Watch Trailer

Brothers (2009) with Sinhala Subtitles | බයිස්කෝප් සිංහලෙන් හි සිංහල උපසිරැසි වර්ෂ පූර්ණය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

2009 ජූනි 26 කියන්නෙ බයිස්කෝප් සිංහලෙන් අඩවියට මෙන්ම මටත් බොහොම වැදගත් දවසක් වුනා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි අපි පළවෙනි සිංහල උපසිරැසි යෙදූ චිත්‍රපයටය අපේ සහෘද ඔබ සමග බෙදා ගැනීම ආරම්භ කල නිසයි. ඒ තමයි ඔයාලා කවුරුත් ආදරයෙන් රසවිඳි Deja Vu චිත්‍රපටිය. එදා සිට අපි මේ දක්වා සිංහල උපසිරැසි සමග චිත්‍රපට…

2009 ජූනි 26 කියන්නෙ බයිස්කෝප් සිංහලෙන් අඩවියට මෙන්ම මටත් බොහොම වැදගත් දවසක් වුනා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි අපි පළවෙනි සිංහල උපසිරැසි යෙදූ චිත්‍රපයටය අපේ සහෘද ඔබ සමග බෙදා ගැනීම ආරම්භ කල නිසයි. ඒ තමයි ඔයාලා කවුරුත් ආදරයෙන් රසවිඳි Deja Vu චිත්‍රපටිය. එදා සිට අපි මේ දක්වා සිංහල උපසිරැසි සමග චිත්‍රපට 39 ක් ඔබගේ රසවින්ඳනය පතා ඉදිරිපත් කර තිබෙනවා.

පොතේ ගුරා හා අනුරාධ සුබසිංහ සහෝදරයා ගේ අදහසක් අනුව මේ කාර්යයට දායක් වූ මම මේ වන විට චිත්‍රපට 27කට මගේ දායකත්වය ලබා දී තිබෙනවා. එම චිත්‍රපට අතරින් කිහිපයකට උපසිරැසි යෙදුනේ පොතේ ගුරා, සරදියෙල්, වාසල හා Dar හා සමඟ හවුලේ කෙරෙන නිපැයුමක් වශයෙන්. ඉතිරි චිත්‍රපට දිනුෂ්ක උදාර (රොකියා), වාසල, පියුමාල් රුවන්දිත, චන්දික ප්‍රනාන්දු, මදුසංක හේමජිත්, රන්දික පෙරේරා, තරිඳු පෙරේරා, දිනේෂ් මෙත්තසිංහ හා වසන්ත කුමාර යන සහෘදයින්ගේ මහන්සියෙන්. කියන්න සන්තෝෂයි මේ වන විට මටත් උපසිරැසි දෙන්න වෙන්නෙ waiting list එකේ තියලයි. මේ හැම ප්‍රගතියක්ම අපි ලැබුවෙ ඔබගෙන් ලද අප්‍රමාණ දිරිගැන්වීම නිසයි. (පිටකොටුවෙ විකුණන් කන එක ඇරුනම 😛 )

අද චිත්‍රපටය ගැන කෙටියෙන්ම කියනවනම් මෙහි තේමාව වෙන්නෙ ඇෆ්ගනිස්ථාන් යුද සේවයට යන සොල්දාදුවෙක් ගේ අතුරුදහන් වීමක් නිසා දරු දෙදෙනා සමඟ තනිවෙන බිරිඳ වෙත උදව් කිරීමට පැමිණෙන සෙබලාගේ සහෝදරයා යන චරිත තුන මධ්‍යයේ දෝලනය වන කතාවක්. සෙබලාගේ සහෝදරයා සිරදඬුවම් විඳ නිදහස් වූ තරමක් දඩබ්බර කාරී චරිත ස්භාවයක් ඇත්තෙක්. මෙම චිත්‍රපටය Golden Globe සම්මාන 2ක් සහ තවත් සම්මාන 6 කට නිර්දේශ වී ඉන් එක් සම්මානයක් දිනා තිබෙනවා. මේ වන විට IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3/10 ලබා තිබෙනවා.

