2003 වර්ෂයේ රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ මුන්නා බායි M.B.B.S. (Munna Bhai M.B.B.S.) (මේ සඳහා උපසිරැසි ලසික රෝෂාල් මිද්දෙණිය සොහොයුරා විසින් ලබා දී ඇති බව කෘතවේදීව සඳහන් කරමි) කෘතිය දෙමළ භාෂාවෙන් කළ ප්‍රති-නිර්මාණයක් වශයෙන් වසූල් රාජා M.B.B.S. (Vasool Raja M.B.B.S.) සිනමා කෘතිය හඳුන්වා දිය…
2003 වර්ෂයේ රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ මුන්නා බායි M.B.B.S. (Munna Bhai M.B.B.S.) (මේ සඳහා උපසිරැසි ලසික රෝෂාල් මිද්දෙණිය සොහොයුරා විසින් ලබා දී ඇති බව කෘතවේදීව සඳහන් කරමි) කෘතිය දෙමළ භාෂාවෙන් කළ ප්‍රති-නිර්මාණයක් වශයෙන් වසූල් රාජා M.B.B.S. (Vasool Raja M.B.B.S.) සිනමා කෘතිය හඳුන්වා දිය හැකියි. දෙමළ කෘතියේ අධයක්ෂවරයා වන්නේ සරන්ය. කතාව රාජ්කුමාර් හිරාණිගේ වන අතර තිර රචනය විදු විනෝද් චොප්රා හා රාජ්කුමාර් හිරාණිගේය. දෙමළ චිත්‍රපටිය සඳහා දෙබස් රචනා කර ඇත්තේ මෙම සිනමා පටයේ මාර්ගබන්දුගේ චරිතය නිරූපණය කරන ක්‍රසී මෝහන් විසිනි.
රාජාරාමන් (කමල් හසන්), වසූල් රාජා (එකතු කරන රාජා) ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති, චෙන්නායි හි පදිංචි මැරයෙකි. කුඩා කල ගෙදරින් පලා විත් සිටින ඔහුගේ රැකියාව වන්නේ ණය ලබාගෙන නොගෙවා සිටින මිනිසුන් පැහැරගෙන ගොස් හෝ ඔවුනට බලහත්කාරකම් කර, ණය එකතු කර දී කොමිස් මුදලක් ලබා ගැනීමයි. ඔහුගේ අතිජාති මිත්‍රයා වන්නේ වෙට්ටිය (ප්‍රභූ ගනේෂන්). කෙසේ වෙතත්, රාජා සිය පියාට ඉමහත් බිය මුසු ගෞරවයක් දක්වයි. පාසල් ගුරුවයෙක් වූ පියාගේ අභිප්‍රායය වී තිබුණේ සිය පුතා වෛද්‍යවරයෙකු බවට පත් කිරීමයි. කුඩා කළ ගමෙන් පැන යන රාජා මැරයෙකු බවට පත් වුවද ඒ බව සිය පියාගෙන් (නාගේෂ්) වසං කරගෙන සිටියි. දිනක් සිය පියාට දුරකථන ඇමැතුමක් දෙන අවස්ථාවේ දී, ඔහු කරන්නේ කුමක් දැයි පියා අසයි. තමා වෛද්‍යවරයෙකු බව රාජා නිකමට කියයි. සිය පුතා පවුලෙන් බැහැර කර සිටි පියා මේ ප්‍රකාශයත් සමගම පුතා බැලීමට සිය බිරිඳ (රෝහිණී හටන්ගාදි) සමග නගරයට එයි. සිය බොරුව වසා ගැනීමේ අරමුණෙන්, තමාගේ මැරකම් කරන තිප්පොල සිය පියාගේ නමින් වෙන්කටරාමන් නිදහස් රෝහල (Venkataraman Charitable Hospital) ලෙස වෙස් ගන්වයි. රාජා එමඟින් සිය පියාගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වෙයි. පළමු පියවරේදී ඔහුගේ උපාය සාර්ථක ඇති අතර පියා තමාගේ නමින් නිදහස් රෝහලක්ඉදි කළ පුතා ගැන ආඩම්බරයෙන් පසුවේ.
ඊළඟ වසරේද සිය පියා පැමිණෙන අවස්ථාවේ නැවතත් සිය මැර තිප්පොල රෝහලක් ලෙස වෙස් ගැනැවූවත්, එක් සිදුවීමකින් රාජාගේ සැලසුම් සියල්ල විනාශ වෙයි. එනම්, රාජාගේ පියාට සිය ගමේ පළමු වෛද්‍යවරයො වූ විශ්වනාදන් (ප්‍රකාශ් රාජ්) හදිසියේ මුණ ගැසීමයි. මේ අහඹු හමුවේ දී, සිය පැරැණි වෛද්‍ය මිතුරාගේ දියණිය වන දොස්තර ජානකී හෙවත් “පප්පු” (ස්නේහා) සඳහා සුදුසු මනාලයෙකු සොයන බව දැන ගන්නා වෙන්කටරාමන් (රාජාගේ පියා), ඇගේ කුඩා කල මිතුරෙකු වන රාජාට පප්පු විවාහ කර දීමට යෝජානා කරයි. සිය දියණියට මනාලයන් සොයා වෙහෙසට පත්ව සිටින විශ්වනාදන් ද එම යෝජනාවට එකඟව විවාහට ස්ථීර වේ. කෙසේ වෙතත්, මනාලයා පැමිණීමට පෙර රාජා මැරයෙකු බව දැන ගන්නා දොස්තර විශ්වනාදන්, එම රහස රාජාගේ දෙමාපියන් ඉදිරියේ හෙළිදරව් කරමින් ඔවුනට “මෝඩයෝ” යැයි ආමන්ත්‍රණය කරයි. මෙයින් දැඩි සේ කෝපයට පත්වන රාජා කෙසේ හෝ වෛද්‍යවරයෙකු බවට පත්ව, පප්පු විවාහ කර ගන්නා බවට දොස්තර විශ්වනාදන්ට අභියෝග කරයි.
