ඔන්න එහෙනම් කට්ටියම මග බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන තමයි කාලෙකට පස්සෙ මම මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ගොඩක් අය මේක බලලත් ඇති, මොකද කොරෝනා තත්ත්වයත් එක්ක චිත්‍රපටි හෝල් වලට අමතරව ස්ට්‍රීමින් සර්විස් වලටත් ඒ දිනයේම නිකුත් කරනවා. ඒ වගේම තමා මාවල්ලගෙ බ්ලැක් විඩෝ ෆිල්ම් එකත් හෝල් ව…

ඔන්න එහෙනම් කට්ටියම මග බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන තමයි කාලෙකට පස්සෙ මම මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ගොඩක් අය මේක බලලත් ඇති, මොකද කොරෝනා තත්ත්වයත් එක්ක චිත්‍රපටි හෝල් වලට අමතරව ස්ට්‍රීමින් සර්විස් වලටත් ඒ දිනයේම නිකුත් කරනවා. ඒ වගේම තමා මාවල්ලගෙ බ්ලැක් විඩෝ ෆිල්ම් එකත් හෝල් වල පෙන්නනවත් එක්කම ඩිස්නි + හරහා මුදාහැරිම ආරම්භ කලා. ඉතිං කාලෙකට පස්සෙ මෙහෙම විශේෂ ෆිල්ම් එක්කින් ඔයාලව හම්බවෙන්න ආවෙ මේක මට විශේෂ උපසිරැසියක් නිසාවෙන්. මේ තමා මගෙ 200 වෙනි උපසිරැසියට දෙන්න වෙන් කරගත්ත ෆිල්ම් එක. හැබැයි මේක නිකුත් වෙන්න පමා උන නිසා දැන් නම් 200 පහුවෙලා. කොහොම නමුත් මේකෙන්ම 200 සමරන්න කාලයක් බලන් උනා.
ඉතිං 2016 දි පටන් ගත්ත මේ විනෝදාංශයට දැන් අවුරුදු 5 ක් විතර වෙන්න වෙනවා. ඒ කාලයෙදි මේ නිසා ඉගෙන ගත්ත දේවල් නම් මෙච්චරයි කියලා කියන්න බැහැ. ඒ වගේම හම්බවුන යාලුවො, කවදාවත් හම්බවෙලා කතා නොකලට එයාලා එක්ක හරි අපූරු බැදීමක් තියෙනවා. විශේෂයෙන්ම අපේ ඇඩ්මින් මඩුල්ල මතක් කරන්න ඕන, හසායියා, විමා, සමීර, සමන් ප්‍රසාද්, සිසිල, චාමර, අසංක අයියා, සමීර චතුරංග අයියා, ලොකු සහයෝගයක් දෙනවා මේ වැඩ වලදි. ඒ වගේම හසායියට විශේෂයෙන්ම ස්තූති කරනවා සබට දුන්න සප් එකට. එහෙම සප් එකක් දීලත් මං පරක්කු වුන එකට කණගාටු වෙනවා. ඒ වගේම බයිස්කෝප් මිතුරු කැලත් මතක් කරනවා මේ වෙලාවෙ. නම් වශයෙන් කියන්න ගියොත් ලොකු ලිස්ට් එකක් එන නිසා එහෙම නොකර ඉන්නම්. එහෙනම් මගෙ වැල් වටාරම් නවත්තලා බ්ලැක් විඩෝ ගැන හොයාගත්ත දේවල් ටිකක් කියන්නම්.

මේ වෙනකොට MCU එකේ චිත්‍රපටි 23 ම බලපු අයට නම් බ්ලැක් විඩෝව මගහැරෙන්න විදිහක් නෑනෙ, අයන් මෑන් 2 චිතපටියෙන් MCU එකට එකතුවුන ඇවෙන්ජර්ස්ලගෙ ප්‍රධාන සමාජිකයෙක් වෙන කෙනෙක් නොදැන ඉන්න විදිහක් නැහැනෙ. එහෙනම් අපි බ්ලැක් විඩෝගෙ යටගියාව ටිකක් අවුස්සලා බලමු.
Black Widow චරිතය මාවල් කොමික් වෙනුවෙන් නිර්මාණය වෙන්නෙ Stan Lee, Don Rico සහා Don Heck යන තිදෙනා අතින්. Black Widow චරිතය මුලින්ම හදුන්වලා දෙන්නෙ Tales of Suspense #52 කලාපය තුලින්.
