Watch Trailer

Electric Dreams (1984) | අමුතු තාලයේ තුන් කොන් ප්‍රේමයක්…

ඔන්න දැන් කට්ටිය හොල්මන් වෙලා ඇති ගෝලයා අද මොකද මේ එක්දාස් නමසිය බර ගනන් වල බයිස්කෝප් එකක් අරගෙන එන්නෙ කියල. හෝව් හෝව්, කලබල වෙලා චාටර් ඇති කියල හිතන්න එපා. ලස්සන වෙනස් විදියෙ කතාවක් මේක. මට මේ බයිස්කෝප් එක දැන ගන්න ලැබුනෙ මම වැඩ කරන තැන අයියා කෙනෙක් ගෙන්. ඒ මෙන්න මේ සිංදුව එයා දාගෙන ඉදල […]

ඔන්න දැන් කට්ටිය හොල්මන් වෙලා ඇති ගෝලයා අද මොකද මේ එක්දාස් නමසිය බර ගනන් වල බයිස්කෝප් එකක් අරගෙන එන්නෙ කියල. හෝව් හෝව්, කලබල වෙලා චාටර් ඇති කියල හිතන්න එපා. ලස්සන වෙනස් විදියෙ කතාවක් මේක. මට මේ බයිස්කෝප් එක දැන ගන්න ලැබුනෙ මම වැඩ කරන තැන අයියා කෙනෙක් ගෙන්. ඒ මෙන්න මේ සිංදුව එයා දාගෙන ඉදල ඇහිල.

මේ ප්‍රේම කතාව මෙහෙමයි, තුන් කොන් ප්‍රේමය ඇතිවෙන්නෙ කෙල්ලෙකුයි, කොල්ලෙකුයි, පරිඝණකයක් අතරෙයි. එක පාරට හිතාගන්න බැහැනෙ. මෑත කාලයේ මේ බයිස්කෝප් එක නිකුත් වුනානම් කමක් නැහැ, ඒත් මේ වගේ චිත්‍රපටියක් 1984 දී නිකුත් වීම විශේෂයි. දැන් මම කතාව ගැන පොඩි ඌණපූරණයක් දෙන්නම්.

Miles Harding කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. නිර්මාණ වැඩ කටයතු පහසු කරගන්න, මොහු පරිඝණකයක් ගේනවා. ඒත් පස්සෙ මෙයා මේ පරිඝණක පද්ධතියට නොයෙක් උපාංග එකතු කරනවා. මුළු ගෙදරම ස්වයංක්‍රීය කරනවා. මේ පරිඝණකය Miles ට අමතන්නෙ Moles කියල, ඒ පද්ධතිය මුලින්ම සෙට් කරද්දි සිදුවන අත්වැරදීමකින්. කොහොමහරි දිනක් දත්ත සමූහයක් බාන්න ගිහින් ( බයිස්කෝප් සිංහලෙන් සමඟ ඉන්න සෙට් එකේ අය වගේ 😉 ) පද්ධතිය over heat වෙනවා. කලබල වෙන Miles පරිඝණකය උඩට ෂැම්පේන් හලනව. ( ඔන්න මරණෙ පුටුවෙන් බිමට වැටුනලු, හික්ස්..). අමුතු වැඩේ කියන්නෙ මේ සිද්ධියෙන් පස්සෙ පරිඝණකයට පණ එනවා. කොටින්ම කීවොත් කෘතිම බුද්ධියක් ඇති වෙනව.

කොහොමහරි Miles ගෙ ගෙදර ලඟට, ලස්සනම ලස්සන කෙල්ලෙක් එනවා. ඇය Cello වාදකයෙක්. ඇයගේ පුහුණුවීම් අසන මේ පරිඝනකය ඒ තනු අණුකරණය කරන්න ගන්නවා. අන්තිමේදි පරිඝණකය, මේ සුරූපිනිය Madeline ට ආලය කරන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි, Miles උත් ගේමට එන්ටර් වෙනවා. ගේම කොච්චර තදට යනවද කීවොත් මේ පරිඝණකය Miles ව හොරෙක් විදියට නම් කරනවා. කොහොම කොහොමහරි කතාව ඉදිරියට ඇදෙනවා. ලස්සනයි, ඒ කාලෙ ප්‍රසිද්ධ වෙච්ච සින්දු රැසක් චිත්‍රපටියේ අන්තර්ගතයි.

