මිත්‍රත්වය, මිතුරුකම කියන්නේ හරි අපූරු සුන්දර බැඳීමක්. අපේ ජීවිත කාලය තුළ විවිධ යාළුකම් මිත්‍රකම් ඇතිවෙනවා. සමහර යාළුකම් ජීවිතය පුරාවටම පවතිනවා. මිත්‍රත්වය ගැන කියවෙන්නේ අද ඊයෙක ඉදන් නොවේ ඈත අතීතයේ සිට මේ මිත්‍රත්වය ලොව තුල ඇති වී තිබෙනවා..විවිධ ආගම් වල මේ පිළිබදව සදහන් කරනවා. බුදුදහමෙහි මේ මිත්‍රත…

මිත්‍රත්වය, මිතුරුකම කියන්නේ හරි අපූරු සුන්දර බැඳීමක්.
අපේ ජීවිත කාලය තුළ විවිධ යාළුකම් මිත්‍රකම් ඇතිවෙනවා.
සමහර යාළුකම් ජීවිතය පුරාවටම පවතිනවා.
මිත්‍රත්වය ගැන කියවෙන්නේ අද ඊයෙක ඉදන් නොවේ ඈත අතීතයේ සිට මේ මිත්‍රත්වය ලොව තුල ඇති වී තිබෙනවා..විවිධ ආගම් වල මේ පිළිබදව සදහන් කරනවා. බුදුදහමෙහි මේ මිත්‍රත්වය පිළිබද මැනවින් සදහක් කර තිබෙනවා.
කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” – මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි.
මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ දී සතුටු වීම මිත්තා නම් වේ. එමෙන් ම යමෙක් ගේ කරදරයක දී ආරක්ෂාව සැපයීම ද මිත්ත නම් වේ. (තායතී යනු ආරක්ෂාවයි)
දිනක් බුදු හිමි අසල සිටි ආනන්ද හිමියෝ “ස්වාමීනි, සසුන් බඹසරෙහි අඩක් ම පවතින්නේ මිත්‍රත්වය පදනම් කොට ගෙන නොවේ ද?” යයි ඇසූහ. එවිට බුදු හාමුදුරුවෝ “ආනන්දය අඩක් නොව මුළු සසුන් බඹසර ම පවතින්නේ මිත්‍රත්වය මතය ” යනුවෙන් වදාළ සේක.
“සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා – අඤ්ඤමඤ්ඤං පියචක්‍බූහි සම්පස්සන්තා විහරාමාති”
ඛීරොදකීභූතා – කිරි + දිය මෙන් එකට මුසු වී අඤ්ඤමඤ්ඤං පියචක්‍ඛූහි සම්පස්සන්තා – ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇස් වලින් බලමින් සම්මොදමානා අවිවද මානා – සංවාද කරමින්, විවාද නොකරමින් මිත්‍රයන් කටයුතු කරන බව දේශනාවේ සඳහන් ව ඇත. සැළලිහිණියේ මෙසේ මිත්‍රත්වය ගැන කියයි.
“මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති – බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති”
මිත්‍රයා බිත්තියක ඇඳි සිතුවමක් මෙනි. සිතුවම ඉදිරිය ම බලා සිටින්නා සේ පිටු නොදකින ස්වභාවය කල්‍යාණ මිත්‍රයෙක් සතු ලක්ෂණයකි.
එනම්, යමෙක් මිතුරෙක් නම් උත්සවයෙහි, ව්‍යසනයේ දී, යුද්ධයේ දී එකට සිටිය යුතුය. එසේ ම රටට යුද්ධයක් පැමිණි කල, රජ දොරට නැතහොත් රාජකීය දඬුවමකට යටත් වන විට, සොහොනට යන කල්හි එකට සිටින්නා මිත්‍රයෙකි. මෙසේ සියලු ස්ථානයන්හි දී වෙනස් නොවෙන්නා මිත්‍රයා ලෙස හඳුන්වනු ලැබේ. මේ පිළිබඳව බුද්ධ දේශනාවේ ඇතුළත් තවත් වැදගත් අවස්ථාවක් මෙසේ ය.
