කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් තවත් සුපිරි හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ චීන බසින් නිම උන තායිවාන හොල්මන් චිත්‍රපටයක්. Horror රසිකයෝ දන්නවනේ හොලිවුඩයේ වගේම ආසියානු චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට නිර්මාණ වෙනවා කියලා. බලලා නැති අයට The Rope Curse (2018), S…

කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් තවත් සුපිරි හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ චීන බසින් නිම උන තායිවාන හොල්මන් චිත්‍රපටයක්. Horror රසිකයෝ දන්නවනේ හොලිවුඩයේ වගේම ආසියානු චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට නිර්මාණ වෙනවා කියලා. බලලා නැති අයට The Rope Curse (2018), Shutter (2004), The Grudge (2002), Ring (1998), Coming Soon (2008), The Wrath (2018) වගේ ෆිල්ම් බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්. අද මම ගෙනාපු The Bridge Curse (2020) කියන චිත්‍රපටය 79%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත් 5.3ක හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2020 පෙබරවාරී 27 නිකුත් උන මේ ෆිලුම Horror/ Mystery/Thriller යන කාණ්ඩයන්ට තමයි අයත් වෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය Lester Shih විසින් සිදු කරලා තියෙනවා ඒ වගේම Vera Yen, J.C. Lin, Wen Ru Shan නළු නිළියන් මෙහි රංගන දායකත්වය ලබාදෙනවා.
තායිවානයේ ගොඩක් සරසවි වල හොල්මන් ඉන්නවා කියලා කටකතා තියෙනවා. තායිවාන විශ්ව විද්‍යාලය, චෙන්ග් කුන්ග් විශ්ව විද්‍යාලය, චීන සංස්කෘතික විශ්ව විද්‍යාලය වගේ සරසවි මේ අතරින් ඉදිරියෙන්ම ඉන්නවා. මීට අමතරව වසර 62කට පෙර ගොඩනැගූ “ටුන්ග් හු” සරසවිය අද්භූත සිදුවීම් බහුල ස්ථානයක් බවට ඉතා ප්‍රකටයි. මේ සරසවියේ තිබෙන “කාන්තා අවතාර පාලම” කියන ස්ථානය අති භයානක ස්ථානයක් විදියට ඇතැමුන් හඳුන්වනවා. ජනප්‍රවාදයට අනුව අධික අවුරුද්දක පෙබරවාරි 29 දිනක සිය පෙම්වතා පැමිණෙන තුරු මැදියම් රැයේ පාලම අසල බලාසිටි තරුණිය, පෙම්වතා නොපැමිණීම නිසා සිත් තැවුලට පත්ව පාලමෙන් පැන සිය දිවිනසාගෙන ඇත. එදා පටන් සෑම අධික අවුරුද්දක පෙබරවාරි 29 දින මැදියම් රැයේදී එම පාලම අසල පඩි 12කින් යුත් පියගැට පෙලේ අතිරේක පඩියක් දකින්නට ලැබෙන අතර එම වේලාවට කිසිවෙකුටත් යහතින් එය පසු කර යන්නට ඉඩ ලැබෙන්නේ නෑ. ඉතිං මේ “ටුන්ග් හු” සරසවියේ ශිෂ්‍යයන් පිරිසක් මේ ගැන පරීක්ෂනයක් කරන්න ලෑස්ති වෙනවා. එයාලා මේ අති බිහිසුණු වැඩේ කරන්න යන්නේ අධික අවුරුද්දක පෙබරවාරි 29 දින මැදියම් රැයක තමයි.
ඉතිං චිත්‍රපටයේ කතාව ගැන මීට වඩා මුකුත් කියන්නේ නෑ. මේ කට්ටියට මොකද වෙන්නේ වෙන්නේ කියලා ඔයාලම නරඹන්නකෝ. චිත්‍රපටය අවසානයේ ක්‍රෙඩිට් සීන් දෙකක් තියෙනවා ඒකත් නරඹන්න කියලා මතක් කරන්න ඕන. ඒ වගේම ඔයාලගේ නොමසුරු අදහස් දක්වන්න කියලත් ඉල්ලනවා. ඔයාලගේ කොමෙන්ට් එකෙන් තමයි තවත් වැඩකට අත ගහන්න අපිට ශක්තිය එන්නේ. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න ශාන් විමුක්ති සහෝටත්, නිතර ප්‍රතිචාර දක්වන සහෝදර , සහෝදරියන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අපේ රට වගේම මුළු ලෝකයම Covid-19 උවදුරින් ඉතා ඉක්මනින් සුවපත් වේවා ! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි !!!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,694 downloadsDownload The-Bridge-Curse-2020.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
29 comments
ශාමල් මනෝජන්
Kavindu
තායි , ඉන්දුනීසියන් හොරර් ෆිල්ම් සුපිරි සහෝ
මේකත් සුපිරියටම ඇති
තව මගහැරුනු මේ වගේ කොලිටි හොරර් ටිකක් දෙමුAnonymous
Thanks bro
Naveen
උපසිරසියට තුති
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ ඇත්තටම චීන තායි හොරර් ෆිල්ම් සුපිරි පුළුවන් නම් Re-Cycle (2006), Laddaland (2011) ෆිල්ම් එහෙමත් බලල නැත්තන් බලන්න අවුරුද්ද පරණ උනාට ෆිල්ම් එකේ නම් කිසිම පරණ ගතියක් නෑ ඔය දෙකේ
Anonymous
සිංහල සබ් තියේද බන් ඒ කියපු ෆිල්ම් දෙකේ
Supun Kaushalya
සිංහල සබ් නම් නෑ බං මාත් බැලුවෙ ඉංග්‍රීසි සබ් එකෙන් ඕවා වෙනත් භාෂා ෆිල්ම් නිසා ඕවට එන ඉංග්‍රීසි සබ් එකත් එච්චර අමාරු නෑ බං
Anonymous
එල එල බන්
Ishan Madusha
බොහෝම ස්තූතියි සබ් එකට
Anonymous
තෑන්ක්ස් බන්
තව පට්ට හොරර් ටිකක් දෙන්නKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
thnx bro
Anonymous
thanks bro very much
Thathsarani
Good job
Neo
Thanks brother
Keep it upAnonymous
තැන්කු තැන්කු
Anonymous
Thank you
indika 75
thanks..
Anonymous
Thanks bro❤️
Udara Damith
fghh
Anonymous
Me film eke 480p den puluwnd
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thanks
darshana
thanks brother for subtitle...
Ravindra
Thanks
Advertisement
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
The Tag Along 3 - 2018 ෆිල්ම් එකට සබ් දෙනකම් තාම බලාගෙන ඉන්නවා සහෝ.