ජංජාලෙ කරක් ගහන කොම්පියුටර් එක්ක ජීවිතේ ගෙවන අපි ආස කරන විදියෙ කතාවක්. හැමෝම බාගෙන බලන්න අවසානයේ මොනව වේවිද කියල.

42 comments

  1. chamila

    chuti kala akak..... :)

  2. uda

    මම 2nd 1st වෙන්න තාම බැරි උනානේ!!
    හරි හරි කමක් නෑ බාමුකෝ එහෙනම්

  3. uda

    හෝ හෝ අමුතු තාලේ කතාවක්ලු එහෙනම්
    බාමුකෝ බාමුකෝ

    අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ
    සුභ උපන්දිනයක් රොයිලි සහෝ
    ආවඩා ආයු බොහෝ වේවා!!
    චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!!

  4. ashan kandy

    ela filme ekak man oka baluwa. sira kathwa. . :D

  5. Matrix

    Parana unath deela thiyenne niyama story ekak. Okkoma kemathi wei mekata. Thanks golaya apiwa atheethayata aragena yanawata indala hitala hari.

  6. ashan kandy

    රොයිලි සහෝ ge birthday එක ලු නේ....
    happy birthday....රොයිලි සහෝ...
    ආවඩා ආයු බොහෝ වේවා!! jaya sri.....

  7. Lasantha

    එල කිරි... මං පරණ බලන්න එච්චර කැමති නෑ. ඒත් මේකේ කථාව ලස්සනයි වගේ. බාන්න ඕනේ...

    සුභ උපන්දිනයක් රොයිලි සහෝ...!!!!!!!

    කෝ පාටි....?

  8. Matrix

    Roily,many happy returns of the day!!!

  9. Gaminda

    බාමි බාමි...
    ලමයින්ට හොඳ ‍ෆිල්ම් දැන් දෙන්නෙම නෑවගේ නේද ?

  10. mewi

    මටත් මෙක බලන්න හිතුන ස්තුති සහො
    ආ අපෙ Royly සහොට සුභ උපන්දින්යක් වෙවා

  11. Dinushka Udara | රොකියා

    බලමු බලමු ගෝලයා හොඳයි කියන නිසාම බලමුකෝ!

  12. madusanka gayan

    මම මෙ ලොකෙත් නෑ................

  13. සයිලන්ට් හන්ට(ර්)

    රොයිලි අයියට හැපි බ(ර්)ත් ඩේ කව්වා ඕං :) :P :D ;)

  14. අමල් ප්‍රසාද් සමරවීර

    බාන්න කලින්ම ඔන්න මාත් අපේ රොයිලියට සුබම සුබ උපන්දිනයක් කිවිවා!! කෝ.. තාම ඇවිත් නැත්තෙ පාටි වෙන්ටෑ :P හරි ඔන්න බාන්න දැම්මා එහෙනමි. ජය වේවා ගෝල සහෝ!!!

  15. chamila

    රොයිලි සහෝට මගෙනුත් සුභ පැතුම්..... :)
    දැන් කාලේ හරි මොනවා හරි කොරගන්ඩ... :P

  16. රොයිලි

    බොහොමත්ම ස්තූතියි සුබ පතන හැම දෙනාටම. මේ පාරත් ගුරා මාව ප්‍රසිද්ධියේ වෙන්දේසි කළානේ :P :P

  17. Udaya

    maxxa film ekk..........

  18. Shan

    Roily saho ta Subama Suba Upan dinayak wewa..lassana Heta dawasak uda wewa...

    Wedi wediyen hoda hoda Film daanna Shakthiya dairya Labewaaa....(^)(^)(^)

  19. AL1717

    Ammatasiri Maxxaa Kathawak Wage Thanks Wewa

    Mewage Story yak Genawata Balamu Balama kohomada Kiyala...

    Thanks Machan Onna MAma Banawaaaaaaaaaaaaaa!!!
    :D :D :D

  20. h

    හොඳ කතාවක් වගේ නේද? අරගෙන බලමු... රසවත් චිත්‍රපටියක් නම් අළුත්ද පරණද කියන එක වැඩක් නෑනේ... :D

  21. විකියා

    අප්පා...මම ඉපදිලත් නැහැනේ...මේ කාලේ... ;)
    කොහොම වුනත් ඒ කාලේ හැටියට ඉතිං සිරා බාන්ඩයක තමා....! :)

  22. KOK

    happy birthday rolly and good movie

  23. Pasindu

    Thankuu...