හැමදාම කියන්නා වගේ අපේ මේ මහන්සිය වෙනුවෙන් අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ එකම එක කමෙන්ට් එකක් පමණයි. ඉතින් චිත්‍රපටිය බාගෙන නිකන්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් දාලා අපිව දිරිගන්වන්න කියලත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

321 comments

  1. රොයිලි

    අද නොදාන කමෙන්ට් කවදා දාන්නද? හැමෝම අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න :P

    1. Harsha

      ස්තුතියි රොයිලි සහොදරයා,

      මගෙනුත් උණුසුම් සුබපැතුම්

    2. Tishan

      elama thama .....

  2. වාසල

    ඒක නේන්නම්.අවුරුද්දක් පුරා චිත්‍රපටි 39 ක් දුන්නා කියන එකම මතක් වෙනකොට මුකුත් නොකියා යන එක හරි නෑනේ....

    ඕන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්....

  3. චතුරගංග

    මේක නම් අනිවාරයෙන්නම බානවා...

  4. Bhagya රාජපක්ෂ

    මෙච්චර කාලයක් අපිත් එක්ක හිටපු එකට බොහොමත්ම ස්තුතියි....
    ඇත්තම කියනවනම් හොඳ සයිට් එකක කමෙන්ට් අඩුයි....
    මොකද කමෙන්ට් කරන්න තරම්වත් වෙලවක් ඉතුරු වෙයිද මෙච්චර හොඳ පට්ට පතුරු කතා දෙද්දි ??

  5. මනියා

    ජයවේවා !!!

  6. Dar[K]

    සිංහල උපසිරැසි එක්ක තියෙද්දි බාගන්නෙ නැතුව කොහොමද? ජැෆ්නා ගිහින් ආව ගමන් ආවේ බයිස්කොප් එකට !!! ස්තුතියි රොයිලි සහොදරයා

    මගෙනුත් උණුසුම් සුබපැතුම්

  7. දිනුක

    ඔන්න මගෙනුත් උණුසුම් සුබපැතුම්.‍මේ කරන කැප කිරීමට බොහොම ස්තූතියි....

  8. ashan kandy

    ජයවේවා !!!
    උණුසුම් සුබපැතුම්….
    එහෙනන් ගින්දර... ඔන්න මත් දැම්මො.
    sinhala typ karanna man danne na hari amaruwen typ kare :D

  9. මුචලින්ද

    මම නං පට්ටම කොමඩියක් හෝ දරුණු ඇක්ෂන් එකක් නොවුනොත් ෆිල්ම් බලන්නේ නෑ වගේම.කොහොමටත් කවදාවත් එලවගෙන ගිහින් ෆිල්ම් බලන්නේ නෑ.මේක ගැන දන්නෙත් ඉසිරයා මගේ පරන යාළුවෙක් නිසා මිසක් මම එහෙම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගෙන බාන නිසා නෙමෙයි.ඒක ලීලේ ත් දන්නවා.මොනවා උනත් මේකෙන් උදව් ගන්න තොගයක් එවුන් ඉන්න නිසාත් ගුරාත් ගෝලයාත් මගේ අතිජාත මිතුරන් නිසාත් රොයිලි, චමී, රොකියා තුන්දෙනාම බ්ලොග්කාරයෝ නිසාත් උඹලාට අතිශය ජය පතනවා.

    දිග වැඩිදත් මන්දා.ඒත් හිතිච්ච ඒවා මෙව්වා තමයි.උඹලට ජය!

  10. සෑම්

    මගෙනුත් සුභ පැතුම් රොයිලි අයියා...ඔයා ලංකවට අවිත් දුන්න පලවෙනි සිංහල උපසිරැසි එක මෙක.. මේ කරන කැප කිරීමට බොහොම ස්තූතියි…

  11. Sherin

    බොහොම ස්තුතියි. ඒ වගේම මාගේ උණුසුම් සුභපැතුම්

  12. ඉදුනිල්

    ඔබේ කාරුණික සහයෝගයට ගොඩාක් පින්සිදුවේවා!!!

  13. ඇපල් මල්ලි

    appachchiyee ayala udema gemata bahala ne :D

    all da best 4 da 1st anniversary......... keep it up,,,, :D :D :D :D :D

  14. Suraj

    thaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaks

  15. ගෝලයා

    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්...