“තීහි භික්‍ඛවේ අඩ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො” – මහණෙනි, නියම මිත්‍රයෙක් කාරණා තුනකින් යුතු වේ. එනම්,
1. දුද්දදං දදාති – දෙන්න බැරි දේවල් දෙන්නා
2. දුක්කරං කරොති – කළ නොහැකි දේවල් කරන්නා
3. දුක්ඛමං ඛමති – ඉවසන්න බැරි දේවල් ඉවසන්නා
අද සමාජයේ සමහර මිතුරන් කළ හැකි දේ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. මුළු බුදු දහම මිත්‍රත්වය හා බැඳී පවතින බව පෙර ද සඳහන් කළෙමි. සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පාප මිත්‍ර හා කල්‍යාණ මිත්‍ර වශයෙන් කොටස් දෙකක් සිටින බව පැහැදිලි කළ සේක.
කල්‍යාණ මිත්‍රයා – කල්‍යාණ මිත්‍ර සම්පත්තිය යමෙක් ගේ ජීවිතයේ ඓහලෞකික හෙවත් මෙලොව සමෘද්ධියත්, පාරලෞකික හෙවත් පරලොව සමෘද්ධියත් සලසන්නකි. එදා උපතිස්ස, කෝලිත යන මිතුරන් දෙදෙනා තම තමන්ගේ නිර්වාණාවබෝධයට මඟ පෙන්වූහ. පසුව සැරියුත් + මුගලන් වශයෙන් අගසව් තනතුර ලැබුවේ එම දෙදෙනා බව අපි හැම දනිමු.
බුදු දහමට අනුව හොඳ මිතුරන් සිව් දෙනෙකි.
1. උපකාරක – උපකාර කරන්නා
2. සමාන සුඛදුක්ඛ – දුක, සැප දෙකේ දී ම සමානව සිටින්නා
3. අත්ථක්‍ඛායි – යහපත වෙනුවෙන් මාර්ගය පෙන්වන්නා
4. අනුකම්පක – අනුකම්පාවෙන් කටයුතු කරන්නා
අපේ ජීවිතයේ යහපත සාදා ගැනීමට ඇති හොඳ ම මඟ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.
මේ ලෝකේ ඉන්න හැමෝටම , අම්මයි , තාත්තයි ඇරුනම හුගක්ම ලගින්ම ආශ්‍රය කරන අනිත් කෙනා කව්ද කිව්වොත්, ඒ තමන්ගේ හොදම යාළුවා, හරි යාළුවෝ හරි කිව්වොත් ඒක වැරදි නෑ..මොකද අපි හැමෝටම අපේම කියලා හොදම යාළුවෙක් අනිවාරයෙන්ම ඉන්නවා.අවුරුදු 5 ක් හරි 6 ක් හරි දෙමව්පියන් ගාව ඉදලා එතනින් ආවම 1 වසරේ ඉදලා 11 වසරට, නැත්තම් උසස් පෙළට, එහෙමත් නැත්තම් විශ්ව විද්‍යාලට යනකන්ම අපිට අපේම කියලා හොදම යාළුවෙක් ඇති කර ගන්නවා.ඉතින් එයත් එක්ක තමයි ජීවිතේ මේ කාලය ගෙවන්නේ. ඉතින් අපි එතනින් එහාටත් ඇති කර ගත්ත මේ යාළුකම කවදාවත් අතඅරින්නේ නෑ, මිය යනකන්ම.
දුකේදි/සැපේදි විතරක් නෙමෙයි හැම වෙලාවෙම තමන් එක්ක ඉන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්..
හැම මිනිස් සබඳතාවක්ම සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍යම දෙය පරාර්ථකාමී ප්‍රේමය බව වසර 2000කට පමණ පෙර යේසුස් පෙන්වා දුන්නා. ඔහු මෙසේ ඉගැන්නුවා. “අනුන් ඔබට කරනවාට කැමති දේ, එලෙසින්ම ඔබත් ඔවුන්ට කරන්න.” මෙම ඉගැන්වීම සුප්‍රකට වී තිබෙන්නේ රන් අණ හැටියටයි. ඇත්තෙන්ම කල්‍යාණ මිතුරන් සොයාගැනීමට නම් ඔබ පරාර්ථකාමී පරිත්‍යාගශීලී කෙනෙක් වීම අත්‍යවශ්‍යයි. වෙනත් විදිහකින් කියනවා නම් මිතුරෙක් ලබන්න නම් මිතුරෙක් වෙන්න. මිතුදමක් ඇති කරගන්න නම් ලැබීමට වඩා දීමට කැමති කෙනෙක් විය යුතුයි. අපේ කැමැත්ත සහ අපේ පහසුවට වඩා මිතුරාගේ අවශ්‍යතාවලට මුල් තැන දෙන්න අපි සූදානම්ව සිටිය යුතුයි.