Natasha Romanoff (නටාෂා රොමනොෆ්) විදිහට තමයි අපි Black Widow ව දන්නෙ, හැබැයි මේක නෙවෙයි BW ගෙ ඇත්ත නම වෙන්නෙ. ඇත්ත නම තමා Natalia Alianovna Romanova (නටාලියා අලිඅනෝවා රොමනෝවා). ඇයි මේ විදිහට වෙනත් නමක් පාවිච්චි කරන්නෙ කියලා හිතෙනවා ඇති, මොකද MCU එක තුලත් BW ව හදුන්වන්න පාවිච්චි වෙන්නෙ “නටාෂා රොමනෝෆ්”, එහෙමත් නැත්නම් “නැට්” වගේ නම්. මෙයාගෙ ඇත්ත නම පාවිච්චි නොවෙන තරම්. ගොඩක් දෙනෙක් දන්න කාරණාවක් තමා BW කියන්නෙ රුසියානු ඔත්තුකාරියක් විත්තිය. ඉතිං ඔත්තු කරුවෙක් වුනාම තමන්ගෙ අනන්‍යතාව ආරක්ෂා කරගන්න එක ගොඩක් වැදගත් දෙයක් වෙනවා. ඒ නිසාම වෙන්න ඕන නැත්නම් වෙන්න පුළුවන් විවිධ නම් වලින් BW ව හදුන්වලා තියෙන්නෙ. මේ නම් වලට අමතරව “Nadine Roman, Tasha, Tsarina, Oktober, Laura Matthers, Nancy Rushman, Black Pearl” වගේ නම් වලිනුත් බ්ලැක් විඩෝව හදුන්වලා තියනවා.
නම ගැන කියද්දි මට හොයාගන්න ලැබුන තව කාරණාවක් කියන්නම්. BW ගෙ ඇත්ත නම “Natalia Alianovna Romanova” (නටාලියා අලිඅනෝවා රොමනෝවා) ඒ වගේම ගොඩක් වෙලාවට පාවිච්චි කරන (MCU එකේ පවා) නම වෙන්නෙ “Natasha Romanoff” (නටාෂා රොමනොෆ්). මේකයි කතාව, රුසියානු නාමකරණයේ නීතියක් තමයි මේ “-nova” කෑල්ල පාවිච්චි කරන්නෙ ගැහැණු ළමුන්ට, ඒ වගේම “-off” කොටස පාවිච්චි කරන්නෙ පිරිමි ළමයින්ගෙ නම් වලට. ඉතිං BW තමන්ගෙ සැබෑ නම වෙනුවට “Natasha Romanoff” නම පාවිච්චි කරන්නෙ තමන්ගෙ අනන්‍යතාව සගවා ගන්න කියන කාරණේ හොදටම තහවුරු වෙනවා.
1928 පමණ (උපන් වර්ෂය හරියටම නොදනී) Stalingrad (දැන් හදුන්වන්නෙ Volgograd ලෙස) වල උපත ලබන නටාලියා උස් මහත් කරන්නෙ රුසියානු සොල්දාදුවෙක් වෙන Ivan Petrovich Bezukhov විසින්. එතකොට නටාලියාගෙ ඇත්ත දෙමව්පියො කවුද?? ඇත්තටම නටාලියගෙ ඇත්ත දෙමව්පියන් ගැන ලොකු සදහනක් නැහැ රුසියානු යුවලක් කියන එක ඇරෙන්න. මේ දෙවන ලෝක යුද්ධ කාලෙට ටිකක් කලින් කාලෙ, නටාලියා සහා එයාගෙ දෙමව්පියන් ජීවත් වුන ගොඩනැගිල්ලට නාසීන් විසින් ගිනි තියනවා එතනදි නටාලියාගෙ අම්මා නටාලියාව ජනේලෙකින් එළියට විසි කරනවා එළියෙ ඉදපු රුසියානු සෙබළෙකුගෙ අතට, ඒ සෙබලා තමයි මම කලින් සදහන් කරපු Ivan Petrovitch. ඔය විදිහට තමයි නටාලියා Ivan ගෙ ලගට යන්නෙ. ඔතන ඉදලා Ivan එක්ක වගේම යුධ සමයෙ සෙබළු එක්ක උස් මහත්වෙන නටාලියාව පසු කාලෙක සෝවියට් රජයෙන් කරගෙන යන Red Room, එහෙමත් නැත්නම් Black Widow Program එකට බදව ගන්නවා. (මේ ගැන පස්සෙ විස්තර කියන්නම්). මෙතනදි තමයි නටාෂා ගුවන් නියමුවෙක් වන Alexei Shostakov (Red Guardian ) සමඟ විවාහය සූදානම් කරන්නෙ, ඒ වගේම රෙඩ් රූම් හි සහය ඇතිව නටාෂාගෙ මතකය වෙනස් කරනවා (brainwashing) තමන් රුසියානු ගෘහණියක් කියලා හිතන විදිහට. Alexei Shostakov ගෙ මරණයත් එක්කලා නටාලියාට ඕන වෙනවා තමන්ගෙ රටට සේවය කරන්න ඒ වගේම රජයෙන් ඉල්ලනවා ඇයට Alexei ගෙ තනතුරේ සේවය කරන්න දෙන්න කියලා. පසුව නටාලියා KGB හි ඉහල සමාජිකයෙක් බවට පත්වෙනවා.
KGB – Komitet Gosudarstvennoy Bezopasnosti
kGB එහෙම නැත්නම් ඔය ඉහලින් සඳහන් කරලා තියන එකේ තේරුම තමා “සෝවියට් දේශයේ ප්‍රධාන ආරක්ෂක ඒජන්සිය” යන්න. 1954 දි පිහිටවනු ලැබු මෙය 1991 දි එහි බිඳ වැටීමත් එක්ක අහෝසි කරලා දානවා. ඒ වගේම තමයි ලෝකයේ වඩාත්ම ඵලදායි තොරතුරු රැස් කිරීමෙ සංවිධානය විදිහට තමයි KGB එක හදුවන්ලා තියෙන්නෙ. රෙඩ් රූම් වගේ විවිධ ව්‍යාපෘති මේ හරහා කරගෙන ගිහින් තියෙනවා.
Red Room එක යටතෙදි නටාලියාව කායික සහා මානසික වශයෙන් වැඩි දියුණු කිරීම් වලට ලක්වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි නටාලියට දිගු ජීවිත කාලයක් වගේම දීර්ඝ කාලීන තරුණ පෙනුමක් ලැබෙන්නෙ. පසුව නටාලියා බ්ලැක් විඩෝ නමින් හදුන්වන විශේෂ නියෝජිතවරිය බවට පත්වෙනවා. මේ වැඩ සටහන අතරතුරදි Winter Soldier විසින් නටාලියාව පුහුණු කරලත් තියනවා.

Red Room
රෙඩ්රූම් කියන්නෙ Department X යටතෙ කරගෙන ගිය ඔත්තුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්. සෑහෙන කාලෙක ඉදන් රෙඩ් රූම් හරහා ලෝකෙ ඉන්න දරුණුම ඝනයේ කාන්තා ඔත්තුකාරියන් පුහුණු කරලා තියනවා. වින්ටර් සෝල්ජර් ව්‍යාපෘතියෙ සාර්ථකත්වයත් එක්ක තමයි මේ රෙඩ් රූම් ව්‍යාපෘතිය ආරම්භ වෙන්නෙ.

Black Widow වැඩසටහන
බ්ලැක් විඩෝ වැඩසටහන සදහා අනාථ ගැහැණු ළමුන් 28 දෙනෙක් යොදා ගන්නවා, මෙයාලව සූදානම් කරන්නෙ චීනයට සහා බටහිර රටවලට හදුනාගත නොහැකි ආකරයට ඇතුල් කරන්න. මේ වැඩසටහනෙදි තමයි මේ අයගෙ මනස ව්‍යාජ මතකයන්ගෙන් පුරවන්නෙ, හරියට එයාලා Bolshoi රංග ශාලාවෙ බැලේ නාට්‍යකට පුහුණු වුනා කියලා හිතන්න වගේ. ඔයාලට මතක ඇති End Game එකේ නටාෂා ලග බැලේ සපත්තු දෙකක් තිබුනා.
