    හැබැයි වෝකින් ඩෙඩ් කරන නිසා ඉදිරියේදි බලන්න ලැබේවි.
    ඉක්මනින්ම දෙවෙනි කඩඉමටත් යන්න ලැබේවා කිව්වා එහෙනම්.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • nishadchandima

    සූභ පැතුම්…, බොහෝම ස්තුතියි.

    Reply
  • 50වන උපසිරසියට මාගේ හෘදයාංගම සුබපැතුම්!
    අවුරුද්දකට වඩා බයිස්කෝප් එක්ක සම්බන්ධ වෙලා හිටියට
    මොකෝ ඔහේව අදුරගන්න ලැබුනේනම් මාස කීපෙකට උඩදී..
    ඒකෙන් කිව්වැකි කාගේත් හිත දිනාගෙන වැඩ කරගෙන යන කෙනෙක්
    කියලා.. ඇනිමේෂන්වලට නොවෑ වැඩියෙන් කැමතිත්.. ඉතින් කියන්න තියෙන්නේ
    ඉක්මනටම 100ත් ගහන්න කියල තමා.. ඔබට ජය

    Reply
  • 50 වෙනි උපසිරැසියට සුභ පැතුම සහෝ..!!
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Shehan putha

    thanks brooooo jaya wewa !

    Reply
  • තැන්කුයි වේවා

    Reply
  • Hiranhiru

    50 වන උපසිරැසියට සුබ පැතුම්…
    මේ කරන පිනෙන් නිදුක් නිරෝගී බව රැකේවා..
    තෙරුවන් සරණයි….!

    Reply
  • shanlakmal

    50 WENI UPASIRASIYATA SUBA PATHUM SAHO.

    api wenuwen sahenna mahansi wela sub ekak hadala denawada godak pin saho..

    Reply
  • sampath n perera

    wish you all the best

    Reply
  • Rashmika dumidu

    ස්තුති සහෙ

    Reply
  • Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • Udara Damith Dissanayaka

    50හට සුබ පතනවා
    මන් ෆිල්ම් එක බැලුවේ නැතත් අනිවරයෙන් ලිපිය කියවනවා
    ඒවා කියවන එකත් වෙනම ආතල් එකක්

    Reply
  • ලහිරු ප්‍රසාද්

    හදවතින්ම සුබ පතනවා මචං 50 වෙනි කඩයිම වෙනුවෙන්. මේ ආව වගේ ඉදිරි කඩයිම් වලට යන්නත් ශක්තිය වගේම කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේව බයිස්කෝප් නිසා හම්බවුන තවත් හොද මිත්‍රයෙක් වගේම තට්ටයෙක්. ටිවි සීරීස් කිහිපයක්ම ඇදන් යන එළ කොල්ලෙක් තමා ඉතිං. ඒ වගේම දොඩං ගොඩ බදා ගත්තා වගේ තියෙන හැම එකම බදා නොගෙන එකක් ඉවර කරලා තව එක්කට අත ගැහුවනම් තමා හොද. එහෙනම් ජයෙන් ජයම වෙන්නෝන!!!

    Reply
  • madhubashana bandara

    thanks saho

    Reply
  • madhubashana bandara

    thanks saho

    Reply
  • kavinuweerakkody

    100ත් ඉක්මනට ගහමු උදයංග අයියේ..ජය වේවා!!

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    සුබ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි..! ❤❤❤❤

    Reply
  • mighty.94

    Congrats for 50th Sub. Cheers…!!!

    Reply
  • Amilperera

    Thnks broo sub akata

    Reply
  • බොහොම ස්තූතියි. ජය වේවා ….

    Reply
  • Ishan Madusha

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • hemanthahka

    Thanks for expended your valuable time for us…

    Reply
  • ela bro 100 th ikmanatma demu

    Reply
  • Thankyou brother..And Congratulations Brother ❤

    Reply
  • බොබී

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම්, සහෝ. කවද්ද 51 වැනි එක කරන්නේ?

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි…………. ජයවේවා……..!!!!!!!!!!!!!

    Reply
  • සුභ පැතුම් 50 ට. ජයම වේවා!! මේකත් අනිවා බලනවා. බොහොම ස්තුතියි සහෝ!!

    Reply
  • 50 ta subapatum saho

    Reply
  • සනිඳු ලක්ඛිත

    පලමුවෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභපැතුම් සහෝ…තව තවත් ඉදිරියට උපසිරස කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • විමා

    දෙවැනි කඩයිමට සුභපැතුම්
    ඔව් ඔව් පලවෙනි කඩයිම තමා මට එනම් පලවෙනි සබ එක
    ඒක පැන්න එකා දෙවැනි එකත් පැන්නොත් එහෙම මිනිහව නවත්තන්න පුළුවන් වෙන්නේ මංගල්ලෙකට විතරයි.
    ඒවටත් නවත්තන්න බැරි උන අය ඉන්න එකේ මම හිතන්නේ ඒ අතලොස්සෙන් එකෙක් වෙයි උඹත් ඉදිරියේදී
    එහෙනම් උදයංග අර අනිත් ගොබිලා වගේ නොවී ඊළඟට ශතකයත් ගහමු ඔහොමම ගැම්මෙන්
    කොහොමත් වොකින් ඩේඩ් එකෙන් තව 16ක් සෙට් වෙනවා එකියන්නේ 50+16 = 66 අප්‍රේල් වගේ වෙනකොට 100 ගහන්න පුළුවන් වෙයි
    එහෙමනම් මේ කරන්නා වූ පුණ්‍ය කර්මයේ බලයෙන්
    සියල්ල සාර්ථක වේවා….
    ජෙයින් ජෙයිම වීවා 😀

    Reply
  • අද සිල්වර් රෑන්ක් එකෙන් පිදුම් ලද ඔබට මගෙ උනුෂුම් සුබ පැතුම්..100 ගහද්දිවත් කොන්ඩෙ වැවේවා කියා පතන්නේ ඉතින් හදපත්ලෙන්මයි ඈ….