ඔන්න ඉතින් ආයෙත් ඔයාලව හමුවට එන්නෙ, විජේගෙ තවත් ලස්සන ෆිලුමක් අරගෙනයි. විජේ විතරක් නෙමෙයි මේකෙ සූරයාත් රංගනයෙන් දායක වෙනවා.ඉතින් මේකත් භාර අරන්නම් ටික දවසක් වෙනවා. කොහොමින් හරි වැඩ අස්සේ ඉවර කරල ඔන්න අරන් ආවා. ගොඩක් අය බලලත් ඇති, සමහරු බලලත් නැතුව ඇති, පරණ ඒකක්නෙ කියල අතාරින්නත් එපා, බලපු අයටයි, නොබලපු අයටයි දෙගොල්ලටම ඔන්න, හොදම යාළුවන් ගැන හොද අරථයක් දෙන ෆිලුමක්.
ඉතින් ඉස්සරවෙලාම මම ස්තූති වන්ත වෙනවා මට මේක කරන්න භාරදුන්න ශාන් විමුක්ති (විමා) සහෝටත් බයිස්කෝප් ටීම් එකටත්…
කාණ්ඩය : Drama, Comedy, Romance
අධ්‍යක්ෂණය : Siddique
නිෂ්පාදනය : Appachan
රංගන ශිල්පීන් : Vijay, Suriya, Ramesh Kanna
කථාව රචනය : Siddique / Gokula Krishnan
ධාවන කාලය : 167 minutes
තිරගත කල දිනය : 14 January 2001
සංගීතය : Ilaiyaraaja
IMDB අගය : 7.5/10
එහෙනම් කථාව ගැනත් පොඩ්ඩක් කියන්නම්,
චන්ද්රු (සුරය), අරවින්දන් (විජේ) සහ ක්රිෂ්ණමූර්ති (රමේෂ් ඛන්නා) අන් සියල්ලටමත් වඩා මිත්රශීලීයි තුන්දෙනෙකි. මේ හේතුව නිසා චන්ද්රු අරවින්දන්ගේ සහෝදරිය අමූතා (විජයලක්ෂ්මි) ගේ අත්තනෝමතිකත්වය ඉවසා සිටියි. දිනක් නිවසක චිත්‍රශිල්පියකු ලෙස වැඩ කරන අරවින්දන් එහි ජීවත් වන පද්මිණි (දේවානනි) හට සිදුවන කරදරයකින් ඇයව බේරාගනී. මේ නිසා අරවින්ද් ඇය ගැන ආදරයක් හිතේ තබාගනි. පද්මිණීගේ සහෝදරිය වන අභිනයා (Abinaya) මෙය දැනගන්නා අතර, ඔවුන් දෙනොගේ මේ සම්බන්ධයට ඇය ඊට අකුල් හෙලයි. අභිනයා පද්මිනි ලෙස අරවින්ද් හට හොර රහසේ ලියුම් ගණුදෙනු කරයි, නමුත් අරවින්ද් සිතන්නේ ඒ පද්මිණි බවයි.දිනක් පද්මිනි හට ඇයගේ පියා විවාහ යෝජනාක් සිදුකරන අතර, මෙයින් ක කිරෙන අරවින්ද් හට දැන ගන්න ලැබෙන්නේ ඇය එයට අකමැති බවයි. ඒ බව හොර රහසින් අරවින්ද් හට දන්වන්නේ පද්මිනි ලෙස ලිපි ලියන අභිනයයි. කෙසේ වෙතත් මෙයින් කෝපයට පත් වන්නේ අරවින්ද්ගේ මිත්‍රයා චන්ද්රුය. ඔහු තම මිතුරා වෙනුවෙන් නැඟී සිටින අතර ඇය ගැන නින්දාවට පත්වේ. පසුව අරවින්ද්ව විවාහ කර ගන්නා පද්මිණි, ඔහුගේ යහළුවන්කෙරෙහි වෛරය බැදගනී. තම මිතුරාගේ විවාහයට පවා නොඑන ලෙන චන්ද්රුට පවසයි.
