Watch Trailer

Batman Unlimited: Monster Mayhem (2015) | ජෝකර් රජ්ජුරුවන්ගේ හිනායන වෛරසය [සිංහල උපසිරසි සමඟ]

තුන්වන DC Comics චිත්‍රපටය සදහා කල උපසිරැසි ගැන්වීම Batman vs Robin, Justice League Gods and Monsters. ඔන්න ඕවා තමයි කලින් කරපු උපසිරැසි දෙක. අද ඔන්න එහෙනම් මං තවත් සුපිරිම DC Comic චිත්‍රපටයක් සදහා උපසිරැසි අරගෙන ආවා. කොච්චර මොනවට උපසිරැසි කලත් DC Comic චිත්‍රපටයක් නම් උපසිරැසි කරන නවත්වගන්න බැහැ.…

Batman Unlimited Monster Mayhem 2015

තුන්වන DC Comics චිත්‍රපටය සදහා කල උපසිරැසි ගැන්වීම

Batman vs Robin, Justice League Gods and Monsters. ඔන්න ඕවා තමයි කලින් කරපු උපසිරැසි දෙක. අද ඔන්න එහෙනම් මං තවත් සුපිරිම DC Comic චිත්‍රපටයක් සදහා උපසිරැසි අරගෙන ආවා. කොච්චර මොනවට උපසිරැසි කලත් DC Comic චිත්‍රපටයක් නම් උපසිරැසි කරන නවත්වගන්න බැහැ. ඒවගේම මට මේක හොයලා දීපු සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුති කරනවා.. ඒවගේම මං මේක ඕනේ කමින් ම පරක්කු කලා. මොකද මං මේකේ බ්ලුරේ කොපිය එනකං ම හිටියා උපසිරැසිය කරන්න.

මුලින්ම කියන්න ඕනේ මේක නිකුත් වෙන්න නියමිතව තියෙන්නේ අගෝස්තු 18. නමුත් කලින් ම මේකේ කොපි අන්තර්ජාලයට නිකුත් වෙන්න පටන් ගත්තා. මේක නිකුත් වීමට නියමිත නිසා තවම IMDb අගයක් සටහන් වෙන්නේ නැහැ. නමුත් මං දෙන්නම් මේකට අගයක් හොරබොරු නැතුවම, 8.1/10. මං දීපු අගය වැරදි ද නැද්ද කියලා ඔයාලටම තෙරෙයි මේක බැලුවම. මේක අධ්‍යක්ෂණය කලේ Butch Lukic විසින්. Animation, Action , Adventure කියන ගණයට අයත් ෆිල්ම් එකක් මේක. ඒවගේම මේක විනාඩි 81 ධාවනය වෙනවා.

මේකේ ප්‍රධාන චරිත කොටස් දෙකයි.

වීරයන්: 
බැට්මෑන්, ග්‍රීන් ඇරෝ, රෙඩ් රොබින්, නයිට් වින්ග්, සයිබෝර්ග් (රොබෝකොප්)

සතුරන්:
සොල්මන් ග්‍රන්ඩි – (සද්දන්තයි නමුත් මෝඩයි) , සිල්වර් බැන්ෂි- (කටින් දෝංකාරය යවලා ඕනෙම දෙයක් විනාශ කරන්න පුලුවන්), දොස්තර ක්‍රෙන්/ස්කෙයාක්‍රෝ – ( වැඩි හැකියාවක් නැහැ නමුත් භය ඇති වෙන දේ කරයි)
ක්ලේෆේස්- (මැටි තලියක් වගේ ද්‍රාවනයක්, ඒවගේම ඕනෙම කෙනෙක්ගේ වෙස් ගැනීමේ හැකියාව)