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    50* වැනි උපසිරසියට සුබ පැතුම් මචෝ..
    මෙතනින් නතර නොවී දිගටම කරගෙන යං එහෙනම්…
    ~~ඔබට ජය~~

    Reply
  • කොහොම හරි අන්තිමට 50ත් ඉවර කළා එහෙනම්. සුභ පැතුම් උදයංග!!!
    ඔයා මේ වෙනුවෙන් වෙන කැපවීම නම් නියමයි. තවත් හොඳ නිර්මාණ වලට
    උපසිරැසි කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    ඉක්මනින්ම ඊළඟ කඩයිමටත් එන්න ලැබේවා!
    ජය වේවා!

    Reply
  • sabata tanks broo.ewagema 50tat 100t ekmanatama gahanna.bro ubala henda tamae ape film 1k taerumak atewa balanne.degatama sab denna obata jaya.

    Reply
  • thnx broooooooooooo

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    50 වෙනි උපසිරසියට සුබ පැතුම්!
    පට්ට ෆිල්ම් එකක් වගේ…මේ වගේ ෆිල්ම් සුපිරි..
    අරන් බලන්න ඕනේ…

    Reply
  • Achintha Udayanga

    මෙන්න බොලේ තට්ට මෑන් 50ත් ගහල.. මුල්ම කඩයිමට සුබ පැතුම් එහෙනම්.. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඉතිං අපේ බයිස්කෝප් සැට් එකට එකතු වෙලා වැඩි කාලයක් නෑ හැබැයි තට්ටෙ ප්‍රසිද්ධයි මේ වෙනකොටත් බොහොමයක් දෙනා අතර..තට්ටෙ ඕන වෙලාවක මචං ලිපියක් ලියා දියං කීවොත් කවදාවත් බෑ කියන්නෙ නම් නෑ…ඒ වගේ හිත හොඳ ආදරණීය චරිතයක් තට්ටෙ කියන්නෙ… ඒ වගේම වැඩක් භාරගත්තොත් කැපවීමෙන් ඒ දේ ඉවරයක් කරල මිසක් පස්ස බලන්නෙත් නෑ තට්ටෙ..මේ තරම් සුළු කාලයකින් මුල්ම කඩයිම පහු කරපු එකෙන්ම කැපවීම කොයිතරම්ද කියන එක පැහැදිලි වෙනව තට්ටෙගෙ..එකක් නම් හරි දැන් තියෙන්නෙ 100 තමා..ඔහොම යං තට්ටෙ ඊළඟ කඩයිම වැඩි ඈතක නෙවේ..ජය වේවා..!!

    Reply
  • බොහොම ස්තූතියි අයියේ… 50 වෙනි උපසිරසියට හදපිරි සුබපැතුම්… කරන වැඩකටයුතු ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න සුබ පතනවා.

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ උපසිරසියට… ඒ වගේම 50වැනි උපසිරසියට සුභ පැතුම්…100ත් ඉක්මනට ගහමු හොදේ…. මටත් හුගක් සබ් කරද්දි උදව් කරපු කෙනෙක් තමා ඉතින්, කරන වැඩේ නියමෙටම කරලා ඉක්මනට දෙනවා.. ඉතින් ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනව… ජය…

    Reply
  • yasitha8991

    Thank you brooo

    A wagema e money walata kemathi aya innawa nam mata reply ekak danna. Super wedak thiyenawa. Meke payment sure. Wagakimen kiyanne.

    Reply
  • Poop popular

    මම ලියුවත් කවුරුවත් කියවන්නෙත් nahane බ්රෝ apinam kiyawanawa 50 upa sirasata ජය වෙවා

    Reply
  • 50 වන උපසිරැසියට සුබපැතුම් සහෝ ……
    ජයවේවා …..

    Reply
  • THE NEW FOLDER

    Congratulations

    thanks for subtitle

    Reply
  • Ela saho thanz sub akta

    Reply
  • Thanx sahoooo
    ජයෙන් ජය

    Reply
  • Ravindu Rukshan

    ගැම්මෙන් 50 නහ ගසල…මෙතනින් නොනැවතී ඉදිරියට යෑමට හැකියාවක් ලැබේවා කියා පාර්ථනා කරනවා..

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…මේකට උපසිරැසි දානකන් හිටියේ මචෝ…ස්තුතියි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…

    Reply
  • සුභපැතුම්….

    Reply
  • Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි උදයංග සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    100 වෙනි කඩයිමත් පසුකරන්න අවැසි කාලය, ශක්තිය ලැබේවායි පතමි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *