නිව්යෝක් ට්යිම්ස් ග්ලෝබ් පුවත් පතට යුරෝපයෙන් ලැබෙන පුවත් ඒකාකාරී, පාඨකයා බලාපොරොත්තු කඩවූ තත්වයට පත් කරන ඒවායි. පුවත් පතේ ප්‍රධානියාට උවමනා වී ඇත්තේ ඇත්ත ඇති සැටියෙන් තම පුවත් පතේ පල කිරීමටයි. මේ සඳහා එංගලන්තයේ සිටින තම නියෝජිතායා වෙතට තවත් වාර්ථාකරුවෙක් යැවීමට ප්‍රධානියා තීරණය කරයි. අවස්ථාව හිමිවන…
නිව්යෝක් ට්යිම්ස් ග්ලෝබ් පුවත් පතට යුරෝපයෙන් ලැබෙන පුවත් ඒකාකාරී, පාඨකයා බලාපොරොත්තු කඩවූ තත්වයට පත් කරන ඒවායි. පුවත් පතේ ප්‍රධානියාට උවමනා වී ඇත්තේ ඇත්ත ඇති සැටියෙන් තම පුවත් පතේ පල කිරීමටයි. මේ සඳහා එංගලන්තයේ සිටින තම නියෝජිතායා වෙතට තවත් වාර්ථාකරුවෙක් යැවීමට ප්‍රධානියා තීරණය කරයි. අවස්ථාව හිමිවන්නේ මදක් කලහකාරී තරුණ වාර්ථා කරුවෙකුටයි.
ප්‍රධානියාගේ උපදෙස් පිට තම නම වන ජොනී ජෝන්ස් යන්න හන්ට්ලි හාවස්ටොක් ලෙස වෙනස් කරගෙන යුරෝපය වෙත, තම රාජකාරිය සදහා යන හාවස්ටොක් හට බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවේ.ඔහුගේ පලමු ඉලක්කය වන්නේ වැන් මීර් නම් රාජ්‍ය තාන්ත්‍රිකයා සමග සම්මුඛ සාකච්ඡාවක් කර යුරෝපයේ වර්ථමාන තත්වය පිළිබඳව යම් තොරතුරක් ලබාගැනීමටයි. නමුත් ඒ සදහා තිබූ අවස්ථාව ඔහු අතින් ගිලිහී යයි.පසු දින නෙදර්ලන්තයේ ඇම්ස්ටර් ඩෑම් හිදී ඔහු ඉදිරිපිටම මෙම රාජ්‍ය තාන්ත්‍රිකයාට වෙඩි තබා වෙඩික්කරු පලායයි.
අදාල අපරාදකරු පසුපස හඹායන මොහු නියම වැන් මීර් ජීවතුන් අතර බවත් වෙඩි කා මිය ගියේ එම රූපයම ඇති වෙනත් අයකු බවත් සොයාගනී. වැන් මීර්ව සඟවා ඇති තැනට පොලීසිය රැගෙන එන විට ඔවුන් එතනින් පැනගොසිනි. එහි හෝටලයේදී එදින රාත්‍රී හවස්ටොක්ව මරාදැමීමට උත්සහයක් ගනී. එයින් බේරෙන හාවස්ටොක් පෙම්වතිය සමග නැවත එංගලන්තයට පැමිණේ.එංගලන්තයේදීද නැවත වරක් ඔහුව මරා දැමීමට උත්සහ කරන අතර, මේ සියල්ල පිටුපස තම පෙම්වතියගේ පියා සිටින වග තේරුම් ගනී.
කෙසේ නමුත් තම පෙම්වතිය නිසා තමා සොයාගත් මේ වටිනා මාධ්‍ය පුවත මුද්‍රණය සඳහා ලබා දීමට නොහැක. ඒ මේ සියල්ලටම තම පෙම්වතියගේ පියා සම්බන්ධ නිසාය. නමුත් එංගලන්තය ජර්මනිය සමග යුධ ප්‍රකාශ කිරීමත් සමග මෙම පුවත මුද්‍රණය කිරීමට අවස්ථාව ඔහුට හිමිවේ. ***දෙබස් කීපයක නොගැලපීම් ඇත්තේ මගේ ඉංග්‍රීසි දැනුමේ දුර්වලතා නිසා බව කරුණාවෙන් සලකන්න. ඒව් එනුවෙන් සමාව අයදිමි.***
1940 වසරේ තිරගත වූ මෙම චිත්‍රපට අදියුරුව ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන්ගේය. උපසිරැසියට අදාල පිටපත yify torrent අඩවියෙන් බාගත කරගන්න. මෙම අග්‍රගන්‍ය සිනමා සිත්තම ඔබත් රසවිඳින්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.