  16. රොයිලි

    @ වාසල,
    අන්න ඒකනෙ කියන්නෙ :)

    @චතුරංග,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට :P

  17. Hemal

    වර්ෂ පූර්ණයට මගෙ උණුසුම් සුබ පැතුම්!!!

  18. රොයිලි

    @Bhagya රාජපක්ෂ,
    ඔයගොල්ලන්ටයි අපි ස්තූති වන්ත වෙන්න ඕනා මචෝ. උඹලගෙ කමෙන්ට් නිසා තමයි අපි මෙච්චර දුරක් ආවේ. :P

    @මනියා,
    ස්තූතියි සහෝ. මොකෝ කාලෙකින් ලිපියක් එව්වෙ නැත්තෙ ?

  19. රොයිලි

    @Dar[K],
    ස්තූතියි මචෝ. ඔයත් අපිට පට්ටම සහයෝගයක් දෙන කෙනෙක්නේ. තව සබ් එකකින් ම හමුවෙමු නේ :)

    @දිනුක,
    ගොඩක් ස්තූතියි මචෝ :P

  20. dj c

    wede niyamai.digatama karagena yanna.:)

  21. රොයිලි

    @ashan kandy,
    ගොඩක් ස්තූතියි මචෝ. ඔයානම් හැමදාම වගේ කමෙන්ට් කරන්න අමතක නොකරන කෙනෙක්නේ. :)

    @මුචලින්ද,
    ගොඩක් ස්තූතියි සහෝ සුබපැතුමට. හදවතින්ම දෙන ඔය වගේ සුබපැතුම් ගොඩක් වටිනවා. :P

  22. රොයිලි

    @සෑම්,
    ගොඩක් ස්තූතියි සහෝ සුබපැතුමට :P

    @Sherin,
    ගොඩක් ස්තූතියි මචෝ :P

  23. $uvin

    all da best 4 da 1st anniversary frens....
    Api Hamadaamath බයිස්කෝප් ekka....! Jaya!

  24. රොයිලි

    @ඉදුනිල්,
    ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට :P

    @ඇපල් මල්ලි,
    ස්තූතියි මචෝ :P

  25. රොයිලි

    @Suraj,
    ස්තූතියි මචෝ :P

    @ගෝලයා,
    අනිවා චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්!!!!

  26. dddd

    බොහොම ස්තුතියි. ඒ වගේම මාගේ උණුසුම් සුභපැතුම් . ... ..

  27. රොයිලි

    @Hemal ,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට :P

    @$uvin,
    අනිවා හැමදාමත් අපිත් එක්ක ඉන්න :P

  28. Dinesh Chameera Meththasinghe

    Niyamai ayya .... apen suba pathum ...... api hamadamath hamadamath oyalath ekka innawa mai...... niayamai .... sthuuthi ..thawa thawath shakthiya dayryaya labewa kiyala prarthna karanwa....

  29. සහන්

    හේ හේ....... ඒකියන්නේ මම සිංහල උපසිරසි දාපු බයිස්කෝප් ඔක්කොම බලල.

  30. රොයිලි

    @dddd,

    ස්තූතියි මචෝ කමෙන්ට් එකට :P

    @Dinesh Chameera Meththasinghe.

    ස්තූතියි මචෝ දිරිගැන්වීමට :P

  31. samee

    aniwa banawa thanks shoo !

  32. Anonymous

    ela ohoma yang tawama evara nahe.

  33. indika

    Niyamai aiye............ mama hama film1ma banawa. okkoma hodai!!!!!!!!! suba pathanawa hamootama!!!!!!!!!!!!

  34. හෙළයා

    එල මචං.
    මචං Karate kid 2010 තියනවද ?

    ඔබට ජය

  35. chamila

    mageth suba pathum...
    auruddak gihin dannetha ne....
    Deja Vu film aka ada baluwa wage matakai... a ithin royliya nisa tamai..... romba thanks kiwwa aith ahenam........ :P

  36. හෙළයා

    තමන් අනුන්ගෙන් ලබාගත්තු දේවල් වලට වඩා, තවකෙක්ට තමන් ලබාදුන් දේවල් දිහා බැලීමෙන් වඩාත් සතුටු විය හැක. ඒ අහිංසක සතුට නුඹත් විඳිනවා ඇත....

