ඔන්න මගේ දෙවැනි උපසිරැසිය, පළවෙනි එක තරම්ම අමාරු වුණා. මුල්ම එක කොමඩියක්නේ, මේක ආදර කතාවක්, අමුතුම තේමාවක් ගත්ත ආදර කතාවක්, නම Ekk Deewana Tha…. මේකත් හින්දි එකක්, සටන්, කොමඩි, දුෂ්ටයෝ නැති ආදර කතාවක්. මේක ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012 පෙබරවාරි 17 තිරගත වුණු චිත්‍රපටියක්, මේකේ අධ්‍යක්ෂක තමා Gautham…
ඔන්න මගේ දෙවැනි උපසිරැසිය, පළවෙනි එක තරම්ම අමාරු වුණා. මුල්ම එක කොමඩියක්නේ, මේක ආදර කතාවක්, අමුතුම තේමාවක් ගත්ත ආදර කතාවක්, නම Ekk Deewana Tha…. මේකත් හින්දි එකක්, සටන්, කොමඩි, දුෂ්ටයෝ නැති ආදර කතාවක්.
මේක ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2012 පෙබරවාරි 17 තිරගත වුණු චිත්‍රපටියක්, මේකේ අධ්‍යක්ෂක තමා Gautham Vasudev Menon. හින්දි සිනමාවට තරමක ආගන්තුකයෙකු වුණත් දමිළ සිනමාවේ ජය කෙහෙළි නංවපු කෙනෙක්, මීට ප්‍රථම ඔහු එකම එක හින්දි චිත්‍රපටියක් පමණයි කර තිබෙන්නේ, ඒ තමා 2001දී තිරගත වුණු Rehnaa Hai Terre Dil Mein, ඒකත් ඔහුගේම චිත්‍රපටියක ප්‍රති නිෂ්පාදනයක්, මේ චිත්‍රපටියත් ඔහුගේම දමිළ චිත්‍රපටියක් වූ Vinnaithaandi Varuvaayaa චිත්‍රපටියේ ප්‍රති නිපැයුමක්. මෙය තෙළිඟු බසින්ද නිමැවී තියෙනවා, ඒ මොහුගේම අධ්‍යක්ෂණයෙන් Ye Maaya Chesave යන නමින්, මට නම් මේ භාෂා තුනෙන්ම වඩාත් සිත් ගත්තේ හින්දි චිත්‍රපටියයි.
රංගනයෙන් දායක වෙන්නේ නවක නළු නිළි දෙපළක්, ප්‍රධාන චරිතය වන Sachin Kulkarani ලෙස, පිය උරුමයෙන් රංගනයට පිවිසි Prateik Babbar රංගනයෙන් දායක වෙනවා, මොහො මීට කලින් සැලකිය යුතු තරමේ චරිතයක් රඟපා නැහැ. නමුත් Dhobi Ghaatහි රෙදි සෝදන්නා ලෙස කල රංගනය අමතක කරන්න බෑ, Jessie Thekkekutu ලෙස බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති Amy Jackson රඟපානවා. ඇයද රංගනයෙන් එතරම් ඉහළට ගිය අයෙකු නෙවෙයි, මෙය ඇයගේ ප්‍රථම හින්දි චිත්‍රපටියයි, මීට ප්‍රථම Madrasapattinam නම් දමිළ චිත්‍රපටියෙහි රඟපා තිබෙනවා. තව Manu Rishi උප ප්‍රධාන චරිතයක් වන Anay නමැති චරිතය විදහා දක්වනවා.
හරි දැන් මේකයි කතාව, සචින් කියන්නේ වැඩිදුර අධ්‍යාපනයට කැමති නැති, චිත්‍රපටිවලට කැමති, අධ්‍යක්ෂක කෙනෙකු වීමට සිහින මවන කොල්ලෙක්. ජෙසී කියන්නේ තාත්තගේ දැඩි ප්‍රතිපත්ති මත ජීවත් වන තරුණියක්, ජෙසීගේ ගෙදර කුළියට තමා සචින්ලා ඉන්නේ, දවසක් සචින්, ජෙසීව දැකලා ඇය කෙරෙහි ආදරයක් පහළ වෙනවා, හෝව්. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ? දෙන්න බැඳලා සතුටින් ඉන්න ඇති. නෑ චිත්‍රපටිය පටන් ගන්නේ මෙතනින් නෙවෙයි, පල්ලියක විවාහ මංගලෝත්සවයකින්, කව්ද කසාද බඳින්නේ? ජෙසී. ජෙසීයි, සචිනුයි වෙන්න ඇති, නෑ ඒ දෙන්නා නෙවේ, ජෙසී වෙනින් කෙනෙක්ව. ඇයි ඒ? ප්‍රශ්න ගොඩක්. ජෙසිට වඩා සචින් අවුරුද්දකින් බාලයි, සචින්ට වඩා ජෙසී උගත්, ලොකුම ප්‍රශ්නේ ජෙසී ක්‍රස්තියානි, සචින් හින්දු. ජෙසී කේරළ, සචින් හින්දි, ජෙසීලා චිත්‍රපටි බලලාවත් නෑ, බලන එක ආගමට අනුව තහනම්, සචින් සිනමාවම ජීවිතය කරගත් අයෙක්….
ජෙසී, සචින් සමඟ ආදරයෙන් බැඳේවිද? මේ ප්‍රශ්න කොහොම ජය ගනීවිද? … සචින් සිනමාකරුවෙක් වේවිද? එය දැනගන්න නරඹන්න Ekk Deewana Tha….