110 downloadsDownload Foreign-Correspondent-1940.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
17 comments
සනත් ගුණතිලක
Withanage Priyantha Dayakeerthi
බුද්ධික නුවන් සොයුර,
මෙය "ඇකඩමි සම්මාන හයක්" සඳහා නිර්දේශ වූ සිනමාපටයක් වූ බව විකිපීඩියා වෙතින් සොයාබලන විට දැකගන්නට ලැබුණා. ඔබෙන් සිංහල සබ් ලැබුණු වහාම නරඹන්නට සිටි සිනමාපටයක් මෙය. එමෙන්ම ඔබ සබ් දුන් ඇල්ෆඩ් හිච්කොක් ශ්‍රීමතාණන්ගේ මෙම සිනමාපට මාලාවම මා නැවතත් නරඹන්නට සුරක්ෂිතව තබාගෙන සිටින්නේ. පැරණි කලාත්මක සිනමාපට ප්‍රිය කරන්නන් අමතක නොකළ ඔබට මා ඇතුළු මෙම සිනමාපට බාගත කරගෙන නරඹන සියල්ලන්ගේම ආචාරය හිමිවිය යුතුයි. ඉතිං ඔබ මේ කරන්නාවූ මහඟු කාර්යය වෙනුවෙන් ඔබට යහපතක්ම වේවා!Buddhika
Thanks
Buddhika
Thanks ඩැෆ්නි ඩූ මෝරියර් ගේ ජැමෙයිකා තානායම
Buddhika
ඊළඟට තියෙන්නේ
charith senanayake
බෝහෝම ස්තුතියි මේ උපසිරැසියට. මමත් ඔබේ රසිකයෙක්. මම දැක්ක මේකේ comments වල තියනව Alfred Hitchcockගෙ Vertigo කියන චිත්‍රපටයේ උපසිරැසිය blue-ray එකට ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියල. ඉතින් මම ඒ උපසිරැසියම අරගෙන ගොඩ කාලයක් වැයකරගෙන blue-ray එකට update කරල baiscopelk එකට යැව්ව. එත් baiscopelk එකේ කවුරුත් ඒක සත පහකටවත් ගනන් ගත්තෙ නෑ. දැන් දවස් ගානක් වෙනව, මේව අපිට හොද පාඩම්. ස්තුතියි.
අසංක ප්‍රදීප් රණතුංග
ඔයාගේ පැමිණිල්ල නම් බරපතලයි සහෝ,.ඒත් අපි කවදාවත් අලුත් පරණ කියල ෆිල්ම් වලට අඩු වැඩි විදියට සලකන්නේ නැ. අනික ඔයාලගේ මහන්සිය අපි කවදාවත් අවතක්සේරු කරන්නේ නැ.
ඇත්තට අපි ඒකට මුකුත් කරේ නැත්තේ සයිට් එකේ තියෙන්නෙත් BR කොපි හින්ද (VERTIGO (1958) 1080P BRRIP X264 - YIFY,Vertigo.1958.720p.BluRay.x264.YIFY.english) . ඔයා එවපු එක මොක කොපියටද කියන්න සහෝ, වෙනස්කම් තියන කොපියක් නම් අපි අනිවාර්යයෙන් හදනවා.Withanage Priyantha Dayakeerthi
මේ තිබෙන්නේ "Charith Senanayake" සොයුරා සඳහන් කරන අදහස් දැක්වීමයි.