විවාහයෙන් පසුව අරවින්දන් සියල්ල සිදුකරන ලද්දේ අබිනායා බව දැනගනී. පද්මිණී හා චන්ද්රු නිර්දෝෂ බව දැනගනී. තරුණ කාලයේ සිට අමූතාට ආදරය කරන අරවින්දන්ගේ නංගී මේ දෙදෙනා වෙන් කිරීමට උත්සාහ කරයි. පද්මිණි අමූතා ඝාතනය කිරීමට උත්සාහ කරන බවට චන්ද්රු විශ්වාස කරයි. පද්මිනි මේ නිසා චන්ද්රු සමඟ කෝපයෙන් සිටී. අවසානයේ අරවින්දන් චන්ද්රුගේ සොහුරා මිය යෑමට හේතු තමාගේ නොදැනුවත් බව යැයි පවසයි.
අරවින්දන්ගේ නංගි මෙය . චන්ද්රු හා අරවින්දන්මේ බව ච්න්ද්රුට පවසයි. අරවින්දන් චන්ද්රු හට ඇත්ත පෙන්වීමට උත්සාහ කරයි. නමුත් ඔවුන් විරසක වී චන්ද්රු නිවසින් ඔළුුන්ගෙන් වෙන්වී යයි. තම සොයුරිය වෙනුවෙන් අරවින්ද් , චන්ද්රුව සොයා යන අතර, ඔහු හට ඇත්ත පවසයි.එහිදී අරවින්ද් කදු මුදුනක සිට පහලට වැටේ. චන්ද්රෘ විශ්වාස කරන්නේ අරවින්දාන් මිය ගොස් ඇති බවයි. නමුත් පස් වසරකට පසුව, ඔහු අරවින්දන් ගේ පවුලේ අයව මුණගැසීමට යන අතර, ආරවින්ද, මිය නොගිය බවත් ඔහු, කෝමා තත්වයක ඇති බවත් තේරුම් ගනී. එහෙනම් තම මිතුරාව බේරා ගැනීමට චන්ද්රුට හැකි වේවිද කියලා බලන්න ආරාධනා කරමින් තවත් උපසිරසියකින් හමු වෙන ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි..
“යේසුස් වහන්සේ කිව්ව විදිහටම වැඩි සන්තෝෂයක් ඇති වෙන්නේ දීමෙනුයි. ලබන තැනැත්තා සතුටු වන නමුත් දෙන තැනැත්තාට ඊටත් වඩා සතුටක් ලැබෙනවා. අපේ මිතුරන්ගේ සැප දුක් විමසීමෙන්, ඔවුන්ගේ ගැටලු තේරුම්ගැනීමට වෑයම් කිරීමෙන් හා ඔවුන් උදව් ඉල්ලන තුරු නොඉඳ අපිට හැකි හැම දෙයක්ම කිරීමෙන් අපිට එසේ දීමට හැකියි.” ඒ නිසා දැනටමත් ඔබට සිටින මිතුරන් ඇතුළු අන් අය කෙරෙහි උනන්දුවක් දක්වන්න මුලපුරන්න. ඔබේ බැඳීම් ශක්තිමත් කරගන්න. එතරම් වැදගත්කමක් නැති දේවල් වෙනුවෙන් අගනා මිතුදම් හිලව් කරන්න එපා. මිතුරන් වෙනුවෙන් කාලය මිඩංගු කළ යුතුයි. ඔවුන්ට වැඩි අවධානයක් දිය යුතුයි. ඉතාලියේ රූබන් මෙලෙස පවසයි. “මිතුරන්ව සොයාගැනීමට හා මිත්‍රත්වයන් දිගටම තබාගැනීමට කාලය ගත කිරීම ඉතා වැදගත්. ඇත්තෙන්ම හොඳ සවන් දෙන්නෙක් වෙන්න නම් කාලයක් ගත වෙනවා. අන්‍යයන් යමක් පවසද්දී ඊට බාධා නොකර හොඳින් සවන් දීමට සහ ඔවුන් පවසන දේ ගැන වැඩි උනන්දුවක් දැක්වීමට අපිට පුරුදු වෙන්න පුළුවන්.”

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB HD / DVD පිටපත් සඳහා අදාළ වේ.