  24. $uvin

    wow!!! මම නම් මෙක බානවා....... Thanx Thanx....!!!

  25. Tharindu

    තන්ක්ස් මචන් ... එල එල

  26. shut_down

    එළ ෆිල්ම් එක... ස්තූතියි...

  27. BIGDizz

    මරු එල එල maxxa.

  28. Anonymous

    සුභ උපන්දිනයක් රොයිලි

    from murad

  29. kassa

    එල එල

  30. මාරයාගේ හෝරාව...

    මෙ මම ආසාම ෆිල්ම් එක.
    ජීවිතේටම එක පාරයි බලන්න හම්බ උනේ.
    ඒ සිරස ටීවී එක ආරම්භ කරපු දවස්වල.
    එතකොට ඒක සිරස නෙවී එම් ටී වී..

    අද වෙනකල් මට ආයෙමත් ඔක බලන්න හම්බ උනේ නැහැ.
    කථාව මතක් කරනකොටත් හිතට අමුතුම මිහිරක් දැනෙනවා.
    මගේ මෙ පැකේජ් එකෙන් මෙක බාන්න පුළුවන්ද මන්දා..ඒත් මොනවා උනත් බාන්න ට්‍රයි කරනවා.
    මම කවදාවත් ෆිල්ම් එකක් බාලා නැහැ.
    ගැටළුවක් ආවොත් උදවු ඔන වෙනවා.
    ස්තූතියි...

  31. kathu

    Royli අයියට සුබ පතනවා ඉස්සෙල්ලාම..!! HAPPY B DAY ROYLI AIYA..!!!
    මෙක නම් සෑහෙන්න පරණ film එකක්නෙ..! ගොලයත් මොනවා දෙනවද මන්දා.. හරි එහෙනම් බාලම බලමු..!

  32. nishantha

    bala balamu.thanks

  33. Thilina

    English Subtitle

  34. Jeew (ෂෙලින්ක-කටාර්)

    අපි එද්දි පරණ වෙලා වගේ... නො ප්‍රොබ්ලම්.. ගෝලයාට තැන්කූ කියලා බාන්ඩ දානවා...
    සොරි වෙන්ට ඕනේ බොලල්ලා සමහර දවස් වලට හදිසියේ ඇවිත් බාන්ඩ දාලා වැඩ වලට දුවනවා. ඉතින් කොහෙද බන් කොමෙන්ට් එකක්වත් දාන්ඩ වෙලාවක්....
    පුළුවන් වෙලාවට දාන්නම් හො‍ඳේ... ‍ගෝලයාට, රොයිලියාට, රොකියාට වගේම අනෙක් ලිපි ලියන ඔක්කොම සහෝලටයි කිව්වේ....
    ඒත් එක්කම රොයිලියාට සුබම මුබ උපන්දිනයක් වේවා...

  35. ::::Shooter::::

    ලොවෙත් නෑ... මෙ ෆිල්ම් 1 ක මම බලලා තියනවා පට්ටම ස්ටෝරිය
    මම පොඩි කලේ බලුවේ අනිවා බනවා...
    තෑන්කු.........

  36. dhawala

    අඩෙ මම ඉපඩින්න ඉසෙල්ල අපු මොවී එකක් නෙ
    ලොල් හික්zzzzz

  37. Uraj Deemantha

    කම්පියුටර් වලටත් පණ එනවා දෙකක් දාගත්තහම.... :P හික්ස්..... :D

  38. sajith

    MARAA VADAAKK NEDAA EKATH KAMAK NAAA,,, BALAMUKOOO... HODAIDAA KIYALAA..... THANKSSSSSSSSSSSS

  39. සයිලන්ට් හන්ට(ර්)

    බානො!!!! :) :) :P :P :D :D ;) ;)

  40. Ramraj

    බයේ බෑ ගෙදර තනියම දාලා යන්න. හික්.

  41. අමිල

    අන්තිමට කොම්පියු​ටරේ වැඩේ තේරුම් ගන්නවා. ඒ දවස්වල Yes FM එකේ අහපු ලස්සනම සිංදුවක් ඒකේ අග තියෙන්නේ

  42. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.