ප්‍රේමකුමාර Dec 15, 2015 at 7:02 am
මෙවන් අගනා සලරුවක් රසවින්දනය සඳහා පරිවර්තනය කර දීම ගැන ස්තූතිය පළමුව පුදකරමි. මෙම උපසිරැසි සැකැසීමේදී ඔබ දැරූ වෙහෙස අපමණ බව පිළිගනිමි. එහෙත් චිතුපටය බාගත කොට නැරැඹීමට යාමේදී අපේ බලාපොරොත්තු බිඳ වැටුණි. ඒ 720 කොපියට නම් මේ දුන් උපසිරැසි නොගැළපීම නිසයි. නියම තැන උපසිරැසි පතිත නොවේ. උපසිරැසි පතිත වී බොහෝ වේලාවක් ගතවූ පසුවයි අදාළ සංවාද සිදුවන්නේ. 1080 කොපියට ලබාදුන් උපසිරැසිවල තත්වය නොදනිමි. මෙවන් අගනා චිත්‍රපටයක් ප්‍රේක්ෂකයාට ලබාදීමේදී එහි නිසිඵලය ලබාගත හැකිදැයි පරීක්ෂාකර බලා ම සිදුකරන්නේනම් යෙහෙකි. බොහෝ දෙනෙක් චිත්‍රපයට නොබලාම කමෙන්ට් දමා ඇති බවයි අප හැඟීම. මඳ ඉංගිරිසි දැනුමක් ඇති අපට ඉංගිරිසි උපසිරැසි සොයා ගෙන මේ චිත්‍රපටය රස විඳීමට සපුරා ම බැරිය. බොහෝ කාලයක් ගත වෙන හෙයිනි. එහෙයින් අපගේ කාරැණික ඉල්ලීම නම් 720 කොපියට ගැළැපෙන උපසිරැසි ගොනුවක් නැවැත ලබාදෙන ලෙසයි. ඔබගේ වෑයම මෙයින් අවප්‍රමාණ නොවේ.Withanage Priyantha Dayakeerthi
අසංක සොයුර,
"දිනිඳු සම්පත් සොයුරා" විසින් සිංහල උපසිරසි කරනා ලද Vertigo 1958 සිනමාපටයට උපසිරසි ෆයිල් දෙකක් සහ වීඩියෝ දෙකක් එතැන දක්වා තිබෙනවා.
මමත් ඉහත ප්‍රශ්නයට මුහුණ දුන්නා. 720p උපසිරැසි ෆයිල් එක සඳහා ලබාදී තිබූ 923 mb සහිත වීඩියෝව ඩවුන්ලෝඩ් කර නරඹන්නට හැදුවත් වීඩියෝවේ කාලය සමඟ එම උපසිරසියේ කාලය ගැළපුනේ නැහැ. එම නිසා Subtitle edit හරහා කාලය සකසා තමයි එම සිනමාපටය නැරඹුවේ. එම නිසා 720p උපසිරැසි ෆයිල් එක ඉවත් කළොත් හොඳයි කියා මමද සිතන්නෙමි.
මෙම සිනමාපටයට උපසිරසි ෆයිල් දෙකක් සහ වීඩියෝ දෙකක් එතැන දක්වා තිබෙනවා.charith senanayake
නෑ, නෑ මචන් ඒක අවුලක් නෑ ගනන් ගන්න එපා. මම vertigo එක update කරේ yts.ag එකෙ තියන quality copy එකට. මෙහී තියන උපසිරැසිය අරකට සින්ක් වෙන්නෙ නෑ. දැනට ලොව හොදම චිත්‍රපට අතරින් vertigo තියෙන්නෙ පළවෙනි තැන. ඒක නිසා ඒය මෙහි අනිවාර්යෙන් තිබිය යුතු උපසිරැසියක්.
charith senanayake
දැන් කරන්න දෙයක් නෑ සහෝ. ගිය දේ ගියා. අවුලක් නෑ.
එල්.සී. දමැල්
මේක සුපිරි කතාවක් වගෙයි.
ඩවුන්ලෝඩ් කරනව එහෙමනම්.
ස්තුතියි
පරණ ෆිල්ම් එකක් කරනව කියන්නේ අළුත් ෆිල්ම් ගොඩකට උපසිරස කරනව වගේ අමාරු වැඩක්. ඒ නිසා අඩුපාඩු වෙන එක සුළු දෙයක්. ජයchalana
thnx bro...
අසිත
elama thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata....digatama sub demu.jaya wewa…
Prasad Kandamulla
thanks for 'sub''
Advertisement

oyata godak thanks me karana sewayata.. puluwannam AKIRA KURASOVA mahathage films kihipayakata sub denna.. ALFRED HICHCOCK mahathage menma rasawath Nirmaana AKIRA KURASOVA mahathage Nirmaana waladith dekaganna puluwan. poddak e gena salaka balanna