ආකම් සිරගෙදරින් පැනයාමක් සිද්දවෙනවා. ඒ තමා ග්‍රන්ඩි හා බැන්ෂි. මේ දෙන්නා කෙලින්ම යන්නේ ගෝතම් නගරයට. නමුත් ඒ වෙද්දී හැලොවින් සමය වෙනුවෙන් නගරය වෙනස් වෙලා. වෙන එකක් තියා සාමාන්‍ය මිනිස්සු පවා වීරයන් හා එක එක ජාතියේ රාක්ෂයන් හා දුෂ්ටයන් වගේ හැලොවින් එකට සැරසිලා ඉන්නවා. ඉතින් මේ ග්‍රන්ඩි හා බැන්ෂි දෙන්නව කාටවත් අදුරගන්න බැරි වෙනවා. මේ දෙන්නා ඇවිල්ලා එකේ උපරිම ප්‍රයෝජනය අරගෙන පිස්සු නටද්දී වීරයන් ටික එකතු එන්න ගන්නවා. මං ඔය උඩ ලයිස්තුවේ කියපු අය ඈ. ග්‍රන්ඩි හා බැන්ෂි දෙන්නට පැන යන්න උදව් කරපු කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඒවගේම මේ කට්ටිය කෙලින්ම යන්නේ කොහෙටද? ප්‍රධාන නායකයා තමා ඉතිං ජෝකර්. මේ කතාවේ ජෝකර් ලොකුම ලොකු පිස්සුවක් තමයි කරන්නේ. ඒ තමා මුලින්ම කරන්නේ වීඩියෝ ගේම් හදන ළමයෙක් ව පැහැරගෙන ඇවිල්ලා ඒ ළමයට කියලා වෛරසයක් නිර්මාණය කරනවා. ඒ වෛරස් එකෙන් පුලුවන් ගෝතම් නගරයේ ඕනෙම යන්ත්‍රයක්, වාහනයක්, මාර්ග සංඥා වගේ විදුලියෙන් වැඩ කරන ඕනෙම දෙයක් හැක් කිරීමක් වගේ දෙයකට භාජනය කරන්න. ජෝකර් ට මේක කරන්න පුලුවන් වෙයිද? එහෙම වුණොත් වීරයන් කට්ටියම අසාර්ථක වෙයිද? ජෝකර්ගේ මීලග බලාපොරොත්තු, මොනාද? ඒ බලාපොරොත්තු නතර කරන්නත් වීරයන් ට පුළුවන් වෙයිද? එතකොට මොකද්ද හිනායන වෛරසය? ඇත්තටම කිව්වොත් කතාව හරිම රසවත්. එහෙනම් ඉතිං මං මේ කතාව බලන්නමයි කියලා ආරාධනා කරනවා.

තවත් වැඩකට අතගහලා තියෙන්නේ. ඒකැ ගැන පොඩි ඉගියක් දෙන්නම්. ඒ තමා Marvel Comics වළට සම්බන්ධ දෙයක්. එහෙනම් ඉතිං මං ගිහින් එන්නම්, හැමෝටම ජය..!!

Batman Unlimited: Monster Mayhem (2015) on IMDb

 

 

629 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

DC5394A5B5EC3747407D19C185CFBA27B95B8EFC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,649 downloadsDownload Batman_Unlimited_Monster_Mayhem_2015_baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,649 downloadsDownload Subtitles34 KB

34 comments

  1. Pathum chathuranga

    නියමයි සහෝ..
    සබට බොහොම ස්තුතියි…
    ජය වේවා.. :) :)

  2. irusha divyanjana

    thanks saho

  3. සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ

    මමත් daown දැම්මා ඕං

  4. තිසර නියෝ

    ස්තූතියි උපසිරසියට
    ජයවේවා..
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..

    Hail Hydra

  5. S.K.Ruchiranga

    thz machoo sub ekata

  6. නලින්

    ස්තුතියි චාමර සහෝ

    ජය වේවා!

  7. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

  8. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
    මෙන්න 720p HEVC 220 mb ඩිරෙක්ට් http://clicknupload.com/28qykvxpsw31

  9. “චූටී මල්ලි”

    ptta tnx

  10. Anushka

    සබ දෙනකම් බලන් හිටියේ බොහොම ස්තුති සහෝ
    ජය වේවා!!

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  12. thisal

    නියමයි සහෝ..
    සබට බොහොම ස්තුතියි

  13. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. Nipun

    එළ... බොහොම ස්තූතියි සබ් එකට.....

  15. D.Chamara

    බොහොම ස්තුතිවන්ත වෙනවා සහෝ… !

  16. Darshana

    thanks bro...

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. Nipun Sanjula

    ela bro

  19. Amila Kaushalya

    නියමයි සහෝ බොහොම ස්තූතියි සබ් එකට

  20. Pavith Nimantha

    thanx

  21. Chalana Rukshan

    niyamai saho thnx sub ekata DC Comics nan athharinnema na

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. ඩීන්

    ස්තූතියි සහෝ උපසිරසියට.....
    ජය වේවා.. :-D
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු....

  24. lakshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  25. Heshan

    niyamaii macahn

  26. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. ප්‍රදීප්

    එල, බොහොම ස්තූතියි සහෝ උපසිරසියට... :D

  28. සමන් ප්‍රසාද් [පූසා]

    ස්තූතියි කොල්ලෝ...
    අද තමා බලන්නේ...
    සබට තුති වේවා...
    ජය...!!!

  29. nilupul

    ජය වේවා..

  30. සංඛ සඳනුවන් (සනා)

    thanx saho onna math banawa

  31. BIMBISHA INDURUGALLA

    Appreciate it!$$$$$$$$$$$$$$$$$$$

  32. nithin

    thanks a lot brother....

  33. Mando

    thank you

  34. Anonymous

    බොහොම ස්තූතියි සහෝ.... ඉදිරි ගමනට සුබ පැතුම්... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.