තමාටම ආවේණික මැර රටාවකින් සියළු විභාග සමත් වෙන රාජා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙයි. එහිදී, තමා ඇතුළත් වූ පීඨයේ පීඨාධිපති දොස්තර විශ්වනාදන් බව දැන ගන්නා රාජා, ඉතා සූක්ෂමව හා නිර්මාණශීලීව ඔහුගෙන් පළිගනියි. එහිම, වෛද්‍යවරියක වන ජානකී හා මිතුරු වන රාජා, ඇය විශ්වනාදන්ගේ දියණිය බව නොදැන ඇය හා ආදරයෙන් බැඳේ. ඔහුගේ පළමු වසරේ අධ්‍යාපන කාලය තුළ අසාමාන්‍ය අන්දමින් රෝගීන් දෙදෙනෙකු සුවපත් කරන රාජා, එනිසාම රෝහල තුළ සුවිශේෂී චරිතයක් බවට පත්වේ. මෙනිසාම, විශ්වනාදන් හට ඔහු රෝහලෙන් හා පීඨයෙන් නෙරපා හැරීම දුෂ්කර වන අතර දෙදෙනා අතර සටන තියුණු අරගලයක් බවට පත්වේ.
සරල හාස්‍යෝත්පාදක කතාවක් ලෙස පෙනුනද ඒ යටින්, සම්මත වෛද්‍ය චින්තනය හා ක්‍රමවේදයන් විවේචනය කරන මෙය ඉතා රසවත් නිර්මාණයක් වශයෙන් මෙය පෙන්වා දිය හැකිය. ඉන්දියානු පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ කමල් හසන්, සජේ දත්ගේ උත්ප්‍රාසාත්මක රඟපෑම බොහෝ අබිබවා ඇති බව මගේ පෞද්ගලික නිරීක්ෂණයයි. කෙසේ වෙතත්, මෙම කෘතිය සඳහා 1998 වර්ෂයේ හොලිවුඩයේ ටොම් ශෝඩියක් (Tom Shadyac) විසින් අධ්‍යක්ෂණය කළ රොබින් විලියම්, මොනිකා පෝටර්, පිලිප් සීමර් හොෆ්මන් හා ටොම් ශෝඩියෙක් චරිත නිරූපණය කළ පැච් ඇඩම් (Patch Adams) කෘතියේ ආභාෂය ලැබී ඇත. ඇමරිකාවේ සිටින ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වන පැච් ඇඩම්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ, අර්ධ-වාර්තාමය කෘතියක් වන මෙය, ඇමරිකානු සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයන් අභියෝගයට ලක් කළ නිර්මාණශීලී වෛද්‍යවරයෙක් පිළිබඳ කතාවකි. එහි සිංහල උපසිරැසිද ඔබ වෙත ලබාදීමට උත්සාහ කරන බව පවසමින් මෙම කෘතිය නැරඹීමට සියල්ලන්ටම ආරාධනා කරමි.
689 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
6c12547d56523101cd7acd1d2864d8848ca81283 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,741 downloadsDownload Vasool-Raja-M.B.B.S.-2007.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කපිල ජනක බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කපිල ජනක
Subtitles
17 comments
නලින්
Suresh Jayathilaka
නියමයි!
aaaa
thanjkssssss
san
elakiri bro
suneth pandula
නියමයි
thilina
thanks bro
thisal
ස්තුතියි කපිල සහෝ!
Kapila Janaka Bamnada
Thank you very much Bro.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!Kapila Janaka Bamnada
Thank you very much Bro.
Kulanjana Maduranga
niayamai…thanks KAPILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kapila Janaka Bamnada
Thank you very much Bro.
Kogul
Good Job Bro...congratulation
Kapila Janaka Bamnada
Thank you very much Bro.
රොයිලි
බොහොම ස්තූතියි කපිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kapila Janaka Bamnada
Thank you very much Bro.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Advertisement
![Vasool Raja M.B.B.S. (2007) with Sinhala Subtitles | මැර වෙදා… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Vasool-Raja-M.B.B.S..jpg)

ස්තුතියි කපිල සහෝ!
මැක්සා කථාවක් වගේ!
ජය වේවා!