ඒ වගේඅ තමයි මෙතනදි මෙයාලව Dr. Lyudmila Kudrin ගෙ විශේෂ ප්‍රතිකාරයකට යොමු කරනවා. මේ හරහා තමයි මෙයාලට කාලයක් පුරාවට තමන්ගෙ තරුණ බව පවත්වාගන්නත්, හොඳ සෞඛ්‍ය සම්පන්න බවක් වගේම ශරීයට හොඳ නම්‍යශීලී බවක් වගේ විශේෂිත දේවල් ලැබෙන්නෙ. ඇත්තටම කිව්වොත් මේක හරියට කැප්ටන් රොජර්ස්ට දුන්න සුපර් සෝල්ජර් සිරම් එකේ තවත් වර්ෂන් එකක් වගේ.
Black Widow Code-Name
Jody Houser ගෙ “The Web of Black Widow #1” කලාපයට අනුව, රෙඩ් රූම් එකේදි “Black Widow” කියන නම යොදලා තියෙන්නෙ මේ ව්‍යාපෘතියට සම්බන්ධකරගන්න ගැහැනු ලමුන්ගෙ සිහින් සිරුරත් මිනිමැරීමට ඇති ඉහල හැකියාවත් නිසා. හරියට ” දරුණු මකුළුවෙක් මෙන් මාරාන්තික වීම, ඉතා පහසුවෙන් පලා යාම,” වගේ දේවල් හේතුකොටගෙන තමයි Black Widow යන කේත නාමය ලැබිලා තියෙන්නෙ. මොකද කියනවනම් “Black Widow” නමින් මකුළු විශේෂයක් ඉන්නවා විෂ සහිත. ඒ වගේම Black Widow ලෝගො එක වගේම රතු පැහැ සලකුණක් මේ මකුළු විශේෂයෙ පිටෙහි දකින්න ලැබෙනවා.


බ්ලැක් විඩෝගෙ ස්වරූපය 2008 ඉදන් මේ වෙනකල් වෙනස් වුන ආකරය බලාගන්න මම පහලින් රූපයක් එකතු කරන්නම්.

මේ ටික ලිව්වෙ මීට අවුරුද්දකට විතර කලින් තවත් මේකට කරුණු ඇඩ් කරන්න පුළුවන් වුනත් මේ මොහොතෙ ඉතා කාර්‍යබහුල නිසා මෙතනින් මේ ලිපිය නවත්තන්න වෙනවා. තව දේවල් ෆිල්ම් එක බලද්දි දැනගන්න ලැබෙයි. එහෙනම් හැමෝටම ජය වේවා කියනවා.
#HAIL MARVEL

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB / HD / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
51,306 downloadsDownload Black-Widow-2021-Blu-Ray.zip140 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2021
- #Box Office Hits
- #David Harbour
- #Ever Anderson
- #Florence Pugh
- #Marvel
- #Marvel Cinematic Universe
- #MCU
- #Must Watch
- #O-T Fagbenle
- #Rachel Weisz
- #Ray Winstone
- #Scarlett Johansson
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Violet McGraw
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
118 comments
Gihan
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
ආසිරි ප්‍රියන්ත (හේවා)
සුපිරි ආ
කාලෙකින සිට පැත්තේ ආවේ, මෙන්න බොලේ සුපිරියකින් 200 ත් ගහලා..
උණුසුම් සුබ පැතුම් 200 ට. මෙන්න සබැ ගන්නවා.
ජය වේවා!Nishan S. Ariyarathna
Bro...
Nishan S. Ariyarathna
Thank you.....
මයුර
හම්මේ මං හිතුවේ මැරිච්චි තැන් වල ගසුත් පැල වෙලා කියලා.
කොහොම හරි 200ට උණුසුම් සුබ පැතුම්.
ඉදිරියටත් සබ් ගේන්න ලැබේවා කියලා පතනවා.