    දිගටම මේ සේවය අරන් යෑමට මගේ පැතුමත් නුඹලා සමඟයි...

    ආයුබෝවන් !

  37. දිනුෂ්ක උදාර (රොකියා)

    ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්. ජය වේවා !

  38. Janaka

    බොහොම ස්තුතියි සහෝ... !!! වර්ෂ පූර්ණයට මගෙ උණුසුම් සුබ පැතුම් ....!!! :D

  39. Confiuzd ප්‍රෝග්‍රැමර්

    ඇත්තට අද නොදාන කොමෙන්ට් කවදා දාන්නද? ඔන්න දැම්මා "බයිස්කෝප් සිංහලෙන් සයිට් එකට ජය වේවා !! "

  40. Dinuka

    මාගේ උණුසුම් සුභපැතුම් . … ..

  41. chamath

    onna mamata meka aniwaryen banawa.aiya twilight eke aluth film eka lankawata enne kawadda/puluwan unt apu gaman eka danna ok.thnkz hamadama apith oyalath ekka thamai.thnkzzzzzz.idiriyatama yanna suba pathanawa.

  42. hemantha samarakoon

    ඔන්න මමත් බාන්නයි යන්නෙ. බලලම තව මොනව හරි කියන්නම්....

  43. Anonymous

    @ රොයිලි : අනිවා මචො මැක්සා ෆිල්ම් එකකට සබ් දාන්න ගත්තා ;) ඒත් ඉතින් දන්නවානේ මගේ වැඩ :D හෙට අනිද්දා රට යන්නනේ ඉන්නෙ :( ඒක නිසා ඒ වැඩත් එක්කලා කරන්න ගියාම ටිකක් විතර අමාරුයි. ඒත් නොදීත් බැහැ නොවැ ඉක්මනට ඒකත් එක්ක ආයි එන්නම්.

  44. මනියා

    @ රොයිලි : අපොස උපෙ කට උඩ සහෝ... විභාගේ ඉවරවුන ගමන් ලොකු සබ්ටයිටල් ප්‍රොජෙක්ට් එකකට අතගහන්න හිතාගෙන ඉන්නවා...

  45. Dar[K]

    @ රොයිලි : අනිවා මචො මැක්සා ෆිල්ම් එකකට සබ් දාන්න ගත්තා ඒත් ඉතින් දන්නවානේ මගේ වැඩ හෙට අනිද්දා රට යන්නනේ ඉන්නෙ ඒක නිසා ඒ වැඩත් එක්කලා කරන්න ගියාම ටිකක් විතර අමාරුයි. ඒත් නොදීත් බැහැ නොවැ ඉක්මනට ඒකත් එක්ක ආයි එන්නම්

    අත්වැරද්දකින් කලින් කමෙන්ට් එකේ නම දාන්න බැරි වුනා

  46. mewi

    1 weni awuruddata unusum subapathum.. ogollanta meka chirath kalayak digatama karagena yanna shakthiya labewa... :)

  47. අකියා (aKILLER)

    මගෙනුත් උණුසුම් සුබපැතුම්............තව අවුරුදු 100000000ක් විතර දිගටම සබ් දාන්න ශක්තිය ලැබේවා...

  48. Anonymous

    awruddak purawata mewage deyak karapu oyala hamotama jaya sri! oyala me karana de wenuwen api syba pathanawa, mama dan masa 5 ka withra edan meken film banawa, oyala hamotama godak sthuthiy

  49. Ranganashan

    Warm wishes for the 1st year anniversary...!!!
    We need more and more...... Congratzzzz.....

  50. Tharindudoo

    ☻☻ ☻☻☻☻ ♠♠♠ ♣♣♣♣ ආ වර්ශපූර්ණයට මගෙන් උණුසුම් සුබ පෑතුම්,,මෙහි සුබසිද්දිය උදෙසා,,නන් අයුරින් දායක වීම ගෑන මට පුOචි සතුටක් දෑනෙනවා,,,,,,,,Good Luck බයිස්කෝප් ♣♣♣♣ ♠♠♠ ☻☻ ☻☻☻☻

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.