3,838 downloadsDownload Friends-2001.zip254 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
21 comments
Nthara86
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
පුළුවන් නම් Nerukku Ner (1997) film එකටත් sub දෙන්න සහෝ . මේ දෙන්නම තමයි ඒකෙත් ඉන්නෙ.ලිපියටත් බොහෝම ස්තුතියි ....
දිගටම මේ වගේ පරණ films වලට sub දෙන්න....
ජයවේවා .....isuru srinath sjs
එලම මචෝ.. බොහොම ස්තුතියි ..!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
arawindasunimal
THANKS AASAMA MOVIE EKAK
dhanu94
සබට වගේම ලිපියටත් බොහොම ස්තුතියි. එළ මචෝ දිගටම සබ් ඔනි.
jagannatha
උදය සමන් කුමාර සහෘදයයාගේ බහු පඨිතතාව සහ සාරගර්භ ලියමන ගැන අප අතිශයින් සතුටු වන බව පළමුවෙන් ම ප්‍රකාශ කරමි. සරු දේ සොයන්නා සරු දෙයක් ම ලබන බවටත් එවැන්නන්ගේ ලියමන් ඇසුරු කරන්නවුන්ට ද එවැනිම සාරාර්ථයන් හිමිවන බවටත් මෙය කදිම නිදසුනකි. කවර හෝ ආගමික ග්‍රන්ථයක තිබුණත් මානව සංහතියේ ප්‍රගමනයට හේතුවන ප්‍රගතිශීලි අදහස් අප අගය කළ යුතුය. හුදී ජන හිතානුකම්පාවෙන් එවන් සුභාෂිතයන් ගෙන හැර දැක්වීම කල්‍යාණ මිතුරෙකුගේ ක්‍රියාවක් මැයි සලකම්හ. උපසිරැසියට හා සලරුව හඳුන්වා දුන්නාට තුති පුදමි. ධම්මපදයේ එක් ගාථාවකින් කියැවෙනපරිදි අරුත් සුන් වදන් දහසකටත් වඩා හිත නිවාසනසන, සැබෑ තතු අනාවරණය කරන එක ම වදන අගනේය. ජය වේවා !
Udaya Saman
බොහොම තුති සහෝ.මටත් වඩා හොදට ලියන්න පුලුවන් වගේනේ..එල..එල
C.R.Jayalath
තෑන්ක්ස් උදය අයියෙ සබ් එකට. මේ වගේ පරණ ඒවට සබ් කරන එක ගොඩක් හොඳ එකක්
Priyantha Dayakeerthi
උදය සමන් කුමාර සොයුර,
ඉතා වටිනා දීර්ඝ ලිපියක්. හොඳ සිනමාපටයකට ඔබ සබ් දීලා තිබෙන්නේ. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියටත් මාගේ ස්තුතිය!Udaya Saman
පුියන්ත අයියා නිසා තමා අද මම මේ තැන ඉන්නේ..අයියේ.කරදර කර කර අහගත්තු දේවලින්
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lalani Maduwanthi
Godaaak pin,,,thank you
Sandy kumara
Mona
Lahiru sanjana
Shajahan 2001 sub eka danna puluwanda
barthelotp
පරන සුපිරිම මූවි එකක් , සුපිරිම සෙලෙක්ෂන් එක. සුභ පැතුම්
කවිනු වීරක්කොඩි
විජේ එක්ක සූර්යා.. නියම චිත්‍රපටියකටනේ උපසිරැසිය ගෙනල්ලා තියන්නේ..
ස්තූතියි උදේ අයියා!!
ලිපියත් මරු ඈ.. වචනයක් නෑර කියෙව්වා!!
ජය වේවා!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
ලිපියටත් ගොඩක් මහන්සි වෙලා වගේ...
අපූරු කතාවක් බව නම් පේනවා..
දිගටම සබ් දෙමු ආ..
ජය!-චානක ඉඳුනිල්-
සුපිරි, පස් සැරයකයට වඩා බලල ඇති,
සබ් එකත් එක්ක ආපහු බලනවා...
දිගටම පරණ සුපිරි ෆිල්ම් වලට සබ් දෙමු!Indunil
Subtitles වලට Thanks, Vijey ගෙ Sukran Film එකට Subtitles දෙන්කෝ...
Advertisement
meke direct link baiscope download labenne nadda