Watch Trailer

Balto (1995) with Sinhala Subtitle | ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය. [සිංහල උපසිරසි සමඟ]

ඔහු බල්ලෙකු හෝ වෘකයෙකු නොවිණ. හුදෙක් ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය. ඔන්න මේ පාර 1995 වසරේ නිකුත් වුණු ජීවිතයට ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක් ගෙනාවා. මේක කරන්න ලබාදීම ගැන රොයිලි අයියට ස්තූතිවන්ත වෙනවා. ලිපියත් හැමෝටම කියවන්න කියලා ආරාධනා කරනවා. අපි කෙළින්ම චිත්‍රපටය පැත්තට හැරෙමු. United States හිදී 19…

Balto (1995)

ඔහු බල්ලෙකු හෝ වෘකයෙකු නොවිණ. හුදෙක් ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය.

ඔන්න මේ පාර 1995 වසරේ නිකුත් වුණු ජීවිතයට ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක් ගෙනාවා. මේක කරන්න ලබාදීම ගැන රොයිලි අයියට ස්තූතිවන්ත වෙනවා. ලිපියත් හැමෝටම කියවන්න කියලා ආරාධනා කරනවා. අපි කෙළින්ම චිත්‍රපටය පැත්තට හැරෙමු.

United States හිදී 1995 වසරේ දෙසැම්බර් 22 දින තිරගත වුණු බෝල්ටෝ චිත්‍රපටය, තුන් ඇඳුතු චිත්‍රපට පෙළක පළමුවැන්නයි. මෙහි දෙවැන්න වූ Wolf Quest චිත්‍රපටය 2002 වසරේදීත්, තෙවැන්න වූ Wings of Change චිත්‍රපටය 2004 වසරේදීත් තිර ගතවිය. Cliff Ruby සහ Elana Lesser ගේ කතාවක් පාදක කරගෙන Simon Wells ගේ අධ්‍යක්ෂණයෙන් හා Steve Hickner ගේ නිෂ්පාදනයෙන් නිෂ්පාදිත මෙම චිත්‍රපටය ඉංග්‍රීසි බසින් මිනිත්තු 77ක් පුරා දිවෙයි. මෙය රගහල් 1427 ක් තුළ තිරගතකොට මුල් සතියේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,519,755 ක් උපයා ගෙන 15 වෙනි ස්ථානයේ රැඳීමට සමත් විය. මෙහි පිළිවෙලින් බෝල්ටෝ, බොරිස්, ජෙනා, ස්ටීල් යන අයට Kevin Bacon, Bob Hoskins, Bridget Fonda, Jim Cummings යන හඩ නළුවන් තම හඩ දායකත්වය මනසා ලෙස සපයා තිබෙනවා. එමෙන්ම 90 දශකයේ ළමා කථාවල වැඩි වශයෙන් පෙනී සිටි ප්‍රසිද්ධ නිලී Miriam Margolyes මහත්මිය මෙහි රෝසි ආත්තම්මාගේ චරිතය නිරූපණය කිරීම තවත් එක් විශේෂයක්. මේක බොහෝ පිරිසක් විසින් රූපවාහිනියෙන් නරඹපු, නමුත් තවමත් ආස කරන චිත්‍රපටයක්.

කතාව ගැන පෙර විපරමක් කරොත් මේ බෝල්ටෝ දෙමුහුන් සත්ත්වයෙක් ලෙසයි සදහන් වෙන්නේ. වෘක සහ සුනඛ ගති ලක්ෂණ ඔහු සතුයි. මේ කථාවෙන් කියවෙන්නේ එවන් කෙනෙක්ගේ වීර ක්‍රියාවක් ගැන. කතාව මම කියන්න යන්නෙ නෑ. මොකද බලපු අයය් නොබලපු අයය් මෙතන ඉන්නවා. බලපු අයගෙන් කොටසකටත් මේක හරියට මතක නැතිව ඇති. ඉතින් මොකද මම එයාලගෙ මතකය අවදි කරන්නේ කිසිම රසයක් නැතිවම. බෝල්ටෝ කරදර බාධක මැද්දෙ කොහොමද තමන්ගෙ අරමුණ කරා ගියේ කියන එක තමා මේකෙන් කියවෙන්නේ. කෙනෙක් රූපයෙන් හැසිරීමෙන් වෙනස් හෝ අඩු උණා කියල ඒ කෙනාගෙ හදවත එහෙම වෙන්නෙ නෑ. හැම කෙනෙක්ම යම් ජීවී කොට්ටාසයක කොටස් කරුවෙක්. ඒත් බෝල්ටෝ එහෙම නෑ. එයා වෘක සහ සුනඛ කියන කොටස් දෙක අතර තනිවෙනවා. ඒත් එයා අන්තිමේදී තමන් ඇත්තටම කවුද කියල හොයාගන්නවා. තමන් තමන් මිසක් තවකෙනෙක් වෙන්න බෑනේ.

මමත් ඔයාලට කියන්නෙ මේ දෙයයි. කවුරු කොහොම තමන් ගැන මොන විදිහට හිතුවත්, තමා අවලස්සනයැයි උසුළු විසුළු කළත් ඒව ගණන් නොගෙන තමන්ට රිසි ලෙස ජීවත් වෙන්න. මොකද මේ ලෝක රඟහලේ තමන්ගේ චරිතය කරන්න පුළුවන් එකම කෙනා තමන්ම විතරයි.

හැමෝටම මේ ආදර්ශමත් කතාව නරඹන්න කියන ගමන් උපසිරස වෙනුවෙන් අදහසක් දාලා යන අයව ගොඩක් අගය කරනවා. එහෙනම් ඊළඟ උපසිරසෙන් හමුවෙමු… ජය වේවා!!

ලිපිය දීප්ත තුෂාර

Balto (1995) on IMDb

 

 

600 MB කොපිය මෙතනින් බාගන්න

ab774d60278bc3f6f52b8a538df5b0489d58ef9b Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

528 downloadsDownload 201509061439baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.ද මැල්” හා “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

528 downloadsDownload Subtitles33 KB

17 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks LC & DHEEPTHA sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  2. akila ishara

    broters film eke sub dannako

    1. එල්.සී.දමැල්

      අපි සබ් දීලයි තියෙන්නෙ. කලින් යාවත්කාලීන කිරීම් නිසා අපහසුවක් තියෙන්න ඇති. නැවතත් දැන් උත්සහ කර බලන්න. දැන් සබ් එක බාගත කරගන්න පුළුවන්.
      ස්තුතියි. ජය...

  3. තිසල්

    තැන්ක්ස් මචො සුපිරි

  4. Thisara Neo

    thanks

  5. හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
    මේක ලස්සන කතාවක්
    ජය :D

  6. chiran maduranga

    Pattaiii...Thanxxx

  7. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය.

  8. Aditha Praween

    බොහොම ස්තුතියි උපසිරිසියට !

  9. නලින්

    ස්තුතියි සහෝලා දෙන්නටම

    ජය ‍වේවා!

  10. sajeevi

    thanks

  11. kavinda

    thank you

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. BINAADI

    ඔයාලට ඡය පතනවා...ගොඩක් ස්තුතියි.....

  15. Amalka Himeshan

    තැන්ක්ස් මචන්ල මන් මේක බලල තියනව නියම කාටුන් මුවී එකක් ආයෙත් බලන්න ඕන

  16. Asanka Gayan RZ

    Thanks
    meke 2 ekak tiyanava.
    Balto: Wolf Quest (2002)
    meke sub ekat denna try karannako PLZZZZZZZZZZZZZZZZZZZZzz........................................ :-)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.