අලුත් යුග ජීවිතේටත් සුබ පතනවා.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයPasindu Madumal
අප්පා එනකම් හිටියේ,
බැලුවම 200න්ම ගහලා නෙහ් බැලැක් විඩෝව,
ඔන්න එහෙනම් 200 වෙනි උපසිරැසි ගැන්වුමට
මගෙන් සුබ පැතුම් අහ් ❤️
ඉස්සරහටත් ඔහොම්ම යමු ලහිරු සහෝ
ඉදිරි වැඩ කටයුතුවලට ජය..!Priyan99
Thanks bro sub ekata
Ashan
200 කඩයිමට සුබ පතනවා සහෝ..දිගටම යන් ඕම..ජය වේවා.. ලිපියට ස්තූතියි
kushan
sub akta thanks
Anonymous
congrts bro..jaya
ram
200ta supiryak bassala neh
ela elaDanushka
Thanks Saho, Well Done
Shaggy
Congratulations!!! Thank you very much
Sanjeewa2010
Congtzzzzzzzzz
Bimbisha Adithya
ගැම්මක් තමයි ඉතින්❣️
Kasun
ගොඩාක් ස්තූතියි මේ උපසිරැසියට. ඒ වගේම පැහැදිලි කිරීමත් නියමයි.
Hasitha
200 වන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ
එල්. සී. දමැල්
200ට උණුසුම් සුභපැතුම් සහෝ.
දිගටම උපසිරසකරණය කරගෙන යන්න හා අනිත් වැඩත් සාර්ථකව කරගන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය ✌tharanka
thanks bro.. supiri
Anonymous
Thanks Bro
නිමේෂ් කාවින්ද .
අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුණු සැණින් චිත්‍රපටයට අදාළ වන පරිදි වඩාත් ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ලහිරු සහෝට මම හදවතින්ම ස්තූති කරමි !!!!
Anonymous
Congrats bokka❤️
Anonymous
Thanks
prasanga
thanks.....
Suranjan
Thanks jayawewa....!
Anonymous
Thank hodei
Anonymous
thanks for sub
THISANGA
Hail Marvel
biscope eesub eka enakan hitiye
biscope eke wage film eka gana විස්තරයක් anith sub dena site walin hamba une na
eka hinda thamy mama biscope ekata amathiTHISANGA
sub 200 suba pahum
Kavindu
උනුසුම් සුබපැතුම් සහෝ 4වන කඩයිමට
ඊලග කඩයිම් වලටත් ඉක්මනින් යමුAnonymous
Congratulations bro
Naveen
සුබපැතුම් සහෝ
උපසිරසියට තුතිAnonymous
සුභපැතුම් සහෝ
ගොඩක් ස්තූතියි සබ් එකට
Hail MCUSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ සුබ පැතුම් 200වෙනි සබ් එකට ලිපියත් සුපිරි
Sohan Jayasooriya
ඔන්න එහෙනම් 200 වෙනි සබ් එකට මාත් හදවතින්ම සුබ පතනව අයියේ.. ආවා වගේම තව දිග ගමනක් යමු.. ඒකට ඕනි කරන කාලය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. සබ් එකටයි ,ලිපියටයි දෙකටම ගොඩක් ස්තූතියි හොඳේ.. ජය වේවා!
Nilush Angana
Sub ekata thanx
Anonymous
200ට සුබපැතුම් බන්
වැඩේ දිගටම කරන් යමුDeshan
200 වන උපසිරසියට සුබපැතුම් සහෝ
ඊලග කඩයිම්වලටත් ඉක්මනින් යන්න ලැබෙන්න කියලා වගේම,
ඔයාගේ ජිවිතේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ජය වේවා!!!Rakitha Poornima Ranathunga
Jaya wewa machn.. Digatama sub demu..
Ikmanata 250th allamu..විමා
සුභපැතුම් මචං!
උඹ නැති අඩුව දැනෙනව ඉතිං..
නොකරම නොයිද, හැකි හැකි අයුරින් ඉඳ හිට හෝ කරමු!
ජය!Tharaka Dilshan
niyamai ban thanks
Kantha_DLA
200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Udaya Fdo
Thank you
ANNONYMOUS
plz give us subs for FEAR STREET Pt.1(2021) and FEAR STREET Pt.2(2021)
Anonymous
ow ..eka one
Hashan
Superb Work.Good Luck!
Anonymous
thank you very much bro
Anonymous
UHD ekak ma dagaththa
bimsara
UHD ekak ma dagaththa
Anonymous
Thanks Bro!!!
indika75
200 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම් !!!!!
Neo
Congrats brother
Keep it up
Advertisement
![Black Widow (2021) Sinhala Subtitles | අලුත් වෙන පැරණි මතකයන් [සිංහල උපසිරසි] (200*)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/07/Black-Widow-2021-1.1.jpg)
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ .......
ජය වෙිවා .....