Watch Trailer

Ancien and the Magic Tablet (2017) AKA Hirune-hime: Shiranai watashi no monogatari Sinhala Subtitles | සිහිනයන් සැබෑමද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ කාර්යබහුල මාසෙකට පස්සේ ඔන්න මම ආයෙත් අලුත්ම ඇනිමේ එකක් අරන් බයිස්කෝප් සිංහලෙන් වෙබ්පලට ගොඩවැදුනා. මේ ඇනිමේ එක ගැන කියනවනම් මේක 2017 දි ආපු ටිකක් අලුත් එකක් ඒ වගේම ඇනිමේ එක Animation,Fantasy, Adventure, Drama කියන ගණයන්ට වැටෙන මේ anime film එක IMDb දර්ශකයේ 6.3 වගේම MyAnimeList.net දර්…

කොහොමද යාලුවනේ කාර්යබහුල මාසෙකට පස්සේ ඔන්න මම ආයෙත් අලුත්ම ඇනිමේ එකක් අරන් බයිස්කෝප් සිංහලෙන් වෙබ්පලට ගොඩවැදුනා. මේ ඇනිමේ එක ගැන කියනවනම් මේක 2017 දි ආපු ටිකක් අලුත් එකක් ඒ වගේම ඇනිමේ එක Animation,Fantasy, Adventure, Drama කියන ගණයන්ට වැටෙන මේ anime film එක IMDb දර්ශකයේ 6.3 වගේම MyAnimeList.net දර්ශකයේ 7.1 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ film එකේ තිර රචනය හා අධ්‍යක්ෂණය දෙකම කරලා තියෙන්නේ Kenji Kamiyama කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.

ෆිල්ම් එකේ ඔය විස්තර වැඩිය ඕන නැහැ නේ.එහෙනම් මේ ෆිලුමේ කතාවට බහින්නම් ඔයාල දන්නවත් ඇති 2020 ඔලිම්පික් තරඟ වලට සත්කාරකත්වය දෙන්නේ ජපානය කියලා,ඒ කියන්නේ 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල.ඔයාල හිතනවා ඇති මම මේ මොකද anime එක ගැන කියන්නේ නැතුව ඔලිම්පික් ගැන කියන්නේ කියල ඒකට හේතුව තමයි මේ anime එක 2020 ඔලොම්පික් එක්ක සමාන්තර කාලීනව කොකොනේ මොරිකාවා කියන ගෑනුළමයෙක් වටා ගෙතෙන ෆිල්ම් එකක් මෙයාගේ අම්මා මෙයා පොඩිකාලෙදිම මැරිලා එයයි එයාගේ තාත්තයි විතරයි ඉන්නේ. මේ කතාවේ විදියට ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට ස්වයංක්‍රිය වාහන යොදාගන්න සංවිධායකයන් තීරණය කරලා තියනවා.මේකට මුලිකත්වය අරන් වැඩකරන්නේ ශිජිමා මෝටර්ස් කියන ආයතනය.

මේ කතාවේ ප්‍රධාන චරිතය ඒ කියන්නේ කොකොනේ හරි අමුතු කෙනෙක් ඒ කියන්නේ එයා හැමතිස්සෙම නිදා ගන්නවා ඒ වගේම එයා හැමතිස්සෙම හීන දකිනවා ඒ හීන ඇත්ත ලෝකෙට ටිකක් සම්බන්ධයි.දවසක් එයාගේ අම්මට අයිති ටැබ් එක ගන්න කට්ටියක් එනවා පස්සේ එයාට දැනගන්න ලැබෙන්නේ ඒ කට්ටිය ශිජිමා මෝටර්ස් එකට වැඩකරන අය කියලා.එයා ඒ ටැබ් එක අරන් බේරිලා පැනලා යනවා ඒ අතරේ තවත් හේතුවකට එයාගේ තාත්තත් අත්තඩංගුවට ගන්නවා.ඒ අතරේ එයා එයාගේ අම්මයි ශිජිමා මෝටර්ස් එකයි අතරේ ලොකු සම්බන්දයක් තියනවා කියලා හොයාගන්නවා.මොකද්ද ඒ තියන සම්බන්දේ,එයාගේ තත්තා මොනවත් ඒගැන එයාට කිව්වේ නැත්තේ ඇයි? ශිජිමා මෝටර්ස් එකේ අය ඒ ටැබ් එක හොයන්නේ මොකටද ?එයාලට ටැබ් එක හම්බ වේවිද?ඒ ටැබ් එකේ තියෙන්නේ මොනවද?…කියලා දැනගන්න ඕන නම් ඔයාලට මේ film එක බලන්නම වෙනවා.

ඒ වගේම පොඩි කමෙන්ට් එකකුත් දාලම යන්න.එහෙනම් ආයෙත් ඇනිමේ එකකින් මුණගැහෙමු එතකන් ආයුබෝවන්.

…WITH HEARTS UNITED, WE CAN FLY…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 උපසිරසිය BDRip පිටපත සදහා ගැලපේ.

1,550 downloadsDownload Ancien-and-the-Magic-Tablet-2017.zip37 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,550 downloadsDownload Subtitles37 KB

20 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.
    fairy tail priestess of the phoenix (2012) පුලුවන්නම් සබ් දෙන්න
    ජය වේවා!

  2. harshani11112

    ස්තුති කවීෂ සහො .......

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Ravindu N. Bandara

    Keep it up brother. I hope you'd make subs not only for movies but for anime TV series as well.

  5. kazzaa

    The farm 2018 sub dennako

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  8. saduhiru1

    sub ekata thanks saho...................

  9. Chanu mikhail

    thanks bro, degatama anime demu......, jaya....!!

  10. Kulanjana Maduranga

    sub 1ta thanks....

  11. Tharaka

    thanks.............

  12. Udara Damith Dissanayaka

    Kalana mithura we sumithura

  13. AsithaDilruwan

    Ela saho thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Damru Ravihara

    සබට #ස්තූති

  16. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  17. Akila_Viduranga1996

    'Paprika (2006)' film ekata sinhala sub karala denna please....!!

    1. kaweesha kalyana

      සබ එක දෙන්න බලන්නම්

  18. Dimuthu r

    Ela

  19. Pavith Wijesooriya

    අයියේ මේක නම් නියම ඇනිමේ එකක්.ගොඩක් ලස්සනයි.සුපිරියටම සබ් එකත් තියෙනවා.ගොඩක් ස්තූතියි මේ ඇනිමේ එකටත් සබ් දුන්නට.මේ වගේ ලස්සන ඇනිමේ ටිකකටත් ඉස්සරහට සබ් ඕනේ.ජය වේවා!!!❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.