තව දෙයක් මේකේ සංගීතය A.R. Rahmanගේ. ඒ සංගීතයේ මිහිරියාවත් විඳගන්න. මේ චිත්‍රපටියෙත් සිංදුවල උපසිරැසි ගොනුව මට ලැබුණේ නෑ. මට මේකට උදව් කල අයට බොහොම ස්තූතියි. බාගන්න ගමන් අදහසකුත් දෙන්න කියලා ඉල්ලනවා. තවත් උපසිරසියකින් නැවතත් හමුවෙමු.
a3674325157789ebf74abd104a967ee75b8bea15 59f0fa81bb452c082c27ac30ceaae61055cf260a 44060ce8fa7c230670924a62838606e73c93e6c4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,850 downloadsDownload Ekk.Deewana.Tha_.2012.zip156 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
46 comments
නලින්
akila
2 weni akata suba pathum
naleen
thanks machan
venura
3 weni akath ikmnata denna labeywa
සoජය
මේක පට්ට ෆිල්ම් එකක් බන්, මේක කලින් දෙපාරක් බැලුව. තවසැරයක් සින්හලෙන් බැලුවට පාඩුවක් නම් නෑ.... බොහොම ස්තුතියි.
hh
ThnxQ
amilatk
jayen jaya!
jana,
digatama subs demu
quik
thanks
එරංග
එලස් බලන්න ඕනේ
ganidu
තැන්ක්ස් වේවා!
Chami
Love story වලට කැමති අය ඉන්නවා නම් අනිවා බලන්න මම මේක බලලා තියෙනවා Maxa flm1 Thanks Sisiya තව මේ වගේ ඒවා දාන්න....
tharanga
නියමයි 3 ත් දෙමු නේ
h[A]s
පට්ට මචං
vee
maXXXa hode
mudiya / මුදියා
හප්පටසිරි.මේ අර මැඩ්රාස්පට්නම් එකේ හිටිය සුපිරි කෙල්ල නේද.ඇඬෙනව අප්ප දැක්කම.නියමයි සිසියො.දිල්ලි බෙලි නම් පට්ටම එකක් තමයි.මේ ෆිල්ම් එකත් ගොඩක් ලස්සනයි වගේ හිතෙනව.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!
ositha
jaya! wewa!
Harsha Lahiru
Thanks සහෝ
#ChalinduDeshan (කිනා)
පට්ටනේ සිසියා!!
එල එල!
දිගටම කරගෙන යමු!
ජයවේවා!!
හින්දිනං නොබලා ඉන්නම බෑනේ!ඇspen
බොහෝම ස්තුත්යි යාළුවා.... :)
ඔයාල මේ කරන සේවයට ගොඩක් ස්තුත්යි
ජය වේවා!!!viraj
meka mata download karaganna bahane. kohomada balanne.
sisitha
http://www.baiscopelk.com/?page_id=1012
me link 1n balaaganna yaaluwa
ඇspen
ෆිල්ම් එකේ අවසානය මන් කැමති විදියට වෙනස් කරලා...
දෙමල එකේ අන්තිමට වෙන්නේ අමුතු දෙයක්නේ...
එත් මේකට ලොකු බජට් එකක් නම් වය කරලා නැහැ වගයිsisitha
ඔව් ඒක ඇත්ත,
දෙමල එකේ අන්තිමට මොකෝ වෙන්නේ?ඇspen
එක මන් කියුවොත් ගතියක් නැහැ සහෝ...
ඔයාම බලන්ඩ... සම්පූර්ණ එකම බලන්ඩ ඕනේ නැහැ.. ඔය අන්තිම විනාඩි පහළොව වගේ බලන්ඩකෝ...sisitha
ඔව්මයිනේ...
හින්දි එක හොඳයි..
ටැමිල් එකට වඩා.Harsha
ටැමිල්, හින්දි දෙකට ම වඩා තෙළිගු එක ලස්සනයි. තාත්ත්විකයි කෙල්ලගෙ රංගනය.
tharindu
kathava nam hoda athi....thankss thankss sub ekatahhhh
“චූටී මල්ලි”
මේක බලලා නැහැ
අනිවා බලන්ඩ ඔනි
එහෙනම් 2නි එකට ජය
තව සබ් දෙන්න
ඔබට ජය................me
Thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල සිසිත සහෝ,...
මේකනම් කලින් බලල නැහැ..
ඒත් ලිපිය කියෙව්වම බලන්න ආසාවක් ආවා...
ඒ නිසා අනිවා බලනවා...
ජය වේවා..
තව හින්දි එකක් අරන් එමු නේ....mindika
thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kalhara
ලස්සන ෆිල්ම් 1ක් වගේ.බොහම ස්තුතියි සහෝ.......
රොයිලි
බොහොම ස්තූතියි සිසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bee
tnx tnx onna bawa
kasun devinda
sisiya digatama mewa hadapan........magen suba patum machan
නවීන් ලක්ෂිත
මේකේ ටැමිල් ඒකනම් මම 4 සැරයක් විතර බැලුවා මේකත් එක සැරයක් විතර බැලුවා වගේ මතකයි කමක් නෑ සිංහලසබ් එකත් එක්ක ආපහු බලනවා
nilanka
bawaq apith ehenam :)
sameera
thanks
දිනිඳු සම්පත්
දෙවෙනි එකත් දුන්නා නේද? බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍para
mara lassanai saho............
thank you/////////rathnayake
ela mchan
Naween
...කතාව ලස්සනයි වගේ දීලා තියෙන විස්තරේ හැටියට....
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...දිගටම සබ් දෙන්න.. ඔබට ජය...!!!maikee
Thankyou sub ekata
nish47
ස්තූතියි සහෝ
Advertisement

ස්තුතියි සසිත සහෝ
ජය වේවා!